16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක්
(16.05.2025 – aruna.lk)
’16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය’ට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ‘ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය’ අසලදී සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.
එම සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (16) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණි.
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලදී.
ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මෙම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.
එළඹෙන මැයි 19 වන දින පස්වරු 04:00 සිට 06:00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලබයි.
එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි ෴
+++
විජයග්‍රහණයේ සැමරුම වෙනුවෙන් එදා රණ බීමේ සිටි විරුවන් ජනපතිගෙන් හදිසි ඉල්ලීමක් කරයි (17.05.2025)
+
සිරිපුර මහා පරිමාණ පොහොර ජාවාරම්කරුගේ තවත් ලොරියක් වටලයි
(17.05.2025 – ada.lk)
තත්ත්වයෙන් බාල කරන ලද පොහොර තොගයක් සමග ලේලන්ඩ් වර්ගයේ විශාල ලොරි රථයක් ‘පොළොන්නරුව පාරිභෝගික අධිකාරියේ’ නිලධාරීන්ගේ තොරතුරකට අනුව ‘පොළොන්නරුව පොලිසිය’ මගින් අත්අඩංගුවට ගෙන ඇත.
‘පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ’ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර පොළොන්නරුව ගල් ලෑල්ල ප්‍රදේශයේ ගරාජයක් තුළ සඟවා තිබූ මෙම ලොරි රථය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය ප්‍රකාශකයකු පැවසිය.
මෙම ලොරිය තුළ සඟවා තිබූ කිලෝ 25 යේ පොහොර මිටි එකසිය හතරක් (104) සහ කිලෝ පනහේ (50) පොහොරමිටි එකසිය හැත්ත පහක් (175) සොයා ගත් බව පොළොන්නරුව පොලිසියේ එම නිලධාරියා සඳහන් කළේය.
මෙම ජාවාරම්කරු මේ වන විට පලා ගොස් ඇති අතර ඔහු සොයා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ උපදෙස් මත ‘පොළොන්නරුව කොට්ටාශ අපරාද විමර්ශන අංශය’ මගින්මෙහෙයුමක් ආරම්භ කර තිබේ. වැඩිදුර විමර්ශන ‘පොළොන්නරුව පොලිසිය’ මගින් සිදු කරයි ෴
+++
+
වෘෂණ කෝෂය තැලූ, ‘ටීචර් අම්මා’ සම්බන්ධ සිද්ධිය සන්වේදී අතකට පෙරළෙයි – මව හඬා වැටෙමින් සියල්ල හෙළිකරයි (17.05.2025)
+
කොටහේන දැරියගේ අපයෝජනයේ හවුල්කරුවන් සිය ගණනක් ගැන ප්‍රශ්න කරමින් තුෂ්ට ලැබුණු නරක ආරංචිය කියයි. සාක්ෂි සීසීකඩ? (17.05.2025)
+
මහ රෑ අනපේක්ෂිත පෙරලියක් – මීඩියා ෂෝ නෑ (17.05.2025)
+
නවකවදය දුන් සිසුන් වැඳ සමාව ගනී
(17.05.2025 – 17:57 +0530 – hirunews.lk/sinhala)
නවකවදය සරසවි සිසුන්ට ජීවිත අහිමි කළ අවස්ථා අසන්නට දකින්නට ලැබුණේ වරක් දෙවරක් නොවේ.
දහසක් බලාපොරොත්තු සහිතව උසස් අධ්‍යාපනය වෙනුවෙන් සරසවි වරම් ලබන බොහෝ දෙනෙකුට සිත් පිත් නැති ඇතැම් සහෝදර සිසුන්ගේ එම පීඩාවන් අධ්‍යාපනය පමණක් නොව ජීවන ගමනද එපා කර තිබුණා.
ඔබලා දෙමව්පියන් බවට පත්වූ කාලයක ඔබේ දරුවන්ට මෙවැනි අමානුෂික වද දුන්නොත්, කොහොම දැනෙයි ද? යනුවෙන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එලෙස ප්‍රශ්ණ කර තිබුණේ නවකවද සිද්ධියකට අදාළව චෝදනා එල්ල වූ රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන් 05 දෙනෙකුගෙන්.
පීඨයේ විනයභාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරීම ඇතුලු චෝදනා කිහිපයක් ද ඔවුන්ට එල්ල වී තිබුණා.
ඉංජිනේරු පීඨයේ නවක සිසුන් පිරිසකට නවකවදය ලබාදෙන බවට ලද තොරතුරක් මත අදාළ විනයභාර කථිකාචාර්යවරයා පසුගිය 13 වනදා එම පීඨයට ගොස් තිබූ අතර, සැකකාර සිසුන් එහිදී එම ස්ථානයට නොපැමිණෙන ලෙස ඔහුට තර්ජනය කර තිබුණේ, අදාළ ස්ථානයේ විදුලි පහන්ද නිවා දමමින්.
මේ පිළිබද පොලිසියට දැනුම් දුන් පසු පොලිසිය පැමිණ සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව, පෝද්දල පොලිසිය අදාළ පැමිණිල්ල මෙහෙයවූ අතර, සීමාව ඉක්මවා නවකවදය දීමේ තත්ත්වයන් බරපතල වරදක් බවයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ.
මින් ඉදිරියට ඔවුන් මෙවැනි වැරදි නොකරන්නේ නම් සමාව ලබා දී සිද්ධියට සමථයකට පත්කර ගැනීමට සූදානම් බව අදාළ විනයභාර කථිකාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ දරුවන් කොපමණ වැරදි කළත්, ගුරුවරුන් ඔවුන් යහමගට ගැනීමට කරන කැපවීමේ ආදර්ශය යළි යළිත් තහවුරු කරමින්.
ඒ අනුව, සැකකාර සිසුන් විවෘත අධිකරණයේදී කථිකාචාර්යවරයාට වැඳ සමාව ලබාගෙන නඩුව සමථයකට පත්කරගෙන තිබුණා ෴
දුම්රිය හෙට (18) සිට දුවයි
(17.05.2025 – 19:56 +0530 – hirunews.lk/sinhala)
දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.
කෙසේ වෙතත්, ගැටලුවලට බලධාරීන්ගෙන් තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් ලබන සතියේ යළි රැස්වී අඛණ්ඩ වර්ජනයකට එලඹීම පිළිබඳ තීරණයකට පැමිණෙන බවයි ඔහු කියා සිටියේ.
මෙම වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 250 ත් 270 ත් අතර ප්‍රමාණයක් අද (17) දිනයේදී අවලංගු වී ඇති අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 03 කට ආසන්න බව ද දුම්රිය ස්ථානාධිපති සංගමය කියා සිටියා.
බඳවා ගැනීම් හා උසස් වීම් සම්බන්ධ ගැටලු රැසකට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම එක්දින වර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කිරීමත් සමග ඊයේ (16) දිනයේ මෙන්ම අද (17) දිනයේත් සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවලට පැමිණි මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියා.
කෙසේ වෙතත්, අද (17) දිනයේ දුම්රිය ගමන්වාර 80-100 ත් අතර ප්‍රමාණයක් ධාවනය කරවීමට කටයුතු කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර පුරප්පාඩු 909 ක් සඳහා මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවයි.
ඊට දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ද ඇතුළත් බව ද එම නිවේදනයේ සඳහන්.
මේ අතර, උසස්වීම් හා වැටුප්, දීමනා විෂමතාවයන්ට අදාල එකඟතා නොසලකා හැරීම ඇතුලු ගැටළු කිහිපයකට කඩිනම් මැදිහත්වීම නොලැබෙන්නේ නම් ලබන 22 වනදා පෙරවරු 8 සිට සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද (17) නිවේදනය කළා ෴
වැලිකන්ද වලව්වේ රූමතිය මරා දැමූ ගම්පොළ දොස්තරලා (15.05.2025)
+
වැස්සට නාවලපිටිය ජලයෙන් යටවෙයි
(17.05.2025 – 16:30 +0530 – hirunews.lk/sinhala)
අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුමිපොලේ සිට නාවලපිටිය ශ්‍රී පාද පිරිවෙන දක්වා පුධාන මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා.
නාවලපිටිය පුදේශයට අද (17) පස්වරුවෙි අද හැලුනු අධික වර්ෂාවත් සමග මෙසේ මාර්ගය ජලයෙන් යටවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.
මේ හේතුවෙන් නගරයේ රථ වාහන ගමනාගමනය ට බාධා ඇතිවූ බවයි පොලිසිය පවසන්නේ ෴
+++
+
පරිපූරක වෘත්තිකයන්ගෙන් යළි රතු එළියක්
(17.05.2025 – 16:53 +0530 – hirunews.lk/sinhala)
උසස්වීම් හා වැටුප්, දීමනා විෂමතාවයන්ට අදාල එකඟතා නොසලකා හැරීම ඇතුලු ගැටළු කිහිපයකට කඩිනම් මැදිහත්වීම නොලැබෙන්නේ නම් ලබන 22 වනදා පෙරවරු 8 සිට ‘සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට’ අවතීර්ණ වන බව ‘පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය’ පවසනවා.
කෙසේ වෙතත්, අදාළ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම සඳහා තවදුරටත් සූදානම් බවයි ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු බලධාරීන්ට ලිඛිතව දැනුම්දී ඇත්තේ.
එම ගැටලු විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීමට මෙතෙක් දැරූ සියළු උත්සහයන් ව්‍යර්ත වී ඇතැයිද ‘පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය’ පෙන්වා දී තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴