වේසිපුත්‍ර චාලි තෝමස්සාගේ මුදලට විකිණුනු විහාරාධිපති ශ්‍රමණවේශධාරියාගේ ‘ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය’ අත්හිටුවයි
(20.05.2025 – hirunews.lk)
= පන්සලේ ‘සිහිනය’ පෙන්වූවාට විහාරාධිපති හිමිගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවයි =
පාදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන් විසින් දරන ලද දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබෙනවා.
ඒ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් විසින්.
මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභාවේ නියමයන්ද උල්ලංඝනය කරමින් පසුගිය මැයි 17 වනදා ‘සිහිනය’ වැඩසටහන පාදෙණිය රජමහා විහාරය භූමියේ පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් මේ පිළිබඳව සඳහන්කර සිටියා.
එම නිවේදනයේ දැක්වුණේ මැයි 16 වන දින බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමන් විසින්ද මෙම වැඩ සටහන ගැන අවසන් තීරණයක් ගන්නා තෙක් එය කල් දමන්නැයි කළ ඉල්ලීම ද නොසලකා, තම කාරක සංඝ සභාව විසින් කළ නියමයන්ද උල්ලංඝනය කරමින් මෙම වැඩසටහන පැවැත්වීම ගැන සමස්ත මල්වතු පාර්ශවයේ අප්‍රසාදය පළ කරන බවයි.
මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් නිකුත් කළ නිවේදනය පහතින් :

වනඅලියෙකු ගැටීමෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
(20.05.2025 – hirunews.lk)
හබරණ දුම්රිය ස්ථානය ආසන්නයේ දී වනඅලියෙකු ගැටීමෙන් කොළඹ – මඩකළපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
වනඅලියා ගැටීමත් සමග දුම්රිය ද පීලිපැනීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස පීලිපැනිමට ලක්ව ඇත්තේ, අද (20) අලුයම මඩකළපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේයි.
දුම්රියේ ගැටුණු වන අලියා ද එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා ෴
රුපියල් මිලියන 1.2 ක් පමණ වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙක් (3) අත්අඩංගුවට
(20.05.2025 – hirunews.lk)
‘කුෂ්’ කිලෝග්‍රෑම් 12 ක් සමග කාන්තාවන් තිදෙනෙක් (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි.
මොවුන් තිදෙනා (3) ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය තම සන්තකයේ තබාගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1.2 ක් පමණ වෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
පොලිස් අත්අඩංගුවේ දී සහ ගැටුම්වලදී 79 දෙනෙකු මරුට
(20.05.2025 – hirunews.lk)
2020 වසරේ සිට පසුගිය මස 01 වනදා දක්වා පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගල මරණ 49 ක් වාර්තාවී ඇති බව ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ පවසනවා.
එවැනි මරණ වලක්වා ගැනීම සදහා එම කොමිසම විසින් පොලිසියට ඉදිරිපත් කර ඇති මාර්ග උපදේශන සහ නිර්දේශයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ එම කොමිසමේ සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය කියා සිටියේ අදාළ කාල සීමාවේදී පොලිසිය සමග සිදුවූ ගැටුම්වලදී මරණ 30 ක් ද සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.
අත්අඩංගුවේ සිටියදී මියයෑම් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ පිහිටි පොලිස් ස්ථාන හෝ කොට්ඨාස ආශ්‍රිතව සිදුව ඇති බවද ඔහු සදහන් කළා. ඒ අනුව, මෙවැනි මරණ අවම කිරීම සදහා නිර්දේශ රැසක් මානව හිමිකම් කොමිසම පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස් ස්ථානයේ පිළිගැනීමේ ප්‍රදේශය, සිර මැදිරි, ආලින්ද, වෙනත් ස්ථානවල සහ වෙනත් බලයලත් රැදවුම් ස්ථාන වල ක්‍රියාකාරකම් පටිගත කිරීම සදහා සී.සී.ටී.වී. කැමරා පද්ධති ස්ථාපිත කළ යුතු බවටද එමගින් නිර්දේශ කෙරුණා.
එමෙන්ම රදවා සිටින පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමේ අවදානමක් නිරීක්ෂණය වුවහොත් එම රැදවියා භාරව සිටින පොලිස් නිලධාරියා විසින් ඔහුගේ පවුලේ සාමාජිකයින් හා සුදුසු වෛද්‍ය වෘත්තිකයෙකු සම්බන්ධ කළ යුතු බවද අදාළ නිර්දේශ වල දක්වා තිබෙනවා.
එසේම, විමර්ශන කාර්යයන් සදහා රැදවියෙකු පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන ගියහොත් ඒ සඳහා බලය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා රැදවියාගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් පූර්ණ වගකීම භාරගත යුතු බවද එහි සඳහන් ෴
බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙකු අත්අඩංගුවට
(20.05.2025 – hirunews.lk)
පාසල් සිසුන් ප්‍රවාහනය කළ සිසුසැරිය බස් රථයක රියැදුරෙක් බීමත්ව සිටිබව අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින්.
ඊයේ (19) දහවල් කාලයේ කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ දී පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය බස් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම රියදුරු බීමත්ව සිටින බවට අනාවරණය වී තිබෙනවා.
එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 52 ක් වන රදලියගොඩ, කටුපොතප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම අවස්ථවේ බස් රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු හා මව්වරුන් දෙදෙනෙකු (2) ගමන් කරමින් සිට ඇති අතර අදාල බස් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු අද (20) දින නාරම්මල ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
තලංගම තෙත්බිම මතින් අධිවේගී ගමන නවතියි
(20.05.2025 – hirunews.lk)
කුළුණු මතින් ඉදිවන මංතීරු 04 ක අධිවේගී මාර්ගය, තලංගම පාරිසරික ආරක්ෂක කලාපය හරහා ඉදි නොකරන බවට ‘මාර්ග සංවර්ධන අධිකාරිය’ අභියාචනාධිකරණය හමුවේ සහතික වී තිබෙනවා.
ඒ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ඇතුලු එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන පදිංචිකරුවන් කිහිපදෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් ඊයේ (19) කැදවූ අවස්ථාවේදීයි.
ඒ අනුව, ඊට අදාළ නඩුව අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟතාවය පළ කර තිබෙනවා. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා යෝජිත අධිවේගී මාර්ගයේ කොටසක් මෙම තලංගම තෙත් බිම හරහා ඉදිකිරීමට සැලසුම්කර තිබුණා.
ඊට එරෙහිව මෙම පෙත්සම් ගොනු කරනු ලැබුවේ 2021 වසරේදීයි.
කෙසේ වෙතත්, ‘මාර්ග සංවර්ධන අධිකාරිය’ ඊයේ (19) අධිකරණයට දැනුම් දුන්නේ, තලංගම තෙත් බිම හරහා මෙම ඉදිකිරීම් සිදුනොකර විකල්ප මාර්ගයක් සම්බන්ධයෙන් මේ වන විට අවදානය යොමු කර ඇති බවයි ෴
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
(20.05.2025 – hirunews.lk)
නියමිත උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් අද (20) සහ හෙට (21) සිදු කෙරෙන සාකච්ඡාවලින් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව ‘දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය’ පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සදහන් කළේ, ඊයේ (19) දිනයේ දී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග කළ සාකච්ඡාව ද අසාර්ථක වූ බවයි ෴
ත්‍රීරෝද රථ සොරකමට අවශ්‍යව සිටි සැකකරුවෙකු කොටුවෙයි
(20.05.2025 – 08:20 +0530 – sinhala.adaderana.lk)
ත්‍රීරෝද රථ සොරකම්වලට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිව සංහිඳ සෙවණ මහල් නිවාස සංකීරණය අසලදී සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ සැකකරු වයස අවුරුදු 25 ක් වූ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මොහු විසින් වැල්ලම්පිටිය සහ කැලණිය පොලිස් වසම්වලදී සොරාගන්නා ලද ත්‍රීරෝද රථ දෙකක් (2) ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව ‘බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය’ වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
රටක ජනපතිවරයෙකුගේ සිතක්, මෙච්චර කැත වුනේ කොහොමද? අපට කොතැන හෝ වැරදුනා (20.05.2025)
+++
“රණවිරු සමරුවට ජනපති එන්නමයි හිටියේ.. කොහොනට වැරදුනා..” – අතිගරු විජිත හේරත් උතුමාණෝ
(20.05.2025 – 10:00 +0530 – lankacnews.com)
ජාතික රණවිරු සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වීමට මුල සිටම සැලසුම් කර තිබූ බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් සඳහන් කරයි.
නමුත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොනට වැරදිමක් සිදු වූ බවත් ඒ නිසා සන්නිවේදන ගැටලුවක් මතු බවත් ඇමති විජිත හේරත් පැවසුවේය.
කෙසේ වෙතත් දිනක් පසුවී හෝ එම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවද ඔහු පැවසීය.
ඒ මොහොතේ එය නිවැරදි කිරීමට නොහැකි වූයේ වෙනත් විවිධ කාර්යවල සිටීමට සිදුවීම නිසා බවත් නමුත් පසුව එය නිවැරදි කරන ලද බවත් ඇමති විජිත හේරත් තවදුරටත් පැවසුවේය.
‘දෙරණ නාලිකාවේ’ පැවති ‘360’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
කෙසේ වෙතත් මෙම උත්සවයට සහභාගී වන ලෙස යොමු කරන ලද බව කියන ආරාධනා පත‍්‍රයක්ද සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

චීන පොහොර නැවේ දූෂිත ගනුදෙනුව – අලි සබ්‍රි අත්අඩංගුවට ? (20.05.2025)
+
මාලිමාව දිනන එකම පළාත් සභාව මෙන්න (19.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴