ගුවන් හමුදාවේ පුහුණු සැසියක් අතරතුර හෙලිකොප්ටර් යානයක් මාදුරුඔයට කඩා වැටේ – නියමුවන් දෙදෙනා (2) ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගැනේ

ගුවන් හමුදාවේ පුහුණු සැසියක් අතරතුර හෙලිකොප්ටර් යානයක් මාදුරුඔයට කඩා වැටේ – නියමුවන් දෙදෙනා (2) ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගැනේ


ගුවන් හමුදාවේ පුහුණු සැසියක් අතරතුර හෙලිකොප්ටර් යානයක් මාදුරුඔයට කඩා වැටේ – නියමුවන් දෙදෙනා (2) ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගැනේ

(09.05.2025 – 08:59 +0530 – hirunews.lk/sinhala)

හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ප්‍රදේශයට අද (09) උදෑසන කඩා වැටි තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ සදහන් කළේ යානයේ නියමුවන් දෙදෙනා (2) නිරුපද්‍රිතව සිටින බවයි.

මාදුරුඔය – කමාන්ඩෝ යුද හමුදා කදවුරේ පුහුණු සැසියක් සදහා මෙම හෙළිකොප්ටර් යානය ගමන් කර තිබෙනවා.

බෙල් 212 යානයේ නියමුවන් දෙදෙනා (2) ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා ෴

+++

A Bell 212 helicopter of No. 7 Sqn crashed into the Maduru Oya Reservoir during a demo for the SF passing out parade. The Commander of the Air Force has appointed a special nine-member committee to conduct a detailed investigation. Regrettably, six personnel lost their lives following the incident.
(facebook.com/SriLankaAirForceGuardiansoftheSkies)

+++

බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් හමුදා සෙබළුන් 6 දෙනෙකුට දිවි අහිමි වෙයි

(09.05.2025 – 11:11 +0530 – hirunews.lk/sinhala)

බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා තුවක්කුකරුවන් සහ විශේෂ බලකායේ සාමාජිකයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

(ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු (2) සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.) (sinhala.adaderana.lk)

තුවාල ලැබූ ඔවුන් පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ප්‍රදේශයට අද උදෑසන කඩා වැටුණා.

මාදුරුඔය – කමාන්ඩෝ යුද හමුදා කදවුරේ පුහුණු සැසියක් සදහායි මෙම හෙළිකොප්ටර් යානය ගමන් කර තිබුණේ.

මේ අතර ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ පැවසුවේ ගුවන් හමුදාපතිවරයා විසින් මෙලෙස 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි ෴

+

+

+

+++

මාදුරු ඔය හෙලිකොප්ටර් අනතුර ගැන අලුත්ම තොරතුර මෙන්න

(09.05.2025 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී සිදු වූ අනතුරින් පසු පොළොන්නරුව මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ සෙබලුන් 6 දෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන් එලෙස ප්‍රතිකාර ලබන බවයි.

අනතුරින් මියගිය සෙබලුන් 06 දෙනාගේ මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ගුවන් හමුදාවේ අංක 07 හෙලිකොප්ටර් බලගණයට අයත් මෙම බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය හිඟු‍රක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් අද (09) ගුවන්ගත වී තිබුණේ උදෑසන 06:48 ට පමණයි.

ඒ, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව තිබූ විසිර යාමේ උත්සවයට සහභාගි වීම සඳහායි.

එහිදී වසරක මූලික පුහුණුව අවසන් කළ නිලධාරීන් 14 දෙනෙකු ඇතුලු 130 දෙනෙකු විසිර යාමට නියමිතව තිබුණා.

විශේෂ බලකා සෙබලුන් විසිර යාමේ පෙලපාලිය වෙනුවෙන් ගුවනින් පිටියට ගොඩබැසීමට නියමිතව තිබී ඇති අතර ඊට පෙරයි මෙම අනතුර සිදුව තිබුණේ.

පෙරවරු 08:16 ට පමණ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට එලෙස කඩා වැටී තිබුණු අතර අනතුරෙන් පසුව, හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස සොයා මාදුරුඔය ජලාශයේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළා.

පසුව මුදාගත් සෙබලුන් පළමුව අරලගංවිල දිසා රෝහලට ඇතුළත් කළා. අනතුරුවයි ඔවුන් පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කෙරුණා.

බරපතළ තත්ත්වයෙන් අරලගන්විල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෙබලුන් 6 දෙනෙකු පොළොන්නරුව රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

රෝහල්ගත කළ පිරිසට යුද හමුදා විශේෂ බළකායේ භටයින් 6 දෙනෙකු ඇතුළත් වූ අතර සෙසු පිරිස ගුවන් හමුදා සාමාජිකයින්.

ඒ අතර ගුවන් නියමුවන් දෙදෙනා (2) ද සිටිනවා.

අනතුරව සිදු වූ අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා (2) ද ඇතුළුව 12 දෙනෙකු එහි ගමන් කර තිබුණා.

ජිවිතක්ෂයට පත් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනා (2) වන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික කදවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්තව රාජකාරි කරනු ලැබු බලපංති සැරයන් සනත් උදයකුමාර හා කෝප්‍රල් මධුරංග මෙත්රුවන්.

බලපංති සැරයන් සනත් උදයකුමාර 2004 වර්ෂයේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තීය සදහා එක්වි ඇති අතර වැලිමඩ පදිංචි ඔහු දෙදරු පියෙක්.

ජීවිතක්ෂයට පත් අනෙක් ගුවන් හමුදා සාමාජිකයා වන කෝප්‍රල් මධුරංග මෙත්රුවන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

මිය ගොස් ඇති හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් 4 දෙනාගෙන් තුන්දෙනෙකු (3) අබේපුස්ස, ඇඹිලිපිටිය සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් ද වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට මාර්තු 21 වැනිදා කඩා වැටුණා.

ඒ අනුව, අද (09) සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා ගුවන් හමුදාපතිවරයා විසින් නව දෙනෙකුගෙන් (9) සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ ෴

+++

ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද්ධ හමුදාධිපති පොළොන්නරුව රෝහලට

(09.05.2025 – 23:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පොළොන්නරුව මහ රෝහලට අද (09) ගොස් තිබෙනවා.

එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+++

[Photos]

+++

මහා විපත ගැන නොදැන බෙල් 212 අවසන් වරට ගුවන්ගත වූ ආකාරය – ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන මෙන්න (09.05.2025)

+++

+


මහා පරිමාණ දත්ත වංචාවක්.. වෙන්නේ නෑ කියපු දේවල් එකින් එක වෙනවා.. (09.05.2025)

+


ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අලුත්ගමදී අනතුරට

(09.05.2025 – 11:46 +0530 – hirunews.lk/sinhala)

අලු‍ත්ගම – පින්හෙන ගුරුකන්ද ප්‍රදේශයේ දී ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අනතුරට ලක් ව තිබෙනවා.

එම ප්‍රදේශයේ තිබෙන ළමා නිවාසයකට අයත් ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට ලක් ව ඇති අතර එහි ළමුන් පිරිසක් ප්‍රදේශයේ පාසලකට රැගෙන යමින් සිටියදී මෙම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයට ඔරොත්තු නොදෙන ලෙස පොත් බෑග් සමග දරුවන් නංවාගෙන අධිකවේගයෙන් පල්ලමක් බැසීමේදී පෙරලී යාමෙන් මෙම අනතුර සිදු ව තිබුණා.

අනතුරෙන් තුවාල ලැබූ සිසුන් සහ ත්‍රි රෝද රථයේ රියදුරා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ සිටි හයදෙනකු (6) නාගොඩ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

+


කාර්යාලයේ ඇතුළෙ කාමරයකට හරි වෙලා එතුමිය ඒක සමරයි | අද දවසේ විශේෂත්වය ගැන විමල් කිව්ව කතාව (09.05.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *