ජනාධිපතිගේ කතාවෙන් කියන්නේ රණවිරුවන් යුද්ද කිරීමෙන් කලේ වරදක් බවයි.. – උදය ගම්මන්පිල
ජනාධිපතිගේ කතාවෙන් කියන්නේ රණවිරුවන් යුද්ද කිරීමෙන් කලේ වරදක් බවයි.. – උදය ගම්මන්පිල
(20.05.2025 – 16:40 +0530 – lankacnews.com)
‘පිවිතුරු හෙළ උරුමය’ පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක ‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ මෙම අදහස් පල කලේය :
“කොටි බෙදුම්වාදින් තරහ වේවි කියලා බයට රණවිරු සැමරුම මග හැරීමට ජනාධිපතිතුමා උත්සාහ කළත් දේශප්‍රේමි ජනතාවගෙන් එල්ල වුණු පීඩනය නිසා ‘පිස්සු බල්ලෙක් නාවන්න අරගෙන යනවා’ වගේ අන්තිම මොහොතේ ජනාධිපතිතුමා ‘ජාතික රණවිරු දින උත්සවය’ට සහභාගි වුණා. ඒත් ජනාධිපතිතුමා රණවිරු දිනයේ තමන්ගේ කතාවේ දී ‘රණවිරු’ කියන වචනය භාවිතා නොකරන්න ප්‍රවේශම් වුණා. ඒක හරියට මනමාලි නැතිව මගුල් ගෙයක් ගන්නවා වගේ වැඩක්.
ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියට අනුවත් උත්සවයේ නම ‘ජාතික රණවිරු දින උත්සවය’. ඒත් ජනාධිපතිතුමා රණවිරුවන් ඇමතුවේ ‘සොල්දාදුවන්’ කියලා. සෑම රණවිරුවෙකුම සොල්දාදුවෙකු වුණත් සෑම සොල්දාදුවෙකුම රණවිරුවෙකු නොවේ. සොල්දාදුවෙකු රණවිරුවෙකු වෙන්න නම් යුදබිමේ සටන් කරලා තිබෙන්න ඕනේ. අපි වාර්ෂිකව මේ උත්සවය පවත්වන්නේ ම රණවිරුවන්ට උපහාර කරන්න. ඒ අයගේ වීරත්වය සහ කැපවීම අගය කරන්න. ඒ නිසා ජනාධිපතිතුමා රණවිරුවන් සොල්දාදුවන් කියා ඇමතීමෙන් රණවිරුවන්ට අපහාසයක් සිදු කලා.
ජනාධිපතිතුමාගේ කතාව පුරාම තිබුණේ ‘යුද්ධය භයානකයි; යුද්ධය ඛේදවාචකයක්; යුද්ධය යළි ඇති නොවන්න වග බලා ගන්න’ කියන යුද්ධයක් ඇති කිරීමේ ආදිනව ගැනයි. ඒ කතාව අසා ගෙන හිටියාම අපට දැනුනේ ‘රණවිරුවන් යුද්ධයක් ඇති කලා’ කියන මානසිකත්වයෙන් ජනාධිපතිතුමා කතා කලා කියලා.
අතිගරු ජනාධිපතිතුමනි, යුද්ධය ඇති කලේ කොටි ත්‍රස්තවාදින්. යුද්ධය නැති කරලා සාමය ඇති කලේ රණවිරුවන්. ඒ නිසා යුද්ධයේ කුරිරු බව සාමයේ වටිනාකම වගේ දේවල් ගැන රණවිරුවන්ට දේශනා කරලා වැඩක් නෑ. ඒ අය ඒක දන්න නිසා තමයි ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා යුද්ධය නිම කරලා සාමය උදා කලේ.
යුද්ධයේ කුරිරු බව සාමයේ වටිනාකම දන්නේ නැත්තේ ‘බෙදුම්වාදින්’. ඒ නිසා තමයි ඒ අය යුද්ධයක් ඇති කලේ. ඒ නිසා තමයි ඒ අය යුද්ධයේ මුල් බීජය වන ‘වෛරය’ දෙමළ තරුණයින්ගේ සිත් තුල වපුරමින් ඉන්නේ. ඒ නිසා ඔබතුමා රණවිරුවන්ට කළ දේශනය අදටත් ජාතිවාදය, බෙදුම්වාදය, වෛරය වපුරන ‘කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ’ සහ ‘ටැමිල් ග්ලෝබල් ෆෝරම්හි’ ඔබේ මිතුරන්ට කියන්න කියා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”
+++
+
කැතැයි, ආවට වඩා හොදයි නෑවිත් හිටියනම් | රණවිරු සැමරුමේ කළ කතාවට විමල් ජනපතිට සැරටම අමතයි (20.05.2025)
+
විරු සැමරුම් අතරේ බරපතළ හෙළිදරව්වක් – ඥානසාර හිමිව ගල් ගසා මරන්න හදයි (20.05.2025)
+
+
අධිකරණයට අපහාස කිරීමක් ගැන කරුණු කියන්න RDA අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි
(20.05.2025 – hirunews.lk)
මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කේ.ඩබ්ලිව්. කන්ඩම්බි පත්කරන ලෙස අභියාචනාධීකරණය විසින් ඉකුත්දා දුන් නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජූනි මස 02 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
එම ආයතනයේ සේවය කළ සිවිල් ඉංජිනේරුවකු වන කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලඅද (20) මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා පත් කරන ලෙස ඉකුත් 08 වනදා අභියාචනාදියකරණය විසින් නියෝගයක් නිකුත් කළ බව සඳහන් කළා.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා , විෂය භාර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් පැවසුවා.
මේ තුළින් වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා ෴
රුපියල් ලක්ෂ 20 ක බැංකු ණය කොල්ලකෑ බවට බොරු පැමිණිල්ලක් කළ කත අත්අඩංගුවට
(20.05.2025 – hirunews.lk)
රුපියල් ලක්ෂ 20 ක මුදලක් කොල්ල කෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළ දේවාලයක් පවත්වාගෙන ගිය කාන්තාවක් නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල කාන්තාව පසුගිය (19) දා නාඋල රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 20 ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.
එය රැගෙන ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් විසින් සිය මුදල් කොල්ල කෑ බවයි ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
අනතුරුව පොලිසිය නාඋල නගරයේ CCTV දර්ශන පරික්ෂා කරමින් හා පැති කිහිපයක් ඔස්සේ සිදුකළ මුලික පරික්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ අදාල කාන්තාව බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
පොලිසිය පවසන ආකාරයට අදාල කාන්තාව රාජ්‍ය බැකුවෙන් මුදල් රැගෙන කලින් කතිකා කර ගත් පරිදි රන් බුදු පිළිමයක් වෙනුවෙන් අදාල මුදල කිසියම් පාර්ශවයකට ලබා දී තිබෙනවා.
එහිදී රන් පිළිමය වෙනුවට මැටියෙන් නිමකළ පිළිමයක් පැමිණිලිකාර කාන්තාවට ලබාදී ආදාල පිරිස පාලාගොස් ඇති බවත් හෙළිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාව ගමන් ගත් ත්‍රීවිල් රථයේ රියදුරාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාඋල පොලිසිය සිදුකළ මුලික විමර්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පැමිණිලි කාර කාන්තාව කලක් තිස්සේ නාඋල, අඹන, උඩවෙල ප්‍රදේශයේ සාස්තර කියමින් හා ඒ ආශ්‍රිත කටයුතුවල නිරත කාන්තාවක් බවයි.
මෙම කාන්තාව නාඋල නගරයේ දී අදාල මුදල රන් බුදු පිළිමය වෙනුවෙන් ලබාදි ඇති බව අනාවරණය වී තිබෙනවා.
මුදල් ලබාගත් පාර්ශවය රන් බුදු පිළිමය වෙනුවට මැටියෙන් නිමකරන ලද පිළිමයක් ලබාදී පලාගොස් ඇති බවද හෙළිව තිබෙනවා.
අත්අඩංගුවට ගත් පැමිණිලිකාර කාන්තාව සහ සෙසු සැකකරු නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. නාඋල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වනවා ෴
අතුරුදන්ව ඇති කාන්තාවක් සෙවීමට මහජන සහාය පතයි
(20.05.2025 – hirunews.lk)
තම බිරිඳ අතුරුදන් වී ඇති බවට ඇයගේ ස්වාමියා විසින් පසුගිය අප්‍රියෙල් 23 වන දින මීගමුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත මීගමුව පොලිස් ස්ථානය මඟින් පහත සඳහන් කාන්තාව සොයාගැනීම සඳහා මහජන සහාය පතනවා.
ඒ අනුව අතුරුදන් කාන්තාව 49 හැවිරිදි ‘කොට්ටමල් බද්දේ විදානලාගේ නිල්මිණී තිලකා කුමාරි’ නමැති අයෙකි.
ඇය ‘අංක T/32, තලාදුව, කඩොල්කැලේ, මීගමුව’ යන ලිපිනයේ පදිංචිව සිට ඇති බවත්, ඇයගේ ජා. හැඳුනුම්පත් අංකය 767421214v වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අතුරුදන් වූ කාන්තාවගේ ඡායාරූපයක් පහතින් දැක්වෙන අතර, ඇය සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක අමතා දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

- මුලස්ථාන පොලිස් පරීක්ෂක (මීගමුව) – 071 859 1630
- පොලිස් ස්ථානය මීගමුව – 031 222 2222
විහාරස්ථානයකින් අටපිරිකර සොරාගත් හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට
(20.05.2025 – hirunews.lk)
ගල්නෑව, තොරණේගම ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් 2,500 ක වටිනාකමකින් යුත් අටපිරිකර 06 ක් සොරා ගන්නා ලද පුද්ගලයෙකු ගල්නෑව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ සොරකම සම්බන්ධයෙන් එම විහාරස්ථ දායක සභාවේ නිලධාරීන් විසින් ගල්නෑව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබූ පැමිණීල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, සොරකම් කරන ලද අටපිරිකර සහිත විශාල බෑගයක්ද අතැතිව කුරුණාගල ප්‍රදේශයට පලායාම සඳහා ලෝලුගස්වැව බස් නැවතුම්පලක රැදී සිටියදීයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරු කුරුණෑගල, මහකෙලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙක් බවත්, ඔහු කලක් යුධ හමුදාවේ සේවය කර නිත්‍යාණුකූලව ඉන් ඉවත් වී ඇති අයෙකු බවට ද පොලිසිය සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය කරගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශණ සිදුකරන අතර, අත්අඩංගුවට පත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+
පාතාල කල්ලි එක්ක ඉන්න දේශපාලන කණ්ඩායම් ගැන අනාවරණයක්
(20.05.2025 – hirunews.lk)
ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සමග ඇතැම් දේශපාලන කණ්ඩායම් සෘජු සබඳතා පවත්වන බවට බුද්ධි අංශ තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
පොලිස් විමර්ෂණයකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බවයි අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
මේ සමගාමීව ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 3,000 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇතැම් යුද හමුදා කඳවුරුවලින් පාතාලයට ගිනි අවි ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.
මේ ආකාරයට සමාජයේ තිබූ විවිධ ගිනි අවි 1,278 ක් නව ආණ්ඩුව යටතේ අත්අඩංගුවට ගත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම පාතාල අපරාධ සිදුවන පොලිස් බලප්‍රදේශ 52 ක් හඳුනාගෙන තිබෙන බවත් විශේෂ කාර්ය බළකා ඛණ්ඩායම් 15 ක් එම ප්‍රදේශවල මෙහෙයුමේ නිරතව සිටින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
රටේ ක්‍රියාත්මක අපරාධ වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමසදාස අද (20) පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
+++
+
කටුනායක ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දමයි
(20.05.2025 – 22:08 +0530 – sinhala.adaderana.lk)
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.
පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින බව පැවසෙයි.
මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.
+++
+
රිජ්වේ රෝහලේ පිහි ප්‍රහාරයේ සුලමුල හෙළිවෙයි
(20.05.2025 – 20:01 +0530 – sinhala.adaderana.lk)
අද (20) පෙරවරු 11 ත් 12 ත් අතර කාලයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන්වැනි (3) මහලේ පිහිටි හත්වැනි (7) වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරය වෙත පැමිණි පුද්ගලයෙකු සේවිකාවන්ගේ මුදල් පසුම්බි සොරාගෙන තිබේ.
අනතුරුව අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලායෑමේදී සුළු සේවකයෙකු ඔහුව අල්ලාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිය බෑගයේ තිබූ පිහියකින් සුළු සේවකයාගේ හිසට පහරදී රෝහලේ පිටුපස තාප්පයෙන් පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
තුවාල ලැබූ රෝහල් සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
බොරැල්ල පොලීසිය පැවසුවේ, සැකකාර පුද්ගලයා රෝගීන් බලන මුවාවෙන් රෝහලට ඇතුළු වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවය.
සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වේ.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴