කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියක් පැහැරගැනීමේ තැතක්
(03.05.2025 – 14:41 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් ඉදිරිපිටදී කිසියම් පුද්ගලයෙකුගේ සැකකටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පාලනාධිකාරියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ක්‍රියාත්මක බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (02) පස්වරුවේ පාසල් කාලය තුළදීයි.
එම විද්‍යාලයේ සිසුවියක රැගෙන යාම සඳහා ඊයේ (02) ඇයගේ මව මෝටර් රථයෙන් පැමිණ තිබුණා.
ඇය සිය දියණියව මෝටර් රථයේ පසුපස අසුනට නංවා ගැනීමත් සමග පිටස්තර පුද්ගලයෙකු ද බලහත්කාරයෙන් එම මෝටර් රථයේ පිටුපස ආසනයකට නැග ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහු මෝටර් රථය ඉදිරියට ධාවනය කරන ලෙස බල කර තිබූ අතර සිසුවියගේ මව ඒ අවස්ථාවේදී ඉන් පිටතට පැමිණ අසල සිටි අයගෙන් උදව් ඉල්ලා තිබෙනවා.
විදුහලේ ආරක්ෂක අංශවල අවධානය ද වහාම ඒ වෙත යොමු වූ අතර සැකකටයුතු පුද්ගලයා එම අවස්ථාවේදී තියුණු ආයුධයක් පෙන්වා අසල රැස්වූ පිරිස බියවද්දා මෝටර් රථයෙන් පිටතට පැන පලාගොස් ඇති තිබුණා.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති අදාල විද්‍යාලයේ පාලනාධිකාරිය මව්පියන් වෙත දැනුම් දී ඇත්තේ සිය දරුවන් නැවත කැඳවාගෙන යාම සඳහා පැමිණීමේදී වඩාත් සැලකිළිමත් වන ලෙසයි.
අදාළ පුද්ගලයා දින කිහිපයක සිට පාසල අසල ගැවසෙන ආකාරය ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරිමේදී අනාවරණය වී තිබෙනවා.
මේ අතර පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි.
ඒ අනුව විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළා ෴
+++
කොළඹ කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්
(03.05.2025 – 11:11 +0530 – hirunews.lk/sinhala)
සිසුවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොළඹ කාන්ත විද්‍යාලයේ විදුහල්පතිනිය දෙමව්පියන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පසුගිය සිකුරාදා (02) පාසල අවසන් වීමෙන් පසු සිසුවියක් රැගෙන යාමට පැමිණි දෙමව්පියෙකුගේ රථයට නාදුනන පුද්ගලයෙකු ඇතුළු වී ඇති බව එම දැනුම්දීමේ සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යන අතර, එම පුද්ගලයාගේ අරමුණ දරුවෙකු පැහැර ගැනීම ද එසේත් නොමැති නම් වාහනය සොරකම් කිරීමද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි විදුහල්පතිනිය පවසන්නේ.
එමෙන්ම අතිරේක ආරක්ෂක පියවරයන් දැනටමත් ක්‍රියාත්මක කර ඇතත්, සියලුම දෙමාපියන් සහ භාරකරුවන්ගෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, පාසලෙන් පිටත පදික වේදිකාවේ සෑම විටම සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, ඇය ඉල්ලා සිටිනවා.
- එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන් වෙත මාර්ගෝපදේශ කිහිපයක් ද යොමුකර තිබෙනවා.
- සෑම අවස්ථාවකම ඔබේ වාහනය අගුළු දමා තබන්න.
- වාහනය තුල සිටින විටදී පවා ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන්න.
- වාහනය වටා ගමන් කරන පුද්ගලයින් ගැන විමසිලිමත් වන්න.
පාතාල නායක ලොකු පැටී හෙට (04) දිවයිනට රැගෙන එයි
(03.05.2025 – 08:45 +0530 – hirunews.lk/sinhala)
බෙලරූස් රාජ්‍යයේ දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයෙකු වන ‘සුජීව රුවන් කුමාර ද සිල්වා’ හෙවත් ‘ලොකු පැටී’ හෙට (04) දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.
පසුගිය වසරේදී (2024) ‘ලොකු පැටී’ බෙලරූස් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ප්‍රචාරය වී තිබුණේ ඔහු එහිදී නිදහස් කර ඇති බවයි.
එහෙත් පොලිසිය එය සාවාද්‍ය බව ප්‍රකාශ කළ අතර ඒ අනුවයි ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් කණ්ඩායමක් බෙලරූස් රාජ්‍යය වෙත පසුගියදා පිටත්ව ගොස් ඇත්තේ.
+
+
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය 2325 ක් අත්අඩංගුවට
(03.05.2025 – 10:19 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිවිධ හමුදා සේවයෙන් පළා ගිය නිලධාරීන් ඇතුලු සෙබලුන් 2325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ, පසුගිය පෙබරවාරි මස 22 වනදා සිට ඊයේ (02) දිනය දක්වා සිදු කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර යුද හමුදාවේ 2017 ක්, නාවික හමුදාවේ 145 ක් සහ ගුවන් හමුදාවේ 163 දෙනෙකු ද සිටිනවා.
මීට අමතරව පොලිසිය මගින් ද තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 281 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන්
(03.05.2025 – 10:31 +0530 – hirunews.lk/sinhala)
මේ මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කොළඹ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, නිහඬ කාලයේදී කිසිදු අපේක්ෂකයෙකුට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමි නොවන බවයි.
එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් ලබන 06 වනදා සහ 07 වනදා යන දෙදින (2) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල ‘එක්දින සේවාව’ ඇතුලු ‘සියලුම මහජන සේවාවන්’ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඡන්ද විමසීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අනිද්දා, 06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ‘එක්දින හා සාමාන්‍ය සේවාවන්’ සැපයීම සීමා කිරීමට තීරණය කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියේ.
‘එක්දින සේවය’ සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බව ද මහජනතාව දැනුම් දෙනවා.
එමෙන්ම, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත බලපත්‍ර සහිත ස්ථාන හැර දිවයිනේ අනෙකුත් සියලුම සුරා සැල් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 06 වනදා වසා දැමෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියා ෴
‘ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ’ වෙඩික්කරු පිළිබඳ තවත් තොරතුරු හෙළිවෙයි
(03.05.2025 – 12:45 +0530 – sinhala.adaderana.lk)
දේශපාලන ක්‍රියාකාරී ‘ඩෑන් ප්‍රියසාද්’ වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (02) පස්වරුවේ කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු ‘ඩෑන් ප්‍රියසාද්’ගේ සහෝදරයා ඝාතනයට ද සම්බන්ධ අයෙක් බව පොලීසිය පැවසීය.
කොලොන්නාව සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී දේශපාලන ක්‍රියාකාරී ‘ඩෑන් ප්‍රියසාද්’ අප්‍රේල් 22 වනදා රාත්‍රියේ වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
අදාළ ඝාතනය පිළිබඳව ‘ඩෑන් ප්‍රියසාද්’ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන ‘බන්දුල පියල්’ හා ‘මාධව සුදර්ශන’ යන දෙදෙනාට (2) චෝදනා එල්ල වූ අතර සිද්ධියෙන් පසුව ඔවුන් සිය නිවෙස් අතහැර පලාගොස් සැඟවිය.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඊට දින දෙකකට (2) පසුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණි.
‘දුලාන්’ නම් එම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අපරාධකරුවකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවය.
ඊට අදාළව පියපුතු දෙපළ (2) සම්බන්ධයක් ඇති බවද අනාවරණ වී තිබුණි.
කෙසේවෙතත් අදාළ පියා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි.
52 හැවිරිදි ‘බන්දුල පියල්’ නම් අදාළ පුද්ගලයා ‘වෑබඩ උතුර’ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත ‘බස්නාහිර අපරාධ කොට්ඨාසය’ මගින් සිදුකරයි ෴
+++
‘ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ’ වෙඩික්කරු සමීපතම ඥාතියෙකු බවට තොරතුරු
(03.05.2025 – 15:07 +0530 – hirunews.lk/sinhala)
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩිකක්රු ඔහුගේ බිරිඳගේ පාර්ශවයේ ඥතියෙකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
පසුගිය අප්‍රේල් මස 22 වනදා වැල්ලම්පිටිය සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ නිවසක පැවැති අවුරුදු සාදයක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර පළාත් පාලන අපේක්ෂකයෙකු වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක් වුණා.
ඒ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් පැමිණ සිදු කළ වෙඩි තැබීමකින්.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු (1) මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
මේ අතර ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හැඳින්වෙන පුද්ගලයාද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 52 ක් වයසැති ඔහු වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා ‘ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ සහෝදරියගේ මාමණ්ඩිය’ වන බවයි පොලිසිය සඳහන් කළේ. ‘මොහු ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරාගේ ඝාතනයට ද සම්බන්ධ සැකකරුවෙකු බවයි’ අනාවරණය වී ඇත්තේ ෴
නින්ද, අඩ නින්ද, මර නින්ද, හොර නින්ද සහ කුකුළ් නින්ද | Doramadalawa – (2025-04-29) | ITN
+
අන්තිම සිංහල බෞද්ධ තරුණයා වෙනුවෙනුත් මා පෙනී සිටිනවා – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (03.05.2025)
+
පෙහෙල්ගාම් ප්‍රහාරයේ සැකකරුවන් පැමිණෙන බවට ලද තොරතුරක් හේතුවෙන් කටුනායකදී ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට
(03.05.2025 – 15:40 +0530 – hirunews.lk/sinhala)
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු සිටින බවට ඉන්දියාවෙන් ලද තොරතුරකට අනුව, චෙන්නායි සිට පැමිණී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් සහ එහි මගීන් කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ තොරතුර ලැබෙන විට එහි පැමිණි මගීන්ගෙන් කොටසක් පිටව ගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම, ගුවන් හමුදාව සහ පොලිසිය ද අදාළ සෝදිසි කිරීම සදහා එක්ව තිබෙනවා.
එම ගුවන් යානය ඉන්දියාවේ – චෙන්නායි නුවර සිට මගීන් 226 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සමගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවද වාර්තා වුණා ෴
කලාඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
(03.05.2025 – 17:22 +0530 – hirunews.lk/sinhala)
පුත්තලම ගඟේවාඩිය ප්‍රදේශයෙන් කලා ඔයේ දිය නෑමට ගිය කණ්ඩායමක සිටි පුද්ගලයෙකු (1) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක (1) අතුරුදන් ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර, හලාවත දැදුරු ඔයේ දිය නාමින් සිටියදී පෙරේදා (01) අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ (2) මළ සිරුරු නාවික හමුදාව විසින් සොයාගත්තා ෴
සබරගමුව සිසුවාගේ මරණය සහ කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියගිය සිද්ධියේ විමර්ශන CIDයට
(03.05.2025 – 18:42 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව සරසවි සිසුවාගේ මරණය සහ කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියගිය සිද්ධිය සම්බන්ධ විමර්ශන CID යට පවරා තිබෙනවා.
වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග මත ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ යටතට එම විමර්ශන පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴