මහනුවර පානීය ජලයේ කිසිදු අවදානමක් නෑ
(28.04.2025 – 19:01 +0530 – hirunews.lk/sinhala)
දළදා ප්‍රදර්ශනයෙන් පසුව මහනුවර නගරයේ කිසිදු රෝග බෝවීමේ අවදානමක් නැතැයි මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.
මේ අතර මහනුවර නගරයේ පානීය ජලය සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොමැති බවද තහවුරු කරනවා.
මහනුවර නගරයට පානීය ජලය සපයනු ලබන්නේ දුනුමඩලාව රක්ෂිත වැවෙන් වන අතර එම වැව කිසිදු ආකාරයකින් අපවිත්‍ර වී නොමැති බවයි පැවසෙන්නේ.
මීට අමතරව ගැටඹේ ජල පවිත්‍රාගාරය මගින් මහවැලි ගඟෙන් ලබා ගන්නා ජලය ක්‍රමවත්ව පිරිසිදු කොට බෙදා හරින බවයි නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ.
මේ වන විටත් මහනුවර නගරය සම්පූර්ණයෙන්ම සුද්ද පවිත්‍ර කොට අවසන්ව තිබෙනවා.
ඒ අනුව නගරයට බැහැර කොට තිබූ සියලු අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
එබැවින් විවිධ පාර්ශ්ව වගකීම් රහිතව කරන ප්‍රකාශ සම්බන්ධයෙන් බිය නොවිය යුතු බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ ෴
+++
මහනුවර නගරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර අවසන්
(28.04.2025 – 22:45 +0530 – hirunews.lk/sinhala)
‘සිරි දළදා වන්දනාවෙන්’ පසු මහනුවර නගරය මේ වනවිට සම්පූර්ණයෙන්ම පිරිසිදු කර තිබෙනවා.
මහනුවර මහ නගර සභාව පැවසුවේ, ‘සිරි දළදා වන්දනාව’ පැවැත්වූ දින 10 තුළ මහනුවර නගරයේ ටොන් 600 කට අධික කැළිකසළ ප්‍රමාණයක් එක්රැස්ව ඇති බවයි.
මේ තරම් කසළ තොගයක් වෙන්කිරීම ඉතා අපහසු බැවින් කොළඹ මහ නගර සභාව වෙත මෙම කසළ තොග යවා ඒවා දහනය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ප්‍රකාශ කළා.
දින 10 ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව ඊයේ (27) පස්වරුවේ නිමා කෙරුණා.
දළදා වන්දනාව නිමා වූ වහාම, මහනුවර නගරය පිරිසිදු කිරීම ආරම්භ කෙරුණේ, මහනුවර මහ නගර සභාව මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධානවල ද සහයෝගීතාවයෙන්.
ගෙවුණු දින 10 ක කාලය තුළ කසළ ටොන් 600 කට අධික ප්‍රමාණයක් ඉතා අවිධිමත් ලෙස මහනුවර පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර පවසනවා.
ඒ අතර ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 35 ක් පමණ පරිසරයට මුදා හැර ඇති බවයි මහනුවර මහ නගර සභාවේ ජල සහ අප ජල ප්‍රධාන ඉංජිනේරු සහ ඝන අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක පැවසුවේ,
මහනුවර නගරයේ එක්රැස්වූ එම කසළ ‘ගොහාගොඩ කසළ අංගනය’ වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ අද (28) එම කසළ අංගනයට පැමිණියා.
නැවත භාර නොගත් සැදැහැවතුන්ගේ ගමන් මලු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයේ සුරක්ෂිතව තිබෙන අතර එම ගමන් මලු මහනුවර වැව රවුමේදී ආපසු ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.
අද (28) සහ හෙට (29) දින දෙක (2) තුළ එම ස්ථානයට පැමිණ අන්‍යනතාව තහවුරු කර තමන්ගේ ගමන් මලු රැගෙන යන ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
‘සිරි දළදා වන්දනාව’ හේතුවෙන් වසා දැමුණු මහනුවර හා ඒ අවට පාසැල් 24 ක් අද (28) යළි විවෘත කෙරුණු අතර ආරක්ෂක අංශ සාමාජිකයින්ට පහසුකම් සැපයීම සඳහා වසා දැමූ පාසැල් 34 හෙට (29) විවෘත කිරීමට නියමිතයි.
මේ අතර, ‘සිරි දළදා වන්දනාවේ’ විශේෂ රාජකාරිවල නිරත වූ සියලුම පොලිස් නිලධාරීන්ට දින 2 ක විවේක කාලයක් ලබා දී තිබෙනවා.
එම දින 10 තුළ විශේෂ රාජකාරි සඳහා වාර්තා කළ පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් ලබා දීමට ද වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇති අතර මහනුවර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට මෙම ත්‍යාග මුදල් නොගෙවන බව ද වැඩබලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් ෴
+
+
ඇල්පිටිය ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
(28.04.2025 – 19:53 +0530 – hirunews.lk/sinhala)
‘ජාතික ජනබලවේගය’ට බලය හිමි වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’, මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු අද (28) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ප්‍රාදේශීය සභාවේ සතු මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින්.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවට ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති නලීන් ප්‍රියදර්ශන ද එක්ව සිටි අතර ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළා ෴
නිමේෂ්ගේ මරණය ගැන මවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් – “ප්‍රධාන සැකකරුවා නළුවෙක්.. ප්‍රියන්ත විජේකෝන්” (28.04.2025)
+
FB : Priyantha Wijekoon (Actor)
ඉන්දියානුවන්ට ලංකාවේ නඩු දාන්න බෑ. හොර ගිවිසුමේ වගන්ති එළියට (28.04.2025)
+
මධ්‍යම පලාත් ආණ්ඩුකාර ඇදි වත ගම්මන්පිල ගලවා අතට දෙයි (28.04.2025)
+
රනිල් ඇතුලට දාන්නෑ.. – අල්ලස් එකට කැඳවපු රනිල් කොමිසමෙන් එළියට එන්නත් කළින් ගම්මන්පිල ඉස්සරවෙයි (28.04.2025)
+
අසිරිමත් බක්කුල මහ රහතුන් වහන්සේගේ ධාතු වන්දනා ප්‍රදර්ශනයට බැතිමතුන්ට ආරාධනා (28.04.2025)
+
‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් වසා දැමුණු පාසල් 37 ක් අද (29) යලි විවෘත වෙයි
(29.04.2025 – 08:11 +0530 – hirunews.lk/sinhala)
‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට පහසුකම් සැපයීම සදහා වසා දැමූ පාසල් 37 ක් අද (29) යළි විවෘත කෙරෙනවා.
ඒ වෙනුවෙන් ඊයේ (28) දිනයේ දී එම පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කළ බවයි ‘හිරු වාර්තාකරුවන්’ සඳහන් කළේ.
එමෙන්ම ‘සිරි දළදා වන්දනාව’ හේතුවෙන් වසා දැමුණූ මහනුවර හා ඒ අවට පාසල් 24 ක් ඊයේ (28) යළි විවෘත කෙරුණා.
‘සිරි දළදා වන්දනාවෙන්’ පසු මහනුවර නගරය මේ වනවිට සම්පූර්ණයෙන්ම පිරිසිදු කර තිබෙනවා.
මේ අතර නැවත භාර නොගත් සැදැහැවතුන්ගේ ගමන් මළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයේ සුරක්ෂිතව තිබෙන අතර එම ගමන් මළු මහනුවර වැව රවුමේදී ආපසු ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.
ඒ අනුව අද (29) දිනය තුළ එම ස්ථානයට පැමිණ අන්‍යනතාව තහවුරු කර තමන්ගේ ගමන් මළු රැගෙන යන ලෙසයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ෴
ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ‘භාවිතා කළ වාහන’ රැගත් පළමු Seven Seals RORO නෞකාව ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය’ වෙත පැමිණේ
(27.04.2025 – www.hipg.lk)
වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹේ
(29.04.2025 – 09:12 +0530 – hirunews.lk/sinhala)
එළඹෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව දන්සල පවත්වන ස්ථාන වලට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී මේවා ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි එම සංගමය දැනුම් දෙන්නේ.
එමෙන්ම දන්සැල් ලියාපදිංචි කරන්නේ නම් එය මැයි මස 09 වනදාට පෙර හෝ සිදුකළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴