අලුත් අවුරුද්ද සැමරීමට රාජ්‍ය නායකයා ප‍්‍රසිද්දියේ පස්ස ගහලා.. – විමල් වීරවංශ
අලුත් අවුරුද්ද සැමරීමට රාජ්‍ය නායකයා ප‍්‍රසිද්දියේ පස්ස ගහලා.. – විමල් වීරවංශ
(17.04.2025 – 17:30 +0530 – lankacnews.com)
වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති ජාතියක ප්‍රධාන සංස්කෘතික උත්සවයක් සැමරීමට රටේ රාජ්‍ය නායකයා ප්‍රසිද්ධියේ පස්සා ගසා ඇතැයි ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා සිය සමාජ ජාල ගිණුම ඔස්සේ නිකුත් කර ඇති නිවේදනය මෙසේය :
ගරුතර ස්වාමීන් වහන්ස,
අන්‍යාගමික පූජකතුමනි,
මවුවරුනි, පියවරුනි,
සහෝදරයා, සහෝදරිය,
සිංහල හා දමිල අලුත් අවුරුද්ද සැමරීම රාජ්‍ය මට්ටමෙන් සිදු නොවූවද රට පුරා බහුතරයක් පොදු මහජනතාව ආර්ථික අපහසුතා තිබියදී පවා උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුදු සැමරීමට කටයුතු කළහ.
මා මෙවර සමාජ මාධ්‍යවල නිරීක්ෂණය කළ එක් දෙයක් වූයේ ‘අලුත් අවුරුද්ද සැමරීමේ අර්ථ විරහිත භාවය’ පිළිබඳ කතිකාවක් සමාජ මාධ්‍ය තුළට හදිසියේ පැමිණ තිබීමයි. සමහරු මුලු ලොවෙන් මේ උත්සවය සමරන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බවද මෙය ඒ නිසා ‘අරුම පුදුම අවුරුදු සැමරීමක්’ බවද කියා සිටියහ.(මුසාවකි. ආසියාවේ බොහෝ ජාතීන් මාර්තු හා මැයි අතර තමන්ට අනන්‍ය අලුත් අවුරුද්දක් සමරති.) සමහරු සිංහල නක්ෂස්ත්‍රය තුළ ඇති දර්ශණයේ දුබලතාවය ගැනද තවත් සමහරු අතීත කාමයේ ඇලී ගැලී සිටිමින් වර්තමානයට නොගැලපෙන සිරිත් විරිත් ඉදිරියට ගෙනයාමක් ලෙසද අලුත් අවුරුද්ද අර්ථකතනය කර තිබුනි. අප කලිනුත් කියා ඇති පරිදි වැදගත් වන්නේ අලුත් අවුරුද්ද විවේචනය කරන කිසිදු ගැඹුරු විමංසනයකින් තොර තුන්වන පන්තියේ කුලී මත වාහකයන් නොව සිංහල අලුත් අවුරුද්ද වැනි යම් ජාතියකට අනන්‍ය සංස්ක්කෘතික උත්සව සැබෑ ගැටළුවක් වී ඇත්තේ කාටද යන්න ගැඹුරින් විමසීමයි.
‘ෆ්‍රැන්සිස් ෆුකුයාමා’ නම් අමෙරිකානු ‘ලිබරල් ආර්ථික චින්තකයා’ ලෝක අවධානය දිනූ ඔහුගේ ‘End of History and the last man’ කෘතියේ පැවසූ පරිදි ලෝක මනුෂ්‍ය සංස්කෘතික විකාශනයේ අවසානය නිදහස් වෙළඳපොල සමාජ ආර්ථික ක්‍රමයයි. එය (අතිශය සාධාරණම) මනුෂ්‍ය සංහතියේ අවසාන සමාජ ආර්ථික නවාතැන් පොළයි.(ෆුකුයාමා පසුව USAID සහ සම්බන්ධිත ආයතයක අධ්‍යක්ෂක ධූරයකින් පිදුම් ලැබීය.) මේ අනුව විවිධ ජාතීන්ට අනන්‍ය සංස්කෘතීන් දියවී ‘ලිබරල් වෙලඳ සංස්කෘතියක්’ හා එකම පාරිභෝජන සමාජයක් ඇතිවීම මේ ප්‍රවාදයට අනුව අනිවාර්‍ය ප්‍රතිඵලයකි. ඒ ප්‍රතිඵලය ඇතිවීමට නම් ඒ තත්වයට බාධාකරන සංස්කෘතික බාධක ඉවත් කළ යුතුය. ‘හැම්බර්ගරය, හොට්ඩෝගය’ වැළඳ ගත යුතු සමස්ත ලෝක සංස්කෘතියකට ‘කැකුළු කිරිබත, කැවුම, කොකිස, හැළපය හෝ කුරක්කන් රොටිය’ ගැලපෙන්නේ නැත. අලුත් අවුරුද්ද ‘අමු හරමානිස්’ වී දෙසැම්බර් තිස් එක ‘හෙන මොඩර්න්’ වන්නේ මේ නිසාය. අලුත් අවුරුද්දේ නක්ෂස්ත්‍රමය හෝ තාරකා විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක නිස්සාරත්වය හොයන සමහරුන්ට ‘දෙසැම්බර් හා ජනවාරි අලුත් අවුරුද්දේ’ ප්‍රභවය ‘ග්‍රීක මිත්‍යා විද්‍යාව’ට සුසම්බන්ධ බව ‘ඔළුවට පහරක් ගැසූවද’ මතක් නොවන්නේ ‘හෑලි නොලියවෙන්නේ’ ඒ නිසාය. ‘දෙසැම්බර් තිස් එක’ ‘ලෝක ලිබරල් වෙළඳපොලට හා බටහිර සංස්කෘතියට’ ප්‍රධාන උත්සවයක් වන නිසා වෙනත් සංස්කෘති වල අලුත් අවුරුදු මොවුන්ට ‘නයාට අඳුකොල’ වන්නේ ඒ නිසාය.
මේ තත්වය තේරුම් ගන්නා ජාතික රාජ්‍යයන් වල විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නායකයෝ සිය රටවල් වලට අනන්‍ය සංස්කෘතික උත්සව ප්‍රවර්ධනය කරති. අදිසි ලෝක අධිරාජ්‍යයේ බලපෑමට නතු නොවී සිය ජනයා එකමිටට තබා ගැනීමට සිය සංස්කෘතික මූලයන් ශක්තිමත් කරති.
වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති ජාතියක, ප්‍රධාන සංස්කෘතික උත්සවයක් සැමරීමට රටේ රාජ්‍ය නායකයා ‘ප්‍රසිද්ධියේ පස්සා ගැහීම’ දෙස අපි ඉතා බැරෑරුම්ව බැලිය යුත්තේ මේ නිසාය.
විමල් වීරවංශ
නායක
ජාතික නිදහස් පෙරමුණ
දළදා මාලිගාවට, මුස්ලිම් පල්ලියකට පහරදීම් කළ පිල්ලෙයාන් ‘නස්කුනියා’ ජාතික වීරයෙක්ද ? (17.04.2025)
+
පිල්ලයන් කියන්නේ ළමා අපචාර කරපු ඝාතකයෙක්. රාජපක්ෂ කාලෙ මූ ගහපු ගේම් මෙන්න (17.04.2025)
+
මාලිමාවේ පච 17 ක් එක පෙළට (17.04.2025)
+
ජනපතිට එරෙහි නිරීක්ෂක පැමිණිල්ල ගැන මැතිවරණ කොමිසම දෙබිඩි පිළිවෙතක : ‘පැමිණිල්ලට සති දෙක පැනලත් තව ම ප්‍රතිචාරයක් නෑ’ – CMEV කියයි
(17.04.2025 – 21:30 +0530 – mawbima.lk)
මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් සම්බන්ධයෙන් ‘මැතිවරණ කොමිසම’ ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවට කොමිසමේ මූලාශ්‍රයක් සහතික කර එය අද (අප්‍රේල් 17) ප්‍රධාන පුවත හැටියට වාර්තා කිරීමෙන් පසු එහි සභාපතිවරයා විසින් ම එම තොරතුර ප්‍රතික්ෂේප කරනු ලැබීම ගැන ‘මව්බිම’ සිය බලවත් විමතිය පළ කර සිටියි.
‘නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි – මැතිවරණ නීති කඩන කතා එපා : මැ.කො ජනපතිට ලියයි’ යන සිරස්තලය යටතේ පළ කළ පුවත ‘මැතිවරණ කොමිසමේ’ මූලාශ්‍ර මගින් ලබා ගත් පුවතක් වන අතර මෙසේ කොමිසම පැය විසි හතරක් (24) ඇතුළත ස්ථාවර දෙකක් (2) ගැනීම ගැන ‘මව්බිම’ සිය අප්‍රසාදය පළ කරමින් අද (17) දිනයේ ම ‘මැතිවරණ කොමිසම’ට හා ‘රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා’ට ලිපි යොමු කළේ ය.
‘මැතිවරණ කොමිසම’ මෙසේ ස්ථාවර දෙකක් (2) පෙන්වමින් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල හා තිස්සමහාරාම මැතිවරණ රැස්වීම්වලදී කළ ප්‍රකාශ මගින් ‘පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ අයුතු බලපෑම් හා අල්ලස’ යන වැරදි සිදුකර ඇති බවට ‘සී.එම්.ඊ.වී. සංවිධානය’ මීට සති දෙකකට (2) පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.
‘ජාතික ජන බලවේගයේ’ නොවන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළහොත් ඒවාට මුදල් වෙන්කිරීම කළ නොහැකි බවත් මුදල් වෙන්කළත් එය සැලකිල්ලෙන් කිරීමට සිදුවන බවත් වශයෙන් මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට එරෙහිව ‘මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය’ ‘මැතිවරණ කොමිසම’ට පැමිණිල්ලක් කළේ පසුගිය 02 වන දා ය.
‘2025 පළාත් පාලන ආයතන මැතිවරණ ව්‍යාපාරය අතරතුර විධායක ජනාධිපතිතුමා විසින් මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිල්ල’ මැයෙන් වූ එම පැමිණිල්ලේ අදාළ ප්‍රකාශ දෙක (2) ම ‘පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 82 (ඇ) හා 82 (ඈ) (අයුතු බලපෑම් හා අල්ලස)’ යන වගන්ති බරපතළව හා පැහැදිලි ලෙස උල්ලංඝණය කිරීමක් බව සිය විශ්ලේෂණාත්මක මතය යැයි එම සංවිධානය දක්වා තිබිණි.
රටේ විධායක ජනාධිපතිවරයාට තිස්සමහාරාම හා බුත්තල ප්‍රාදේශීය සභාවට තම පක්ෂයේ නියෝජිතයින් තෝරා පත් කර නොගතහොත් ප්‍රදේශයේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද වන බවට හෝ මෙම අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද විය හැකි බවට ඡන්දදායකයින්ට කිසිසේත් තර්ජනය කළ නොහැකි යැයි ‘සී.එම්.ඊ.වී. ආයතනය’ තම පැමිණිල්ලේ දක්වා ඇත.
එසේ ම සිය නියෝජිතයාගේ ප්‍රධානත්වයෙන් යුත් ‘ජාතික ජන බලවේගයෙන්’ පැමිණෙන යෝජනා පිළිගෙන ප්‍රශ්න කිරීමකින් තොරව අරමුදල් සපයනු ලබන බවටත් වූ ප්‍රකාශය සමග සැසඳූ විට පැහැදිලි ලෙසම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තර්ජනයක් සහ පොරොන්දුවක් යන දෙක (2) ම ඒකාබද්ධ කරන්නක් යැයි ද ‘සී.එම්.ඊ.වී. ආයතනය’ පවසයි.
වඩා ගැටලු සහගත කරුණ වන්නේ ජනාධිපතිවරයා රට පුරා පණිවිඩයක් යවමින් මෙම කරුණු යළි යළිත් ප්‍රකාශ කරමින් සිටීම යැයි පවසන එම සංවිධානය පක්ෂ දේශපාලනය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන වත්මන් ජනාධිපතිවරයා විසින්ම මෙවැනි ප්‍රකාශ කිරීම නිසා ‘ජාතික ජනබලවේගය’ට ඡන්දය දීමට අකැමැති ඡන්දදායකයන්ට තර්ජනයක් හා අල්ලසක් ලෙසින් එය විශ්වාසදායක වනු ඇතැයි ද අවධාරණය කරයි.
ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම සම බිමක ක්‍රීඩා කිරීමේ මැතිවරණ මූලධර්මයට හානි කර, නිදහසේ සහ ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතියට තර්ජනය කරමින් අවසාන මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි යැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබිණි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් පියවර ගැන පසුගිය 10 වන දා එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ගෙන් ‘මව්බිම’ විමසූ අතර ඒ ගැන සිය පැමිණිලි අංශයෙන් විමසන්නැයි ඔහු පැවසීය.
ඉන්පසුව මේ සම්බන්ධයෙන් පෙරේදා (අප්‍රේල් 16) කළ විමසීමේදී එම අංශයේ නිලධාරියෙකු පැවසුවේ, ජනාධිපතිවරයාට එවැනි ප්‍රකාශ නොකරන ලෙසට ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපියක් යොමුකළ බව ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තියෙන් සිවිල් හා අපරාධ නඩු පැවරීමේදී ජනාධිපතිවරයාට හිමි වන මුක්තිය නිසා මෙවැනි සිදුවීම්වලදී ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපි යොමුකිරීමේ පිළිවෙත ගැන එම නිලධාරියා එහිදී සවිස්තර පැහැදිලි කිරීමක් කළේ ය.
එම නිලධාරියා සිදුකළ දීර්ඝ පැහැදිලි කිරීමේදී මෙසේ ද සඳහන් විය :
“පැමිණිලි ආපු නිසා ඒවා ‘කෝට්’ කරලා ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා අපි ජනාධිපති ලේකම්ට ලියලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය තියෙනවානේ; එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැහැනේ. එනිසා තමයි අපි ජනාධිපති ලේකම්ට ලිව්වේ මේ විදිහට කරන්න දෙන්න එපා කියලා.”
එම නිලධාරියාගේ පැහැදිලි කිරීම අනුව ‘මැතිවරණ නීති කඩන කතා එපා : මැකො ජනපතිට ලියයි’ යන හිසින් ප්‍රධාන සිරස්තලය ලෙසින් ‘මව්බිම’ අද (17) එම පුවත වාර්තා කළේ ඒ අනුවය.
කෙසේ වෙතත්, පුවත්පත මුද්‍රණය වී පළවීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ‘මව්බිම’ට දුරකතන ඇමතුමක් ගෙන මෙම පුවත සදොස් බවත් එවැනි ලිපියකට තමා අස්සන් නොකළ බවත් පැවසීය.
ජනාධිපති ලේකම්වරයා අමතා යැවූ බව කියන ලිපියක් ගැන ‘මව්බිම’ට පෙර දිනයේ ප්‍රකාශයක් කළේ ද මැතිවරණ කොමිසමේ නීති අංශයේ නිලධාරියෙකු වන පසුබිමක හා එම අංශයෙන් අදාළ තොරතුරු ලබාගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ම මාර්ගෝපදේශ සැපයූ පසුබිමක පුවත පළකිරීමෙන් පසු මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම ගැන පුවත්පතක් හැටියට විමතිය පළ කරමු.
එසේ ම, ස්වාධීන කොමිසමක් හැටියට මෙහි ගැටලුවක් වේ නම් මැතිවරණ කොමිසමේ ලිපි ශීර්ෂ යටතේ ප්‍රතිචාර නොදක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා ‘පය බුරුලෙන් තබන නිවේදනයක්’ නිකුත් කිරීම වඩා ප්‍රශ්නකාරී බව ද අවධාරණය කරමු.

මේ අතර, 2025 CMEV/SLG2025/Complaint/01 අංකය දරණ පැමිණිල්ල ‘ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම’ට 2025 අප්‍රේල් මස 02 දින යොමුකර දින 15 ක් ගතවී ඇති නමුත් ‘මැතිවරණ කොමිසමෙන්’ කිසිදු ප්‍රතිචාරයක් තමන්ට නොලැබීම අවදානයට ලක් විය යුතු කරුණක් බව කියමින් ‘මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය’ අද (17) නිවේදනයක් නිකුත් කර ඇත.
සිය පැමිණිල්ලේ අන්තර්ගතය ඡන්දයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන නිසා එයට ඉක්මන් හා ප්‍රමාණවත් පිළිතුරක් ‘මැතිවරණ කොමිසමෙන්’ ජනතාව වෙනුවෙන් තම සංවිධානය බලාපොරොත්තු වෙන බව එහි වැඩිදුරට ත් සඳහන් වේ.
By Bingun Menaka Gamage
+++
‘මැතිවරණ නීති කඩන කතා එපා’ – මැ.කො. ජනපතිට ලියයි
(17.04.2025 – 08:40 +0530 – mawbima.lk)
මැතිවරණ නීති උල්ලංඝණය වන දේශපාලන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි සඳහන් කරමින් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමුකර ඇති බව එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට පළාත් පාලන මැතිවරණයේදී බලය හිමි නොවන ආයතනවලට ප්‍රතිපාදන වෙන් නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙසේ පැමිණිලි කර තිබිණි.
එම ප්‍රකාශයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82 සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණ යක් බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු නොවන අතර මුදල් පැවැරුම් සම්බන්ධයෙන් තීරණය කෙරෙන පරිදි බලය ඇත්තේ ඔහු වෙත බව ත් එම නිසා මෙවැනි ප්‍රකාශ වඩාත්ම නීති විරෝධී ජාතික මට්ටමේ බලපෑමක් ඇති කරන බව ත් එහි දැක්වේ.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවරකට යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35-1 වගන්තිය මගින් අවහිර කර ඇති බැවින් මැතිවරණ කොමිසම මෙසේ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුවත් කර ඇතැයි එම කොමිසම් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
“යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවැරීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුත්තේය” යනුවෙන් එහි සඳහන් වේ.
රවිශාන් ප්‍රනාන්දු
+++
‘මැතිවරණ කොමිසම පක්ෂපාතීයි’ – සමගි ජන බලවේගය
(17.04.2025 – mawbima.lk)
පළාත් පාලන ඡන්දය ආසන්න මොහොතේ මැතිවරණ කොමිසම ස්වාධීනත්වය අහිමි කරගනිමින් ආණ්ඩුවට බය පක්ෂපාතීව ක්‍රියා කරන බවට ‘සමගි ජන බලවේගය’ චෝදනා කරයි.
මැතිවරණයට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශයක් ජනාධිපතිවරයා කිරිම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පැමිණිලි කර දින 15 ක් ඉක්මයන තෙක් මැතිවරණ කොමිසම පියවරක් නොගැනීමෙන් ඒ බව සක්සුදක් සේ පැහැදිලි වන බව ‘සමගි ජන බලවේග’ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ‘මව්බිම’ට පැවසීය.
පළාත් පාලන ඡන්දයේදී ‘ජාතික ජන බලවේගය’ ජයග්‍රහණය නොකරන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත්වීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බරපතළ එකක් බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මුල සිට ම අනුගමනය කළේ නිහඬ පිළිවෙතක් බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.
රටේ විධායක ජනාධිපතිවරයා ලෙසින් අනුර කුමාර දිසානායක මෙවැනි බරපතළ වරදක් කරද්දී මැතිවරණ කොමිසම බය පක්ෂපාතීත්වයෙන් මෙන් ම මන්දගාමීත්වයෙන් ක්‍රියා කරන්නේ යැයි කී හෙතෙම ඊට එරෙහිව ‘සමගි ජන බලවේගය’ මැතිවරණ කොමිසමට පැමිණිල් කරන්නේ යැයි ද ඔහු සඳහන් කළේ ය.
සෙසු පක්ෂවලින් තරඟ කරන තරුණ අපේක්ෂකයන්ට හොරුන් ලෙස ලේබල් ඇලවීමෙන් නොනැවතී ආණ්ඩුවට බලය අහිමි වන ආයතනවලට මුදල් වෙන් නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට හේතුව පළාත් පාලන ආයතනවලින් 40% ක පමණ බලය අහිමිවීමේ අවදානම යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
මෙම තත්ත්වය මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවවල අවධානය යොමු විය යුතු යැයි ද මැතිවරණ කොමිසමේ අගතිදායක ක්‍රියාකාරිත්වයට සියලු දෙනාගේ විරෝධය එල්ල විය යුතු යැයි ද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴