‘නවක වධය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන් සිව්දෙනා (4) රිමාන්ඩ්
‘නවක වධය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන් සිව්දෙනා (4) රිමාන්ඩ්
(05.05.2025 – 15:06 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වධය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සිසුන් සිව්දෙනා (4) ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගර ගතකර තිබෙනවා.
ඊයේ (04) දිනයේ මෙම සිසුන් සිව්දෙනා (4) අත්අඩංගුවට ගෙන තිබුණේ ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව’ විසින්.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසර ඉගෙනුම ලැබූ ‘චරිත්’ සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදායි.
සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි.
මෙම සිසුවා දිගින් දිගටම සරසවියේදී නවක වදයට ලක් ඇති බවයි ඔහුගේ මව්පියන් පවසන්නේ.
පුස්සැල්ලාව ඉහළ ගම ප්‍රදේශයේ පදිංචි ‘චරින් දිල්ෂාන්’ නමැති මෙම තරුණයා සිය නිවසේදීයි සිය දිවි නසාගෙන තිබුණේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසරේ ඉගෙනුම ලැබූ ඔහු ඊයේ (04) සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුණා.
පොලිසිය පැවසුවේ සිය ගෙවත්තේ කුකුල් කූඩුවක බාල්කයක එල්ලී ඔහු සිය දිවි නාසාගෙන තිබු බවයි.
මියගිය ‘චරිත්’ දරුවන් දෙදෙනෙකු (2) ගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන අතර, සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලිපියක් ද ලියා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු කිසියම් මානසික පීඩාවකින් සිටි බව එම ලිපියේ දැක්වෙනවා.
“මම ඉගෙන ගන්න ආසයි. දියුණු වෙන්න ආසයි. දෙමාපියන්ට සලකන්න ආසයි. මට දෙමාපියන්ගෙන් කරදරයක් නැහැ ඒත් මේ මානසික පීඩනය මට දරාගන්න අමාරුයි. ඒ නිසා මේ තීරණය මම ගන්නවා. මේකට කවුරුත් වග කියන්න ඕන නැහැ”
‘පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයෙන්’ අධ්‍යාපනය ලැබූ ‘චරිත්’ වැඩිදුර අධ්‍යාපනය සඳහා ‘සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය’ට ඇතුළන් වී නිබුණා. විශ්ව විද්‍යාල ආරංචි මාර්ගවල දැක්වුණේ ඔහු අවස්ථා කිහිපයකදීම විශ්ව විද්‍යාලය තුළදී නවක වදයට ගොදුරු වූ බවයි.
ඊට ආසන්නතම සිදුවීම පසුගියදා එම විශ්ව විද්‍යාලයේ බක්මහ උළෙල පැවැති දිනට පෙර දින සිදු වූ බව ද විශ්ව විද්‍යාල අභ්‍යන්තර තොරතුරු වලින් දැක්වෙනවා.
කොට කලිසමක් ඇඳ විශ්ව විද්‍යාලය තුළ සිටීම නිසා චරිත් නවක වදයට ලක්ව ඇති බවටයි එම තොරතුරු වල දැක්වුණේ.
එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවියක් චරින්ගේ සිය දිවි නසා ගැනීමෙන් අනතුරුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් පළ කර තිබුණා.
“මම ඉගෙන ගන්නේ මේ කැම්පස් එකේ ඇතුළේ ඉන්න ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර් කොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද වෙන්නේ කියලා. උඩ බැජ්වලින් අහලා වැඩක් නැහැ හොඳට හොයලා බලන්න. හැම ෆැකල්ටියකම සෙකන්ඩ් ඉයර් බැච් එකේ වුණත් බහුතරයක් බෝඩිම් ගියේ ඇතුළේ නිදහසේ ඉන්න බැරි නිසා මහ රෑ දැනුවත් කිරීම්, මිටින් අරවා මේවා දාලා උන් ආතල් ගන්නවා මේ කොල්ලට හොඳටම රැග් එක දුන්නේ මෙහේ අවුරුදු උත්සවයට කලින් දවසේ රෑ ඒ රැග් කරේ ෂෝටක් ඇඳන් කාමරේකින් කාමරේකට මාරු වුණා කියලා. අපි හැමෝටම ගෙන්වලා ෆ්ලෝ එකේ හාවෝ පැන්නුවා ඌව වෙනම අරන් ඌට හෙණ වදයක් දිලා ඌට හෙණ වදයක් දීලා තියෙන්නේ බාගෙට ඇඳුම් ගලව ගලවා පහුවදා අවුරුදු උත්සවය දවසේත් බයිට් කළා. ඊට කලිනුත් මූට පුදුම වද දුන්නේ. ඊට පහුවදා ඌ ගිහින් එන්නම් කියලා ගෙදර ගියේ.”
චරිත්ගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ත්‍රිපුද්ගල (3) කමිටුවක් පත්කරනු ලැබුවා.
ඒ එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. ඒ වයි. අමරසිංහගේ සභාපතීත්වයෙන් ෴
+++
සබරගමුව සිසුවාගේ මරණයට අදාලව සිසුන් 11 කගේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි
(05.05.2025 – 19:39 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවදය හේතුවෙන් මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගත් තුන්වන (3) වසරේ සිසුන් සිව්දෙනා (4) ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව’ පවසනවා.
තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසරේ ඉගෙනුම ලැබු සිසුවෙකුගේ මරණයට අදාලව එම විශ්වවිද්‍යාලයේම සිසුන් සිව්දෙනෙකු (4) ඊයේ (04) රාත්‍රියේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අද (05) බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම සිසුන් සිව්දෙනා (4) මේ මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.
එමෙන්ම, එම සිදුවීමට අදාලව තවත් සිසුන් සිව්දෙනෙකු (4) අද (05) සමනලවැව පොලිසිය වෙත භාර වූ අතර, මෙම සැකකාර සිසුන් සිව් දෙනා (4) ද ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත බාර දීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴
+
+++
නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(06.05.2025 – 11:18 +0530 – sinhala.adaderana.lk)
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන (2) වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන (3) වසරේ සිසුන් දෙදෙනෙකි (2).
පොලීසිය පැවසුවේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්’ විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.
ඒ අනුව මෙම නවකවධය සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත ෴
+
අගමැති හරිනිටත් වැඩ වරදියි ? – එයාට වෙනම නීතියක් තියෙන්න බැහැ (05.05.2025)
+
“වෛද්‍ය ජයරුවන්ට හදිස්සියක්.. සල්ලි දාපල්ලා..” – සල්ලි දාන්න එපා ! – වෛද්‍ය ජයරුවන් (05.05.2025)
+
ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්
(05.05.2025 – pmd.gov.lk)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ (04) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබෙන අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද ඊට එක් විය ෴
+++
අනුරට එල්ල වූ චෝදනාවන් පිටුපස සැඟවුණු තුසිත හල්ලොලුව කවුද? CID පැමිණිලි සම්බන්ධයෙන් සත්‍යය මෙන්න! (05.05.2025)
+
නලින්ද වටේ ඉන්න හොරු 40 ක් ගැන හෙළිදරව්වක් | ලොකුම හොරා මෙන්න (05.05.2025)
+
බන්ධනාගාරගත රැඳවියකු මියයාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
(05.05.2025 – 19:22 +0530 – hirunews.lk/sinhala)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු මියයාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ සම්බන්ධයෙන් ආයතන මටට්ටමින් 1 පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භකර ඇති බවයි ඔහු පවසන්නේ.
ඊට අමතරව, වැඩිදුර විමර්ශනය සඳහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා පත්කර තිබෙන බවද පැවසුවා.
මේ අතර අගුණකොළපැලැස්ස පොලීසිය මගින්ද විමර්ශන කටයුතු සිදුකරනවා. බන්ධනාගර රෝහලේ රඳවා සිටියදී පහර දීමකට ලක්ව මෙම රැඳවියා මියගොස් ඇති බවට සැක කෙරෙනවා.
මෙම රැඳවියා බන්ධනාගාරයේ නවක රැඳවියන් රඳවන වාට්ටුවක රඳවා සිටි බවයි පැවසෙන්නේ.
එහිදි ඔහුගේ කලහකාරී හැසිරිම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.
පසුව ඔහු තනිවම රැඳවීමට කටයුතු කර තිබෙන අතර එහිදී මොහු වාට්ටුවේ බිම ඇදවැටී සිටින බව දැක තිබෙනවා.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව අගුණුකොළපැලැස්ස මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාරවලට හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම රැඳවියා මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහු බන්ධනාගාරගත කළ බවයි පැවසෙන්නේ.
අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදි ඇති වාර්තාවට අනුව මෙම මරණයට ආසන්නම හේතුව යම් පහරදීමක් බවයි සඳහන් ෴
පොලීසියේ 6 දෙනෙක් ඒකොල්ලට ගැහුවා – ගමම එකතුවී කොස්ගොඩ පොලීසිය වටලයි – උණුසුම් තත්ත්වයේ දර්ශන පෙළක් එළියට (05.05.2025)
+
මල් කඩා පාපයක් කර මල් පූජාකර දේවත්වයට ගිය අය – ‘අලුත් බුදුවරු’ සුත්‍ර වල අඩුපාඩුම ප්‍රසිද්ධ කරන්නේ ඇයි? (2025-05-06)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴