ජනාධිපති සම්බන්ධයෙන් මෑතකදී මතභේදාත්මක ප්‍රකාශයක් කළ තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජනාධිපති සම්බන්ධයෙන් මෑතකදී මතභේදාත්මක ප්‍රකාශයක් කළ තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
(17.05.2025 – 21:49 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති සම්බන්ධයෙන් මෑතකදී මතභේදාත්මක ප්‍රකාශයක් කළ සහ ‘ජාතික ලොතරැයි මණ්ඩලයේ’ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ‘තුසිත හල්ලොලුව’ ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සහ පහරදීමක් සිදුව තිබෙනවා.
ඒ නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේදීයි.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සහ පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම වෙඩි තැබීමෙන් ඔහුගේ මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුව ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි නීතිඥවරයෙකු ද තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරුව, වෙඩික්කරුවන් ‘තුසිත හල්ලොලුව’ට අයත් වාහනයේ තිබූ ලේඛන අඩංගු ලිපිගොනුවක් ද රැගෙන පලාගොස් තිබෙනවා.
+++
+++

+++
‘තුසිත හල්ලොලුව’ ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක්
(17.05.2025 – 21:43 +0530 – theleader.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට මීට ස්වල්ප වෙලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ‘ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න’ගේ නිවසේ සිට නැවත එමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) අදාළ වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, එහිදී පිස්තොල් වර්ගයේ ගිනි අවියකින් අහසට සහ වාහනයට වෙඩි තබා ඇති නාදුනන පුද්ගලයින් දෙදෙනා (2) ‘තුසිත හල්ලොලුව’ට දරුණු ලෙස පහර දී ඔහු සතුව තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන ගොස් ඇති බවය.
එම අවස්ථාවේ ‘හල්ලොලුව’ ගමන්ගත් වාහනය තුල ‘නීතිඥ දිනේෂ් දොඩංගොඩ’ ද සිට ඇති අතර ඔහුට ද තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.
අදාළ වෙඩිතැබීම හා පහරදීම් සිදු වී සුලු මොහොතකින් එම ස්ථානයට නාරාහේම්පිට පොලිසියේ නිලධාරීන් පැමිණ ඇති අතර ඔවුන් විසින් පහරකෑමට ලක්ව සිටි ‘තුසිත හල්ලොලුව’ට රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.
ජනාධිපති අනුර දිසානායකට අපහාසාතාත්මක ප්‍රකාශයක් සිදුකළා යැයි කියන ‘තුසිත හල්ලොලුව’ට විරුද්ධව මේවන විට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ’ විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙමින් තිබේ ෴
+++
‘තුසිත හල්ලොලුව’ට සහ ඔහුගේ නීතීඥවරයාට වෙඩි !
(17.05.2025 – sinhala.lankanewsweb.net)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ ‘තුසිත හල්ලොලුව’ මහතාට සහ ඔහුගේ නීතීඥවරයා වන ‘දිනේෂ් දොඩංගොඩ’ මහතාට මීට මඳ වේලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා (2) ‘ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න’ මහතාගේ නිල මැදිරියේ සිට ආපසු එමින් සිටියදී නාරාහේන්පිට දාබරේ මාවතේදී ඔවුන්ගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන්. කෙසේවෙතත් ඔවුන්ට වෙඩිතැබූ ගිනිඅවිය හිරවී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා (2) වාහනයේ දොරවල් ඇරගෙන පිටතට පැන දිවගොස් ඇති බවත් වෙඩික්කරුවන් එම වාහනයේ තිබුණු ලිපිගොනු වගයක් පැහැරගෙන පළාගොස් ඇති බවත් සඳහන්.
‘තුසිත හල්ලොලුව’ සහ ‘දිනේෂ් දොඩංගොඩ’ යන දෙදෙනාම (2) ‘ලංකා නිව්ස් වෙබ්’ සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔවුන් දෙදෙනාම (2) මේ වනවිට නිරුපද්‍රිතව සිටිති.
‘තුසිත හල්ලොලුව’ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.
ඔහු මෑතකදී මාධ්‍ය තුළ අවධානයට ලක්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආයෝජනයක් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි ෴
+++
+++
තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩිතැබීමේ විමර්ශන CCDයට
(18.05.2025 – 07:26 +0530 – hirunews.lk/sinhala)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ වෙත භාර දී තිබෙනවා.
ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මතයි.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක චෝදනාවක් සිදුකළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ලොලුව ඉලක්ක කර නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුනේ ඊයේ (18) රාත්‍රියේදීයි.
ඒ ඔහු සිය නීතිඥවරයා මුණගැසී ඔහු සමඟම මෝටර් රථයෙන් යළි ගමන් කරමින් සිටින අතරතුරයි.
එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෝටර් රථය හරස් කර නවත්වා තිබුණා.
එම අවස්ථාවේදී එක් (1) අයෙකු මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, අනතුරුව හල්ලොලුව සන්තකයේ තිබූ ලිපි ගොනුවක් ද පැහැරගෙන පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියේ පැමිණි එක් (1) පුද්ගලයෙකු විසින් තුසිත හල්ලොලුවට පහරදීමක් ද සිදුකර ඇති බවයි.
කෙසේවෙතත් ඉන් ඔහුට බරපතල තුවාල සිදුව නොමැති අතර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමයේ පරිගණකයක් සහ ජංගම දුරකථකයක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තුසිත හල්ලොලුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා ඇප මත මුදාහැරුණා.
ඉන් අනතුරුව ඔහු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට අදාළව කෙරෙන විමර්ශනයක් සඳහා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ද පෙනී සිටි අතර එහිදී ඔහුගෙන් පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා ෴
වෙඩි ප්‍රහාරය පිටුපස සැඟවුණු සත්‍යය : තුසිත හල්ලොලුවට ඇත්තටම සිදුවුණේ මොකද්ද? (18.05.2025)
+
ළග දීම සහල් හිඟයක් | කැනඩා කොටි ස්මාරකය පිටුපස මාලිමා හිතවතුන් (17.05.2025)
+
පුලුවන්නම් නවත්තපන් අපි වැඩසටහන කරනවා – චාල්ස් තෝමස් ගැන සිදුකල වීඩියෝවට තර්ජන (17.05.2025)
+
කොටහේනේ යුවලකට වෙඩිතැබීමට අදාල සැකකරුවන් පොලිසියට භාර වෙයි
(18.05.2025 – 08:34 +0530 – hirunews.lk/sinhala)
කොටහේන පොලිස් වසමේ සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා රාත්‍රියේ පිස්තෝල අවියකින් වෙඩි තබා පිරිමියෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම අපරාධයෙන් අනතුරුව පලාගිය සැකකරුවෙකු (1) හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු (1) නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) දින කොටහේන පොලිස් ස්ථානයට හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයට වෙත භාර වීමෙන් අනතුරුවයි.
මෙම සැකකරුවන් අවුරුදු 17 හා 18 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
ගෙදරක නාන කාමරයේ නීතිවිරෝධී ස්කාගාරයක් වටලයි
(18.05.2025 – 10:43 +0530 – hirunews.lk/sinhala)
නිවසක නාන කාමරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා.
එහිදී සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඇය සමග රුපියල් 200,000 කට ආසන්න ගෝඩා, කසිප්පු සහ වෙනත් භාණ්ඩ රැසක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමට ගිය මොහොතේ සැකකාර කාන්තාව පොලිසියේ රාජකාරිවලට බාධා සිදුකරමින් කලහාකාරී ලෙස හැසිරුණු බවයි පොලිසිය පැවසුවේ.
මැදවච්චිය, ‘ඇටවීරගොල්ලෑව පොලිසිය’ට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ ෴
2025 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,588 ක්
(18.05.2025 – 11:26 +0530 – hirunews.lk/sinhala)
2025 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,588 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
‘ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ’ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ, මේ මැයි මාසයේදී පමණක් රෝගීන් 3000 කට පමණ අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි ෴
රුපියල් මිලියන 41 කට අධික ‘කුෂ් මත්ද්‍රව්‍ය’ සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
(18.05.2025 – 11:32 +0530 – hirunews.lk/sinhala)
ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු විසින් රැගෙන ආ ‘කුෂ් නැමැති මත්ද්‍රව්‍ය’ තොගයක් කන්කසන්තුරය වරායේ සේවයේ නියුතු ‘රේගු නිලධාරීන්’ පිරිසක් විසින් සොයාගෙන තිබේ.
අවුරුදු 33 ක් වූ මෙම ඉන්දියානු ජාතිකයා විසින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 12ක බරකින් යුත් ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් මෙරටට රැගෙන විත් ඇති අතර සැකකරු විසින් එම මත්ද්‍රව්‍ය සිය ගමන්මළු තුළ සූක්ෂමව අසුරා රැගෙන විත් තිබුණි.
මගියා රැගෙන ආ ගමන් මළු සම්බන්ධව සැක සිතූ නිලධාරීන් විසින් එම ගමන් මළු පරීක්ෂා කිරීමේදි ගමන් මළු තුල සකස් කරන ලද ව්‍යාජ ස්ථර තුළ සඟවා සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
රේගු නිලධාරීන් පැවසුවේ සිය නිලධාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 41.2 ක් පමණ වන බවය.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු ‘මත්ද්‍රව්‍ය කාර්යංශය’ වෙත භාර දීමටද පියවර ගෙන තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴