කොළඹ ප්‍රදේශ කිහිපයකට 25.05.2025 දින පැය 12 ක ජල කප්පාදුවක්
(23.05.2025 – hirunews.lk)
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (25) පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, උදෑසන 08 සිට රාත්‍රී 08 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට යි ෴
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට
(23.05.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අද (23) පෙරවරුවේ බම්බලපිටියේ දී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී-56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ගිනි අවිය හිටපු අමාත්‍යවරයාට අයත් බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
+++
+++
අත්අඩංගුවට ගත් දුමින්දට වෙන්න යන දේ මෙන්න – දිවි ඇති තෙක් හිරේ යයි ? (23.05.2025)
+++
+
මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බව කියන රුපියල් මිලියන 18 ක් සමග 06 දෙනෙකු අත්අඩංගුවට
(23.05.2025 – hirunews.lk)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 180 ක් පමණ මුදල් සමග 06 දෙනෙකු හලාවත – තුඩුවාව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර, කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා ෴
සීමා ඉවත් කිරීමෙන් පසු ඩොලර් කෝටි 20 ක වාහන මෙරටට
(23.05.2025 – hirunews.lk)
ආනයන බදු සහ ගෝලීය දේශපාලන කරුණුවල බලපෑමෙන් මෙරට විදේශ ඉල්ලුම පහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.
මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම වෙනුවෙන් මහ බැංකු පරිශ්‍රයේ ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ රථවාහන ආනයන වෙනුවෙන් පළමු මාස 5 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ණයවර ලිපි විවෘත කර ඇති බවයි.
ඒ අනුව ඩොලර් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සදහන් කළා ෴
නොහොඹිනා වැඩක් කරන්න ගිහින් මාට්ටු වූ කරාපිටිය රෝහලේ දොස්තර
(22.05.2025 – hirunews.lk)
ගාල්ල – කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු තමන් යටතේ සේවය කළ තරුණියකට කළ බලහත්කාරකමක් වසන් කිරීම සඳහා ඇගේ පවුලේ අය විසින් රුපියල් ලක්ෂ 35 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට තැත් කිරීමේ පුවතක් ‘හිරු’ට වාර්තා වනවා.
කෙසේ වෙතත්, එම තරුණියගේ සැමියා පැවසුවේ වෛද්‍යවරයා කළ වරදට වන්දි මුදලක් ලබාදීමට පොරොන්දු වූ නමුත් පසුව තමන් ඇතුළු පිරිස බොරු වරදකට අත්අඩංගුවට ගැනීමට සුදානම් වූ බවයි.
ගාල්ල – කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් උණවටුන ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එම ගොඩනැගිල්ලේම කොටසක විදේශිකයන්ට කාමර පහසුකම් ලබාදීමේ සේවයක් ද පවත්වා ගෙන යමින් සිටිනවා.
එම වෛද්‍යවරයා විසින් පසුගිය 20 වැනිදා සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන 22 හැවිරිදි තරුණියට පවසා ඇත්තේ යාබද කාමරවල ඇති ඇඳ ඇතිරිළි නිසි ලෙස සකසන ලෙසයි.
අදාළ කාමරය අසලදී එම වෛද්‍යවරයා තමාගේ අතින් ඇද බලහත්කාරකමක් සිදුකිරීමට ගියබව ඇය සිය සැමියාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දි තිබුණා තමා එම අවස්ථාවේදී වෛද්‍යවරයාගෙන් මිදී පළා ආ බවයි ඇය පවසා ඇත්තේ.
ඇගේ සැමියා තරුණියගේ දෙමාපියන් ඇතුළු කණ්ඩායමක් පැමිණ වෛද්‍යවරයාට තර්ජනය කර තිබුණේ ඉන් පසුවයි.
ඉන් අනතුරුව වෛද්‍යවරයා, තමා කළ වරදට නීතිය හමුවට නොයන ලෙස ඉල්ලා ඇති අතර ඒ සඳහා වන්දියක් ලෙස රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාදීමට එකඟ වු බවයි තරුණියගේ පාර්ශවය පැවසුවේ. එම එකඟතාව මත ඊයේ (21) රුපියල් ලක්ෂ 5 ක මුදල ලබාගැනීමට තරුණියගේ මව හා පියා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණා.
නමුත් ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් බව පැවසූ 4 දෙනෙකු රුපියල් ලක්ෂ 5 ක කප්පමක් ලබාගැනීමට පැමිණි බවට චෝදනා කරමින් එම පිරිස හබරාදුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.
බලහත්කාරයට ලක් වු බව කියන තරුණියගේ සැමියාව ද පොලිසියට කැඳවා ඇති අතර ඔවුන්ට නඩු නොපැවරීමට නම් වෛද්‍යවරයා සමග සමථයකට පත්වන ලෙස ස්ථානාධිපතිවරයා බල කල බවයි ඔවුන් පවසන්නේ.
අදාළ සිදුවීමට මුහුණ දුන් තරුණියගේ පාර්ශවය පවසන්නේ තමන්ව බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම හා තරුණියට කළ බලහත්කාරකම පිළිබඳව හබරාදුව පොලිසිය පැමිණිලි භාර නොගන්නා බවයි. එබැවින් සිද්ධිය පිළිබඳව අද (22) ‘මාතර ළමා හා කාන්තා කාර්යාංශය’ට පැමිණිලි කරන බවත් ඔවුන් පැවසුවා.
+
මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට
(23.05.2025 – hirunews.lk)
වලංගු ලියකියවිලි රහිතව යතුරුපැදියක් ධාවනය කල බීමත් පුද්ගලයෙකු , උහන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් විමසා මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි උහන පොලිසියේදී කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

බීමත් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ ඔහුගේ දරුවන් දෙදෙනා (2) ද සිට ඇති අතර පොලිසිය ඒ පිලිබඳව දරුවන්ගේ ඥාතීන් දැනුවත් කලද දරුවන් භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නැහැ.
මේ හේතුවෙන් පොලිසිය මැදිහත්ව දරුවන් නිවසට භාරදීමට ත්‍රී රෝද රථයකින් යමින් සිටියදී සුමනරතන හිමියන් මෙලෙස කලහකාරී ලෙස හැසිරී තිබුණා.
මේ අතර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අම්පිටියේ සුමනරතන හිමි අම්පාර බණ්ඩාරදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
+++
+
ඇප ලැබුණු අම්පිටියේ සුමනරතන හිමි …
+
හත් (7) හැවිරිදි බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ 62 හැවිරදි පස් (5) දරු පියෙකුට වසර 17 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
(23.05.2025 – hirunews.lk)
හත් (7) හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස් (5) දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17 ක සිර දඬුවම් නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබාදුන්නා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක (1) සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළා.
ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක (3,00,000) වන්දියක් ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක (1,00,000) වන්දියක්ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළා.
එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව තවත් වසරක (1) සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වුණේ.
2015 වසරේ ජූලි මස තුන්වනදා (03) හත් (7) හැවිරිදි බාලවයස්කාර ගැහැණු ළමයකු බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ වයස අවුරුදු 53 ක්ව සිටි මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළේ මෙම විත්තිකරු වින්දිත දැරියගේ නිවසට නිතර යන එන පුද්ගලයකු වන අතර අපරාධය වූ දින දැරියගේ මව ගර්භනී තත්ත්වයෙන් පසු වීම නිසා ඇය සමග දැරියගේ පියා ද රෝහලට ගොස් ඇති බවයි.
එම නිසා පාසල් ගිය එම දැරියව යළි නිවසට රැගෙන ඒමට පියාට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසා හොඳින් හඳුනන මෙම විත්තිකරුට පාසලෙන් දරුවා රැගෙන එන ලෙස දෙමව්පියන් විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ත්‍රිරෝද රථයෙන් පාසලට ගිය මෙම විත්තිකරු එම දරුවාද නංවාගෙන තමාගේ නිවසේ කුඩා දරුවන් සිටින බවත් එහි ගොස් සෙල්ලම් කළ හැකි බවත් පවසා වින්දිත දැරිය රවටාගෙන සිය නිවසට රැගෙන ගොස් තිබේ.
දැරිය එම නිවසට ගිය අවස්ථාවේ එහි කුඩා ළමුන් නොසිටි අතර එහිදී විත්තිකරු විසින් වින්දිත දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර නැවත ඇයගේ නිවසට ගොස් හැරලවා තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
ඉන්පසුව නිවසේදී වින්දිත දැරිය ගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී විත්තිකරු තමන්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව එම දැරිය විසින් ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
ඉන් පසුව ඇයගේ මව දෙමටගොඩ පොලිසියට ගිය අතර එතැනින් ඇයව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට යොමු කර ඇති බවත් එහි පැමිණිලි ඉදිරිපත් කළ බවත් සඳහන් කළ විනිසුරුවරයා ළමා ආරක්ෂක අධිකාරියද මෙම දරියගෙන් වීඩියෝ සාක්ෂි සටහන් කරගෙන තිබූ බවත් පැවසුවා.
ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත් ඒ අනුව ඔහු අදාළ චෝදනා දෙකට (2) වරදකරු කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
දඬුවම් නියම කිරීමට පෙර රජයේ නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් මෙම විත්තිකරු පස් (5) දරු පියකු වන අතර ඔහුගේ දරුවන් පස්දෙනාම (5) ගැහැණු දරුවන් බවත් සඳහන් කළා.
එවැනි ගැහැණු දරුවන් සිටින පියෙකු මේ ආකාරයේ බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු 62 වන වියේ පසුවන අතර ඔහු වසර හතක් (7) පමණ ක්ෂය රෝගය හා වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබන බව සඳහන් කළා.
ඔහු පස් (5) දරු පියකු වන අතර ඔහුගේ බාලම දියණිය 14 වන වියේ පසුවන බවත් නීතිඥවරයා සඳහන් කළා ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
අතවරයට පත් දැරියගේ මව අධිකරණයේ කරුණු දක්වමින් තම දියණියට සිදුවූ අපරාධය වැනි දෙයක් තවත් දරුවෙකුට සිදු නොවන ආකාරයේ දැඩි දඬුවමක් මෙම විත්තිකරුට නියම කරන ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම විත්තිකරු විසින් සිදු කර තිබෙන වරදේ ස්වභාවය පිරික්සීමේදී ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.
ගැහැණු දරුවන් පස් (5) දෙනෙකුගේ පියෙකු වශයෙන් විත්තිකරුට ගෑනු දරුවන්ගේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු බවත් එසේ තිබියදී හත් (7) හැවිරිදි කුඩා දරුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම බරපතළ ක්‍රියාවක් බවත් විසුරුවරයා පෙන්වා දුන්නා.
කාන්තාවන් හා ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට සමාජය තුළ දැඩි හඬක් මතුවී තිබෙන මෙම වකවානුවේ මෙවැනි සිද්ධීන් පිළිබඳව මුලු සමාජයම බලා සිටින බව සඳහන් කළ විනිසුරුවරයා අනුව ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළා ෴
LTTE වෙනුවෙන් පෙනී සිටි කතෝලික අන්තවාදී පූජකයෝ.. (23.05.2025)
+
කොටි සැමරුම – මැයි 24 මීගමුවේදී.. (23.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴