හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී ටී-56 ගිනි අවියක් සොයාගනී

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී ටී-56 ගිනි අවියක් සොයාගනී


හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී ටී-56 ගිනි අවියක් සොයාගනී

(20.05.2025 – hirunews.lk)

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් විසින් තම නිවසට ටී-56 ගිනි අවිය රැගෙන යනු දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබෙනවා.

පසුව වැල්ලවත්ත පොලිසිය මෙම ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබුණා.

ගමන් මල්ලක බහා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එම ගිනි අවිය ගෙන ආ කාන්තාව සහ එයට අදාළ පුද්ගලයන් පිළිබඳ වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

+++

+++

+


සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මැයි 23 දක්වා අත්හිටුවයි

(20.05.2025 – hirunews.lk)

ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට මැයි 23 වන දින දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව, (පහත අමුණා ඇති නිවේදනයේ සඳහන්) සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවත මැයි 23 වනදා සිට ප්‍රමුඛතාවය අනුව සේවාවන් ලබා දෙන බවයි සඳහන් ෴

+++

Sri Lanka’s EPF temporarily suspends some services for “essential maintenance”

(20.05.2025 – 18:05 +0530 – economynext.com)

ECONOMYNEXT – Sri Lanka’s largest state-held Employees’ Provident Fund (EPF) has suspended some services, including paying funds to its members, for three days from May 21 due to essential maintenance services on its computer network, the Department of Labour said.

The “urgent and essential” maintenance service on its computer network has pushed all Labour Department offices across the country to suspend service from May 21-23.

Services like payment of EPF for its members and dead, 30% payment, registration of new firms for EPF payment, and amendment of B cards have been suspended during the three days.

The Labour Department has urged the public to call 011-2201201 during the three days and reserve a time for their services to be accomplished, and said they will be given priority “once the service is restored”, it said.


අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

(20.05.2025 – hirunews.lk)

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ (2) හා බන්ධනාගාර රියදුරෙකුගේ (1) වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු හා එම රැඳවියාගේ පවුලේ පිරිසක් සමග වැලිගම නගරයෙන් පිට ස්ථානයක නවතා තැබීමේ සිදුවීමකට අදාළව කෙරෙන මුලික පරික්ෂණයට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

එම සිදුවීම පසුගිය 16 වනදා පස්වරුවේ සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම බන්ධනාගාර බස් රථය රැඳවියෙකු සමග වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා තිබෙනවා.

අනතුරුව බස් රථයේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන් රැඳවියා බස් රථයේ තබා වැලිගම නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරයත් අනතුරුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් ඇති බවත් එම අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ කිසියම් කන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්ථා වූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී මෙම බස් රථය අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් බවත් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු කරාපිටිය රෝහලේ සායනයක් වෙත රැගෙන ගොස් නැවත එමින් සිටින අවස්ථාවේදි එම බස් රථය නතර කොට තිබී ඇති බවට අනාවරණයවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙම බස් රථයේ සිටි දරුවා සහ කාන්තාව බස් රථය තුළ සිටි රැඳවියාගේ පවුලේ උදවිය බවට තොරතුරු ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

එම පවුලේ උදවිය බස් රථයට නංවා ගැනීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගර නිලධාරින් බස් රථයෙන් බැස ගියාද යන්න හා කාන්තාව හා දරුවන් බස් රථයට නංවා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද ඔහු පවසනවා.

මේ අතර CCTV දර්ශන සහ බුද්ධි නිලධාරින් හරහා විමර්ශන සිදුකරමින් පවතින බවයි බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


විද්‍යුත් (විදුලි) වාහනවල බදු වැඩි කරන්න මුදල් කාරක සභාවේ අනුමැතිය දීලා

(20.05.2025 – hirunews.lk)

විද්‍යුත් (විදුලි) වාහන සඳහා වන බදු වැඩි කිරීම පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මෙම බදු වැඩිවීමට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ සඳහා පනවා ඇති බදු සහ විදුලි වාහන සඳහා පනවා ඇති බදු අතර පරතරය ඉතා පුළුල් වීම බවයි.

ඒ අනුව අදාළ සංශෝධනයෙන් පසුවත් පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා වන බද්දට වඩා විද්‍යුත් වාහන සඳහා වන බද්ද අඩු වුවත්, එය පෙර මට්ටමට වඩා වැඩි විය යුතු බවයි ෴


පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසමට ඉල්ලයි

(20.05.2025 – hirunews.lk)

පළාත් පාලන මැතිවරණය අවසන් වුවද බොහෝ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල පවා සභිකයන්ගේ නම් ලබා දී නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එම සභිකයින්ගේ නම් ජුනි මස 02 වැනිදාට පෙර ලබා දෙන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ.

මේ අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සභිකයින් 9 දෙනෙකු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහය දීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි වූ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැලවත්තේ දී පැවැත්වුණා.

කොළඹ මහ නගර සභාවට තරග කර සභික ධුර දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ එක්සත් සාම පක්ෂයේ නියෝජිතයින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 03 ක නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටියා.

මෙම සාකච්ඡාවට එක් වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට මෙවර එක් සභික ධුරයක් හිමිව තිබූ අතර එක්සත් සාම පක්ෂයට හිමි වූ සභික ධුර ගණන 02 ක්.

එමෙන්ම සාකච්ඡාවට එක්වූ ස්වාධීන කණ්ඩායම් අංක 2 ට එක් සභික ධුරයක්, ස්වාධීන කණ්ඩායම් අංක 3 ට සභික ධුර 3 ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක 4 ට සභික ධුර 2 ක් හිමිව තිබුණා.

ඒ අනුව සභිකයින් 9 දෙනෙකුගේ සහය ජාතික ජන බලවේගයට හිමිවනවා.

මෙවර කොළඹ මහනගර සභාවේ සංයුතියට අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 48 ක් හිමි වූ අතර එම සභික ධුර 09 එක්ව ගත්විට ඔවුන්ට හිමිවන මුළු සභික ධුර ගණන 57ක්.

එම සභික ධුර 09 අත්හළ විට තවමත් සභික ධුර 60 ක් විපක්ෂයට හිමි වනවා.

කෙසේවෙතත් අද (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ප්‍රකාශ කළේ හෙට (21) රැස්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුවට සහය දීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගන්නා බවයි.

මේ අතර පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ සභිකයින්ගේ නම් ජුනි මස 02 වැනිදාට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා ෴

+++

කොළඹ බලයත් තවම වැට උඩ

(20.05.2025 – hirunews.lk)

ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සදහා තවත් සභිකයින් 09 දෙනෙකුගේ සහය හිමිවුවද බහුතර බලය ලබා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අර්බුදකාරි තත්ත්වයක්.

ආණ්ඩුවට බහුතර බලය අහිමි වූ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැලවත්තේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

කොළඹ මහ නගර සභාවට තරග කර සභික ධුර දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ එක්සත් සාම පක්ෂයේ නියෝජිතයින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 03 ක නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටි අතර, ඔවුන් ජාතික ජන බලවේගයට සහය දීමට එකඟතාව පළ කර තිබුණා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහනගර සභාව සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක් (01) සභික ධුරයක් හිමිව තිබූ අතර, එක්සත් සාම පක්ෂයට හිමි වූ සභික ධුර ගණන 02 ක්.

එමෙන්ම සාකච්ඡාවට එක්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකට එක් (01) සභික ධුරයක්, ස්වාධීන කණ්ඩායම් අංක තුනට සභික ධුර 03 ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක හතරට සභික ධුර 02 ක් හිමිව තිබුණා.

ඒ අනුව සභිකයින් 09 දෙනෙකුගේ සහය ජාතික ජන බලවේගයට හිමිවනවා.

මෙවර කොළඹ මහනගර සභාවේ සංයුතියට අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 48 ක් හිමි වූ අතර, එම සභික ධුර 09 එක්ව ගත්විට ඔවුන්ට හිමිවන මුළු සභික ධුර ගණන 57 ක්.

කෙසේ වෙතත් එම සභික ධුර 09 අත්හළ විට තවමත් සභික ධුර 60 ක් විපක්ෂයට හිමි වනවා.

ඒ අනුව තවමත් බහුතර බලය පවතින්නේ විපක්ෂයටයි.

කෙසේවෙතත්, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයට ද යන්න සම්බන්ධයෙන් හෙට (21) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවටයි ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිලු‍ක්ෂ කුමාර අද (20) පස්වරුවේ කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් 40% කගේ තොරතුරු මේ වන තෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, ජුනි 02 සභා කාලය ආරම්භ වන බැවින් ඊට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් කළ යුතු බවයි.

මේ අතර, වත්මන් ආණ්ඩුව පළාත් පාලන පනත අනුව ක්‍රියා කිරීම අනිවාර්ය බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ‘හිරු සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.

+


බැංකු ගිණුම් විවෘත කරන්නත් TIN අංකය අනිවාර්යයි

(20.05.2025 – 13:12 +0530 – sinhala.adaderana.lk)

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8 ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමට අනුමැතිය හිමිව ඇත.

2025 වසරේ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8 ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත ෴


හිටපු කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට නඩු

(20.05.2025 – 11:50 +0530 – sinhala.adaderana.lk)

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1 ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබේ.

නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද නඩුව සමග ඉදිරිපත් කර ඇත ෴


මගෝඩි වැඩ කළ රජයේ නිළධාරියාට වැඩ වරදී (20.05.2025)

+


අක්කරේපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපය ගැටළුවක් – GMO (20.05.2025)

+


ජනතාවගේ පීඩාව සෞඛ්‍ය ඇමතිගේ පිටින් දමා ‘පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්’ වර්ජනයකට සැරසෙයි (20.05.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *