ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව හූ කියා පලවා හරී

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව හූ කියා පලවා හරී


ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව හූ කියා පලවා හරී

(21.05.2025 – news19.lk)

‘ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ් නදීෂන අමරසිංහ’ සහ එහි පරිපාලන අංශය භාරව සිටි ‘තනූජා ආරියරත්න’ යන අයව ජාතික රූපවාහිනියේ සේවකයින් විසින් හූ කියා පන්නා දමා තිබෙනවා.

රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ නිලධාරිනිය දිගින් දිගටම ආයතනයේ සේවකයින් සමඟ ඇතිකරගන්නා ලද ගැටුම් රැසක ප්‍රතිපල ලෙස මෙම සිදුවීම සිදුවී බවයි.

මීට පෙර සිටි සභාපතිවරයා වූ ‘සෙනේෂ් බණ්ඩාර දිසානායක’ සමයේ පත්කරන ලද මෙම පරිපාලන අංශය භාර නිලධාරිනිය සේවයන් හට නිතර බැණ වැදීම හා ඔවුන්ව පහත් කොට සැලකීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් රූපවාහිනියේ සේවකයින් ඇය සමග වරින් වර බහින්බස්වී තිබෙනවා.

නමුත් රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරන්තරයෙන් ඇයව ආරක්ෂා කරගනිමින් කටයුතු කර ඇති නිසා සේවකයින් ඔහු සමගද උරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය පිළිබදව ජාතික රූපවාහිනියේ සභාපතිවරයා සමඟද සාකච්ඡාවක් ඉල්ලා ඇති තත්ත්වයක් තුළ අද තවත් බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදී සේවකයින් එක්වී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව සහ පරිපාලන අංශය භාරව සිටි නිලධාරිනියව එළවා දමා තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින් :

+++

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය තනූජා ආරියරත්න සේවකයින් විසින් හූ කියා එලවා දමයි (21.05.2025)

+


“උතුරේ LTTE විරුවන් මියයද්දි අපි දුක් වුණා” (22.05.2025)

+++

නලින්ද ජයතිස්සගේ රුපවාහිනියේ ගෝලයාට ගුටි!‪ (22.05.2025)

+


රන් ආලේපිත ටී-56 ශ්‍රීලනිප ප්‍රබලයකුගේ – ඔහු හිටපු ඇමැතිවරයෙක්

(22.05.2025 – divaina.lk)

හැව්ලොක්සිටි නිවාස සංකීරණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටී-56 ගිනි අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයකුට අයත් එකක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ද වන මෙම දේශපාලනඥයා මීට මාස හයකට (6) උඩදී සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇත්තේ සඟවා තබන ලෙස උපදෙස් ලබා දෙමින් බව පොලිසිය හෙළි කරගෙන තිබේ.

මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි හැටඅට (68) හැවිරිදි කාන්තාව වෙත ගෙනවිත් බාරදුන් හිටපු ඇමතිවරයාගේ අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (21) සවස අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් තිබිණි.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම හිටපු ඇමතිවරයා හැව්ලොක් සිටි නිවසක පදිංචි හැටඅට (68) හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙකි. එම කාන්තාව මෙම අවිය සහිත බෑගය බාරගෙන ඇත්තේ එහි ටී-56 ගිනි අවියක් තිබෙන බව නොදැන බව අනාවරණය වී ඇත.

මෙම බෑගය මාස හයක් (6) තිස්සේ කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගෙන තිබේ.

ඒ අවස්ථාවේ බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගොස් ඇත.

මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුරදීය. පසුව ඔවුන් මේ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී තිබුණි.

පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීනපන්නයේ ටී-56 ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.

ඒ අනුව මෙම අවිය සඟවාගෙන සිටි හැටඅට (68) හැවිරිදි කාන්තාව සහ තවත් කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

එහිදී කාන්තාව පවසා ඇත්තේ මෙම බෑගය හිටපු ඇමතිවරයාගේ අරක්කැමියකු විසින් තමන්ට භාර දුන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

උතුරු මැද පළාත නියෝජනය කරන මෙම දේශපාලනඥයාගේ පියා ද ප්‍රබල දේශපාලඥයකු වන අතර ඔහු මේ වන විට ජීවතුන් අතර නැත. මෙම අවිය කුමන හේතුවක් නිසා මෙසේ සඟවා තැබුවේද, ඒ අවියෙන් කුමන අපරාධයක් සිදු කළේ ද යන්න සොයා පොලිස් විමර්ශන පැවැත්වෙයි.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු


සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

(22.05.2025 – 10:39 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16,41,00,000 කට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් ‘චන්දන වීරකුමාර’ හෙවත් ‘සක්විති රණසිංහ’ සහ ඔහුගේ බිරිඳ වූ ‘කුමාරි අනුරාධිනී’ යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ.

එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක (1) සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10 කට අත්හිටුවන බවත් නියෝග කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි.

දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශවය නීතිඥවරු අතර ඇතිවූ එකඟතාවය මත මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන් ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් සියයට 60 ක් වන රුපියල් නවකෝටි අසූපන් ලක්ෂයකට (9,85,00,000) ආසන්න මුදලක් 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ (50,00,000) බැගින් වූ මාසික වාරිකවලින් විත්තිකරු ගෙවා අවසන් කර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන (1) විත්තිකරු වසර නවයක් (9) පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් දෙවන (2) විත්තිකාරිය වසර දෙකක් (2) පමණ බන්ධනාගාරය භාරය පසුව බවත් සඳහන් කළේය.

බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසුව අමතර උපකාරක පන්ති පවත්වා ලැබුණු මුදල්වලින් මෙම ගෙවීම් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම විත්තිකරුවන්ගේ දරුවන් දෙදෙනා (2) ඉදිරියේදී විවාහ වීමට නියමිතව සිටින බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය ෴

+++

+


පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් හමුදා බ්‍රිගේඩියර්වරයකු අත්අඩංගුවට ගන්න සොයයි…

(22.05.2025 – 15:00 +0530 – lankacnews.com)

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව කුරුඳුවත්ත පොලිසීය කියයි.

පහරකෑ ආරක්ෂක නිලධාරීහු දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිනි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක් අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගයකට පෙර සුදානමක් ඉකුත් 18 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පවත්වා ඇත. එම එක් පාසලක ආදි ශිෂ්‍යයකු වන සැකකාර බ්‍රිගේඩියර්වරයා, ඊට පෙර දින (17) රාත්‍රියේදී එම ක්‍රීඩාංගණයට භාණ්ඩ වගයක් රැගෙන පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එම භාණ්ඩ රැගත් වාහනය ක්‍රීඩාංගණයට ඇතුළු කර උඩු මහලකට එම භාණ්ඩ රැගෙන යෑම සඳහා විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බ්‍රිගේඩියර්වරයා පවසා ඇති අතර, එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා, ආරක්ෂක නිලධාරියාට බැණ වැදී ඔහුගේ කනට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී එම පහරදීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියා බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා (2) පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

පහර දුන් බව කියන සැකකාර යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අනුඛණ්ඩයක ප්‍රධානියකු බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පහර කෑ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා (2) මොරටුව සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ


සිංහල ජාතියට ද්‍රෝහී වූ මාලිමාකාරයෝ (22.05.2025)

+


ආණ්ඩුවත් එක්ක මුකුළු කරන මන්ත්‍රිලට ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක් | ජනවරම පාවා දීම ද්‍රෝහී කමක් (22.05.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *