විමල් වීරවංශ ගෙන් ජවිපෙට අලුත් නිර්වචනයක්
(15.05.2025 – 19:40 +0530 – hirunews.lk/sinhala)
රෝහණ විජේවීර නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ, 60 වසරක් සපිරෙන මොහොතේදී ‘දේශපාලන ගුබ්බෑයමක්’ බවට පත්වී ඇති බව ‘ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ’ පවසනවා.
කොළඹ අද (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පළාත් පාලන ආයතවල බලය පිහිටුවීම සදහා ‘ජාතික නිදහස් පෙරමුණ’ විපක්ෂයේ පක්ෂවලට කොන්දේසි සහිතව සහය ලබා දෙන බවයි ෴
+
+
Rathu Ira | Wimal Weerawansa | 15th May 2025 | Swarnavahini
+
පිල්ලයාන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරයි
(15.05.2025 – 19:57 +0530 – hirunews.lk/sinhala)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා රඳවා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වන බවටත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ලා ‘හිටපු රාජ්‍ය ඇමැති පිල්ලෙයාන්’ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර දිසානායක සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 08 වනදා සිය පක්‍ෂයේ සංවිධාන කටයුතුවලට සහභාගි වෙමින් සිටියදී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තමන්ව මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ‘සුභ්‍රමණියම් රවින්ද්‍රණාත්’ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බව දැනගන්නට ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ තුළ තමාට නිදාගන්නටවත් ප්‍රමාණවත් පහසුකම් නොමැති බවද සඳහන් කර තිබෙනවා.
ඊට අමතරව තමන්ට නීතිඥවරු හමුවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොලැබෙන බවත් ඔහු සිය පෙත්සමේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් මෙහිදී ඉල්ලීම් කර තිබෙනවා.
ඊට අමතරව තමන්ට නීතිඥවරු හමුවීමට තිබෙන අවස්ථාව අවහිර කිරීම තුළින් සිය මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සිය මූලික අයිතීන් කඩවීම වෙනුවෙන් ‘රුපියල් මිලියන සීයක’ වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා පිල්ලයාන් සිය නීතිඥවරු මාර්ගයෙන් මේ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴
වෙසක් එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් කළේ කදිරගාමර් නොවේ (15.05.2025)
+
රට ඉන්න අහිංසක ගැහැණු රවට්ටලා කෝටි ගණන් ගසාගෙන කාපු මූල්‍ය ආයතනයක් (15.05.2025)
+
චාලියගේ අන්‍යාගමීකරණය පිළිබඳව සාක්ෂි සහිත හෙළිදරව්ව.. මහනා හිමියන්ට දොස් කියන සුදත්තටත් පාඩමක් (15.05.2025)
+
විදුලි සැර වැදී පුද්ගලයෙකු මියයයි
(16.05.2025 – 06:38 +0530 – hirunews.lk/sinhala)
ගල්නෑව පොලිස් වසමේ දියමැටියාව ප්‍රදේශයේ ඊයේ (15) විදුලි සැර වැදී පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට ගල්නෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 68 ක් වූ දියමැටියාව, නෑගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු තම කුඹුරට විදුලි මෝටරයක් ආධාරයෙන් ජලය ලබා ගැනීමට ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී මියගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය තිබෙනවා.
මෘත ශරීරය නෑගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගල්නෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
රු.මි. 210 ක රත්‍රන් තොගයක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(16.05.2025 – 08:16 +0530 – hirunews.lk/sinhala)
වාහන අමතර කොටස් තුළ සඟවාගෙන ඩුබායිහි සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක්, සමග ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) කටුනායක ගුවන් තොටුපොළේදී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 26 සහ 46 යන වයස්වල පසුවන මොවුන් ග්‍රෑන්ඩ්පාස් සහ මහනුවර – රඹුක්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
පුද්ගලයින්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන්වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක මොවුන් නිරතව සිට තිබෙනවා.
සැකකරුවන් විසින් ගෙන ආ ගමන් මලුවල තිබූ වාහන අමතර කොටස් තුළ රන්බිස්කට් ලෙස සහ එම හැඩයට උණුකර සකස් කර තිබූ රන් කුට්ටි ලෙස මේවා අසුරා තිබුණා.
අත්අඩංගුවට ගත් රත්රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 700 ක් පමණ වනවා ෴
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු කාල සීමාව ප්‍රකාශයට පත් කෙරේ
(16.05.2025 – 09:17 +0530 – hirunews.lk/sinhala)
‘වාර්ෂික ප්‍රකාශය’ සිදු කළ යුතු සියලු තැනැත්තන් පසුගිය මාර්තු මස 31 වන විට පැවති සිය වත්කම් සහ බැරකම් ලබන මස (ජූනි) 30 වනදාට හෝ ඊට පෙර ආයතන ප්‍රධානීන් වෙත භාර දිය යුතු බව ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ දැනුම් දෙනවා.
අනතුරුව ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් අදාළ අකෘතීන් සම්පූර්ණය කර ආයතන ප්‍රධානීන් විසින් ඒවා කොමිසන් සභාවට ඉදිරිපත් කළ යුතුයි.
දූෂණ විරෝධී පනතේ 80 වන වගන්තියේ සදහන් සෑම තැනැත්තෙකුම වත්කම් සහ බැරකම්, ප්‍රකාශ කළ යුතු බව ‘අල්ලස් කොමිසම’ කියා සිටියා ෴
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) මරණ දඬුවම
(16.05.2025 – 10:33 +0530 – hirunews.lk/sinhala)
2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින ධීවර යාත්‍රාවකින් ‘හෙරොයින් මත්කුඩු’ කිලෝ ග්‍රෑම් 179 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගෙන හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු (5) නිදොස් කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ ෴
චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම අවලංගු කරන්නැයි ‘අල්ලස් කොමිසමෙන්’ ඉල්ලීමක්
(16.05.2025 – 11:24 +0530 – hirunews.lk/sinhala)
‘අල්ලස් කොමිසම’ විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
‘අල්ලස් කොමිසම’ වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176 කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.
ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත් එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබුණා.
නමුත් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වැනිදා වුවද චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29 වැනිදා බවත් එම නිලධාරිනිය පෙන්වා දුන්නා.
ඒ අනුව සැකකාර චාමර සම්පත් විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවසුවා.
මෙම කරුණට අදාළව ‘අල්ලස් කොමිසම’ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ මහතා අදාළ චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත් වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් ‘අල්ලස් කොමිසමේ’ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවයි.
සැකකාර චාමර සම්පත්ගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
මෙම ඉල්ලීම අද (16) දහවල් සලකා බැලීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීන්දු කළා ෴
‘අල්ලස් කොමිසම’ විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී අද (16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
‘අල්ලස් කොමිසම’ විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴