කටුනායකදී පොලීසිය කලහකාරයෙකුට දණ හිසෙන් පහළට වෙඩිතබයි
(06.05.2025 – 10:26 +0530 – sinhala.adaderana.lk)
කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
අද (06) උදෑසන 10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.
කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබේ.
එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ සැකකරුගේ දණ හිසෙන් පහළට වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහල වෙත ඇතුළත් කර ඇත.
සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් වෙඩිතබා ගෙන සියදිවි නසාගනී
(06.05.2025 – 09:31 +0530 – hirunews.lk/sinhala)
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු අද (06) අලුයම 05:20 ට පමණ තම රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඔහු රාජකාරි අවස්ථාවේදි මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිබිල දිය කොබල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.
ඔහු ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිතව තිබූ බවයි සඳහන් වෙන්නේ.
පසුගිය වසරේ (2024) මෙම සැරයන්වරයාගේ බිරිඳ පිලිකාවෙන් මියගොස් ඇති බවද සඳහන්.
මෙම නිලධාරියා ඉකුත් 05 වෙනිදා රාත්‍රි පදියතලාව පොලිස් ස්ථානයේ රාජාකාරි යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙකේ පෙනිම අඩු බව පවසා පදියතලාව පොලිසිය ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එම මුරකුටියේ සේවය කර ඇති අතර අද (06) අලුයම මුරකුටිය තුලදිම රාජකාරි ගිනි අවියෙන් නිකට පෙදෙසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
පදියතලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
(තම මානසික රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)
අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි
(06.05.2025 – 12:25 +0530 – hirunews.lk/sinhala)
2024.12.28 වන දින සිදුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් පුද්ගලයින් තිදෙනෙකුට (3) ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා දෙදෙනෙකු (2) ඝාතනය කර එක් (1) පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සිදුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ බවට විමර්ශන වලදී අනාවරණය වූ සැකකරු මේ වන විට පදිංචි ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන අතර අවශ්‍ය කරන සැකකරුගේ විස්තර පහතින් :
නම : මොහොමඩ් අස්මන් ශෙරිල්ඩීන්
ජා.හැ.අංකය : 911013363V
ලිපිනයන් : සෙන්ට්‍රල් ගාඩ්න්, රදොළුගම / කටුවන පාර, හෝමාගම
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති සීදුව : 071 859 1637
පොලිස් ස්ථානය – සීදුව : 011 225 3522
ආනන්තරීය පාප කර්මයක් : පුතාගේ පොලු පහරින් පියා මරුට
(06.05.2025 – 14:52 +0530 – hirunews.lk/sinhala)
පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පසුව පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය ගලේවෙල, මකුළුගස්වැව ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රියේ සිදුව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මකුළුගස්වැව හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි සමන් ප්‍රියන්ත (53) නැමැත්තෙක්.
ඝාතනය සැඟවීම සඳහා රාත්‍රියේ සිටම අද (06) උදෑසන දක්වා සැකකාර පුතා සැලසුම් කරමින් සිටින අතරතුර අසල්වැසි කාන්තාවකගෙන් සහය ඉල්ලා තිබෙන බව පැවසෙනවා.
ඒ සඳහා අකමැති වූ කාන්තාව මෙම මරණය පිළිබඳව තොරතුරු හෙළිකර පොලිසියට දන්වා ඇති බවයි පැවසෙන්නේ.
සැකකරුගේ මියගිය පියා බිම ඇද වැටී මරණයට පත් වූ බව සැලසුම් කිරීමටයි අසල්වැසි කාන්තාවගෙන් උදව් ඉල්ලා ඇත්තේ.
අදාල නිවසේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පහර දුන් බව කියන අයගේ පුතා ජීවත්ව සිට තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
+
+
නවක වධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන් හය දෙනා (6) රිමාන්ඩ්
(06.05.2025 – 15:28 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් මුල්කරගෙන එම සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවන (2) වසරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සිසුන් 6 දෙනා ද මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් අද (06) බලංගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නවක වද සිද්ධියට අදාළව සබරගමුව විශ්වවිද්‍යාලයේම තාක්ෂණ පීඨයේ 3 වන වසර ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (05) රාත්‍රීයේ දී ද තවත් සිසුන් 4 දෙනෙකු සමනලවැව පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා ෴
ජනපති පිළිබඳ ‘අසත්‍ය ප්‍රකාශයක්’ බුකියේ පළ කළ ‘තුසිත හල්ඔළුව’ CIDයෙන් කැඳවනු ලබයි
(06.05.2025 – 16:10 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද ‘තුසිත හල්ඔළුව’ ලබන 07 වනදා උදෑසන 10:00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴
සීනිගම දියඹ දෙවොලට පැන්න සොරෙක් වැටී මරුට ?
(06.05.2025 – 16:37 +0530 – hirunews.lk/sinhala)
‘සිනිගම දෙවොල් මහ දේවාලයේ දියඹ දේවාලය’ තුළ මියගොස් සිටි අයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
එම මළ සිරුර අද (06) උදෑසන සොයාගත් බවයි මීටියාගොඩ පොලීසිය පැවසුවේ.
මිය ගිය තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණයවී නැති බවද පොලිසිය කියා සිටියා.
දේව ප්‍රතිමාවක ඔබ්බවා තිබූ වටිනා මැණික් සොරාගැනීමට සැකකරු පැමිණි අවස්තාවේ යම් හේතුවකින් මරණය සිදුව තිබෙන බවයි සැක කෙරෙන්නේ.
අදාල ප්‍රතිමාව අඩි 12 ක් පමණ උසකින් යුක්ත බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර එම දේවාලයේ ජනේලයක් කඩා දමා තිබූ බවද පොලිසිය පැවසුවා.
මේ හේතුවෙන් මියගිය පුද්ගලයා සොරකමේ ගියා දැයි පොලිසිය සැක කරනවා.
+
මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදාගනී
(06.05.2025 – 15:32 +0530 – sinhala.adaderana.lk)
මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද අද (06) මුදවාගත් බව ‘විදේශ අමාත්‍යාංශය’ පවසයි.
ඒ අනුව අදාළ කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මේ වනවිට මුදාගෙන අවසන් බව විදේශ අමාත්‍යංශය සදහන් කළේය.
+
15 Lankans Rescued From Myanmar Cyber Camps by poornima
මාර්ගය හරහා දිව ගිය කුඩා දැරිය ලොරියක ගැටෙයි
(06.05.2025 – 07:10 +0530 – sinhala.adaderana.lk)
අඹන්පොල පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ නෙළුම්පත්වැව හන්දිය අසලදී පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා දිව ගිය කුඩා දැරියකගේ ගැටී අනතුරක් සිදුව තිබේ.
ඊයේ (05) සවස් කාලයේ අනතුර සිදුව ඇති අතර, අනතුරින් දැරිය බරපතළ තුවාල ලැබූ දැරිය අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය දැරිය වයස අවුරුදු 08 ක් වූ අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය අඹන්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
අද (06) පස්වරු 04:00 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත
(06.05.2025 – 16:38 +0530 – hirunews.lk/sinhala)
අද (06) පස්වරු 04:00 ට අවසන් වූ පළාත් පාලන ඡන්ද විමසීමේ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය :
බදුල්ල දිස්ත්‍රික්කය – 60% කොළඹ දිස්ත්‍රික්කය – 50% පොළොන්නරුව දිස්ත්‍රික්කය – 53% නුවරඑළිය දිස්ත්‍රික්කය – 60% කළුතර දිස්ත්‍රික්කය – 55% අනුරාධපුර දිස්ත්‍රික්කය – 60% මන්නාරම දිස්ත්‍රික්කය – 70% පුත්තලම දිස්ත්‍රික්කය – 55% කුරුණෑගල දිස්ත්‍රික්කය – 51% | අම්පාර දිස්ත්‍රික්කය – 63% මොණරාගල දිස්ත්‍රික්කය – 61% මහනුවර – 55% නුවරඑළිය – 60% අනුරාධපුර – 60% බදුල්ල – 60% රත්නපුර – 60% කෑගල්ල – 58% – |
පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මවයි ෴
පහර දීම්, පිහි ඇනුම්, ප්‍රචාරණ කටයුතු… | මැතිවරණය අස්සේ සිද්ධ වෙච්චි නීතිවිරෝධී වැඩ ටික මෙන්න (06.05.2025)
+
+
සාතිශය බහුතරයක අවිනිශ්චිත තත්ත්වයක් – මේ මැතිවරණයේ දීලා තියෙන පාඩම් මැතිවරණ නිරීක්ෂකයෙක් කියයි (07.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴