හෙළ සිනමාවේ නිලි රැජිණ, මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි
(24.05.2025 – hirunews.lk)
හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ෴
අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ දේහය අද (24) පස්වරු 05:00 ට ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබෙනවා ෴
අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන බව නිවේදනය කර තිබෙනවා ෴
+++
+++
හෙළ සිනමාවේ ‘නිළි රැජින’ මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවි සැරිය නිමා කර තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
මිය යනවිට ඇය 78 වන වියෙහි පසුවූවාය.
1947 අප්‍රේල් මස 30 වනදා කැලණිය ප්‍රදේශයේදී ‘වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නමින් උපත ලැබූ ඇය පසු කාලීනව ‘මාලනී ෆොන්සේකා’ නමින් හෙළ සිනමාව ජයගත්තේය.
දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය, ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී ‘හොඳම නිලිය සම්මානය’ ලබා ගැනීමෙන් අනතුරුවය. 1980 දී ‘හිඟන කොල්ලා’, 1982 දී ‘ආරාධනා’, 1983 දී ‘යස ඉසුරු’ යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය ‘සරසවිය හොඳම නිළිය සම්මානය’ කීප විටක් දිනා ගත්තාය. 2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සී එන් එන් (CNN) රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.
හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබේ.
‘නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ’ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස ලියැවී තිබේ.
2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය ෴ (divaina.lk)
+++
දිවි රඟ මඩලට සමුදුන් හෙළ නිලි රැජින | අනුරගේ පණිවුඩයක් අරන් ඇමති සුනිල් සෙනවි මාලනීගේ ඥාතීන් හමුවෙයි (24.05.2025)
+++
නිළි රැජිණ මාලනීගේ වෛද්‍යවරයා News 1st වෙත කළ අනාවරණය (24.05.2025)
+++
(24.05.2025 – hirunews.lk)
අභාවප්‍රාප්ත රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ දේහය අද (24) ඇයගේ මාදිවෙල පිහිටි නිවසෙහි ඥාතීන් සහ හිත මිත්‍රාදීන්ගේ අවසන් ගෞරවය සඳහා තැම්පත් කෙරෙන අතර, හෙට (25) උදෑසන 10:00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කෙරෙනු ඇති.
අනතුරුව අවසන් කටයුතු අනිද්දා (26) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතයි ෴
+++
+++
+++
+
ඉන්දියාව සමඟ ගහපු ගිවිසුම් ගැන ඇමතිවරුත් දන්නේ නැහැ (22.05.2025)
+
භයානක තත්ත්වයක් – මෙන්න හෙළිවුණු ඇස් උඩයන කතාව (23.05.2025)
+
තොපි දීපන් අනුර කුමාරට – උසාවි 7 ක ගිහිල්ලා හරි අතඅරින් නෑ ගේම – අම්පිටියේ හිමියන්ට වැඩ වැරදුණු හැටි (23.05.2025)
+++
පොලිස්පතිවරයාට කියන්න වෙන ක්‍රමයක් නෑ. මෙසේ පෙන්වා දෙමි (23.05.2025)
+
අද (24) උදෑසන තංගල්ලේදී සිදුවූ මාරක රිය අනතුර
(24.05.2025 – hirunews.lk)
තංගල්ල පොලිස් වසමේ කොළඹ වැල්ලවාය මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අළුයම් කාලයේ දී මඩකලපුව සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථයේ ගමන්කළ මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු (1) තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් (1) මගියෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
+++
+
නුවරඑළියේ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් 23 දක්වා ඉහළට
(23.05.2025 – hirunews.lk / facebook.com/accident1stofficial/)
නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයෑමෙන් පෙර දින (23) රාත්‍රියේ සිදුවූ අනතුරකින් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමින් 03 ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කෙරුනා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති අතර ඔවුන් විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබුනා.
තුවාල ලැබූවන් කුරුණෑගල – කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴