‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිට

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිට


‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිට

(29.04.2025 – 16:36 +0530 – hirunews.lk/sinhala)

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් අද (29) දිනයේදී නීතිපතිවරයාට එය යොමු කළ බවයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අපරාධ නඩු පැවරීමට හැකියාව පවතින බව නීති විශාරදයින් මීට පෙර පෙන්වා දුන්නා.

1988 ජනවාරි 01 දින සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ පොහොර සමාගමට අයත් බටලන්ද නිවාස සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ රජය විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට පුද්ගලයින් රඳවා තබා ගැනීම, ඝාතනය කිරීම, කෲර වධ හිංසාවට ලක් කිරීම පිළිබඳ විමර්ශනය කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ඒ, එම වාර්තාව මෙතෙක් සභාගත කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අල් – ජසීරා නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ පසුබිමකයි ෴


එදා මහින්ද ගෙන්නුවේ ඔහොම නෙවෙයි! බ්‍රේක් නැතුව ගිය කාර් එකට වැරදුණු තැන දේ ගම්මන්පිල කියයි (29.04.2025)

+


මාව අරන් ගිහින් පිළිගනින් කිය කියා ගැහුවා – ෆොටෝ එකේ ඉන්නේ මම නෙවෙයි මහත්තයෝ – පොලීසියට බරපතළ චෝදනාවක් (29.04.2025)

+


පානදුරේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

(29.04.2025 – 21:35 +0530 – sinhala.adaderana.lk)

පානදුර, මාලමුල්ල, පින්වල ප්‍රදේශයේ නිවසක කොටහළු මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයක් අතරතුර අද (29) අළුයම එහි පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු (2) වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

පොලීසිය පැවසුවේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ‘නිලංග’ නැමැත්තාගේ සමීප ඥාතියෙකු වන ‘චතුරංග නමැති පානදුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු’ බවය.

වෙඩික්කරුවන් සිය ඉලක්කය වූ ‘චතුරංග’ නමැත්තා වෙත වෙඩි තැබීමට උත්සහ කරන අවස්ථාවේ පිරිසක් නර්ථනයේ යෙදෙමින් සිට ඇති අතර ඒ අතරින් අයෙක් ගිනි අවිය මානාගෙන සිටි වෙඩික්කරුට ගලකින් පහරදීමට උත්සාහ දරා තිබේ.

එහිදී වෙඩික්කරු එම පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි සිටි තවත් අයෙකුට ද වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ ‘චතුරංග’ නැමැත්තාට කිසිඳු හානියක් සිදුව නැත.

වෙඩිතැබීමෙන් පසුව වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා (2) පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් (1) අයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වෙඩික්කරුවන්ට ගලකින් පහරදීමට උත්සහ දැරූ පුද්ගලයා වන අතර ඔහු ‘කසුන් හරිස්චන්ද්‍ර’ නම් 35 හැවිරිදි අයෙකි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා 20 හැවිරිදි පුද්ගලයෙකි.

මේවන විට අධිකරණය මගහරිමින් අතුරුදන්ව සිටින ‘කුඩු සළිඳු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ප්‍රහාරය මෙහෙයවා ඇති අතර පානදුරේ මත්ද්‍රව්‍ය ජාවාරම ‘කුඩු සළිඳු’ගෙන් ගිලිහී ‘නිලංග’ නැමැත්තා අතට පත්වීම වෙඩිතැබීමට හේතුවී ඇති බවට පොලීසිය සැක පළකරයි.

කලක් ‘කුඩු සළිඳු’ සමග එකට සිටි ‘නිලංග’ නමැත්තා පසුව ඔහුගෙන් වෙන්වී වෙනම මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රවේශවී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හිරණ පොලීසිය විසින් ක්‍රියාත්මක කරයි ෴


ජීවිත බේරගන්න වෛද්‍යවරු සමග රෝහල් කාර්යමණ්ඩලය ලොකු සටනක – අහිතකර වායුවකින් පස්සර කැලඹෙයි (29.04.2025)

+


IMF එකෙන් ආ අලුත් යෝජනාවක් ආණ්ඩුවට කළින් හර්ෂ රටටම ලීක් කරයි | ආණ්ඩුව කියපු බොරුත් හර්ෂ මතක් කරලා දෙයි (30.04.2025)

+


පාස්කු ප‍්‍රහාරකයන් ශ‍්‍රී ලංකා බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩයක් හුවමාරු කර නෑ… – FBI

(30.04.2025 – 14:10 +0530 – lankacnews.com)

ඇමරිකානු FBI ආයතනය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී ‘සහරාන්’ ඇතුළු කල්ලිය විසින් භාවිතා කළ දුරකථන සහ පරිගණක වල මකා දමන ලද තොරතුරු පමණක් නොව අගුලු දැමූ ෆේස්බුක් ගිණුම්, ඊමේල් ගිණුම් පවා යළි ප්‍රකෘතිමත් කර පරීක්ෂා කර බැලුවද ඔවුන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩ හුවමාරුවක් සිදු කරගත් බවට කිසිදු සාක්‍ෂියක් හෙළිවී නොමැති බව පාස්කු වාර්තාව පිළිබඳ ‘එෆ්බීඅයි’ වාර්තාව පදනම් කරගෙන ‘පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ එල්ල වී පැය 48 ක් ඇතුලත 2019.04.23 ISIS සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාර ගත් බවත් 2019.04.29 දින එවකට ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කර ‘අල් බග්දාදි’ විසින් වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රහාරය එල්ල කිරීමට හේතු පැහැදිලි කළ බවත් FBI වාර්තාව උපුටා දක්වමින් ‘පිවිතුරු හෙළ උරුමය නායකයා’ පෙන්වා දෙයි.

‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ මේ හෙළිදරව් කිරීම සිදු කළේ ‘ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහන’ හා එක් වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු රැසක් මෙන්ම වත්මන් දේශපාලන කරළියේ තිරයෙන් පිටුපස සිදුවන කරුණු සම්බන්ධයෙන් ද මෙම වැඩසටනේ දී සාකච්ඡාවට භාජනය විය ෴

+++

Rathu Ira Special | Udaya Gammanpila | 29 th April 2025 | Swarnavahini

+


පාතාලෙන් කෝටි ගණන් ගසාගෙන කෑ ඩීල් දාසලාගේ පට්ට ගේම් | පුතාගෙන් කුඩුකාරයන්ට කෝටි ගණන්වල සැප දෙන පැකේජ් (30.04.2025)

+


ලංකා පොස්පේට් සමාගම නිසා රජයට රුපියල් මිලියන 2700 ක පාඩුවක්

(30.04.2025 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් රජය සමයේ ‘ලංකා පොස්පේට් සමාගම’ මගින් ‘රොක් පොස්පේට්’ මෙට්‍රික් ටොන් 3000 ක් අපනයනය සඳහා සමාගම් තුනක් (3) වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව ‘නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය’ විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනවලට අවශ්‍ය නියෝග පොලිසිය විසින් ලබාගෙන තිබෙන බවද සඳහන්.


පුංචි ඡන්දය නිසා මැයි 05 සහ 06 යන දෙදින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබේ

(30.04.2025 – 09:25 +0530 – hirunews.lk/sinhala)

මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‌තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එළැඹෙන 05 (සඳුදා) සහ 06 (අඟහරුවාදා) දින වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාර්‌තෙමින්තුවේ ප්‍රධාන කාර්යාලය (ඈ) නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07 ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම නිසා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව ඉහත ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට පහසුකම් සැලසීම සඳහා ඡන්ද වීමසීම පැවැත්වෙන 06 වැනි අඟහරුවාදා දින සහ ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා ඡන්ද වීමසීමට පෙර දින වන 05 වැනිදා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ෴


අඩි 60 ක ප්‍රපාතයකට පෙරළුණු හෙදියකගේ මෝටර් රථය

(30.04.2025 – 10:58 +0530 – hirunews.lk/sinhala)

හෙදියක් ධාවනය කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60 ක් පමණ ප්‍රපාතයෙන් යුත් තේ වත්තකට පෙරලී තිබෙනවා.

අද (30) උදෑසන 08:30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් කැන්දගොල්ල වත්ත ප්‍රදේශයේදීයි.

අනතුරින් තුවාල ලැබූ ඇය දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඇය සේවය සඳහා හැටන් සිට දික්ඔය මූලික රෝහල දක්වා යමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි නෝර්වුඩ් පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයට ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ගැටීමට යෑමේදී ඇය විසින් මෝටර් රථය තේ වත්ත දෙසට හැරවීමත් සමග මෝටර් රථය ඇයගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරින් මෝටර් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.

+

+


‘iPhone’ මාදිලි කිහිපයක WhatsApp නැතිවෙයි

(30.04.2025 – 14:00 +0530 – hirunews.lk/sinhala)

‘iPhone’ මාදිලි කිහිපයක WhatsApp යෙදවුම ක්‍රියාත්මක නොවන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව මැයි මාසයේ සිට iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක නොවනු ඇති.

iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

WhatsApp සමාගම විසින් මෑතකදී යෙදුමේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වා දී ඇති අතර එම විශේෂාංග කිහිපය පහතින් දැක්වේ :

  • Enhanced Privacy Layer : මිතුරන් හෝ කණ්ඩායම්වල සිටින අයෙකුට ඔබේ පණිවිඩ, රූප, වීඩියෝ පිටපත් කිරීමට සීමා කරයි
  • Chat Lock : තනි සංවාද සඳහා Face ID, මුරපදය හෝ ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාව තහවුරු කෙරේ
  • Disappearing Messages : යම් කාලයකින් පසුව ස්වයංක්‍රීයව මකාදැමෙන පණිවිඩ සඳහා වැඩි නිවැරදිතාව
  • Silence Unknown Callers : නොදන්නා අංකවලින් පැමිනෙන ඇමතුම් නවතයි, අනවශ්‍ය ඇමතුම් හා වංචාකාරී කතා අවම කරයි ෴

‘War on Dengue’ බස්නාහිර ඩෙංගු – චිකුන්ගුන්යා මඩින සටන ඇරඹේ

(30.04.2025 – 14:39 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල ලංකාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘චිකුන්ගුන්යා’ සහ ‘ඩෙංගු’ රෝගය තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳව වන මූලික සාකච්ඡාවක් අද (30) බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාව බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, බස්නාහිර පාළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ද එක්ව සිටියා.

ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් විසින් බස්නාහිර පළාතෙන් ‘චිකුන්ගුන්යා’ සහ ‘ඩෙංගු’ උවදුර තුරන් කිරීම වෙනුවෙන් ‘War on Dengue’ යන මැයෙන් කාර්ය සාධක බලකායක් පිහිට වූ අතර එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි පත්කර තිබෙනවා.

‘චිකුන්ගුන්යා’ සහ ‘ඩෙංගු’ ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග පිළිබඳව සහ එම රෝග තත්ත්වයන් අවම කිරීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මේ වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා බවත් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට දිය හැකි පූර්ණ සහයෝගය ලබාදෙන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *