පළමු පැය දෙකට (2) දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී
පළමු පැය දෙකට (2) දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී
(18.04.2025 – 20:41 +0530 – hirunews.lk/sinhala)
වසර 16 කට පසු ශ්‍රී දළදා වහන්සේ දැක බලාගෙන ආශිර්වාද ලබාගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාව ලක්වාසී ජනතාවට අද (18) හිමිවුණා. ඒ ‘සිරි දළදා වන්දනාව’ අද (18) දහවල් ආරම්භ වීමත් සමඟයි.
එම කටයුතු ඇරඹුනේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීත්වයෙන්.
දළදා වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසු පැවැත්වෙන දසවැනි (10) දළදා දැක්ම ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ.
සිරි දළඳා වන්දනාව ආරම්භ වීමට දින 02 ක පමණ පෙර සිටම දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන් රෑ දවල් නොතකා ඒ වෙනුවෙන් දිගු පෝලිම්වල රැදී සිටියා.
මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මගපෙන්වීමෙන් සංවිධාන කෙරෙන සිරි දළදා වන්දනාවේ සමාරම්භය සිදුවූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැමිණීමෙන් පසුවයි.
ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු දළදා වහන්සේ වෙනුවෙන් තේවාව ආරම්භ වූ අතර එහිදී මහ කරඬුවට පළඳා ඇති රන් භාණ්ඩ ඉවත් කිරිමෙන් පසු මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දෙනම සහ දියවඩන නිලමේ සතු යතුරු තුනෙන් (3) සත් කරඬු විවෘත කරනු ලැබුවා.
දළදා වහන්සේ පිටතට වැඩම කරවීමට පෙර මහ නාහිමිවරුන් හා තේවාවේ නාහිමිවරුන් පිරිත් දේශනා සිදු කළා.
අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දෙනම පිරිසිදු අලුත් පට ලේන්සුවකින් දළදා වහන්සේ පිටතට වැඩමකිරීම සිදු කළ අතර දළදා වහන්සේ ප්‍රදර්ශන කරඬුවේ තැන්පත් කිරීම සඳහා ද විශේෂ ක්‍රමයක් පවතිනවා.
ඒ සඳහා රන් කූරක් හා රන් නෙළුම් මලක් මෙන්ම රන් මුදුවක් ඇතුළත් උපකරණයක් පවතින අතර එය හදුන්වන්නේ ‘රිදී පොල් ගෙඩිය’ ලෙසයි.
හේවිසි හඬ මධ්‍යයේ මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් හා දියවඩන නිලමේවරයා විසින් දළඳා වහන්සේ සහිත වීදුරු කරඬුව ‘පිරිත් කොටුව’ දක්වා වැඩමවාගෙන එනු ලබන අතර ‘පිරිත් කොටුවේ’දී දළදා වහන්සේ භාර ගනු ලබන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් විසින්.
අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියන් විසින් දළඳා කරඬුව ‘පිරිත් කොටුවේ’ ඇති රන්සිවි ගෙයි තැන්පත් කිරීම සිදු කළා.
දළදා කරඬුව ‘පිරිත් කොටුවෙ’හි තැන්පත් කිරීමෙන් පසු ප්‍රථමයෙන් ජනාධිපතිවරයා එය වන්දනාමාන කළ අතර විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ප්‍රභූන්ට අනතුරුව දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීමට අවස්ථාව හිමිවුණා.
ලක්වාසී සැදැහැවතුන් සඳහා ‘සිරි දළදා වන්දනාව’ විවෘත වූයේ ඉන් අනතුරුවයි.
සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කරගනු ලැබූවේ ප්‍රධාන පෝලිම් තුනකින් (3) වන අතර එම ප්‍රවේශ මාර්ග තුනේම (3) අද පෙරවරුව වන විටත් කිලෝ මීටර 04 කට අධික දිගු පෝලිම්වල සැදැහැවතුන් රැඳී සිටියේ දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කර ගැනීම සදහායි.
ඉතාමත් උනන්දුවෙන් හා දැඩි ශුද්ධාවෙන් යුතුව දළඳා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා සැදැහැවතුන් දළඳා මාලිගාව වෙත පිවිසියා.
මේ අතර සිරි දළදා වන්දනාව ආරම්භ වීමට පෙර සිටම දළදා මාලිගා පරිශ්‍රය හා ඒ අවට ආරක්ෂාව තර කර ඇති අයුරුද දක්නට ලැබුණා.
අද (18) දිනයේ පැය දෙකක (2) කාලයක් දළදා වහන්සේ වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී තිබු අතර හෙට (19) සිට ලබන 27 වැනිදා දක්වා දින 10 ක කාලයක් දහවල් 12 සිට පස්වරු 5 දක්වා දළදා වන්දනාවට අවස්ථාව හිමිවනවා.
සිරි දළදා වන්දනාවේ පළමු (1) දිනය අවසන් වීමෙන් අනතුරුව ඊට ප්‍රවේශ විය හැකි මාර්ග තුනෙහිම (3) අද (18) පස්වරුවේත් අති විශාල බැතිමතුන් පිරිසක් රැදී සිටින්නේ හෙට (19) දිනයේදී උතුම් දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අභිප්‍රායෙන්.
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි ෴
+++
සිරි දළඳා ප්‍රදර්ශනය වෙනුනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින්
(18.04.2025 – 22:42 +0530 – sinhala.adaderana.lk)
සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි.
එම සංගමය පැවසුවේ ව පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 50 කට ආසන්න සංඛයාවක් මේ අනුව සේවයේ යොදවා ඇති බවය.

+
+
මනම්පිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක්
(18.04.2025 – 20:58 +0530 – hirunews.lk/sinhala)
මනම්පිටිය පොලිස් වසමේ ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවට මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් වෙඩි තැබීම සිදු කර ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
+
ක්‍රිස්තු දේවස්ථානයට වෙඩිතැබූ සැකකරු අත්අඩංගුවට
(19.04.2025 – 06:35 +0530 – sinhala.adaderana.lk)
මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු ඊයේ (18) රාත්‍රී 7 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 38 ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්ය.
මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇත.
සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.
මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
+
+
‘වැල්ලේ සාරංග’ ඩුබායිහිදී අත්අඩංගුවට
(18.04.2025 – 21:21 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගමගේ සාරංග ප්‍රදීප්’ හෙවත් ‘වැල්ලේ සාරංග’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ‘ජාත්‍යන්තර පොලීසිය’ විසින් ‘රතු නිවේදනයක්’ ද නිකුත් කර තිබුණා.
ඝාතන සිද්ධියක් ඇතුලු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබු අතර පසුගිය වසරේ (2024) පෙබරවාරි මාසයේදී මෝදර ලෙල්ලමේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වුණා.
එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ‘වැල්ලේ සාරංග’ගේ මස්සිනා වන මස්කඩ ව්‍යාපාරිකයෙකු වූ ‘උක්කුවා’ද මහභාගේ ප්‍රදේශයේදී පසුව වෙඩි තබා ඝාතනය කෙරුණා.
+
මේ අතර බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදී ඊයේ (17) රාත්‍රීයේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ද මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සදහන් කළේ වෙඩි වැදුණු තරුණයා අහුංගල්ල පොලිසිය වෙත පැමිණ තමන්ට පහරදීමක් සිදු වූ බවට පළමුව පැමිණිලි කළ බවයි. ගිලන් රථයකින් ඔහු රෝහල්ගත කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින්.
මෙලෙස තුවාල ලැබා රෝහල් ගත කර ඇත්තේ අහුංගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.
ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන මෙහෙයවනවා.
පාර්සලයක් ලබාගැනීම සදහා බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසල පිහිටි සුසාන භූමිය අසලට පැමිණෙන ලෙස ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බබා’ නමැත්තාගෙන් ඊයේ (17) දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර වෙඩි තැබීම සිදු කර ඇති බවට චෝදනා එල්ල වන්නේ ද ‘බබා’ නැමැත්තාගේ ගෝලයෙකුටයි ෴
වැල්ලවාය-බෙරගල මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා
(19.04.2025 – 07:09 +0530 – hirunews.lk/sinhala)
වැල්ලවාය – බෙරගල මාර්ගයේ නිකපොත, විහාරගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ඒ, හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවටයි පොලිසිය පවසන්නේ.
පොලිසිය සඳහන් කළේ, මාර්ගයට කඩා වැටී ඇති පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
+
+
අපිටත් දැන් ඉල්ලපු ගමන් පොලිස් කාර් 1 යි බයික් 3 කුයි පොලිසියෙන් ගන්න පුලුවන්ද? | ටියුෂන් ටීචර් නටපු නාඩගම (18.04.2025)
+++
+++
+
හතුරාගේ හතුරා මිතුරා | පිල්ලෙයාන් හිරකළ ඇත්තම හේතුව රාජිත කියයි (19.04.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴