කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක්

කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක්


කොළඹට 25.05.2025 (ඉරිදා) දින පැය 12 ක ජල කප්පාදුවක්

(24.05.2025 – 20:21 +0530 – sinhala.adaderana.lk)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 25.05.2025 (ඉරිදා) දින කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ‘ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය’ පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, 25.05.2025 (ඉරිදා) දින පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවය.

කොළඹ 1 සිට 15 දක්වාත්, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ ෴


දයාසිරිත් ගේමට බසී | බිමල්ගේ ලොකු ලොකු කෙරුවාවල් ගැන මාධ්‍යට ආපු දයාසිරි හෙළි කරයි (24.05.2025)

+


තුයියකොන්තා සහ කොහොන අනුරට එරෙහි කුමන්ත්‍රණයක | අනුදිගේ අභිමානය සහ අකුදිගේ හීනමානය (24.05.2025)

+


දුමින්ද දිසානායක නිදහස් – නැන්දම්මයි, ලේලියි වැරදිකරු – දොස්තරගේ නිවසට, වාහන 7 කට ගිනි තියලා (2025.05.25)

+


මාතර වැලිගම ප්‍රදේශයේ ටයර් ෆැක්ටරියක් (මිචලින්) විකුණනවාට සේවකයින් විරෝධතාවක

(25.05.2025 – hirunews.lk)

මාතර වැලිගම ප්‍රදේශයේ ඇති පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් විකිණීමට යන බව පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා.

ඔවුන් චෝදනා කරන්නේ, සුළු වන්දි මුදලක් ලබා දී තමන් සේවයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි.

මෙම පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව විකිණීමට තීරණය කිරීම හමුවේ තම රැකියා අහිමි වී යන බව එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසනවා.

මේ අතර ආයතනය විකිණීම හරහා තමන්ට ගෙවීමට යන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බවත් පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා.

ඔවුන් චෝදනා කරන්නේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් සුළු වන්දි මුදලක් ලබා දී ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි.

මේ අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟළුම් කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එහි පාලනාධිකාරිය පසුගිය දා පියවර ගත්තා.

ඒ හේතුවෙන් මේ වනවිට එහි සේවය කළ සේවක සේවිකාවන් 1,400 ක් පමණ අසරණ වී සිටිනවා.

+


සර්ෆින් ක්‍රීඩාවට ගිය පිලිපීන සංචාරකයෙකුට වැලිගමදී අයෙක් පහරදෙයි

(25.05.2025 – hirunews.lk)

රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන විදෙස් සංචාරකයින්, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා ගණනාවකදීම අනාවරණ කළා.

එවන් පසුබිමක මෙරටට පැමිණි පිලිපීන ජාතිකයෙකුට ශ්‍රී ලාංකිකයෙකු පහර දුන් සිදුවීමක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව අතීතයේ සිටම දෙස් විදෙස් සංචාරකයින්ගේ නිරන්තර ආකර්ශනය දිනාගත් රටක් බව, ලොවක් දන්නා කරුණක්.

රට වටා පිහිටි සුන්දර සාගර සම්පත නැරඹීමටත්, එහි ආශ්වාදය විඳීමටත් දෙස්ව විදෙස් සංචාරකයින් දැඩි ඇල්මක් දක්වන අතර, කල්පිටිය, ගාල්ල, මාතර, වැලිගම, ත්‍රිකුණාමලය, පාසිකුඩා ආදී වෙරළ තීර සංචාරකයින්ගෙන් පිරී යන්නේ ද ඒ නිසයි.

2025 වසරේ ගත වූ කාලය තුළ මෙරටට සංචාරකයින් 988,000 කට අධික පිරිසක් පැමිණ අතර ඒ ඔස්සේ රටේ ආර්ථිකයටද මහඟු දායකත්වයක් හිමි වුණා.

සංචාරකයින් මෙන්ම, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට ගෙන යන විදෙස් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද මෙරටට පැමිණෙනවා.

එවන් පසුබිමක THE LOST JOEY නම් මෙම පිලිපීන ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකරු (youtuber) මීට සති තුනකට (3) පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

ඔහු ලෝකයේ විවිධ රටවල්වල සංචාරය කරමින් එම රටවල්වල සුන්දරත්වය ලොවට කියාපාන අතර, ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ද ඒ අරමුණින්.

වැලිගම නගරයේ සංචාරය කරන අතරතුර සර්ෆින් ක්‍රීඩාවේ නිරත වීමට යාමේදී ශ්‍රී ලාංකිකයෙකු ඔහුට පහර දෙන අයුරු එහි දැක්වෙනවා.

සංචාරකයා අදාළ වෙළඳසැලෙන් පිටතට පැමිණයත්, ඔහුට පහර දෙන ශ්‍රී ලාංකිකයා ඔහු ලුහුබැඳ පැමිණ තර්ජනය කරන අයුරුද දක්නට ලැබෙනවා.

මෙම සංචාරකයා ශ්‍රී ලාංකිකයාගෙන් බේරා ගැනීම සඳහා තවත් විදෙස් සංචාරකයෙකු පැමිණෙන අතර, පැමිණිල්ලක් කිරීම සඳහා ඔවුන් යතුරු පැදියකින් ගමන් කරන අයුරු ද අදාළ විඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැලිගම පොලිසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක‍ සඳහන් කළේ, එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

අදාළ සංචාරකයා මහනුවර නගරයේ සංචාරය කිරීමේදී පුද්ගලයෙකු ඔහුගෙන් මුදල් ඉල්ලන ආකාරයේ වීඩියෝවක් ද ඔහු සිය යූ ටියුබ් නාලිකාවේ පළ කර තිබෙනවා.

විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ මීට පෙරත් අවස්ථා කිහිපයකදීම අනාවරණ කළ අතර, මෙම ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගෙන රටට පැමිණෙන සංචාරකයින් ආරක්ෂා කර ගැනීම කාගෙත් වගකීමක් බවද සිහිපත් කරනවා ෴

+


‘චිකුන්ගුන්යා’ රෝගය 16 වසරකට පසුව රට පුරා පැතිරෙයි

(25.05.2025 – hirunews.lk)

වසර 16 කට පමණ පසු ශ්‍රී ලංකාව පුරා ‘චිකුන්ගුන්යා වෛරස් රෝගය’ විශාල ලෙස පැතිරෙමින් තිබෙන බව, ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ’ පවසනවා.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වත්මන් වෛරසය ‘ඉන්දීය සාගර පරම්පරාවේ’ අද්විතීය විකෘති කිහිපයක් සමග ඇති වන බව සොයාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව පුරා මේ දිනවල ශීඝ්‍රෙයන් පැතිර යන ‘චිකුන්ගුන්‍යා වෛරස් රෝගය’ පිළිබඳව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළ පිරිසක් විවිධ පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර’ ඇතුළු කණ්ඩායමක් සමග කළ අධ්‍යයනයක පර්යේෂණ පත්‍රිකාවක් ගෙනහැර දක්වමින් ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ’ පණිවුඩයක් නිකුත් කළා.

‘X’ සමාජ මාධ්‍යයේ පණිවුඩයක් තබමින් ඇය පවසන්නේ, වත්මන් ‘චිකුන්ගුන්‍යා වෛරස ප්‍රභේදය’ හඳුනාගැනීම සඳහා ‘ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් විශ්ලේෂණ පද්ධතිය’ භාවිත කරමින් සම්පූර්ණ ජානමය අනුක්‍රමණයක් කළ බවයි.

ඒ අනුව මෙම වෛරසය ‘ඉන්දීය සාගර පරම්පරාවේ’ අද්විතීය විකෘති කිහිපයක් සමග ඇති වන බව ද සොයාගෙන තිබෙනවා.

ඒ අනූව ශ්‍රී ලංකාව වසර 16 කට පසු, පසුගිය වසර අවසානයේ සිට ‘චිකුන්ගුන්‍යා’ විශාල වසංගතයක් ලෙසින් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නිලීකා මලවිගේ තැබූ පණිවුඩයේ සඳහන්.

මෙරට පැතිර යන 2025 ‘චිකුන්ගුන්යා ප්‍රභේදයේ’ අද්විතීය විකෘති පෙන්නුම් කරන බවත් ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනය තුළ තවත් විකෘතිතා අනාවරණ වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා ෴


‘තුසිත හල්ලොලුව’ගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

(25.05.2025 – hirunews.lk)

‘තුසිත හල්ලොලුව’ගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් කාන්තාවක් (1) ඇතුළු තිදෙනා (3) අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ මැයි 29 දක්වායි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන ‘තුසිත හල්ලොලුව’ගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් ‘කොළඹ අපරාධ කොට්ඨාශය’ මගින් මෙම සැකකරුවන් ඊයේ (24) දින මහරගමදී අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුවන් අද (25) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා ෴


වයඹ ජාතික විද්‍යාපීඨයේ සිසුවියගේ මරණයට විද්‍යාපීඨ බලධාරීන් වගකිය යුතුයි – සිසුන්ගෙන් චෝදනා

(25.05.2025 – hirunews.lk)

‘වයඹ ජාතික විද්‍යාපීඨයේ දෙවෙනි වසරේ’ ඉගෙනුම ලැබූ සිසුවියක් එම විද්‍යාපීඨයේම නේවාසිකාගාරයක් තුළදී සියදිවි හානි කරගැනීමේ සිද්ධියට අදාළව පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව, විද්‍යාපීඨ බලධාරීන්ගෙන් සහ සිසුන්ගෙන් අද (25) ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර, විද්‍යාපීඨයේ බලධාරීන්ට එරෙහිව විද්‍යාපීඨයේම සිසුසිසුවියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සඳහන් කළේ, ඇය සියදිවි හානිකර ගැනීමට එම විද්‍යාපීඨයේ ගුරුවරුන් වග කිව යුතු බවයි.

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි ‘සංජීවනී කුමාරි’ නම් මෙම සිසුවිය මීට වසර දෙකකට (2) පෙර ‘වයඹ ජාතික විද්‍යාපීඨය’ට ඇතුළත් වී තිබෙනවා.

ඒ අනුවයි, ඇය එම විද්‍යාපීඨයේම නේවාසිකාගාරයේ නතර වී සිය අධ්‍යාපන කටයුතු හදාරා ඇත්තේ.

කෙසේ වෙතත් දින ගණනාවක් සිට කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ඇය කනස්සල්ලෙන් සිට ඇති බවට ඇගේ යෙහෙළියන් පවසනවා.

එවන් පසුබිමකයි ඇය පසුගියදා නේවාසිකාගාරයේ කාමරය තුළදීම කවුරුත් නොසිටින අවස්ථාවක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ.

ඇගේ මිතුරු මිතුරියන් පවසන්නේ ඇයට විද්‍යාපීඨයේ ගුරුවරුන්ගෙන් දිගින් දිගටම එල්ලවූ හිරිහැර හමුවේ ඇය සිය දිවි නසාගෙන ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් ඇගේ මිතුරියන් මුහුණු පොතේ සටහනක් ද තබා තිබෙනවා.

“…..චූටි කාලේ ඉඳන් මල් වගේ අපිව හදලා විද්‍යාපීඨ තේරිලා මගේ කෙල්ල කියලා හරි උජාරුවෙන් මේ තැනට එයාලා අපිව එවන්නේ පන්සලකට කියලා හිතලා. ඉතිං ඔව් එහෙම තැන් වෙන්න ඕන වුණත් අවාසනාවකට එහෙම වුණේ නැහැ. වචනයක් වැරදෙන තැන තනතුරු හිස් මුදුනේ තියන් මානසිකව වධ දෙනවා. අපේ කතා දන්නෙත් අපිමයි. තනතුරුවලට එන්න ඕනේ ජීවිතේ ඇරියස් නැති මිනිස්සු. හැඟීම් දැනෙන මිනිස්සු….”

එමෙන්ම, මියගිය ‘සංජීවනී කුමාරි’ සිසුවියගේ මරණය වැනි මරණ නැවත ඇති නොවීමට වග බලා ගන්නා ලෙසට බලධාරීන්ට බල කරමින් ‘වයඹ ජාතික විද්‍යාපීඨය’ ඉදිරිපිට එම විද්‍යාපීඨයේ සිසු සිසුවියන් ඊයේ (24) නිහඬ විරෝධතාවක නිරත වුණා.

+++

+


පානදුර, පින්වත්තේ වෙඩි තැබීමක්

(25.05.2025 – hirunews.lk)

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

+++

+


රු. කෝටි 21 ක් අපතේ යවමින් කරපු මහා පරිමාණ මූල්‍ය වංචාවක් එළියට | ගොවිජන ලොක්කෙක්ට බරපතල චෝදනාවක් (25.05.2025)

+


එක පාරක් මාව වැළඳගන්න බලන් හිටපු අම්මගෙ අන්තිම ඉල්ලීම මට ඉටුකරන්න බැරිවුණා – දුමාරෙ හාමුදුරුවො (19.05.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *