‘මාර්ග සංවර්ධන අධිකාරියේ’ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් ‘රිට් ආඥාවක්’ නිකුත් කරයි
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරයි
(08.05.2025 – 14:26 +0530 – hirunews.lk/sinhala)
2024 වසරේ ‘මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා’ වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කළා.
එමෙන්ම ‘කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි’ 2024 වසරේ මාර්තු මස 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙස අධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් ද නිකුත් කලා.
අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් ‘කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි’ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. නඩු විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සිවිල් ඉංජිනේරුවරයෙකු වන අතර ඔහු වසර 23 කට ආසන්න කාලයක් ‘මාර්ග සංවර්ධන අධිකාරියේ’ සේවය කළ පලපුරුදු සේවකයෙකු බව සඳහන් කළා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ අතර ඊට සහභාගී වූ පෙත්සම්කරු ලකුණු 61 ක් ලබාගත් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබුණා.
එහෙත් තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් ‘එස්.එම්.පී. සූරියබණ්ඩාර’ එම තනතුර සඳහා පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය 2024 වසරේ මාර්තු 05 වනදා තීන්දු කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
තම සේවා දායකයාට වඩා අඩු ලකුණු ලබාගත් පුද්ගලයෙකු එම ධූරය සඳහා පත් කිරීම නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සඳහන් කළේ මෙම පත්කිරීම සිදුකිරීමේදී වගඋත්තරකරුවන් පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.
ඒ අනුව එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම නියෝග නිකුත් කළා ෴
කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක් ඉදිරිපිට දී සිසුවියක පැහැරගන්න හැදූ පුද්ගලයාව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
(08.05.2025 – 17:08 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (08) අවසර ලබා දී තිබෙනවා.
කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කළා.
කුරුඳු වත්ත පොලිසියේ සැරයන් තිලකරත්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව සඳහන් කළා.
ඒ අනුව සැකකරු තවදුරටත් පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව සැකකරු පැය 72 ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා.
මෙම සැකකරු කොළඹ, බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම ‘දැරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පමක් ලබා ගැනීමේ අරමුණින්’ සැකකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවසුවා ෴
+++

අර්චුනා පාර්ලිමේන්තුවෙන් එළියට දමයි
(08.05.2025 – 17:28 +0530 – hirunews.lk/sinhala)
සභානායක අමාත්‍ය බිමල් රත්නායකගේ කතාවට දිගින් දිගටම බාධා කිරිම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘රාමනාදන් අරච්චුනා’ සභාගර්භයෙන් ඉවත් කිරීමට වේත්‍රධාරිවාරයා අද (08) කටයුතු කළා.
ඒ එම අවස්ථාවේ මූලාසනයේ කටයුතු කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් නියෝග කිරීමෙන් පසුවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ‘රාමනාදන් අරච්චුනා’ පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, ද්‍රශ්‍ය හා සමාජ මාධ්‍ය වල සජීව ලෙස විකාශය කිරිම අත්හිටුවමින් කතානායකවරයා මීට පෙර පැනවූ තහනම අදින් අවසන් වීමටද නියමිතයි ෴
+
+
බණ්ඩාරවෙල ළිඳක් ඇතුළේ සිදු වූ ඛේදවාචකය
(08.05.2025 – 19:34 +0530 – hirunews.lk/sinhala)
අඩි 15 ක පමණ ගැඹුරු ලිදක් සුද්ද කරමින් සිටි 67 හැවිරිදි පුද්ගලයෙකු මතට අද (08) ඊට ඉහලින් තිබු පස් බැම්මක් කඩා වැටී තිබෙනවා.
එහිදී ඔහු ඊට යට වී ඇති අතර ඔහුව බේරා ගැනීමට උත්සාහ දරමින් සිටි පිරිස මතටද නැවතත් පස් කන්ඩියක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එම පිරිස අතර අටදෙනෙකු (8) සිට ඇති අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් කිහිප දෙනෙකු ද සිට තිබෙනවා.
කෙසේ වෙතත් නගර සභාවේ එක් (1) සේවකයෙකු පස්වලට යට වී මිය ගොස් ඇති අතර අනෙක් පිරිස තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
+
කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) මරුට
(08.05.2025 – 21:16 +0530 – hirunews.lk/sinhala)
කොට්ටාව – මාලපල්ල, පංසල පාරේ වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු (1) තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ පන්සල පාරේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

+++
+
නීති විරෝධී ‘පිරමීඩ යෝජනා ක්‍රමයක’ මුදල් ආයෝජනය කිරීම
(08.05.2025 – facebook.com/srilankapoliceofficial/)
යම්කිසි ආයතනයකට ඔබ මුදල් ආයෝජනය කිරීමට පෙර එම ආයතනය පිළිබඳ විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ අදාල ආයතනය පිළිබඳ සොයා බැලිය යුතුය. අධික ලාබ පොරොන්දු, කෙටි කාලයකින් ඉතා විශාල ලාබ ගත හැකි අවස්ථා පිළිබඳව ද නිතර සැකයෙන් කටයුතු කළ යුතුය. බිය ගැන්වීම් හෝ හදිසි ගනුදෙනු සඳහා බලකිරීම් වලට යටත් නොවිය යුතුය. එසේම එම ආයතන මඟින් ඔබට ලියකිවිලි ලබා දේ නම් ඒවාද අත්සනට පෙර හොඳින් කියවා අවබෝධ කර ගත යුතුය.
විටෙක මෙම ජාවාරම් අන්තර්ජාල මඟින් ද, තවත් විටෙක විදේශිය පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් ද පවත්වාගෙන යනු ලබයි. මුල් අවස්ථාවන් වල ඔබට විශාල ආදායමක් මවා පෑවද පසුව ‘පිරමීඩ ක්‍රමය’ බිඳ වැටෙන අවස්ථාවලදී ඔබ යෙදූ මුදල් ඔබට අහිමි වී යනු ඇත.
ශ්‍රි ලංකාවේ නීතියට අනුව 1988 අංක 30 දරන බැංකු පනත මඟින් ‘පිරමීඩ යෝජනා ක්‍රමයක්’ කෙලින්ම හෝ අන්ආකාරයකින් ආරම්භ කිරීම ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ මුදල් සැපයීම නොකළ යුතු අතර එම විධිවිධාන කඩකරනු ලබන ඕනෑම අයෙකු නීතියෙන් වරදකරුවකු වේ. තවද ඉහත විධි විධාන කඩ කිරීමේදී 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත සහ 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේද නීති විරෝධී කටයුත්තක් ලෙස අර්ථ දක්වා ඇත ෴
සුපිරි වෙළෙඳසැලකට රුපියල් මිලියන 2 ක ‘සුපිරි දඩයක්’
(08.05.2025 – 19:08 +0530 – sinhala.adaderana.lk)
‘පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ’ යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට රුපියල් මිලියන 2 ක දඩයක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් අප්‍රේල් 01 වනදා සිට ‘දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල්’ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර, එය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.
මේ වනවිට මි.ලී. 500 ජල බෝතලයකට රු. 70 ක් ලෙසත්, ලීටර් 1 ජල බෝතලයකට රු. 100 ක් ලෙසත්, ලීටර් 1.5 ජල බෝතලයකට රු. 130 ක් ලෙසත්, ලීටර් 2 ජල බෝතලයකට රු. 160 ක් ලෙසත් හා ලීටර් 5 ජල බෝතලයක් රු. 350 ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
ඒ අනුව අදාළ සුපිරි වෙළෙඳසැල් ශාඛාවක ලීටරයේ පානීය ජල බෝතලයක් රුපියල් 130 ක මුදලකට අලෙවිකිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත් අප්‍රේල් 23 වනදා වැටලීමක් සිදුකර තිබේ.
අදාළ සමාගමට එරෙහිව පවරන ලද නඩුව ඊයේ (08) අලුත්කඩේ අංක 5 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදී එම සුපිරි වෙළෙඳසැල වරද පිළිගෙන ඇත.
ඉන් අනතුරුව මෙම දඩ මුදල නියමකර තිබේ.
මේ අතර පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ තවත් වෙළෙඳසැල් 5 කටද රුපියල් ලක්ෂය බැගින්, රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් අධිකරණය මගින් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය මාසය තුළ පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් 138 ක් පමණ කර තිබේ ෴
උදය ගම්මන්පිළ සැබෑ වූ අනාවැකි එක මිටට දිගහරියි (08.05.2025)
+++
අගමැතිවරියගේ දඬුවම ගැන | කොළඹ බලය ගැන | පැරදුණු අය දිනන විදිය ගැන | කොමිසම කතා කරයි (08.05.2025)
+
හර්ෂ ද සිල්වා ආණ්ඩුවට දුවන්න දෙයි (08.05.2025)
+
පකිස්තානු – ඉන්දියානු යුද්ධයේදී පැත්තක ඉන්න අපිට වෙන දේ.. (08.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴