චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට වාරණයක් – විජයදාස රාජපක්ෂට සිදුකල අපහාසයට රු. මිලියන 1,000 ක වන්දියක් ඉල්ලයි

චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට වාරණයක් – විජයදාස රාජපක්ෂට සිදුකල අපහාසයට රු. මිලියන 1,000 ක වන්දියක් ඉල්ලයි


චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට වාරණයක් – විජයදාස රාජපක්ෂට සිදුකල අපහාසයට රු. මිලියන 1,000 ක වන්දියක් ඉල්ලයි

(09.05.2025 – lankadeepa.lk)

විජයදාස රාජපක්ෂට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට වාරණ නියෝගයක් නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ අද (09) නිකුත් කළේය.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

වග උත්තරකරුවන් දෙදෙනා (2) විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා සමාජ මාධ්‍ය ජාලය (Truth with Chamuditha) ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000 ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha නමැති සමාජ මාධ්‍ය නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්ෂ වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥවරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේ ය ෴

+

+


උතුරේ ඉඩම් සිංහලයන්ට තහනම් ද? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (09.05.2025)

+


කොළඹ – වොක්ෂෝල් වීථියේ සහ ආමර් වීදියේ ගිණිගැනීම් දෙකක් (2)

(10.05.2025 – 15:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වෝක්ෂෝල් වීදියේ අවන්හලක සහ ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සදහා රථ 05 ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ෴

මේ අතර, ආමර් වීදියේ මීරානියා පෙදෙසේ යකඩ බඩු අලෙවි සැල් පෙළකද ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

+++

+

+

+++

+

+


මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටරය ගොඩගත් මෙහෙයුමේ සජීවී දර්ශන මෙන්න |සෙබළුන් 06 කට දිවි අහිමි කළ අනතුර (10.05.2025)

+


ජනතාව දේශපාලකයන්ට සිදුකළ අනතුරු ඇඟවීම.. (10.05.2025)

+


කොළඹ තොරණ 23 ක් : රට පුරා දන්සැල් 7,200 ක්

(10.05.2025 – 09:45 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු තෙමගුල සිහි කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුණා.

‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු’‍ යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ මස 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙවර වෙසක් පුර පසොළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ 23 ක් නිර්මාණය කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ, කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළග, දෙමටගොඩ, බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම, පිළියන්දල, බෙල්ලන්විල තොරණ නිර්මාණය කර ඇති බවයි.

මීට අමතරව මොරටුව, දෙහිවල, මාලබේ සහ අතුරුගිරිය ඇතුලු ප්‍රදේශ රැසක ද වෙසක් තොරණ නිර්මාණ කර තිබෙනවා. මේ අතර, කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක් හවුස් මාර්ගය, කොළඹ මහ නගර සභා මාර්ගය සහ හුණුපිටිය ගංගාරාමය ආශ්‍රිතව ද වෙසක් කලාප පැවැත්වෙනවා.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් හත්දහස් දෙසීයක් (7200) ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා ෴

+

+


පාස්පෝට් ගන්න යළිත් දිගුපෝළිම්

(10.05.2025 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසළ ඊයේ (09) සිට නැවතත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

බොහෝ පිරිසක් රැය පහන් කර ඇත්තේ, එම පෝලිම්වල සිට බවයි වාර්තා වන්නේ.

ජනතාව කියා සිටියේ තමන් පැය 12 කට ආසන්න කාලයක් පෝලිම්වල රැදී සිටියද මේ වන තෙක් මුදල් ගෙවීම සදහාවත් අවස්ථාවක් නොලැබුණු බවයි.

නිලධාරින්ගේ මන්දගාමී ස්වරූපය සහ අකාර්යක්ෂමතාවය හේතුවෙන් මෙලෙස පෝලිම් නිර්මාණය වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ෴


විල්පත්තුව අභයභූමිය හරහා මාර්ගය විවෘත කිරීමට පියවර – පරිසර නියෝජ්‍ය ඇමති

(10.05.2025 – 16:36 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව අභයභූමිය හරහා වන මාර්ගය විවෘත කරන්නැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා සමග මන්නාරම ජනතාව මෙන්ම පුත්තලම ජනතාවගෙන් ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බව පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි පවසනවා.

මේ මාර්ගය කාලයක් තිස්සේ පැවති බවත් ගංවතුර සහ විවිධ පාරිසරික තත්ත්ව මත වසර කිහිපයක සිටම භාවිතයෙන් තොරව තිබෙන බවයි ඔහු පවසන්නේ.

එබැවින් විල්පත්තුව අභයභූමිය හරහා වන මාර්ගය කිසිසේත්ම අලුතින් හදන එකක් නොවන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවා.

මේ අනුව ජනතාවගේ ඉල්ලීම සලකා බලා පාරිසරික තත්ත්ව විමසා අවශ්‍යතාව මත ඉදිරි කටයුතු කිරීමට පියවර ගන්නා බවයි පරිසර නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඉකුත් (07) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් වුණා.

එවැනි පසුබිමක් මතයි පරිසර නියෝජ්‍ය ඇමතිවරයා ‘හිරු නිව්ස්’ සමග සංවාදයක්ට එක්වෙමින් මේ බව කියා සිටියේ ෴


කොටහේනේ දැරියගේ දෙමව්පියන් අගමැතිවරිය හමුවෙයි

(10.05.2025 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කොටහේනේ 16 හැවිරිදි දැරියක සියදිවි නසා ගත් සිද්ධිය ගැන විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් අතර, සාකච්ඡාවක් අද (10) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශන කටයුතු සිදුකිරීමට පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දී තිබෙනවා.

ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහිදී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් මෙහිදී අවධානයට ලක් වුණා.

එම යාන්ත්‍රණය නිරීක්ෂණය කර එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ‘ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු’ගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් අග්‍රාමාත්‍යවරිය විසින් පත්කර තිබෙනවා.

මේ අතර, මෙම සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ උපකාරක පන්තියේ හිමිකරු වන, ජාතික ජන බලවේගයේ උතුරු කොළඹ සංවිධායක, ‘නාරායනපිල්ලෙයි ශිවානන්දරාජා’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

මේ අතර මියගිය සිසුවිය වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයින් පෙන්වා දෙන්නේ, සිසුවියට කිසිදු මානසික රෝගයක් නොතිබූ බවයි.

මේ අතර ‘රටක හෙට දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් කාන්තා ක්‍රියාකාරිනියන්ගේ එකමුතුව’ අද (10) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කොටහේනේ සිසුවියගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එමෙන්ම ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා සංවිධානය’ මෙම සිසුවියගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් භාර දුන්නා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *