‘රෙදිවලට දාන ඩයි’ යොදා මිරිස් කුඩු රතු කරන ජාවාරමක් ‘හිරු CIA’ අල්ලයි
‘රෙදිවලට දාන ඩයි’ යොදා මිරිස් කුඩු රතු කරන ජාවාරමක් ‘හිරු CIA’ අල්ලයි
(30.04.2025 – 21:55 +0530 – hirunews.lk/sinhala)
රෙදි වර්ණ ගැන්වීමට යොදා ගන්නා ඩයි වර්ග යොදා මිරිස් කුඩු නිෂ්පාදන කරන කර්මාන්ත ශාලාවක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත ‘මතුගම හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන්’ විසින් වටලනු ලැබුවා.
අද (30) ‘සී.අයි.ඒ.’ අනාවරණය එම වැටලීම පිළිබඳවයි. මතුගම – ඇල්හේන – යටදොළවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස මිරිස් කුඩු, මිරිස් කෑලි, තුන පහ ඇතුළු දෑ ඇසුරුම් කර වෙළඳපොළට මහා පරිමානයෙන් සැපයීමේ ජාවාරමක් සිදු වන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව තොරතුරු සොයා ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම අනාවරණය කර ගත්තේ මිරිස් කැබලි නිෂ්පාදනයේදී බර වැඩිකිරීම හා වැඩි ලාබ ලැබීමේ අරමුණින් අධික ලෙස ලුණු, සහල් ඇතුළු ද්‍රව්‍ය මෙලෙස මිශ්‍ර කරන බවයි.
මිරිස් කුඩුවල තද රතු පැහැය ලබා ගැනීම සඳහා රෙදි වර්ණ ගැන්වීමට යොදන ‘මිනිස් පාරිභෝනයට නුසුදුසු ඩයි වර්ගයක්’ ද එක් කරන බවයි අප කළ මුලික සොයාබැලීම්වලදී හෙළි වුයේ.
මතුගම සිට ගාල්ල ප්‍රදේශය දක්වා විවිධ තොග සහ සිල්ලර අලෙවිසැල් වෙත මෙම ‘වස ඩයි’ අඩංගු මිරිස් කුඩු ඇතුළු ද්‍රව්‍ය නොකඩවා සපයන බවට ලද තොරතුරු මත අප වහාම මේ පිළිබඳව මතුගම හා කළුතර භාර සෞඛ්‍ය බලධාරීන්ව දැනුවත් කළා.
ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ කාර්යාලට සෞඛ්‍ය හා ආහාර පරීක්ෂකවරුන් ගෙන්වා අදාල කර්මාන්ත ශාලාව වැටලීමට නිලධාරීන් පිටත් කර හැරුණා.
වැටලීම සිදුකළ අවස්ථාවේ එම ස්ථානයට නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නවීන් ද සොයිසා ද පැමිණි අතර ඔහු හමුවේ ආයතන හිමිකරු පැවසුවේ ඔහුගේ හිතවතෙකු විසින් මිරිස් සදහා යොදන ‘ඩයි වර්ග’ ලබා දෙන බවයි.
මෙම වැටලීමේදී ‘වස ඩයි’ යොදා සකස්කර වෙළඳ පලට යැවීමට සුදානම් කර තිබු මිරිස් කුඩු විශාල තොගයක් සෞඛ්‍ය නිලධාරීන්ගේ භාරයට ගැනුනා. ආහාර හා ඔෂධ පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇති අතර අදාල භාණ්ඩ තොගය පිළිබඳව මතුගම අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිතයි.
+
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හෙළි නොකරීමේ රහස කුමක් ද? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (30.04.2025)
+++
+++
යුද්ධෙ වෙලාවෙදි අපිට උදව් කලේ පකිස්ථානය යි (30.04.2025)
+
ලංකාවේ ප්‍රදේශ රැසක් ජාත්‍යන්තර යුධ අවදානමකට .. ඉන්දු ලංකා ගිවිසුම් ගැන ඉන්දීය මාධ්‍යවල තොරතුරු රැසක් ..
(01.05.2025 – 00:00 +0530 – lankacnews.com)
කොළඹ වරාය තුළ ඉන්දියාව විසින් යුධ නැව් සහ සබ්මැරීන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ’ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.
පසුගියදා ඉන්දියාව සමඟ අත්සන් තැබූ ගිවිසුම් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පවා දැක නොමැති බවත් තමන් සමඟ පුද්ගලිකව සම්බන්ධතා ඇති අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ පිළිබඳ කරුණු තහවුරු කළ බවත් ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් තබා ඇති ගිවිසුම් සංඛ්‍යාව හතක් (7) බව ප්‍රකාශ කළ ද ඉන්දියානු මාධ්‍ය විසින් එය 10 ක් බව ප්‍රකාශ කර ඇති බවත් ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු යුධ අවි කම්හල් සහ අවි ගබඩා ස්ථාපිත කිරීම පිළිබඳ කරුණු ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා විසින්ම එරට මාධ්‍යයන්ට අනාවරණය කර ඇති බවත් පුබුදු ජාගොඩ මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
මෙම කරුණු අසත්‍ය වන්නේ නම් ආණ්ඩුව වහා මැදිහත්ව ඒවා නිවැරදි කළ යුතු බවත් අවධාරණය කර ඇති ඒ මහතා ඒ වෙනුවට සිදුව ඇත්තේ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ‘ඉන්දීය රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු’ ලෙස හැසිරීම පමණක් බවත් සඳහන් කරයි.
මෙම එකඟතා ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාව කලාපය තුළ බරපතළ යුධ අවදානමකට ලක්වන බවත් නිදහසින් පසු කිසිම රජයක් මෙලෙසින් ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වෛරීභාවය වෙනත් කිසිදු රටක් හමුවේ පාවා නුදුන් බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.
+
මහාපරිමාණ online ණය උගුලක් – හඩපට ලීක් – සියලු දෙනාම දැනගත යුතු වංචාවට හසුවු පිරිස කළ විශේෂ හෙළිදරව්ව (30.04.2025)
+
ජනපති අරමුදලින් බෙහෙත් ගත් මැති ඇමතිවරු 22 කගේ තොරතුරු දෙන්නැයි රෝහල් අධ්‍යක්ෂකවරුන්ට නියෝග
(01.05.2025 – 08:15 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියන සිදුවීමට අදාළව විමර්ශනයට ලක් කෙරෙන මහජන නියෝජිතයන් 22 දෙදෙනා ලබාගත් ප්‍රතිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසට රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබේ.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ ඊයේ (30) මොසමක් ගොනු කරමින් කරනු ලැබු ඉල්ලීමකට අනුවයි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නියෝගය ලබා දී ඇත්තේ.
විමර්ශනයට ලක් කෙරෙන මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වල ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට සහාය ලබා දෙන ලෙස ‘විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය’ටද අධිකරණය නියම කළා.
2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ‘ජනාධිපති අරමුදලින්’ හිටපු මැතිඇමතිවරුන් විසි දෙදෙනෙකු (22) රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් ලබාගැනීම සම්බන්ධන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය’ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණා ෴
කුඨ ලේඛනවලින් දේපළ අත්පත් කරගත් කාන්තාව පොලීසියට කොටුවෙයි
(30.04.2025 – 15:56 +0530 – sinhala.adaderana.lk)
කූඨ ලේඛන සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය’ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකාරිය වයස අවුරුදු 64 ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
එමෙන්ම ඇය ‘විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක්’ බව සඳහන් වේ.
සැකකාරිය ඊයේ (29) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
‘වාණිජ අපරාධ විමර්ශන අංශය’ විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි ෴
පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
(30.04.2025 – 15:26 +0530 – sinhala.adaderana.lk)
පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කළ පුද්ගලයෙකුව ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය’ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
‘මගනැඟුම මාර්ග ඉදි කිරීම් සමාගම’ට අයත් ‘ස්කැවේටර් යන්ත්‍රයක්’ යොදා ගෙන ‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව’ට අයත් කඩුවෙල කොරතොට මයික්වත්ත නැමති ඉඩමේ කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
ලද පැමිණිල්ලක් අනුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය’ මඟින් සිදකළ විමර්ශනයකින් අනතුරව සැකකරු අත්අඩංගවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු වයස අවුරුදු 39 ක් වූ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 01 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි ෴
මුල් මාස 4 ට ඩෙංගු රෝගීන් 17,000 ඉක්මවයි
(01.05.2025 – 10:21 +0530 – hirunews.lk/sinhala)
2025 වසරේ ජනවාරි පළමුවනදා (01) සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459 ක් වාර්තා වී ඇති බව ‘ජාතික ඩෙංගු මර්දන ඒකකය’ පවසනවා.
අප්‍රේල් මාසය තුළ පමණක් රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.
මේ අතර, දිවයින පුරා පවතින වැසි හේතුවෙන් ජලාශ 24 ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 6 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 6 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 ක්, බදුල්ල, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජලාශ 2 බැගින් වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4 ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කර ඇති අතර එහි ජලය කලා ඔයට මුදා හැරෙනවා ෴
අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීම කල් යයි
(01.05.2025 – 10:23 +0530 – hirunews.lk/sinhala)
අද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගී මාර්ග භාවිත කිරීමේදි ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීම තවදුරටත් කල් යන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය ප්‍රකාශ කළේ, ඊට අදාළ පහසුකම් මෙතෙක් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවයි.
අධිවේගී මාර්ග භාවිත කිරීමේදි ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය පසුගිය මස 11 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේදී ආරම්භ කෙරුණා ෴
ව්‍යාජ බලපත්‍රවලින් පෝලන්තයට යන්න හැදූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(01.05.2025 – 11:33 +0530 – hirunews.lk/sinhala)
ව්‍යාජ පෝලන්ත වීසාවන් සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු (2) ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර් හරහා පෝලන්තයට යෑමට මොවුන් තැත් කිරීමේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඊයේ (30) අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 38 වයස්වල පසුවන දෙමෝදර හා බෙලිගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය’ විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴