සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක්
සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක්
(03.05.2025 – 20:27 +0530 – hirunews.lk/sinhala)
විශ්වවිද්‍යාල තුළ සිදුවන බවට වාර්තා වන නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.
පසුගියදා සබරගමු සරසවියේ සිසුවෙකු මියයාම පිළිබඳ පරීක්ෂණ වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන්නේ එවන් පසුබිමකයි.
මේ අතර, නවක වදය ලබාදුන් බවට ඔප්පු වුවහොත් වසර 2 ක සිර දඬුවම් පැනවිය හැකි අතර, ලිංගික හිංසනයන්ට ලක්කර තිබුණහොත් වසර 10 ක් දක්වා සිර දඬුවම් ලබාදිය හැකි බව නීති විශාරදයින් පවසනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන (2) වසරේ ඉගෙනුම ලැබූ, පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ‘චරිත් දිල්ශාන්’ සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදායි.
චරිත්ගේ දිවි නසා ගැනිමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකකරන බව පවසමින් එම සරසවියේම සිසුන් පිරිසක් සමනළවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනා.
එවැනි පසුබිමක තමන් ද නවක වදයට මුහුණ දුන් බව පවසමින් සබරගමු සරසවි සිසුන් 20 දෙනෙකු ද සමනළවැව පොලිසියට මේ වනවිට සාක්ෂි ලබා දී තිබෙනවා.
ඒ අනුව සමනළවැව පොලිසිය සඳහන් කළේ ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවයි.
මේ අතර සබරගමු විශ්ව විද්‍යාලයේ සිදුවූ බව පවසන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරිමට කටයුතු කළා.
එම කමිටුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන් පාර්ශ්ව කිහිපයකින් ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා.
නවක වදයට විරුද්ධ වූ තමන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පහරදුන් බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි (3) වසරේ සිසුවෙකු වැලිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
නවකවද සිද්ධියකට විරෝධය පෑම හේතුවෙන් තමාට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පහර දුන් බවටයි මෙම සිසුවා පසුගියදා හෝමාගම පොලිසියට පැමිණිලි කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර, මෙම සිද්ධියට සම්බන්ද විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකුට තාවකාලික පන්ති තහනමක්ද පැනවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ පවසනවා ෴
+++
නවක වදය දීලා අහුවුණොත් ජීවිතේම ඉවරයි – නිකමෙක් වගේ එළියට යන්න වෙයි – අවුරුදු ගානක් හිර බත් කන්න වෙයි (03.05.2025)
+
පුංචි ආණ්ඩුවල හිටපු නියෝජිතයින් පිරිසක් ගත් කෝටි ගණනක වන්දි ගැන නලින්දගේ අනාවරණය
(03.05.2025 – 18:15 +0530 – sinhala.adaderana.lk)
2022 අරගල සමයේ ගිනිතැබීම්වලින් තම නිවාසවලට වූ දේපොළ හානි සඳහා හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරු 92 දෙනෙක් ද රුපියල් කෝටි 62 ක් ලබාගෙන ඇතැයි අද (03) අනාවරණය කෙරුණි.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම හෙළිදරව්ව කළේ අද (03) පස්වරුවේ හොරණ, ගෝනපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
2022 අරගල සමයේ මැයි 09 වැනිදා සිදුවූ ගිනි තැබීම්වලින් නිවාසවලට වු දේපොළ හානි වෙනුවෙන් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම වාර්තාවට අනුව මැති ඇමතිවරු 43 දෙනෙකු සඳහා වන්දි මුදල් ලෙස රුපියල් කෝටි 122 ක් ලබා දී තිබුණි.
+
+++
+
පිල්ලෙයාන්ට ලොකු දෙයක් වෙයි – උදය ගම්මන්පිල (03.05.2025)
+
ආණ්ඩුවෙන් සහනයක් නැතිම තැන ව්‍යාපාරිකයෝ යකා නටති – ජනාධිපතිගේ මහ ලොකු උපදේශකයා කෝ යකෝ ? – මූව අත් අඩංගුවට ගනිල්ලකෝ, අපිවම කන්නේ නැතුව – අනුරගේ පැටිකිරිය කිය කියා මෙන්න දෙහි කපනවා (03.05.2025)
+
මීටියාගොඩ වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට; අයෙකුට (1) තුවාල
(03.05.2025 – 23:17 +0530 – hirunews.lk/sinhala)
මීටියාගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් එක් (1) අයෙකු මිය ගොස් තවත් අයෙක් (1) තුවාල ලබා තිබෙන බවද පොලිසිය සඳහන් කළා.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් (2) ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.
අම්බලන්ගොඩ – මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ ෴
නාමල් කරුණා කියන මෝඩයා… | නහුතෙටම මළ පැන්න ගොවියෙක් නාමල්ටයි ආණ්ඩුවටයි හොඳම එකෙන් අමතයි (03.05.2025)
+
චාමර සම්පත්ගෙන් පැය 4 ක ප්‍රකාශයක් ගනියි
(03.05.2025 – 18:34 +0530 – sinhala.adaderana.lk)
‘පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක’ ගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (03) ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් එම කොට්ඨාසය විසින් පැය 4 ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
‘ලංකා පොස්ට්පේට් සමාගම’ මගින් පසුගිය කාල සීමාව තුළ ‘රොක් පෝස්පේට්’ මෙට්‍රික් ටොන් තිස්දහසක් (30,000) අපනයනය සඳහා සමාගම් තුනක් (3) වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700 කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.
‘නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ’ වැඩ බලන අධ්‍යක්ෂ සුජීව විජේසේන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ ෴
+
+
අධිවේගයේ බස් නැවතූ රියදුරන්ට, පොලිසියට ක‍්‍රියාමාර්ග ගන්නවා .. සංවිධායක ලයිස්තුව කැඳෙවුවා .. – ජනපති අනුර කුමාර
(04.05.2025 – 09:20 +0530 – lankacnews.com)
ගාලු මුවදොර පැවැති මැයි රැලිය සදහා පැමිණි ජාතික ජන බලවේගය පිරිස් සහිත බස් රථ අධිවේගී මාර්ගයේ නවතා ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පල කරයි.
මෙම සිදුවීම සිදුවූ පසු තමන් ඒ පිළිබඳව අදාළ සංවිධායකයන්ගෙන් විමසා සිටි බවද හෙතෙම කියා සිටී.
එම බස් රථවල රියදුරන්ටත්, එම කටයුතු සිදු කරද්දී එහි සිටි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙනුත් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසුවේය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලද බස් රථවල සංවිධායකවරයන් සම්බන්ධයෙන්ද තමන් ලේඛනයක් කැඳවා ඇති බවත් හෙතෙම කියා සිටී.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ‘දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන’ට එක්වෙමිනි.
+
ජනාධිපති මාධ්‍ය ඒකකයට නිදහස් මාධ්‍ය ව්‍යාපාර විරෝධය…
(04.05.2025 – 13:20 +0530 – lankacnews.com)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පී ‘ළහිරු හර්ෂණ’ට හිමි ‘ප්‍රකාශනයේ නිදහස’ සීමා නොකළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින රැළිය අමතන ඡායාරූපයක් සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවේ පළ කර තිබියදී එය ඉන් ඉවත් කරගන්නැයි එල්ල වූ බලපෑම් නිසා ඡායාරූප මාධ්‍යවේදී ‘ළහිරු හර්ෂණ’ට එම ඡායාරූපය ඉවත් කරගැනීමට සිදුවී තිබේ. ඒ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා ඇත.
වාර්තා වන අන්දමට ඡායාරූපය ඉවත් කරගන්නා ලෙස මෙම බලපෑම් හෝ ප්‍රබල ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ තෙවන පාර්ශ්වයක් හරහා මැදිහත් වෙමින් ‘ජනාධිපති මාධ්‍ය ඒකකයේ’ කිසියම් පිරිසකි.
එය සිදුවී ඇති ආකාරය පිළිබඳ සත්‍ය අසත්‍යතාව වැඩිදුරටත් තහවුරු කරගැනීමට උත්සාහ ගන්නා අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ එවැනි තත්ත්වයක් උද්ගතවීම ඉතා කනගාටුදායක බවය.
‘ළහිරු හර්ෂණ’ ඡායාරූප මාධ්‍යවේදියා විසින් ලබාගන්නා ලද එම ඡායාරූපයේ ගුණාත්මක බව පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ ඉදිරිපත් කිරීම සිදු කළ යුත්තේ දේශපාලන පක්ෂපාතීත්වයෙන් බැහැරවය යන්න බව අපගේ මතයයි. එසේම ඡායාරූපයක් සතුව පවත්නා ප්‍රවෘත්තිමය ගුණයට අතිරේකව කලාත්මක හැඩතලයක්ද තිබෙන අතර දේශපාලන, සමාජ, සංස්කෘතික හා වෙනත් පැතිමාන ඔස්සේ ඒවා පිළිබඳ අර්ථකතන සම්පාදනය කළ හැකිය. විවිධ විචාර සම්ප්‍රදායන් හා ගුරුකුලවලට අනුගත වෙමින් ඡායාරූප අන්තර්ගතයන් කියවා ගැනීම කළ හැකි අතර එවැනි කියැවීම් පුද්ගලබද්ධ හා ගතික වීමද නොවැළැක්විය හැකිය.
එවැනි තත්ත්වයක් තුළ එබඳු පළකිරීමක් සම්බන්ධ බහුවිධ අදහස් හා මතවාද ගොඩනැගීමට අවශ්‍ය අවකාශය ආරක්ෂා කරනු විනා ඒවා ඉවත් කරගැනීමට බලපෑම් කිරීම දියුණු සංස්කෘතික ලක්ෂණයක් නොවේ.
එසේම කිසියම් ඍජු හෝ වක්‍ර බලපෑමක් මත එම ඡායාරූපය ඉවත් කරගන්නට ‘ළහිරු හර්ෂණ’ට සිදුව ඇත්නම් එය ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් කනගාටු විය යුතු තත්ත්වයකි. ඒ එම ඡායාරූපය කිසිසේත්ම ප්‍රකාශනයට ඇති අයිතිය හා අනනුකූල නොවන්නක් වන බැවිනි.
එමනිසා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඡායාරූප මාධ්‍යවේදී ‘ළහිරු හර්ෂණ’ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතර මෙවැනි අවස්ථාවලදී සීමා කිරීම් පැනවීම වෙනුවට විසංවාදයට ඉඩ සළසමින් වඩා උසස් ප්‍රකාශන හා කලා සංස්කෘතික භාවිතාවකට පහසුකම් සළසන මෙන් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිමු.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සම්ප්‍රාප්තිය අවස්ථාවේදී ජනාධිපති මාධ්‍ය ඒකකය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්ද මෙලෙසම විවේචන පවතී.
ජනාධිපති මාධ්‍ය ඒකකය යනු ජනාධිපතිවරයාගේ මෙන්ම රටේ ප්‍රතිරූපය සම්බන්ධයෙන්ද අතිශය වැදගත් වගකීම් උසුලන ආයතනයක් වන අතර එය දේශපාලන පක්ෂයකට අයත් ව්‍යූහයක් ලෙස නොපැවතිය යුතු බව අපගේ අදහසයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴