‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට

‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට


‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට

(23.04.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala)

‘ඩෑන් ප්‍රියසාද්’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තාගේ හෝ විදෙස්ගත වෙනත් ජාලයක් විසින් මෙහෙයවා ඇති බවට සැක පළ වනවා.

ඊට හේතුව ‘කංජිපානි ඉම්රාන්, ලොකු පැටී, කුඩු අංජු, රොටුඹ අමිල’ ඇතුළු සංවිධාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ‘ඩෑන් ප්‍රියසාද්’ පසුගිය කාලයේ කටයුතු කිරීම බවයි විමර්ශකයින් පෙන්වා දෙන්නේ.

අදාළ අපරාධකරුවන්ට එරෙහිව ‘ඩෑන් ප්‍රියසාද්’ මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා තිබූ අතර ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන්නැයි ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කර තිබුණා.

මෙවන් පසුබිමකයි නාදුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (22) රාත්‍රියේ 39 හැවිරිදි ‘ඩෑන් ප්‍රියසාද්’ නමැත්තා ජීවිතක්ෂයට පත්වුණේ.

වැල්ලම්පිටිය සාලමුල්ල, ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හය (6) වන මහලේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ පැවැති සාදයක් අතරතුර එම ස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

‘ඩෑන් ප්‍රියසාද්’, මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් කොළොන්නාව නගර සභාවට ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ යටතේ අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වී සිටියා.

සාදය පැවැත්වෙන අතරතුර යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) මහල් නිවාස සංකීරණය වෙත රාත්‍රී 9 ට පමණ ඇතුළු වී තිබූ අතර එය සීසීටීවී කැමරාවකද සටහන්ව තිබුණා.

එලෙස පැමිණි සැකකරුවන් දෙදෙනා (2) පිස්තෝල අවියකින් ‘ඩෑන් ප්‍රියසාද්’ වෙත වෙඩි තබා පලාගොස් තිබෙනවා.

සිද්ධියෙන් ඔහුගේ බිරිඳගේ ඥාතියෙකු ද සුලු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

සැකකරුවන් ‘ඩෑන් ප්‍රියසාද්’ වෙත වෙඩි ප්‍රහාර 6 ක් පමණ එල්ල කර ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ ‘ඩෑන් ප්‍රියසාද්’ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.

එහිදී දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරුණු ඔහුගේ පපු ප්‍රදේශයට සහ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර ඔහු ඊයේ (22) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වූ බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කළේ.

‘ඩෑන් ප්‍රියසාද්’ සමඟ සාදයට එක්ව සිටි පුද්ගලයෙකු (1) සැකකරුවන් පැමිණීමට පෙර නිවසෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර ‘ඩෑන් ප්‍රියසාද්’ගේ සහෝදරයෙකු වූ ‘ප්‍රකාශ් තිලිණ කුමාර’ නමැත්තා ද ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී 2022 ජුලි 25 වැනිදා නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් තියුණු ආයුදවලින් කපා කොටා ඝාතනය කර තිබුණා.

එම ඝාතනයේ සැකකරුවන් විසින් ‘ඩෑන් ප්‍රියසාද් ඝාතනය’ සිදු කර ඇති බවටද පොලිස් විමර්ශකයන්ගේ සැකයට බදුන් වී තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ‘ඩෑන් ප්‍රියසාද්’ ‘නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ’ සභාපති ලෙස කටයුතු කළා.

2019 මැයි මාසයේ දිගන ප්‍රදේශයේ පැවැති ජාතිවාදී ගැටුම් අතරතුරදී ඔහු අත්අඩංගුවට ද පත්වූ අතර 2022 වසරේ පැවැති අරගලයට පහර දුන් බවට ද චෝදනා එල්ල වූණා.

මේ වසරේ (2025) ජනවාරි පළමුවැනිදා (01) සිට ඊයේ (22) දක්වා ගතවූ දින 112 තුළ රටපුරා වෙඩි තැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 26 ක්.

මෙම වෙඩි තැබීමේ සිද්ධි 37 න් 23 ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර තිබෙන බව අනාවරණය වනවා.

අතර ඉතිරි සිදුවීම් 14 පෞද්ගලික ආරවුල් මත සිදු වූ වෙඩි තැබීම් බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (22) දිනයේදීද වෙඩි තැබීමේ සිද්ධීන් තුනක් (3) වාර්තා වූ අතර ‘ඩෑන් ප්‍රියාසාද්’ ඝාතනය වීමේ සිද්ධියට අමතරව කටුනායක – ආඬිඅම්බලම සහ කටාන ප්‍රදේශවලින් එලෙස වෙඩි තැබීමේ සිද්ධීන් සිදුව තිබුණා ෴

+

+++

ඩෑන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පිය පුතු දෙපලක් (2) ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි

(23.04.2025 – 14:26 +0530 – hirunews.lk/sinhala)

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

වැල්ලම්පිටිය පොලිසිය විසින් මෙම කරුණු වාර්තා කිරීම සිදු කරනු ලැබුවා.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ (2) සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙලිවී ඇති බවයි.

ඒ අනුව ‘බන්දුල පියල්’ හා ‘මාදව සුදර්ශණය’ යන පිය පුතු දෙදෙනාගේ (2) විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අදාළ පුද්ගලයින් දෙදෙනා (2) විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක්ද නිකුත් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය මියගිය තැනැත්තාගේ සහෝදරයකු වන ‘තිළිණ ප්‍රසාද්’ නමැත්තා මීට වසර කිහිපයකට ඉහතදී කපා කොටා මරා දමා තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට (2) එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවත්, සඳහන් කර සිටියා.

මෙම සිද්ධියට අදාලව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඉදිරි විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධය සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා ෴

+++

‘ඩෑන් ප්‍රියසාද්’ සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව. කංජිපාණී මාව මරන්න ඉන්නවා මට කිව්වේ CCD එක ඇතුලෙන් (23.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *