තරුණයෙකුට පහරදුන් පොලිසියේ 6 කට රුපියල් ලක්ෂ 12 ක වන්දි ගෙවන්නැයි නියෝග
තරුණයෙකුට පහරදුන් පොලිසියේ 6 කට රුපියල් ලක්ෂ 12 ක වන්දි ගෙවන්නැයි නියෝග
(24.05.2025 – hirunews.lk)
2012 වසරේ තඹුත්තේගම පොලිසියට එරෙහිව විරෝධතා පාගමනකට සහභාගි වුනේ යැයි තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී වධ හිංසා කිරීම තුළින් එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු තඹුත්තේගම පොලිසියේ හිටපු නිලධාරීන් හය දෙනෙකුට (6) රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළා.
ඊට අමතරව මෙම වග උත්තරකාර පොලීස් නිලධාරින්ට එරෙහිව 1994 අංක 22 දරණ කෲර වධ හිංසාවන්ට එරෙහි සම්මුති පනත යටතේ අපරාධ නඩු පැවරීමට තිබෙන හැකියාව පිළිබඳව අධ්‍යයනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.
තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි ‘සුසිල් ප්‍රියංක සෙනෙවිරත්න’ නමැති තරුණයකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු තඹුත්තේගම පොලිසියේ මීට පෙර සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් වන ‘ප්‍රසන්න කරුණාජීව, ඒම්.ඩී. ජගත් පාල, එම්.ජී.ටී.බී. අබේසිංහ, උපාලි හෙරත් සහ පොලිස් සැරයන් පී.කේ. ප්‍රේමතුංග’ යන අය තමන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ දෙක (2) බැගින් පෙත්සන්කරුට ගෙවිය යුතු බවටත් තීන්දුවේ සඳහන් වුණා.
එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත්කළ දින සිට මාස තුනක් (3) ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවටයි අධිකරණය නියෝග කළේ. සිද්ධිය වූ අවස්ථාවේ පෙත්සන්කරු 27 වන වියේ පසුවූ අතර ඔහු තඹුත්තේගම නගරයේ දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.
2012 වසරේ අගෝස්තු මස 02 වනදා තඹුත්තේගම පොලිසියට එරෙහිව ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වුණේ යැයි වග උත්තරකරුවන් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පහරදී අමානුෂික වධ හිංසාවලට භාජනය කර තිබෙන බව නඩු තීන්දුවේ සඳහන් වෙනවා.
එහෙත් මෙම තරුණයා අදාළ පා ගමනට සහභාගි වී නොමැති අතර ඔහු එම අවස්ථාවේ තම වෙළඳ ස්ථානයේ සිටි බවට නඩු විභාගයේදී කරුණු අනාවරණය වී තිබෙනවා.
පොලිස් අත්අඩංගුවේදී වග උත්තරකරුවන් මෙම තරුණයාට යතුරු පැදිකරුවන් පළඳින හෙල්මට් එකකින් හිසට සහ කනට පහරදී ඇති අතර මේ නිසා ඔහුගේ කන් වලින් ලේ වහනය වීමට පටන් ගෙන ඇති අතර කන් බෙරය පැලී ගොස් ඇති බව වෛද්‍ය පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
මේ හේතුවෙන් ඔහුගේ වම් කනේ ස්ථිර වශයෙන්ම ශ්‍රවණය කිරීමේ හැකියාව අහිමිවී තිබෙන බවත් නඩු තීන්දුවේ ප්‍රකාශ වුණා ඊට අමතරව පෙත්සම්කරුගේ ශරීරයටද බරපතළ තැලීම් හා තුවාල සිදුවී තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.
මේ තුළින් පෙත්සම්කරු ‘කෲර වධ හිංසනයන්ට භාජනය නොවී සිටීමට ඇති මූලික අයිතිය’, ‘අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම’ ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසානයේදී සිය තීන්දුවේ ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කෙරුණා ෴
පාතාලයේ නම විකුණා කප්පම් ලබාගත් පිරිසක් කොටු
(24.05.2025 – hirunews.lk)
පාතාල කල්ලි සාමාජිකයින් වන ‘රොටුඹ අමිල’ හා ‘පොඩි ලැසී’ගේ නම් භාවිත කරමින් ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගත් පිරිසක් ‘මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය’ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනවලදී හෙළිව ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා මත කලක පටන් ‘කුරුවිට බන්ධනාගාරයේ’ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ මෙහෙයවීමෙන් මෙම කප්පම් ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම කප්පම් ලබාගැනීම් පිළිබඳව ‘දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්’ගේ උපදෙස් මත විමර්ශන අරඹා තිබුණා.
විමර්ශනවලදී හෙළිව ඇත්තේ දිවයිනේ විවිධ පළාත්වල සිටින ධනවත් ව්‍යාපාරිකයන්ගේ තොරතුරු හා දුරකථන අංක එක් රැස් කර ඇත්තේ ‘හික්කඩුව ප්‍රදේශයේ උද්‍යාන සැකසුම් සඳහා කොන්ත්‍රාත් ලබාගන්නා පුද්ගලයෙකු’ බවයි.
ඔහුගෙන් එම තොරතුරු ලබාගෙන ‘කුරුවිට බන්ධනාගාරයේ’ රඳවා සිටින ජාවාරම්කරුවන් පිරිසක් ව්‍යාපාරිකයන්ට මර්ණ තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ඉල්ලා තිබෙනවා.
එම තර්ජනවලට බියෙන් ඇතැම් ව්‍යාපාරිකයන් තම දරුවන් විදේශ ගත කිරීමට ද කටයුතු කර තිබුණා.
ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් එක්රැස් කිරීම සඳහා විවිධ ප්‍රදේශ භාරව වෙන් වෙන් වශයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු ද පත්කර තිබි ඇති අතර ඔවුන්ද මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
එලෙස ලබාගන්නා කප්පම් මුදල්වලින් කොටසක් ‘කුරුවිට බන්ධනාගාරය’ තුළට මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා වියදම් කර තිබෙනවා.
මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ ‘මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත’ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කාන්තාවන් දෙදෙනෙකු (2) සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
මර්ණ තර්ජන එල්ල කර දුරකථන ඇමතුම් ලබාදුන් සිම්පත් 3 ක් ද කුරුවිට බන්ධනාගාරය තුලින් විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුවිට, ඇහැලියගොඩ, ඇහැලියගොඩ හා හික්කඩුව ප්‍රදේශයේ සැකකරුවන් වන අතර ඊයේ (23) ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
+
බිහිසුණු අනතුරකින් 7 ක් රෝහලට
(24.05.2025 – hirunews.lk)
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී අද (24) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
කුඩාඔය අලිමංකඩ ආසන්නයේදී නතර කරන ලද ලංගම බස් රථයක පිටුපස, ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුර හේතුවෙන් බස් රථයේ සිටි මගීන් 7 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බවයි.
+
කොටි ඩයස්පෝරාවට ඕන විදියට වැඩ කරන අනුර (24.05.2025)
+
ඉංගිරිය නගරයම කැළඹු බැංකු කොල්ලය | මහ පාන්දර වැඩේ දෙන්න හදද්දී සංඥා පද්දතිය ක්‍රියාත්මක වෙලා (24.05.2025)
+
නාමල් හා ජැක්සන් ඇන්තනී, චන්න, උපුලී සමග කරපු වැඩේ. ගණූදෙනුව රු.කෝටි 2 ක් (2025.04.27)
+
මේ සතියේ Flashbacks – Kaarige Channel Eka | Dharmasri Kariyawasam (24.05.2025)
+
දුමින්ද දිසානායකගේ T 56 න්, සබී පෙරේරා හා ගෝට්ගේ, පවුල්වල පාතාල ගණුදෙනුත් එළියට (2025.05.24)
+++
දුමින්ද දිසානායක මැයි 29 දක්වා රිමාන්ඩ්
(24.05.2025 – hirunews.lk)
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී-56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ (23) අත්අඩංගුවට ගත් ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කළා.
බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි හිටපු අමාත්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (23) උදෑසන අත්අඩංගුවට ගත්තේ ෴
‘කෙහෙල්බද්දර පද්මේ’ගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් (2) රිමාන්ඩ්
(24.05.2025 – hirunews.lk)
‘ආගමන විගමන පාලක ජනරාල්වරයා’ වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධීයකට අදාළව ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය’ විසින් මොවුන් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසුවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 සහ 51 යන වයස්වල පසුවන මාළිගාවත්ත සහ ඇහැළියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන්, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මන්දිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ඡායාරූපය වට්සැප් මගින් ලබාගෙන එය සංස්කරණය කර විදෙස් ගමන් බලපත්‍ර සැකසීම සදහා ව්‍යාජ ලෙස ‘ආගමන විගමන දෙපාර්තම්න්තුව’ වෙත යොමු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴