කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ලේ බස් අනතුර : කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළයි
කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ලේ බස් අනතුර : කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළයි
(12.05.2025 – 14:14 +0530 – sinhala.adaderana.lk)
කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40 කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබයි.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය.
මේ අතර තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (11) ගම්පොළ රෝහල වෙත පැමිණියාය.
කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනයවී ප්‍රපාතයකට පෙරළුණේ පුද්ගලයින් 22 දෙදෙනෙකුට දිවි අහිමි කරමිනි.
අනතුරෙන් තුවාල ලැබූවන් අවට රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටවගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
නාවලපිටිය රෝහලේ මේවන විට රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ගම්පොළ ශික්ෂණ රෝහලේ රෝගීන් 22 දෙදෙනෙකු ප්‍රතිකාර ලබයි.
නුවරඑළිය මහරෝහලේ මේ වනවිට 15 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඉන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකු පේරාදෙණිය සහ මහනුවර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවය.
මේ අතර අනතුරට පත් බස් රථය අයත් කතරගම ඩිපෝවේ කළමනාකාර, තුසිත චමින්ද මහතා අනතුර සම්බන්ධයෙන් අදහස් පළ කළේය :
“බස් රථය නියමිත ආකාරයෙන් හදලා සෑම දිනකම දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කරලා තමයි ධාවනය කරවන්නේ. ඒවගේම හොඳ පළපුරුදු රියදුරු මහත්තයෙක් මේ ගමන්වාරයට යොදවලා තිබුණේ. එයා නියමිත කාලයට පස්වරු 4 ට සේවයට ඇවිත් රාත්‍රී 10 ට තමයි කතරගමින් ආරම්භ කරන්නේ. දිවා කාලයේ සේවා කරලා නෑ.”
+++
කොත්මලේ බස් අනතුරෙන් දිවි අහිමි වූවන්ගේ දේහයන් ඥාතීන්ට භාර දෙයි
(12.05.2025 – 13:06 +0530 – hirunews.lk/sinhala)
කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් ඊයේ (11) පස්වරුවේ ඥාතීන්ට භාරදීමට පියවර ගෙන තිබෙනවා.
හඳුනානොගත් එක් (1) දේහයක් ගම්පොළ රෝහලේ තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, අනතුරින් තුවාල තවත් 46 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමිනුයි පසුවන්නේ.
ඊයේ (11) අළුයම 4 ට පමණ මෙලෙස අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණේ කතරගම සිට මහනුවර හරහා කුරුණෑගල බලා පිටත්ව ගිය කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක්.
එම අවස්ථාව වන විට බස් රථයේ පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර සිද්ධියෙන් පුද්ගලයින් 30 කට අධික පිරිසක් තුවාල ලැබූවා.
අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු මියගිය අතර ඔවුන්ගේ දේහයන්, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තැන්පත් කර තිබුණේ නාවලපිටිය, පේරාදෙණිය, නුවරඑළිය සහ ගම්පොළ යන රෝහල්වලටයි.
ඒ අනුව, බොහෝ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර, අද (12) දිනයේත් මෘතශරීර භාර දීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයින් පැවසුවා ෴
+++
ලංකාවම සංවේදීවූ පුංචි ‘ඉමෙත්’ ගැන මොහොතකට පෙර රෝහලෙන් දැනුම්දීමක් – භාරකාරීත්වය ගැනත් තීරණයක් ගනී (12.05.2025)
+++
කොත්මලේ තුවාලකරුවන් ඇදපු උතුම් මිනිස්සු බස් එක වැටුණ තැනදී පහන් දල්වා රෑ 7 ට කතාවෙච්ච දේ (12.05.2025)
+++
කියාගන්න බැරි අමුත්තක් තේරුණා – දිවි බේරාගත් ශිෂ්‍යයාගේ අත්දැකීම – ආපදාවකදී වින්දිතයන් වෙනුවෙන් එකතුවෙන්න (12.05.2025)
+
ගින්නකින් යතුරුපැදි අලෙවිසැලක් විනාශයි
(12.05.2025 – 14:13 +0530 – hirunews.lk/sinhala)
කඩුගන්නාව – ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසැලක් ගිනිගැනීමෙන් එහි තිබූ යතුරුපැදි 20 ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරුපැදි අලෙවිසැලේ තිබූ පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි ෴
ඒත් මට කලින් පෙම්වතෙක් වුණේ ඔයානෙ මල්ලි | හොඳම යාළුවො දෙන්නෙක් වගේ ඉන්න රන්වල අයියා මලෝ (09.05.2025)
+
වෙසක් පුන් පොහෝ දිනය අදයි (12)
(12.05.2025 – 06:42 +0530 – hirunews.lk/sinhala)
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(12) යෙදී තිබෙනවා.

සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී උපත ලැබුවේ වෙසක් පෝ දිනකයි.
සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකයි.
බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්උයනේදී වැනි දිනක පිරිනිවන් පෑහ.
මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරනු ලබනවා ෴
+++
දිවයින පුරා දන්සැල් 8,742 ක් – ‘දෙරණ 24 පැයේ දන්සල’ත් අද (12) පස්වරු හතේ (07:00) සිට
(12.05.2025 – 07:14 +0530 – sinhala.adaderana.lk)
වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභාව ආශ්‍රිතව බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
දන්සැල් ලබාදීමේ දී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස ද උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
මේ අතර ‘ටී.වී.දෙරණ’ මෙවරත් වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ලොකුම දන්සැල කොළඹ 7 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
‘ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය’ සහ ‘කොළඹ නගර සභාව’ මේ වෙනුවෙන් ‘ටී.වි.දෙරණ’ සමග අත්වැල් බැදගෙන සිටී.
පැය 24 ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන මෙම මහා බත් දන්සැල අද (12) පස්වරු 07:00 ට ආරම්භ වීමට නියමිතය.
එය හෙට (13) පස්වරු 07:00 තෙක් අඛණ්ඩව පැය 24 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ අතර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර ඇති බව අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසයි.
සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර ඇති බව සඳහන්ය.
මේ අතර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
ඒ අනුව අද (12), හෙට (13) යන දෙදින (2) තුළ කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 07 සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකිරීමට නියමිතව තිබේ.
වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දෙනු ඇත.
වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව ‘ශ්‍රී ලංකා පොලීසිය’ පැවසුවේය.
කෙසේවෙතත් රථවාහන තදබදය සාමන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස ගමන් කරවීමට කටයුතු සලසන බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
මේ අතර වෙසක් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.
එම පිරිස අතර කාන්තා රැඳවියන් 04 දෙනෙකු හා පිරිමි රැදවියන් 384 දෙනෙකු සිටින බව ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේය.
මේ අතර වෙසක් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දී තිබේ.
ඒ සඳහා අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.
+++
+
මිලියන 87 කට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
(12.05.2025 – 15:35 +0530 – hirunews.lk/sinhala)
මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 218 ක් සහ ග්‍රෑම් 800 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා දෙපාර්තමේන්තුව මගින් පේසාලේ වෙරළ තීරයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂනය කර පරීක්ෂා කිරීමේදි මෙම ගංජා තොගය අදාළ නිලධාරීන්ට හමුව ඇත.
නාවික හමුදාව පැවසුවේ සිය භාරයට ගත් ගංජා තොගයේ වීථි වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 87 කට අධික වන බවය.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඩිංගි යාත්‍රාව පේසාලේ වෙරළ ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කර ඇති අතර අදාළ කේරළ ගංජා තොගය සහ ඩිංජි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇත ෴
මත්පැන් පානය කර මගී බස් රථයක් පැදවූ රියදුරෙකු අත්අඩංගුවට
(11.05.2025 – 16:16 +0530 – hirunews.lk/sinhala)
මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 කට අධික පිරිසක් සිට ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර – හොරණ පෞද්ගලික බස් රථයක රියදුරෙක්.
මෙම බස් රථය හොරණ සිට අපරික්ෂාකාරී අයුරින් ධාවනය කර ඇති අතර, පසුව පොලිසිය ඒ පිළිබදව නිරීක්ෂණය කොට රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් රියදුරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ ෴
අයියා එළොව යැවූ මල්ලීගේ හදිසි කෝපය
(11.05.2025 – 19:33 +0530 – hirunews.lk/sinhala)
එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) අතර ඇති වූ ගැටුමකින් වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් මල්ලී එල්ල කළ උදලු පහරකින් මෙසේ ඔහුගේම අයියා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
මොවුන් දෙදෙනා (2) ජීවත්ව සිට ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ එකම නිවෙසකයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴ (වයස?)
බන්ධනාගාරයට දාපු මගේ මල්ලිව මුන් ගහල මරලා දැම්මා. බන්ධනාගාරයේ නරුමයෝ මෙහෙම ගහන එක උන්ගේ පුරුද්දක් (11.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴