සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4 ක් අත්අඩංගුවට

සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4 ක් අත්අඩංගුවට


සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4 ක් අත්අඩංගුවට

(04.05.2025 – 21:06 +0530 – sinhala.adaderana.lk)

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු (4) අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ (CID) විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන (3) වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන (2) වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත භාර දී තිබේ.

අදාළ නවක වද සිදුවීම සම්බන්ධව පසුගිය 29 වනදා ‘සමනළවැව පොලිස් ස්ථානය’ වෙත ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 02 වනදා ‘සමනළවැව පොලිස් ස්ථානය’ විසින් නවක වදයට ලක්වූ ‘සබරගමුව විශ්වවිද්‍යාලයේ’ සිසුන් 20 කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් හෙට (05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+

+


ඩෑන් ඝාතනයට අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් පාපොච්චාරණයක්

(04.05.2025 – 20:31 +0530 – hirunews.lk/sinhala)

සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේදී පසුගියදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙකු වූ ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරු සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

අදාල වෙඩික්කරු මත්පැන් සාදයකට සහභාගී වී ඔහුගේ බාල පුත්‍රයා සමග නැවත නිවස බලා මෝටර් රථයකින් ‘කොළඹ කුරුදුවත්ත ප්‍රදේශය’ හරහා ගමන් කර තිබෙනවා.

ඒ අනුව අදාල තොරතුර ලැබීමත් සමග ‘බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ’ නිළධාරීන් විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී වාහන බලපත්‍ර පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී ඔහු පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කර පළා ගොස් තිබෙනවා.

පසුව ඔහු ගමන් ගත් මෝටර් රථය ‘හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිහාල් තල්දූව’ගේ රථයෙහි ගැටී ඇති අතර එම අවස්ථාවේදී අදාල සැකකරු බීමත්ව රිය ධාවනය හේතුවෙන් ‘කුරුදුවත්ත පොලිසිය’ මගින් එම අවස්ථාවේදි සැකකරු අත්තඩංගුට ගෙන පසුව පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

ඇප මත නිදහස්ව සැකකරු පිටව යාමේ දී නැවතත් ‘මිරිහාන පොලිස් කණ්ඩායමක්’ විසින් සැකකරු ‘ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ’ ප්‍රධාන වෙඩික්කරු බවට හදුනාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ ‘හට් බන්දු’ නැමති 52 හැවරදි වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

එමෙන්ම අදාල වෙඩික්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් මත ඊයේ (03) දිනයේදී, අදාල ඝාතනය සදහා ඔත්තු බැලූ පුද්ගලයෙකු (1) ද අත්අඩංගුවට ගෙන තිබුණා.

‘ඩෑන් ප්‍රියසාද් ඝාතනය’ වන අවස්ථාවෙ ඔහු සහභාගී වූ මත්පැන් සාදය පැවති ස්ථානය පිළිබද ‘බන්දු’ නමැත්තාට තොරතුරු ලබා දී ඇත්තේ මෙම සැකකරු විසිනුයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 27 හැවිරිදි තරුණයෙක්. ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴

+

+


ගල්කිස්සේ වෙඩිතැබීමක් – 19 හැවිරිදි තරුණයෙක් මරුට

(05.05.2025 – 07:40 +0530 – sinhala.adaderana.lk)

අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් තරුණයෙකු (1) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+++

පළමු වෙඩිතැබීම : ගල්කිස්ස සිල්වෙස්ටර් පාරේ දී …

+++

දෙවැනි වෙඩිතැබීම : ගාලු පාර – වෙරළ පාර හන්දියේදී (සිල්වෙස්ටර් පාර ඉදිරිපිට)

පළමු වෙඩිපහර කාගෙන, සිල්වෙස්ටර් පාරේ සිට ගාලු පාර හරහා වෙරළ පාර හන්දියට තුවාලකරු දුවගෙන යයි. තවදුරටත් දුවගැනීමට බැරිව තුවාලකරු නතර වේ. තුවාලකරු ලුහුබැඳ ආ වෙඩික්කරු, වෙරළ පාර හන්දියේදී, දෙවැනිවරට තුවාලකරුට වෙඩිතබයි !

+++

+++

+++

වෙඩි තබා ගල්කිස්සේදී තරුණයෙකු ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

(05.05.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්සේදී අද (05) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම තරුණයා මාර්ගය පිරිසිදු කරමින් සිටින අතුරතුර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ඔහුට වෙඩි තබා ඇති අතර, පොලිසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් (2) අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවයි.

මෙම වෙඩි තැබීම අද (05) පෙරවරු 06:40 ට පමණ සිදුව තිබුණේ ‘ගල්කිස්ස, ශාන්ත සිල්වෙස්ටර්’ මාර්ගයේදීයි.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන ‘ප්‍රවීන් නිසන්ක’ නමැති 19 හැවිරිදි තරුණයෙකු එම වෙඩි ප්‍රහාරයෙන් මියගියා.

ඔහු අද (05) පෙරවරුවේ ගල්කිස්ස ශාන්ත සිල්වෙස්ටර් මාර්ගය පිරිසිදු කරමින් සිටින අතරතුර, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ඔහු පසුකර ගමන් කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.

වෙඩි වැදුණු තරුණයා ගාලු පාර දෙසට දිව යන අයුරු සහ වෙඩි තැබු පුද්ගලයා යතුරු පැදියෙන් බැස ඔහු පසු පස හඹා යන අයුරු ද එහි දැක්වෙනවා.

එලෙස දිව ගිය තරුණයාට ගල්කිස්ස වෙරළ පාර හන්දිය අසළ වෙළෙඳසැලක් ඉදිරිපිටදී නැවත වෙඩි තබන අයුරුද සටහන්ව තිබුණා.

වෙඩි වැදීමෙන් මියගිය ‘ප්‍රවීන් නිසන්ක’ නමැති තරුණයා ‘දෙහිවල, ඕබන් පෙදෙසේ’ පදිංචිකරුවෙක්.

පොලිසිය පැවසුවේ ඔහු ‘නිම්මි සුමේධා ෆොන්සේකා’ නොහොත් ‘චතුරි’ යන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ පුත්‍රයෙකු බවයි.

ඇය ‘බඩෝවිට අසංක’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම්වල නිරත වන බවත්, වෙඩි වැදුණු තරුණයා ද මවගේ එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වන බවත්, පොලිසිය පැවසුවා.

පොලිසිය සඳහන් කළේ ‘චතුරි’ නමැති කාන්තාව තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘කොස්මල්ලි’ නැමැත්තාගේ ඥාතියෙකු බවට ද වාර්තා වන අතර, ‘බඩෝවිට අසංක’ සහ ‘කොස්මල්ලි’ අතර කලක් සිට ගැටුම් පවතින බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය සැක කරන්නේ දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි.

මෙම වෙඩි තැබීමත් සමඟ 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 42 ක් වාර්තා වන අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 29 ක්.

ඊයේ (04) දිනයේදීත් කළුතර නාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

එම වෙඩි ප්‍රහාරයට ලක්වුණේ මෙවර පළාත් පාලන ඡන්දයට කළුතර මහ නගර සභාවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙක්.

පොලිසිය පැවසුවේ එම වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කළුතර රජවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනයේ කිරීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු බවයි.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පෙරේදා (03) රාත්‍රියේදීත් මීටියාගොඩ ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුව තිබු අතර, ඒ අනුව ගතවූ දින දෙක (2) තුළ පමණක් වෙඩි තැබීම් 3 කින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මිය ගියා ෴

+


මාස තුනට (3) අල්ලස් නඩු 1,250 පනී – අත්අඩංගුවට ගත් 6 ක්ම පොලීසියේ

(05.05.2025 – 07:11 +0530 – sinhala.adaderana.lk)

මේ වසරේ (2025) ගතවු පළමු මාස 03 තුළ ‘අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ වෙත පැමිණිලි 1,250 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ.

ජනවාරි මස 01 වනදා සිට මාර්තු මස 31 වනදින දක්වා කාලය තුළ පැමිණිලි 1,267 ක් ලැබී ඇති බව ‘අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24 ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 06 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙකු, කම්කරු නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඒ අතර වන බව සඳහන්ය.

ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරියෙකු, අධිකරණ අමාත්‍යංශ සේවකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ද සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වසරේ ගත වු කාලය තුළ චුදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21 ක් සිදුකර ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය ෴


විශ්ව විද්‍යාල වලට මිනී මරන්න බලය දුන්නේ කවුද? රටේ එක නීතියකුයි ක්‍රියාත්මක විය යුත්තේ (04-05-2025)

+


චරිත්ගේ මරණයෙන් හුස්මක් ගන්නත් කලින් ඇඟකිලිපොළායන හෙළිදරව්වක් – කොටහේනේ දැරිය මියගිය හේතුව මව හෙළිකරයි (04.05.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *