‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි

‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි


‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි

(28.04.2025 – 12:32 +0530 – hirunews.lk/sinhala)

‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ’ ප්‍රකාශ ලබා දීමෙන් පසු ‘අල්ලස් කොමිසමෙන්’ (CIABOC) පිටව ගොස් තිබෙනවා.

ඒ ඌව පළාන් මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ‘චාමර සම්පත් දසනායක’ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහට සිදු කළ දැනුම්දීමකට අනුවයි.

මින් පෙර අවස්ථා දෙකකදී (2) මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, අවුරුදු සමය සහ සිය නීතීඥවරයා විදේශගතව ඇති බව කරුණු දක්වමින් ඔහු එහි පෙනී සිටියේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.

ඒ, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශයක් පිළිබඳ කරුණු විමසීම සඳහා එම කොමිසම කළ කැඳවීමකට අනුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසම විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් රුපියල් ලක්ෂ 173 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය 10 වනදා මාධ්‍ය වෙත මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

මෙම ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සඳහා අවස්ථා දෙකකදී (2) අල්ලස් කොමිසම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට කැඳවීම් කළද විවිධ හේතු දක්වමින් ඔහු පැමිණියේ නැහැ.

පසුගිය 17 වනදා කළ කැඳවීමට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ අලුත් අවුරුදු සමය හේතුවෙන් එදින පැමිණිය නොහැකි බවයි.

ඒ අනුව, අල්ලස් කොමිසම ඔහුට පසුගිය 25 වනදා යළි කැදවීමක් කරනු ලැබුවා.

එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, සිය නීතිඥවරයා විදේශ ගතවී ඇති බැවින් එදිනද පැමිණීමට නොහැකි බවයි.

ඒ අනුව, අද (28) හෝ (30) අනිද්දා දිනවල පැමිණෙන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දි තිබුණා.

ඒ අනුවයි අද (28) පෙරවරු 09:15 ට පමණ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසම වෙත පැමිණියේ.

එම අවස්ථාවට ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර ද එක්ව සිටියා.

පැය තුනකට (3) අධික කාලයක් ප්‍රකාශ ලබාදුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දහවල් 12:30 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පිටව ගියා ෴

+++

අල්ලස් කොමිසමට කළ ප්‍රකාශය ගැන හිටපු ජනපති රනිල් සිදුකළ විශේෂ ප්‍රකාශය මෙන්න (28.04.2025)

+


මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 30 ක් අත්අඩංගුවට

(28.04.2025 – 11:08 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා මැතිවරණ නීති උල්ලංගණය කළ අපේක්ෂකයින් 30 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

මැතිවරණයට අදාල අපරාධමය පැමිණිලි 85 ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 313 ක් ලැබී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අත්අඩංගුවට ගත් මුළු වාහන සංඛ්‍යාව 31 ක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


ප්‍රහාරයක් ගැන කරුණු කියන්න මෛත්‍රී මහාධිකරණයට

(28.04.2025 – 11:44 +0530 – hirunews.lk/sinhala)

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් කොළඹ මහාධිකරණය අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබුවා.

2008 වසරේ ඔක්තෝබර් මස 10 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට (2) එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ විභාගයට ගැනුණා.

එම අවස්ථාවේදී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව නඩුවේ පළමු (1) වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණා ෴


ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටේ

(28.04.2025 – 13:02 +0530 – hirunews.lk/sinhala)

‘කොළඹ ජාතික රෝහලේ පැක් සිස්ටම් හෙවත් තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය’ සති 2 ක සිට බිඳවැටීමකට ලක්ව ඇති බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය’ පවසනවා.

මෙම තත්ත්වය හමුවේ රෝගීන්ට විකිරණ පරීක්ෂණ සඳහා දින ලබාදීම ද නවතා දමා බැවින් එම පරීක්ෂණ සිදු කිරීම ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි එම බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම කියා සිටියේ.

අනවශ්‍ය දත්ත ප්‍රමාණයක් එම පද්ධතියට එකතු කිරීම මඟින් එහි වියදම අධික වීම සහ මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිසි විමර්ශනයක් සිදු නොකිරීම මෙම තත්ත්වය ඇති වීමට හේතුවක් බවයි ඔහු සඳහන් කළේ ෴


තෝනිගල රිය අනතුරක් පැය 10 ක් විදුලියත් කපලා

(28.04.2025 – 14:39 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මහනුවර A9 මාර්ගයේ තොනිගල ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුව තිබෙනවා.

යාපනය සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, අධි බලැති විදුලි කණුවක ගැටී පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අද (28) අලුයම සිදු වූ මෙම අනතුරින් විදුලි කනුවට හා රැහැන් පද්ධතියයට හානි සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයට පැය 10 ට ආසන්න කලයක් විදුලිය විසන්දි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට විදුලි ඉංජිනේරු කණ්ඩායම් එම පද්ධතිය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය පරීක්ෂණ පවත්වනවා ෴


ඝාතනයක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය පුද්ගලයින් 5 කට මරණ දඬුවම සහ දෙදෙනෙකුට (2) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි

(28.04.2025 – 15:00 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේ මෝදර කෝවිල ආසන්න ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකුට පොලු මුගුරුවලින් හා විකට් පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (28) මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

එමෙන්ම එකී ඝාතන චෝදනාව ඇතුළු චෝදනා 03 කට වරදකරුවන් කරනු ලැබූ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට (02) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා.

එකී වරද සිදුකරන අවස්ථාවේදී එම නඩුවේ දෙවැනි (02) සහ නවවැනි (09) විත්තිකරුවන් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් වන බැවින් මහාධිකරණ විනිසුරුවරයා එලෙස ඔවුන් දෙදෙනාට (2) ජීවිතාන්තය දක්වා පමණක් සිර දඬුවම් ලබා දෙනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද (28) දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ එකී විත්තිකරුවන් සත්දෙනා (07) ඇතුළු නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම්කර තිබූ විත්තිකරුවන් 09 දෙනාම එකී වරදට වැරදිකරුවන් බව පැමිණිල්ල විසින් සාධාරණ සැකෙන් තොරව ඔප්පු කළ බවයි.

කෙසේ නමුත් එම නඩු විභාගය අතරතුරදී එම නඩුවේ 04 වැනි විත්තිකරු සහ 06 වැනි විත්තිකරු මියගොස් තිබුණා ෴


මැණික් ගඟේ ගසාගෙන ගිය මවක සහ දරුවෙකු මුදාගනී

(28.04.2025 – 15:47 +0530 – hirunews.lk/sinhala)

සෙල්ල කතරගම දේවාලය අසල මැණික් ගඟේ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව ගසාගෙන ගිය මවක් සහ ඇගේ දරුවා බේරාගෙන තිබෙනවා.

‘ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 3 වැනි බලඇණිය’ට අයත් භට පිරිස් විසිනුයි මුදා ගැනීම සිදුකර ඇත්තේ.

පැවති අධික වැසි තත්ත්වය මත වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙන අතර එහිදී මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම අනතුරට හේතු වී ඇති බවයි පැවසෙන්නේ ෴

+

+


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල රිමාන්ඩ්

(28.04.2025 – 16:35 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට පත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් (සංවර්ධන) මහේෂ් ගම්මම්පිල මැයි 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

2021 වසරේ දී චීනයේ Qingdao Seawin Biotech සමාගමෙන් ගෙන්වන ලද මෙරට ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබු ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දීම මඟින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75% ක මුදලක් එනම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට අයුතු සහගත ලෙස පාඩු කිරීමට අදාළවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ෴


රුසියානු තානාපති කාර්යාලය අසළට ආ බෝම්බ බිය

(28.04.2025 – 16:49 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයෙකු විසින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට අද (28) දහවල් කාලයේදී රැගෙන පැමිණි ලැප්ටොප් පරිගණකයක් හේතුවෙන් එම තානාපති කාර්යාලයට බෝම්බ බියක් හටගෙන තිබුණා.

ඒ එම විදේශිකයා ලැප්ටොප් පරිගණකයක් රුසියානු තානාපති කාර්යාලයට ලබා දී ක්ෂණිකව පිටව යාම හේතුවෙන් මෙම බිය හටගෙන ඇති බව සඳහන්.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය, විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ කුරුඳුවත්ත පොලීසිය වහාම එම තානාපති කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකරනවා ෴

+

+


නුවරඑළිය නගරය ජලයෙන් යටවෙයි

(28.04.2025 – 16:54 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය නගර සීමාවට (28) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණය, නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැසි ජලයෙන් වී තිබෙනවා.

ජලය ගලා බසින ඇළ මාර්ග අවහිර වීම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගය හරහා ගලා යෑම හේතුවෙන් මෙලෙස නගරය ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නුවරඑලිය නගරයට ප්‍රධාන වශයෙන් පිවිසෙන නුවරඑළිය ධර්මපාල වටරවුම් මාර්ගය සම්පුර්ණයෙන් ජලයෙන් යටවීම නිසා රථවාහාන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ තිබුණා ෴


මිතුරු සාදයට පස්සේ අයෙක් ලෙඩවී මරුට

(28.04.2025 – 17:28 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් සාදයකට සහභාගී වීමෙන් පසුව රෝගී වූ අයෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මිතුරන් දෙදෙනකු (2) හා එක්වයි මොහු මත්පැන් සාදය පවත්වා ඇත්තේ.

මියගිය පුද්ගලයා සමග මත්පැන් පානය කළ සෙසු දෙදෙනා (2) ද රෝගී වී මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

මේ හේතුවෙන් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ‘සුබයර්’ හෙවත් ‘සුමේධ’ නැමැත්තෙක්.

ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරි අයකු බවයි පැවසෙන්නේ.

රෝහල්ගත කර සිටින දෙදෙනා (2) ගෙන් අයෙක් මහර බන්ධනාගාරයේ නියාමකවරයකු ලෙස සේවය කරන අයෙක් බව පොලිසිය පවසනවා.

ඔහු සාදයෙන් පසුව නින්දට ගොස් පසුදා අවදිවීමෙන් අනතුරුව රෝගී වී තිබෙන බවයි පැවසෙන්නේ.

එම පුද්ගලයා මැදිහත්ව සිය නිවසේ මත්පැන් සාදය පවත්වා තිබෙන බවයි සඳහන්වන්නේ ෴


අකුණු සැර වැදීමෙන් කාන්තාවක් (1) මරුට; 6 ක් රෝහලේ

(28.04.2025 – 17:56 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල – ඇටැම්පිටිය ප්‍රදේශයේදී අකුණු සැර වැදීමකින් කාන්තාවක් (1) මියගොස් ඇතිබව පොලිසිය පවසනවා.

තවත් පුද්ගලයින් 6 දෙනෙකු රෝහල් ගතකර ඇති බවද පොලිසිය සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *