‘හයේශිකා ප්‍රනාන්දු’ හෙවත් ‘ටීචර් අම්මා’ අධිකරණයට එයි
(14.05.2025 – 15:49 +0530 – sinhala.adaderana.lk)
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘හයේශිකා ප්‍රනාන්දු’ හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.
තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණි.
අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි අතර ඒ අනුව අද (14) දිනයේ මෙලෙස අධිකරණය වෙත පැමිණ තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා හා කළමනාකරු යන දෙදෙනාව (2) කටාන පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔවුන් දෙදෙනාව (2) අද (14) දිනයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබූ අතර එහිදී ‘හයේශිකා ප්‍රනාන්දු’ ද නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වී තිබේ.
අදාළ පහරදීමේ සිද්ධියට සැකපිට තවත් දෙදෙනෙකු (2) ද අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව සැකකාර ‘හයේශිකා ප්‍රනාන්දු’ සහ සැකකරුවන් සිව්දෙනාට (4) ඇප නියම කෙරුණි.
සැකකරුවන් අධිකරණයට රැගෙන යන අවස්ථාවේ ප්‍රහාරයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ හිතමිතුරන් මීගමු අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයකද නිරතවිය.
+
‘හරක් කටා’ අසනීපයෙන් – අධිකරණයෙන් නියෝගයක්
(14.05.2025 – 14:08 +0530 – sinhala.adaderana.lk)
මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කළේය.
මෙම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාර ‘හරක් කටා’ විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව කියා සිටියේය.
තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණියද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියේය.
ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
විත්තිකාර ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා වසර ගණනාවක් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ රැඳවුම් භාරයේ පසුවන බව පැවසුවා.
ඔහු වෙනුවෙන් ඉදිරියේදී ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට අභිමතයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නා.
ඉන් අනතුරුව නඩුව ලබන 28 වන දා කැඳවීමට නියම වුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ‘හරක් කටා’ නමැති විත්තිකරු පලායාමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 22 ක් යටතේ ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ ෴
කළුතර මුහුදු වෙරළට ඩොල්ෆින් ගොඩ ගසයි
(14.05.2025 – 10:27 +0530 – sinhala.adaderana.lk)
කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබේ.
මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින් 6 දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ බව වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි.
මේ අතර කළුතර වෙරළ තීරයේ මේ දිනවල මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති බවද ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි.
+
බාල පොහොර තොගයක් සමග පිරිසක් අත්අඩංගුවට (සිරිපුර මහා පොහොර වංචාව)
(14.05.2025 – 22:40 +0530 – hirunews.lk/sinhala)
තත්ත්වයෙන් බාල පොහොර මිටි 1,566 ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් පොළොන්නරුව, සිරිපුර නගරයේ ගබඩාවක තිබී මේවා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙම බාල පොහොර දෙහිඅත්ත කණ්ඩිය, වැලිකන්ද, අරලගංවිල, දියබෙදුම, ගිඟුරක්ගොඩ, සිරිපුර ඇතුළු ප්‍රදේශවලට බෙදා හැර ඇති බවට හෙළිව තිබෙනවා.
මෙකී බාල පොහොර බෑග් වල ‘46% ක නයිට්‍රිජන් ප්‍රමාණයක් ඇති බවට ලේබල් ගසා’ වැඩිමිලට අලෙවි නියෝජිතයන්ට හා ගොවීන්ට අලෙවි කිරීමට සූදානම්ව සිට තිබෙන බව පැවසෙනවා. (මෙම බාල පොහොර බෑග් වල තිබෙන්නේ 21% නයිට්‍රිජන් පොහොරයි)
එම පොහොර භාවිතා කළ ගොවීන්ගේ වී වගාව සම්පූර්ණයෙන්ම කහ වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ නිසා අස්වැන්න අඩු වී ඇති බවද අනාවරණය වී තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ ෴
+++
+++
+
ශක්‍යතා අධ්‍යයනයකින් තොරව එල්.ආර්.සී. සිදුකළ පොහොර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී හෙළිවෙයි
(14.05.2025 – sinhala.news.lk/parliament/)
2021 වසරේදී රු. මිලියන 700 ක් වියදමින් ‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව’ මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකර තිබුනත් ඒ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොතිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
එමෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත් වීමක් සිදු නොවූ බවද ‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ’ නිලධාරීහු කෝප් කමිටුව හමුවේ පැවැසුහ.
මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 700 ක මුදලක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමත කරගෙන තිබුණද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඒ සඳහා රු. මිලියන 350 ක් නිදහස් කර තිබු බව පැවසුවේය. එමෙන්ම ඉන් රු. මිලියන 302 වියදම් කර තිබු අතර අදායම් ලෙස ව්‍යාපෘතිය මගින් රු. මිලියන 22 ක් පමණක් ලැබී තිබු බවද වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.
මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති හා මුදල් අධ්‍යක්ෂවරුන් මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම, කොමිෂන් සභා පනතට පටහැනි බවට ලිඛිතව නිරීක්ෂණ ලබාදී තිබු බව පැවැසුහ. කෙසේ වෙතත් අමාත්‍යාංශ මට්ටමින් තමන් වෙත ලැබෙන නියෝග ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බැවින් මුදල් නිදහස් කිරීමට කටයුතු කළ බව ‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ’ මුදල් අධ්‍යක්ෂවරයා පැවසුවේය. තවද මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම කොමිෂන් සභා පනතට පටහැනි බවට නිරීක්ෂණ ලබාදීම හේතුවෙන් තමන්ට පීඩාවන් සිදුකළ බව කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා කෝප් කමිටුවට පැවසුවේය.
දිවයිනේ ස්ථාන 35ක මෙම කාබනික පොහොර නිෂ්පාදනය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් ලබාදී තිබුණද මේ වනවිට ස්ථාන පහක ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කාරක සභාවේදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම අසාර්ථක වූ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් මුල්‍ය වංචාවක් සිදුව තිබේද නැද්ද යන්න පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අදාළ නීතිමය කටයුතු සඳහා අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමට සුදානම් බව පැවසුවේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය’ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේය.
මේ අතර ‘කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ’ අනුමතියකින් තොරව ආවරණ අනුමතියට යටත්ව යැයි සඳහන් කරමින් සේවකයින් සඳහා ස්ථිර නව පත්වීම් ලබා දීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, චමින්ද විජේසිරි, නීතිඥ සමන්මලී ගුණසිංහ, සුදත් බලගල්ල, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ ෴
දක්ෂිණ අධිවේගේ සේවා පියසේ මෝටර් රථයක් එක්වරම ගිනිගෙන විනාශ වූ අයුරු කැමරාවේ (14.05.2025)
+
මම ඒ ‘පාර’ ගැන ඇහුවෙත් එදාමයි… | ‘බස් ගැමුණු’ වත් නොදන්නා ‘පාරක’ ගිය ගමන ගැන ආණ්ඩුවට සැර දෝස් මුරයක් (14.05.2025)
+
මාලිමාවට විපක්ෂයෙන් රතු එළියක් රනිල්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයක් විපක්ෂයේ ඔක්කොම එක තැනකට එයි (14.05.2025)
+
සියදිවි හානිකර ගත් කොටහේන දැරියගේ මෙතෙක් නොකී කතාව. ‘අම්මා මට උන දේ තවත් ළමයෙක්ට වෙන්න ඉඩ තියන්න එපා’ (14.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴