රුපියල් මිලියන 460 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් මිලියන 460 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට


රුපියල් මිලියන 460 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

(12.05.2025 – 21:18 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 460 ක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මෙසේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.

මෑත කාලීන ගුවන් තොටුපළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි වාර්තා වන්නේ ෴


ගින්නකින් යතුරුපැදි අලෙවිසැලක් විනාශයි

(12.05.2025 – 14:13 +0530 – hirunews.lk/sinhala)

කඩුගන්නාව – ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසැලක් ගිනිගැනීමෙන් එහි තිබූ යතුරුපැදි 20 ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදි අලෙවිසැලේ තිබූ පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි ෴


ගිනි අවි පතුරම් සමග දෙදෙනෙක් (2) කොටුවෙයි

(12.05.2025 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අවියක්, පතරොම් 11 ක් සහ පතරොම් ගැබ් 2 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සූරියවැව හා බදුවත්ත ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 හා 38 යන වයස්වල පසුවන දෙදෙනෙක් (2).

බදුවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ නිවෙස පොලිසිය පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී මෙම ගිනි අවිය, මැගසින් සහ උණ්ඩ සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


අනියම් ඇසුරෙන් ‘චූන් පාන්’ වෙළෙන්දා මරුට

(12.05.2025 – 19:12 +0530 – hirunews.lk/sinhala)

අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන යුවළකගේ ආරවුලක් මැද කාන්තාවගේ පහරදීමෙන් පුරුෂයා මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙන බවයි බේරුවල පොලිසිය පවසන්නේ.

බේරුවල, වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයෙනුයි මේ සිදුවීම වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාකන්දලගේ දොන් සේපාල (38) නමැති ‘චුන් පාන්’ වෙළඳාමේ නියුතු පුද්ගලයෙක්.

කාලයක් තිස්සේ මෙම අඹුසැමි යුවළ අතර ඇතිව තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාවට ප්‍රථමයෙන් පිරිමි පුද්ගලයාට පහර දී තිබෙන බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේම කාන්තාව පිරිමි පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබේන බවයි විමර්ශන සිදු කරන පොලිසිය පවසන්නේ ෴


විහාරස්ථානවල භාණ්ඩ සොරාගත් අඹු සැමි යුවලක් අත්අඩංගුවට

(12.05.2025 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කඵතර, පානදුර ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක විහාරස්ථානවලට ඇතුලු වී එහි තිබූ ඝාන්ඨාර, රන් වැට සහ පහන් සොරකම් කළ අඹු සැමි යුවලක් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මොවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

ඒ, අනුව සොරකම් කර සඟවා තිබූ ඝාන්ඨාර 03 ක්, රන් වැටවල් 04 ක්, පහන් 06 ක් සහ තවත් වටිනා පෞරාණික භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම අඹු සැමි යුවල විහාරස්ථානවලට ගොස් වැඳුම් පිදුම් කරන මුවාවෙන් මෙම සොරකම්වල නිරත වී ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ෴

+

+


ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් සිව් (4) දෙනෙකුට තුවාල

(12.05.2025 – 20:24 +0530 – hirunews.lk/sinhala)

අහංගම, කබලාන දුම්රිය හරස් මාර්ගයේදී නවීන ජිප් රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) දහවල් සිදුවූ අනතුරකින් හතර දෙනකු (4) තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසනවා.

බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වු දුම්රියේ BMW වර්ගයේ ජීප් රථයක් ගැටී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගය ආලෝක සංඥා සහිතව තිබෙන ස්ථානයක්.

අනතුරට පත් ජිප් රථයේ 06 දෙනෙකු ගමන් කර ඇති අතර එයින් 04 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


ලක්ෂයකට අධික ෂඩ් වර්ණ විදුලි බුබුළු ආලෝකයෙන් සේරුවාවිල මංගල මහ සෑ රදුන් ඒකාලෝක වෙයි

(12.05.2025 – 20:50 +0530 – hirunews.lk/sinhala)

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සෑම වසරකම පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව ඓතිහාසික සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථාන පුදබිමේදී හෙට (13) ආරම්භ කෙරෙනවා.

කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව ලබන 15 වැනිදා උදෑසන දක්වා එම විහාරස්ථාන පුදබිමේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජීවමාන බුදුන් වන්දනාව හා සමාන දුර්ලභ අවස්ථාවක් සැදැහැවතුන්ට උදාකර දෙමින්.

+


ගැරඬිඇල්ලේදී අනතුරට පත් බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් නොතිබූ බව හෙළිවෙයි

(12.05.2025 – 22:04 +0530 – hirunews.lk/sinhala)

විසි දෙදෙනෙකුට (22) මරු කැඳවමින් කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේ අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරික්ෂාවේදී එහි යාන්ත්‍රික දෝෂයක් තිබූ බවට අනාවරණය නොවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, අනතුර සිදුවූ ස්ථානයට පෙර පිහිටි ප්‍රදේශවල සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශනද පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී රියදුරු අන්තරායකාරී ලෙස බස් රථය ධාවනය කරන අයුරු නිරීක්ෂණය නොවූ බවයි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ජ්‍යෙෂ්ඨ මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සැදුම්ලත් කමිටුව, සවිස්තරාත්මක වාර්තාව සකස් කර මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා හරහා විෂයභාර අමාත්‍යවරයා වෙත ලබා දෙන බව ද ඔහු කියා සිටියා.

මේ අතර, අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර කිහිපයක් ඔවුන්ගේ ඥාතීන්ට අද (12) දිනයේද භාර දුන් අතර හඳුනා නොගත් මෘත ශරීරයක් ද පවතින බව පොලිසිය සඳහන් කළා.

මියගිය පිරිස අවුරුදු 17 ත් 79 අතර වයස්වල පසුවන්නන් වනවා.

ඔවුන් කොස්ලන්ද, තිස්සමහාරාමය, පේරාදෙණිය, මොණරාගල, ලු‍ණුගම්වෙහෙර, පන්නිල සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම ඇතිලිවැව, බණ්ඩාරවෙල, අඹගස්දෝව, කන්තලේ, හලාවත, පොල්පිතිගම සහ මැදවච්චිය ප්‍රදේශවලද කිහිපදෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, අතතුරින් තුවාල ලැබූ 43 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඉන් එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

එමෙන්ම, ඊයේ (11) දින දැඩි කතාබහට ලක්වූ, සිය දරුවා තුරුළු කරගෙන දිවි බේරා ගැනීමට උත්සහ කළ මවට අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදීමට සිදු වුණත් ඇය තුරුළු කරගෙන සිටි මාස 8 ක් පමණ වයසැති බිළිඳිය නුවර දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කෙසේ වෙතත් එම බිළිදිය සුව අතට පත්වෙමින් සිටින බව නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සදහන්කළා.

අනතුරින් එම බිළිදියගේ පියා ද ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා ද මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර, සිද්ධියෙන් තුවාල ලබා බස් රථයේ සුන්බුන් අතර සිරවී සිටි තරුණයෙකු පිළිබදව වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර, අනතුරට ලක්වූ බස් රථයේ දිනපතා ගමන්කරන වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙම අනතුර සම්බන්ධයෙන් සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

එහි සදහන් කර ඇත්තේ බස් රථය වංගු අතරින් ගමන් කරන විට වෙනදා දක්නට නොලැබූ වෙනසක් තමන්ට දැණුනු බවයි.

අනතුරුව බස් රථයේ ගමන වෙනස් වී ප්‍රපාතයට ඇදෙමින් පවතින බවට හැගුණු බවත් රථය සෙමින් පැද්දෙමින් ප්‍රපාතයට ඇදවැටුණු බවයි ඔහු දක්වා ඇත්තේ. එමෙන්ම, බස් රථයේ රියදුරාද මියගිය අතර ඔහු සම්බන්ධයෙන් ගම්පොල – නුවරඑළිය මාර්ගයේ රාජකාරි සිදුකරන පොලිස් නිලධාරියෙකු ද සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුණේ ජීවිතක්ෂයට පත්වූ රියදුරු නිසි විනයක් ඇති දක්ෂ රියදුරෙකු බවයි.

මේ අතර, උපකාරක පන්ති ගුරුවරයෙකු අනතුර සිදුවූ ස්ථානයෙන් එදින උදෑසන ගමන් කර තිබූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් ෆෙස්බුක් සටහනක් තබා තිබුණා ෴

+

+


වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 20 ක් රෝහලට

(12.05.2025 – 23:18 +0530 – sinhala.adaderana.lk)

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ.

අද (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදීය.

අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි ෴

+

+


වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

(12.05.2025 – 09:34 +0530 – sinhala.adaderana.lk)

මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක මියගොස් තිබේ.

වෙසක් පොහොය වෙනුවෙන් නිවස ආලෝකමත් කිරීම සඳහා සවිකර තිබූ විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේදී අදාළ දැරියට විදුලිසැර වැදී ඇති බව පොලීසිය පැවසුවේය.

ඒම අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දරිය බේරාගෙන පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව (9) හැවිරිදි දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

+

+

[වෙසක් සැරසිල්ලකට අදින ලද විදුලි රැහැනකින් හයවැනි ශ්‍රේණියේ දැරියක ජීවිතක්ෂයට]

+


වෙසක් දිනයේ බුදුදහමට නිගා කරන කල්ලතෝනි – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (12.05.2025)

+


දෙමටගොඩ චමින්දගේ ගබඩාවකට පොලීසිය කඩා පනියි, සුපිරි පොලිස් මෙහෙයුම මෙන්න, කෝටි ගණනක මත්ද්‍රව්‍ය දැලේ (12.05.2025)

+


ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැම්පතුවේ පොළියට බදු ගහලා | බය වෙන්න දෙයක් නෑ අවබෝධය වැදගත් (12.05.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *