පානදුර වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මරුට, එක් (1) අයෙකුට තුවල

පානදුර වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මරුට, එක් (1) අයෙකුට තුවල


පානදුර වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මරුට, එක් (1) අයෙකුට තුවල

(29.04.2025 – 06:31 +0530 – hirunews.lk/sinhala)

පානදුර, හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක අද (29) අලුයම පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇති බව හිරණ පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් (1) පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35 ක් සහ තුවාලකරු වයස අවුරුදු 20 ක් වූ බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

+

අද (29) අලුයම පානදුර, හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කුඩු සළිඳු’ නොහොත් ‘සළිඳු මල්ෂික’ විසින් මෙහෙයවා ඇති බව පොලිසිය සැක කරනවා ෴


බෙලිඅත්තේ බිහිසුණු බස් අනතුරක්

(29.04.2025 – 10:17 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ බෙලිඅත්ත පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදීයි.

මෙම අනතුරින් පුද්ගලයින් 30 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් ප්‍රථිකාර සඳහා තංගල්ල රෝහලට හා බෙලි අත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

+

+


පොහොර වංචාට සම්බන්ධ රැසකගේ තොරතුරු අනුරාධගේ කටින් එක මිටට එළියට (29.04.2025)

+++

අසූචි පොහොර නැවට මීළඟට අත්අඩංගුවට ගන්නේ ශෂින්ද්‍ර සහ මහින්දානන්ද ද? මහින්දානන්ද උඩ පැනපු හැටි මතකද? (29.04.2025)

+


පුතා ගෙනා ‘චීන පටස්’ හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

(29.04.2025 – 10:36 +0530 – sinhala.adaderana.lk)

‘චීන පටස්’ එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බව පොලීසිය පවසයි.

‘තුවාල ලැබූ වෛද්‍යවරිය’ගේ පුත්‍රයා අසල වෙළෙඳසැලකින් ‘චීන පටස්’ කිහිපයක් මිලදීගෙන තිබූ අතරේ එයින් කිහිපයක් ඉතිරිව නිවසේ සාලයේ මේසය මත තබා ඇත.

ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සඳහා දන්ත වෛද්‍යවරිය දත්වලින් සපා එය පරීක්ෂා කිරීමට යෑමේ දී එය පුපුරා ගොස් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

‘චීන පටස් එක’ ඇයගේ මුඛය තුළම පුපුරා යාමෙන් මුඛය, මුහුණ සහ දත්වලට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

පානදුර කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන් සහ ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ නිවස වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි ෴

  1. දන්ත වෛද්‍යවරියගේ බුද්ධි මහිමය !
  2. පෙර ජාතියකදී අලින්ට ‘හක්ක පටස්’ දෙන්න ඇති.

ගල්කිස්ස : පෞද්ගලික බස් රථ රියදුරාගේ නොසැළකිල්ලෙන් පෙරලීගිය ලොරි රථය (27.04.2025)

+


වේරහැර, බොරලැස්ගමුව : පාඩුවෙ යන්නේ නැතුව ඉස්සර කරන්න ගියා (27.04.2025)

+


ලුණුගම්වෙහෙර : පාලනයෙන් ගිලිහුණු ලොරි රථය නැවතුන තැන : (25.04.2025)

හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ජදුර පන්සලට පිවිසෙන මංසන්ධිය ආසන්නයේ මහමාර්ගයට යාබදව පිහිටි වෙළෙඳසැලක් තුළට ලොරි රථයක් කඩාවැදීමෙන් අද (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

+


ආදරණීය සමන් ද සිල්වා කලාකරුවා පිලිබදව පවුලේ අය හා සහෝදර කලාකරුවන් පල කළ අදහස් (29.04.2025)

+++

+


ඇය මාව නිදන කාමරයට එක්කගෙන ගියා – පස්සෙ දැනගත්තෙ ඇයට ඒඩ්ස් කියලා | කාර් එක ඩ්‍රයිව් කරගෙන ආව හාමුදුරුවො (28.04.2025)

+


ජාතික වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට අනුමැතිය

(29.04.2025 – 11:26 +0530 – hirunews.lk/sinhala)

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2569 (2025) රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවර එළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී පැවැත්වීම සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්යවය ‘හජෙථ මිත්තෙ කල්‍යාණ භජෙථ පුරිසුත්තමේ’ (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත්වීමටත්, 2025 වර්ෂයේ මැයි මස 10 දින සිට 16 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම කාල සීමාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා ෴

+++

නුවරඑළියට මොර සූරන වැසි – ජාතික වෙසක් කලාප භූමියත් බලාගෙන ඉද්දි යටවෙලා (29.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *