දෙවන (2) දිනටත් සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහවතුන්ගෙන් සෙංකඩගල පුර පිරීයයි
දෙවන (2) දිනටත් සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහවතුන්ගෙන් සෙංකඩගල පුර පිරීයයි
(19.04.2025 – 19:52 +0530 – hirunews.lk/sinhala)
ගෞතම බුදුරජාණන්වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගැනීමේ දුර්ලභ අවසථාව උදාකර දෙන ‘සිරි දළදා වන්දනාවේ’ දෙවැනි (2) දිනය වූ අද (19) සැදැහැවතුන් පස්වරු 01:00 සිට පස්වරු 05:30 දක්වා ඊට අවස්ථාව හිමි වුණා.
ඒ අනුව, අදත් (19) අතිවිශාල සැදැහැවතුන් පිරිසකට දළඳා වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව ලැබුණා.
මේ ඓතිහාසික අවස්ථාවේ ජිවමාන සාක්ෂිකරුවන් බවට පත් වීමේ ඒකායන අපේක්ෂාවෙන් දස දහස් සංඛ්‍යාත සැහැදැවතුන් පිරිසක් තුන්වන (3) දිනය වන හෙට (20) දිනය වන්දනාමාන කර ගැනීම සදහා තවමත් පෝලිම්වල රැඳී සිටිනවා.
දළදා වහන්සේ සියැසින් දැකබලාගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාව උදාකර දීම වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා වන්දනාව මෙවර පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.
සිරි දළදා වන්දානාව සඳහා ඇති ප්‍රධාන පිවිසුම් මාර්ග තුනෙහිම (3) කිලෝ මීටර ගණන් දිගු පෝලිම් අද (19) උදෑසන සිටම දක්නට ලැබුනා.
ඒ අනුව ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ඇති ප්‍රවේශ මාර්ගයේ කිලෝ මීටර ගණනාවක් දිගු පෝලිම් දක්නට ලැබූ අතර එම පෝලිම අද (19) දහවල් වන විට කටුගස්තොට නගරය දක්වාම දිගු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ .
දෙවැනි (2) ප්‍රවේශ මාර්ගය වූ ‘රතු බෝක්කුව’ දෙස සිට මහනුවර වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති ප්‍රවේශ මාර්ගය අද (19) දිනයේත් ජනතාවගෙන් පිරී පැවති අතර එම මාර්ගයේ අද (19) පස්වරුව වන විට කිලෝ මීටර 4 කට ආසන්න දුරකට සැදැහැවතුන් රැස්ව සිටි අයුරු ද දක්නට ලැබුණා.
එමෙන්ම ‘රතු බෝක්කුව’ දෙස සිට මහනුවර වැව රවුම හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ඇති තෙවැනි (3) ප්‍රවේශ මාර්ගයේද කිලෝ මීටර් කිහිපයක් දිග පෝලිම් දක්නට ලැබූ බවයි වාර්තා වුණේ.
දළදා වහන්සේ දැක වන්දනාමාන කර ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙන් පැමිණ සිටින විශේෂ අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් වෙනම පෝලිමක්ද ස්ථාපනය කර තිබෙනවා ෴
මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ දන්ත ධාතු ප්‍රදර්ශනය සඳහා අද (19) දිනයේ එක්ලක්ෂ විසි දහසකට (1,20,000) අධික බැතිමතුන් ප්‍රමාණයක් සහභාගි වී ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අද (19) දින රාත්‍රී 09:00 පමණ වන විට පනස් දහසකට (50,000) අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින අතර, හෙට (20) දින උදෑසන වන විට එම ප්‍රමාණය ලක්ෂය (1,00,000) ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එමෙන්ම හෙට (20) දිනය සතිඅන්ත දිනයක් බැවින් මෙම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
එබැවින්, හෙට (20) දිනය හැර තවත් දින 07 ධාතු වන්දනාව සිදුකෙරෙන බැවින්, හෙට (20) දිනය මගහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් බැතිමතුන්ට පහසුවෙන් වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බව එම නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා ෴
+++
‘සිරි දළදා වන්දනාවේ’ තුන්වන (3) දිනය අද (20)
(20.04.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala)
ගෞතම බුදුරජාණන්වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගැනීමේ දුර්ලභ අවසථාව උදාකර දෙන ‘සිරි දළදා වන්දනාවේ’ තුන්වන (3) දිනය අදයි .
දහවල් 01:00 සිට පස්වරු 05:00 දක්වා අදත් (20) සැදැහැවතුන්ට දළදා වහන්සේ වැදපුදා ගැනීමට අවස්ථාව හිමිවනවා.
දෙවැනි (2) දිනය වූ ඊයේ (19) දිනයේ එක් ලක්ෂ විසිදහසකට (1,20,000) අධික සැදැහැවතුන් පිරිසකට දළඳා වහන්සේ වන්දනාමාන කරගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
එසේම අද (20) දිනයේදී වන්දනා කිරීම සඳහා ඊයේ (19) රාත්‍රී 09:00 ය පමණ වන විට 50,000 කට අධික සැඳැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ සිටි අතර, එම ප්‍රමාණය අද (20) පෙරවරුව වන විට ලක්ෂය (1,00,000) ඉක්මවා යනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරනවා.
දළදා වහන්සේ දැක වන්දනාමාන කර ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙන් පැමිණ සිටින විශේෂ අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් ද වෙනම පෝලිමක් පිහිටුවා තිබෙනවා ෴
+
පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව FBI එකට අභියෝග කරයි | ට්‍රම්ප් කොරවෙන්න අනුර ලියූ ලියුම් එළියට (19.04.2025)
+
රු. මිලියන 240 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට
(20.04.2025 – 08:25 +0530 – hirunews.lk/sinhala)
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා (24,30,00,000) කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (20) උදෑසන දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණි මොහු 59 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක මත්ද්‍රව්‍ය තොගය කුඩා කාඩ්පත් ලෙස සකසා ගමන් මලු 07 ක් තුළ අසුරා මෙරටට රැගෙන විත් තිබූ බවයි ‘හිරු ගුවන් තොටුපළ වාර්තාකරු’ සදහන් කළේ ෴
නූලෙන් වැළකුනු ‘ගම්පහ ඔස්මන්ඩ්’ ඝාතන පිටුපස ‘බටුවත්තේ චාමර’
(20.04.2025 – 08:46 +0530 – hirunews.lk/sinhala)
‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ඇතුළු පිරිසක් ඝාතනය කිරිමට සූදානමින් කරවීමේ සිද්ධිය පාතාල සාමාජික ‘බටුවත්තේ චාමර’ නැමැත්තා විසින් මෙහෙයවා ඇතැයි අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව ඔහුගේ උවමනාව මත ‘කමාන්ඩෝ සලින්ත’ නැමැත්තා සහ ‘මන්දිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ව මෙම සැලසුම සකස් කර ඇති බවටයි දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
‘ජාත්‍යන්තර රතු වරෙන්තු’ පවා නිකුත් කර තිබිය දී ‘බටුවත්තේ චාමර’ විසින් මැලේසියාවේ සිට මෙම සැළසුම සකස්කර ඇතැයි සඳහන්.
ඊට අදාළ ගිනිඅවි ලබා දී ඇත්තේ, ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ගේ පාර්ශවයෙන් බවටයි වාර්තා වන්නේ.
‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ඇතුලු පිරිසක් ඝාතනය කිරීමට සූදානම් වූ ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයන් 07 දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගැනුණා.
ඒ ‘පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය’ ගම්පහ – තම්මිට ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.
එහිදී ටී-56 අවි 2 ක්, මැගසින් 2 ක්, මෙන්ම උණ්ඩ 105 ක් සහ ජංගම දුරකථන 15 ක් ද සොයාගැනුනා.
අදාළ ප්‍රදේශයේ ඊයේ (19) පැවැති අවුරුදු උත්සවයක ආරාධිතයෙකු ලෙස ව්‍යාපාරික ‘ඔස්මන් ගුණසේකර’ නැමැත්තා ඇතුලු පිරිසක් එක් වීමට නියමිතව තිබූ අතර, එහිදී ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීමටයි සැලසුම සකස්කර ඇත්තේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ‘පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය’ වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, අදාළ සැකකරුවන් පිරිස ගම්පහ – තම්මිට ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පෙරේදා (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් පොලිසිය වෙත භාරදීමට ‘විශේෂ කාර්ය බලකාය’ මගින් කටයුතු කර තිබෙනවා.
ව්‍යාපාරික ‘ඔස්මන් ගුණසේකර’ නැමැත්තා ඝාතනය කිරීමට මීට පෙර ද අවස්ථා 03 කදී සැලසුම් දියත් කර තිබු අතර ඉන් අවස්ථා දෙකක්ම (2) මෙහෙයවා තිබුණේ පසුගියදා ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ගේ පාර්ශවයයි.
ඒ අනුව, මෙය ‘ගම්පහ ඔස්මන්’ ඝාතනය කිරීමේ උත්සහයේ ව්‍යර්ථ වූ 04 වන සැලසුම ලෙස හැදින්වෙනවා ෴
+++
ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දක්වා ඉහළට
(20.04.2025 – 10:06 +0530 – hirunews.lk/sinhala)
ව්‍යාපාරිකයෙකු වන ‘ගම්පහ ඔස්මන් ගුණසේකර’ ඇතුළු පිරිසක් ඝාතනය කිරිමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘පොලිස් විශේෂ කාර්ය බලකාය’ ඊට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි තවත් අපරාධයකට සම්බන්ධ 22 හැවිරිදි සහ 57 හැවිරිදි උඩුගම්පළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම සැකකරුවන් දෙදෙනා (2) අපරාධ කල්ලි සාමාජිකයින්ට සම්බන්ධ කර දුන් තවත් සැකකරුවෙකු (1) ද ජංගම දුරකතන 04 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු 25 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 09 ක් වන අතර, ඉන් සිව්දෙනෙකු (4) යුද හමුදා සේවයෙන් ඉවත් වී ඇති බවත් අදාල සැකකරුවන්හට රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිත බවත් පොලිසිය කියා සිටියා ෴
+
+
පාර්ලිමේන්තුවේ වියදම් ගැන කඩිනම් විගණන වාර්තාවක් ලබාදෙන්නැයි කථානායක, විගණකාධිපතිට දැනුම් දෙයි
(20.04.2025 – 09:17 +0530 – hirunews.lk/sinhala)
පසුගිය වසර 10 තුළ ආණ්ඩු දෙකක් (2) විසින් පාර්ලිමේන්තුවේ සිදුකර ඇති වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති වීම නිසා ඒ පිළිබඳව විගණනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කඩිනම් විගණන වාර්තාවක් ලබාදෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මේ වන විටත් විගණකාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි සදහන් වන්නේ.
පසුගිය 08 වනදා සහ 09 වනදා පාර්ලිමේන්තුවේ හිඟ වියදම් සම්බන්ධයෙන් ගැටලු මතුවීම හේතුවෙන් කථානායකවරයා එම වියදම් පිළිබඳව සෑහීමකට පත් නොවීමත්, එම කාලය තුළදී පාර්ලිමේන්තුවේ විගණන කටයුතු පෞද්ගලික ආයතන කිහිපයක් විසින් සිදුකිරීම, මෙයට හේතු වී ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
ඒ අනුව දැනටමත් පාර්ලිමේන්තුවේ අනවශ්‍ය වියදම් සියල්ලම කපා හැරීමට පියවර ගනිමින් සිටින බව ද කථානායක කාර්යාලය සඳහන් කළා ෴
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි
(20.04.2025 – 11:17 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපතිවරයාගේ නියෝගය අනුව ‘පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව’, ඉදිරි විමර්ශන සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට භාරදෙයි දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා ෴
කළු සල්ලි සුදු කරන ජාවාරමේ පියුමි ඩමියක් විතරයි. පියුමි ගැන කියන්න ප්‍රෝග්‍රෑම් එකට ආපු ඔයත් පට්ට හෙරක්නේ (20.04.2025)
+
බෙලිගමුවේ යතුරුපැදි අනතුරකින් යුවලක් (2) මරුට
(21.04.2025 – 11:12 +0530 – hirunews.lk/sinhala)
දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ සිදුවූ යතුරු පැදි අනතුරකින් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා.
එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ සැමියා සහ බිරිඳ වන දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ 28 හැවිරිදි කාන්තාවක්.
එහිදී බරපතල තුවාල ලැබූ එම දෙපලගේ පිරිමි දරුවා රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.
ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරු පැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ තිදෙනා (3) ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර, කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴
අද (21) සිට ‘සිරි දළදා වන්දනාව’ පැයක් කලින්
(21.04.2025 – 11:32 +0530 – hirunews.lk/sinhala)
‘සිරි දළදා වන්දනාවේ’ 04 වැනි දිනය අදයි.
සිව් වැනි දිනය වූ අද (21) දිනයේ පෙරවරු 11:00 සිට උතුම් දළදා වන්දනාව සිදුකර ගැනීමට ජනතාවට අවස්ථාව උදා වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
පස්වරු 12:30 සිට 05:30 දක්වායි දළදා වන්දනාව සඳහා සැහැදැවතුන්ට අවස්ථාව හිමිව තිබුණේ.
නමුත් අද (21) සිට පෙරවරු 11:00 සිට දළදා වන්දනාව ආරම්භවෙන බවයි වාර්තා වෙන්නේ.
ඊයේ (20) දිනයෙන් ලක්ෂයකට අධික පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කර ඇති අතර තවත් දස දහස් සංඛ්‍යාත සැහැදැවතුන් පිරිසක් දළදා වන්දනාව අපේක්ෂාවෙන් පෝලිම් වල රැඳි සිටිනවා.
සමාරම්භක දිනයේ සිට අති විශාල ජනකායක් ඊට එක්ව සිටි අතර මේ දක්වා දළදා වන්දනා කර ඇති පිරිස ලක්ෂ 04 කට ආසන්නයි.
මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන ඒම හේතුවෙන් බැනි මතුන්ට පහසුකම් සැපයීම දුෂ්කර වී ඇති බව ආරක්ෂක අංශ පවසනවා.
ඒවා අස්ථානගත වීම නිසා සැදැහැවතුන් ද අපහසුතාවට පත් වන බැවින් විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන ඒමෙන් වලකින ලෙසයි ඔවුන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴