අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට


අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(23.05.2025 – hirunews.lk)

රුපියල් ලක්ෂ 40 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ‘නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු (1) ඇතුලු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ සදහන් කළේ, ‘නියෝජ්‍ය කොමසාරිස්වරයා’ට අමතරව ‘සහකාර කළමණාකරුවරුන්’ දෙදෙනෙකු (2) ද ඒ අතර සිටින බවයි.

ඔවුන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++

රු. ලක්ෂ 40 ක් අල්ලස් ගත් RMV ලොක්කන්ව දණ ගැස්වූ අල්ලස් නිලධාරීන්ගේ මෙහෙයුම (23.05.2025)

+


හලාවතින් මුදල් සමග ඇල්ලු සැකකරුවන් ගැන අනාවරණයක්

(23.05.2025 – hirunews.lk)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ එකසිය අසූවක් (1,80,00,000) පමණ වටිනා මුදල් සමග හලාවත තොඩුවාව ප්‍රදේශයේදී අද (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මාතර මල්ලි’ නමැත්තාගේ මත්කුඩු ප්‍රවාහනය කරන්නන් බවට අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන්ගෙන් කරන ලද මුලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ‘මාතර මල්ලි’ නැමැත්තාගේ සොහොයුරෙකු ඩුබායි හි සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය ලබා දෙන අතර පසුව මෙම පිරිස ඒවා මෙරට තුළ බෙදාහරින බවයි.

‘මාතර මල්ලි’ නැමැත්තා, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දෙන බව අත්අඩංගුවට ගත් 6 දෙනා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් තොගය ත්‍රිරෝද රථයක තිබී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු (2), ධිවර යාත්‍රාවක ස්කිපර් වරයෙකු (1) හා ත්‍රිරෝද රථ රියදුරෙකු (1) සිටින බව සදහන්. ඔවුන් ඉදිරි විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

+++

+


නීතියට පිටුපා අල්ලස් ගත් සුරාබදු නිලධාරීන්ට බරපතළ වැඩ සහිත වසර හතක (7) සිර දඬුවම්

(23.05.2025 – hirunews.lk)

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් දෙදෙනෙකුට (2) ලිහිල්ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 150,000 අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු ‘සුරාබදු නියාමකවරු’ දෙදෙනකුට (2) බරපතළ වැඩ සහිත වසර 28 ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිර දඬුවම් වසර හතකින් (7) ගෙවී යා යුතු බවට නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙම තීන්දුව ලබා දුන්නා.

2013 වසරේ නොවැම්බර් මස 13 වනදා හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට (2) මහාධිකරණයේ නඩු නොපවරා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඔවුන්ට ගැලවී යාමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් රුපියල් 150,000 අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් ‘සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු නියාමකවරු’ දෙදෙනකුට (2) එරෙහිව ‘අල්ලස් කොමිසම’ විසින් නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකරුවන් දෙදෙනා (2) අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා හතරකට (4) වරදකරුවන් කරන බව සඳහන් කළා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ හමුවේ කරුණු දක්වූ විත්තියේ නීතිඥවරු මෙම විත්තිකරුවන්ට කුඩා දරුවන් සිටින බවත් ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මෙම විත්තිකරුවන්ගෙන් බවත් සඳහන් කළා.

ඒ අනුව, ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් අල්ලස සහ දූෂණය සමාජයෙන් තුරන් කළ යුතු බරපතළ වැරදි බවත්, ඒ අනුව සමාජයට ආදර්ශයක් දිය හැකි නීතියේ සඳහන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු පුද්ගලයින් දෙදෙනෙකු (2) බව සඳහන් කළා.

එහෙත් ඔවුන් එම රාජකාරිය පසෙක ලා මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට උදව් වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා එබැවින් ඔවුන්ට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නා.

එසේ කටයුතු කළහොත් මෙවැනි වැරදි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එය රුකුලක් වනු ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව, විත්තිකරුවන්ට නීතියේ සඳහන් දැඩි දඬුවම් ලබාදීමට සිදුවන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව මෙම සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් 20,000 ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක (2) සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළා.

‘සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ’ සුරංග සඳරුවන් විජේරත්න සහ සිසිර කුමාර සිල්වා යන නියාමකවරු දෙදෙනාට (2) මෙසේ දඬුවම් නියම වුණා.

කෙසේ වෙතත් රුපියල් පනස් දහසක (50,000) අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට (2) එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් සඳහන් කළා ෴


‘බූරු මූණා’ සහSTF නිලධාරීන් දෙදෙනෙකු (2) රෝහලේ

(23.05.2025 – hirunews.lk)

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘රවිදු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මූණා’ සහ ‘පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන්’ අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.

ඒ ඔහු අද (23) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සදහා වීඩියෝ තාක්ෂණය හරහා ඉදිරිපත් කිරීමට සිර මැදිරියෙන් පිටතට රැගෙන ආ අවස්ථාවේදීයි.

ඔහුව පරික්ෂා කිරීමට යාමේදී මෙය සිදුව ඇති අතර, එහිදී ‘රවිදු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මූණා’ සහ ‘පොලිස් විශේෂ කාර්යා බලකා’ නිළධාරීන් දෙදෙනෙකු (2) තුවාල ලබා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’, මාතර මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනී සිටීම සදහා අද (23) දැඩි රැකවල් මැද අධිකරණ සංකීරණය වෙත රැගෙන එනු ලැබුවා.

2018 වසරේ වැලිගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරිමේ චෝදනාව මත මෙම නඩුව මාතර මහාධිකරණයේ විභාග වනවා ෴


කඩුවෙල මහේස්ත්‍රාත්තුමියගේ සිද්ධිය ගැන හෙළිදරව්වක් ‘පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධයි’ (23.05.2025)

+


දුමින්ද දිසානායක ගෙන් තවමත් ප්‍රශ්ණ කෙරේ

(23.05.2025 – hirunews.lk)

‘හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ’ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී-56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක’ හෙට (24) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ වනවිටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව සඳහන්.

බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි හිටපු අමාත්‍යවරයා‍ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අද (23) උදෑසන අත්අඩංගුවට ගත්තේ.

පසුගිය අඟහරුවාදා (20) ‘කොළඹ හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ ටී-56 ගිනි අවියක් සොයා ගත්තා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් 69 හැවිරිදි අදාළ කාන්තාව සහ ඇගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවගෙන් වැල්ලවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්ණ කර තිබූ අතර ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබුණේ අදාළ අවිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

අනතුරුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කළේ, ‘ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය’යි.

කෙසේ වෙතත් ගමන් මල්ල ඔවුන්ට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ඒ සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණ වී තිබුණා.

මෙම රන් පැහැ ගැන්වූ ගිනි අවියට ‘හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක’ගේ සෘජු සම්බන්ධයක් ඇති බවට එහිදී කරුණු අනාවරණය කරගෙන තිබූ අතර, ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් සිදුකර තිබුණා.

සැකකාර හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට (6) පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියෙකු වූ ‘හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ.

ඇය මෙම අවිය සහිත බෑගය බාරගෙන ඇත්තේ එහි ටී-56 ගිනි අවියක් තිබෙන බවට කරුණු නොදැන බවත් මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ ටී-56 ගිනි අවිය කොටස් එකලස් කර නිෂ්පාදනය කළ අවියක් බවයි අදාල විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.

මේ අතර, අදාල ගිනි අවිය සම්බන්ධයෙන් වන නඩුව අද (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ දී වැඩ බලන මහේස්ත්‍රාත් තරංග ද සිල්වා නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාවන් දෙදෙනා (2) ජුනි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එමෙන්ම සැකකාරියන් දෙදෙනා (2) ගෙන් බන්ධනාගාර භාරයේ සිටියදී ලිඛිතව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමට ‘ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ’ නිලධාරීන් සිව් දෙනෙකුට (4) අවසර ලබා දී තිබෙනවා.

මෙම සිද්ධියට ඊයේ (22) අත්අඩංගුවට ගත් ‘හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක’ගේ අරක්කැමියා ද ජුනි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

මේ අතර, ටී-56 වර්ගයේ ගිනි අවි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කළ ලියාපදිංචි ගිනි අවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ කාල සීමාව මේ වන විට අවසන් වී ඇති අතර මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින් ඇතුලු‍ ප්‍රභූන්ට ලබා දී ඇති ගිනි අවි 1,693 න් ගිනි අවි 33 ක් මෙතෙක් යළි භාර දී නොමැති බවයි වාර්තා වන්නේ ෴

+++

+


NEXT ඇඟලුම් කම්හලේ සේවකයන් පිරිසක් හදිසියේම ඇමති මහින්දව හමුවෙන්න එයි (23.05.2025)

+


‘වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ’ සිසුවියක් ජීවිතක්ෂයට

(23.05.2025 – hirunews.lk)

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක අද (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්‍යාලය සඳහන් කළේ, වයස අවුරුදු 23 ක් වූ දෙවන (2) වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

ඇය සමඟ නේවාසිකාගාරයේ රැඳී සිටි මිතුරිය විසින් අද (23) පස්වරුවේ මෙම සිසුවිය ගෙල වැළලාගෙන සිටිනු දැක ඇති අතර, අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සහ බිංගිරිය පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ‘පොලිස් මාධ්‍ය ඒකකය’ සඳහන් කළේ.

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *