‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප

‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප


‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප

(20.05.2025 – dasathalankanews.com)

පසුගියදා රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ පහ වසර ශිෂ්‍යත්ව උපකාර පන්ති පවත්වනු ලබන, ‘හයේෂිකා ප්‍රනාන්දු’ නමැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණු තරුණයාව ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

19 හැවිරිදි වියෙහි පසුවුණ සැකකාර තරුණයා අදාළ උපකාරක පන්ති ගුරුවරියගෙන් අඩත්තේට්ටමට ලක් වූ බවට පවසමින් කටාන පොලිසියේ පැමිණිල්ලක් සිදු කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ‘හයේෂිකා’ගේ ස්වාමිපුරුෂයා සහ ආයතන භාර කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ඉන්පසුව ‘හයේෂිකා ප්‍රනාන්දු’ දින කිහිපයකට පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී ඇය ඇතුළු සෙසු සැකකරුවන් ව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

කෙසේවෙතත් චෝදනාවට ලක් වූ ගුරුවරිය විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ තරුණයා විසින් තම ආයතනයේ සේවය කරනු ලබන නවක සේවිකාවකට අකටයුතුකම් කිරීමට උත්සාහ කළ බවයි.

ඒ අනුව එම තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

කෙසේවෙතත් මෙම තරුණයාව මැයි 17 වැනිදා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහැරීමටයි අධිකරණය නියම කෙරුණේ.

නමුත් තරුණායට එරෙහිව එල්ල වී ඇති ලිංගික හිංසන චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුව හෙට (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට කටාන පොලිසියට, මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

තව ද මෙම සිදුවීමේ දී කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අනුදැනුමකින් තොරව තොරතුරු මාධ්‍යයට ලබාදීම සහ මෙම සිදුවීමේ දී ස්ථානාධිපතිවරයා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


ඡන්දේ දාන්ගේ කාටද කියලා අද දෙමව්පියන් දරුවන්ගෙන් අහන්නේ – පන්සලෙත් එහෙමයි, අපිනම් දෙන්නේ නෑ (20.05.2025)

+


ඊළම වෙනුවෙන් විදෙස් LTTE ප්‍රජාව එකවූ හැටි (20.05.2025)

+


මාලිමාවේ ‘මන්ත්‍රී බබා’ කියපු බොරුව අතේ පත්තුවෙයි | මෙන්න සාක්ෂි | රණවිරු දින සැමරුමට අනුර නාවේ ඇයි (20.05.2025)

+


කොටි සමරන්න ආ තරුණයන්ට හමුදාව කළ දේ | හමුදාවට සහ LTTEයට එකම ස්මාරකයක් (19.05.2025)

+


ජනරජයේ භෞමික අඛණ්ඩතාවය රැකගත් ත්‍රිවිද හමුදාවට ජනරජයේ ප්‍රණාමය කියාගන්න බැරිව ඇඹරෙන ජනාධිපති (20.05.2025)

+


අනුරගේ ‘සොල්දාදු සැමරුම’ කඩාකප්පල් කල අය මෙන්න!‪ (20.05.2025)

+


අධිවේගී මාර්ගවල සියලු අන්තර් හුවමාරුවලින් කාඩ්පත් ගෙවීම් පහසුකම අද (21) සිට

(21.05.2025 – 06:52 +0530 – sinhala.adaderana.lk)

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවය.

අන්තර් හුවමාරු 35 ක් සහ පිටවීම් ගේට්ටු 119 ක් තුළ අදාළ සේවා පහසුකම් අද (21) සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි ෴


අනවසර විදුලි කම්බියකින් විදුලි සැර වැදීමෙන් දැරියක් මියයයි

(21.05.2025 – hirunews.lk)

වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට ඊයේ (20) සවස් කාලයේ දී විදුලි සැර වැදී මියගොස් ඇති බව වෙලම්බොඩ පොලිසිය සඳහන් කරනවා.

මියගිය දැරිය වයස අවුරුදු 11 ක් වූ කෝවිල්කන්ද, වට්ටප්පොල ප්‍රදේශයේ පදිංචි දැරියක්.

මෙලෙස මියගිය දැරිය නිවසේ ‘කොන්ක්‍රීට් ස්ලැබ්’ එක මතට ඉනිමගක් ආධාරයෙන් නැඟ ඇති බවත්, ‘ස්ලැබ්’ එක මතට රිලවුන් පැමිණෙන නිසාවෙන් ‘විදුලි කම්බි ඇද තීබී ඇති’ අතර එහිදී දැරියට විදුලි සැර වැදී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වෙලම්බොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකු විසින් ඩැහැගෙන යනු ලබයි

(21.05.2025 – hirunews.lk)

කාත්තන්කුඩි පොලිස් වසමේ මන්මුනේ පාලම අසල කළපුවෙහි පුද්ගලයෙකු (1) තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) සමග ඊයේ (20) මසුන් අල්ලමින් සිටියදී එක්වරම කළපු දියෙන් මතු වූ කිඹුලෙකු විසින් එම පුද්ගලයා (1) ඩැහැගෙන ගොස් ඇති බව කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරනවා.

කිඹුලා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයා සොයා කාත්තන්කුඩි පොලිසිය විසින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ‘නාවික හමුදා මූලස්ථානය’ හා ‘කජුවත්ත නාවික හමුදා කඳවුර’ දැනුවත් කර ඇති බවට සඳහන් ෴


රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ? පරිපූරක වෛද්‍ය වෘත්තීකයින් වර්ජනයකටත් සුදානමින්

(21.05.2025 – 07:50 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟියක් පවතින බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවය.

“ඖෂධ විශාල සංඛ්‍යාවක හිඟයක් සම්බන්ධයෙන් රෝහල්වලින් වාර්තා වෙනවා. පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180 කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. ඒ වගේම රෝහල් පද්ධතියේ ඖෂධ 50 කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. තත්ත්වය ඊට වඩා උග්‍ර අතට පත්වෙමින් තියෙන්නේ. ලැබෙන තොරතුරු තමයි ප්‍රතිජීවක, වේදනානාශක, ඒ වගේම ඉන්සියුලීන්වල ගැටලුවක් තියෙනවා. ඒ වගේම හෘද රෝග, අධිරුධිර පීඩනය ආදි රෝගවලට ලබාදෙන ඖෂධ ඒ වගේම ශල්‍යකර්ම සඳහා ලබාදෙන යම් යම් උපකරණවල ගැටලු සමස්තයක් විදියට රෝහල් පද්ධතියේ වගේම ප්‍රාදේශීය වශයෙන් අපිට දකින්න ලැබෙනවා. සමහර ඖෂධ හිඟය රෝහල් පද්ධතිය තුළම තියෙනවා.”

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගමින් හෙට (22) දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ’ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ අනුව හෙට (22) උදේ 8 ට වර්ජනය ආරම්භ කිරීමට නියමිත අතර, වර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාරගත යුතු බව ද රවී කුමුදේශ් මහතා කියා සිටියේය.

අදාළ ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක (2) පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා නොදුන් බවත්, ඔවුන් මේ සඳහා කිසිදු මැදිහත් වීමක් සිදුනොකළ බැවින් මෙලෙස වර්ජනයකට යෑමට සිදුවු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය ෴


විදෙස් ජාතිකයින් දෙදෙනෙකු (2) බේරාගත් පොලිස් මෙහෙයුම

(21.05.2025 – 07:29 +0530 – sinhala.adaderana.lk)

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් (1) සහ පිරිමියෙකු (1) දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

ඊයේ (20) දහවල් කාලයේදී මෙම විදෙස් ජාතිකයින් දෙපළ (2) මෙම අනතුරට මුහුණ දුන් බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී ඇත.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 20 ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවකි.

මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර හා පොලිස් කොස්තාපල් 105268 සිසිර යන නිලධාරීන් විසින් මෙම විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයාගේ දිවි බේරාගැනීම සිදුකර ඇත.

+++

+


පාදෙණියට චාලියා ආවෙ කාගේ වරදින් ද? (21.05.2025)

+


දුම්රිය හරස් මාර්ගය අසල වාහන 3 ක් එකිනෙක ගැටෙයි

(21.05.2025 – 10:35 +0530 – sinhala.adaderana.lk)

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් (3) එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (21) උදෑසන සිදුවූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු (7) පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා ඇත.

එම අවස්ථාවේදී වාහන දෙකක් (2) නවතා තිබී දී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී තිබුණි.

එහිදී වෑන් රථය ගොස් බවුසරයක ගැටී ඇත.

අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *