පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (27) වර්ජනයක
(27.05.2025 – hirunews.lk)
උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් නොවීම මත අද (27) සංකේත වර්ජනයක නිරත වන බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ පවසනවා.
මීට සමගාමීව අද (27) උදෑසන 08 සිට ‘වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය’ ද වර්ජනයක් ආරම්භ කරන බවයි එහි වැඩබලන සභාපති දිසානායක කුමාර සදහන් කළේ.
වෛද්‍යවරුනුත් රජයට සතියක් කල් දෙයි.
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා චක්‍රලේඛය නිවැරදි කර සතියක් ඇතුළත නව චක්‍රලේඛයක් නිකුත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ ද තීරණය කර තිබෙනවා.
ඒ එම සංගමයේ විධායක සභාව ඊයේ (26) රැස්වූ අවස්ථාවේදීයි. රජයේ පළමු අයවැය මගින් වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා අගයන් කප්පාදු කළ අතර, ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කරමින් ‘රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය’ චක්‍රලේඛයක් නිකුත් කළා.
ඊට පසු එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා අගයන් සහිතව චක්‍රලේඛයක් ‘සෞඛ්‍ය අමාත්‍යංශය’ නිකුත් කළ නමුත් එහි වැරදි සහ දෝෂ රැසක් පවතින බවයි ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ කියා සිටියේ.
මේ අතර, මෙරට වෛද්‍යවරුන්ට විදේශ රටවල රැකියා ලබාදීමේදී එම ක්‍රියාවලිය නැවත සමාලෝචනය කරමින් ලබාදෙන අවස්ථාවන් සීමා කිරීම පිළිබඳ සලකා බලන ලෙස පසුගියදා ජිනීවා නුවර පැවති ‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ’ වාර්ෂික සමුලුවේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය පිළිබද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමුවී තිබෙනවා.
මෙවැනි ප්‍රකාශයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද සිදු කළ බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ගතවූ වසර දෙකකට (2) අධික කාලය තුළ 2000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරට හැරගොස් තිබෙනවා.
එබැවින් මෙවන් ප්‍රකාශ සිදු කිරීමට වඩා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම වියයුත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රැක ගැනීම සදහා කාල රාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම බවයි ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ සඳහන් කළේ ෴
Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 481 | 2025-05-26 | Hiru News
+
මාලනී ෆොන්සේකා මැතිණියගේ දේහය අසල ‘ෆොටෝ ශූට්’ එකක් කරන ‘නීර්ධා උයන්හේවා’ (26.05.2025)
+
මාස තුනකදී (3) වාහන 9,000 ක් හම්බන්තොටින් දිවයිනට
(27.05.2025 – hirunews.lk)
පෙබරවාරි මාසයේ සිට ‘භාවිත කළ’ සහ ‘නව’ වාහන 9,151 කට වැඩි ප්‍රමාණයක් ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය’ හරහා මෙරටට ආනයනය කර තිබෙනවා.
‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය’ නිවේදනය කළේ, වාහන නිශ්කාෂන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් නව ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව රේගු විධිවිධාන නිසි පරිදි සම්පූර්ණ කර ඇති වාහන සදහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර පැය 24 ක් ඇතුලත නිෂ්කාශනය කිරීමේ පහසුකම් සපයා දි තිබෙනවා.
එමෙන්ම, කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සදහා ලිපි කටයුතු මධ්‍යස්ථාන සතියේ දිනවල රාත්‍රී 08:30 දක්වාත්, සෙනසුරාදා දිනවල පස්වරු 01:00 දක්වාත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය’ සමූහය ප්‍රකාශ කළා ෴
නීති විරෝධී නියෝගයක් නිසා බිමල් අත් අඩංගුවට ?
+
රාජගිරිය – කොටාපාර ප්‍රදේශයේ ගින්නක්
(27.05.2025 – hirunews.lk)
රාජගිරිය – කොටාපාර ප්‍රදේශයේ ‘සේප්පු නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරික ගොඩනැගිල්ලක’ හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, කොට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 04 ක් යොදවා ගෙන මෙම ගින්න මැඩපැවැත් වූ ඇති බවයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති අතර අදාළ ගොඩනැගිල්ලේ උඩුමහලට දැඩි අලාභ හානි සිදු ව ඇති බව සදහන්.
+++
+
හෙළයේ නිළි රැජිණට රාජ්‍ය ගෞරව නොදුන්නේ ඇයි ? කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද අසරණ වෙයි
(27.05.2025 – hirunews.lk)
දැයෙන් සමුගත් හෙළයේ නිළි රැජිණ වූ මාලනි ෆොන්සේකාට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කතා බහට ලක්වුණා. මාලනී ෆොන්සේකා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබා දෙන බව රජය විසින් කළින් පවසා පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළේ ඇයිදයි මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළා.
+++
+++
මාලිනීගේ ගිණුම් පරීක්ෂාව වහා නවත්වන්න | ලෙඩ වෙලා හිටපු මාලිනීට කොච්චර වේදනාවක් එන්න ඇත්ද මේක අහලා (27.05.2025)
+++
ජීවත්ව සිටියදී ඇයගේ ආත්මය මරා දැමුවා – මාලිනී ගැන සන්වේදී කාරණයක් අදිමින් සාගර මාධ්‍ය හමුවට (27.05.2025)
+
රෑ නිසා හොඳයි…දවල් වුණා නම් විනාශයි | මහ සුළඟක් ‘ඔහිය’ උඩුයටිකුරු කරයි | ගස් කඩාවැටිලා වාහනත් ඉවරයි (27.05.2025)
+
අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළි කට අරියි | මාධ්‍ය භාවිතයටත් චෝදනා (26.05.2025)
+
ආණ්ඩුව කරන කෙනහෙලිකම් ගැන පූජ්‍ය කොටපිටියේ රාහුල නායක හිමිගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක් (26.05.2025)
+
මෙහෙම ගියොත් මාලිමාවට ගෝඨට කලින් යන්න වෙනවා – ලොකු පිරිසක් එක්වර පාරට එයි – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් (27.05.2025)
+
තර්ජනය කරන්න එන්න එපා | දුම්රිය සංගම් ආණ්ඩුවත් එක්ක කෙළින්ම හැප්පෙයි |ඇයි මේ රජය නිලධාරීන් වඩා ගත්තේ (27.05.2025)
+
අවුරුදු 10 ක දරුවෙකුගේ ශරීරයේ තිබී 70cm ක දිගින් යුත් පටිපණුවෙකු සොයාගනී
(27.05.2025 – hirunews.lk)
පිරිමි දරුවෙකුගේ ආහාර මාර්ගයේ තිබී සෙන්ටිමීටර් 70 ක පමණ දිගින් යුත් ‘පටිපණුවෙකු’ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා.
මෙසේ මෙම පණුවා සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10 ක දරුවෙකුගෙනුයි.
සාමාන්‍යයෙන් මීට පෙර වාර්තා වී තිබෙන්නේ සෙන්ටිමීටර් 40 ක පමණ දිගින් යුත් පණුවන් බවයි වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කළේ.
එමෙන්ම මේ තාක් මිනිස් සිරුරකින් සොයාගත් දිගින් වැඩිම පටිපණුවා මේ බවයි ඔවුන් පවසන්නේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴