සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15 ක් පුහුණු කළා – පිල්ලයාන්

සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15 ක් පුහුණු කළා – පිල්ලයාන්


සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15 ක් පුහුණු කළා – පිල්ලයාන්

(17.04.2025 – 09:20 +0530 – lankacnews.com)

මරාගෙන මැරෙන කාන්තාවන්පුහුණු කිරීම සඳහා ‘සහරාන්’ විසින් වෙනම පුහුණු පාඨමාලාවන් පවත්වන ලැබූ බවත් කාත්තන්කුඩි ප්‍රදේශයේ 2018 වසරේ දෙසැම්බර් මස ‘සහරාන්’ විසින් පවත්වන ලද මෙම පාඨමාලාවට කාන්තාවන් පහළොස්දෙනෙකු (15) පමණ සහභාගී වූ බවත්, ‘සිවනේසතුරැයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලයන්’ සඳහන් කර ඇති බව ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වාර්තා කර ඇත.

පාස්කු ප්‍රහාරය ගැන ඔහු විසින් රචනා කරනු ලැබූ, ‘පාස්කු සංහාරය; ජාති ආගම් අතර සමගිය, වැටහීම හා අවබෝධය’ නමැති කෘතියේ මේ බව සඳහන් කර තබේ. ‘එසේ පාඨමාලාවට සහභාගී වූ කාන්තාවක් අත්අඩංගුවට පත්වීමෙන් මෙම තොරතුරු හෙළිවිය. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ‘මොහොමඩ් ඊබ්‍රහිම් සයිදා’ මෙලෙස අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙම තොරතුරු හෙළිවිය’ පිල්ලයාන් සිය කෘතියේ සඳහන් කර ඇත.

‘එම කාන්තාව ඇතුළු තවත් කාන්තාවන් 14 දෙනෙකු එම පුහුණුවට පැමිණි සිටි බව අත්අඩංගුවට ගත් තරුණිය ප්‍රකාශ කර තිබුණි.’

එම තරුණියගෙන් ලද තොරතුරු වලින් වඩාත් වැදගත්ම ප්‍රකාශය වන්නේ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධව ‘සහරාන්’ ඉදිරියේ දිවුරුම් දීම සම්බන්ධ තොරතුරු බව එවකට පොලිස් මාධ්‍යය ප්‍රකාශක ලෙස සේවය කළ ‘අජිත් රෝහණ’ සඳහන් කල බව කෘතියේ සඳහන් කොට ඇත.

එමෙන්ම 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු ‘සයින්දමරුදු’ ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මෙමෙ කාන්තාවන් 15 දෙනාගෙන් කාන්තාවන් පස්දෙනෙකු (5) ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර කාන්තාවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි හත්දෙනා (7) ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, රෝහණ මහතා පවසා ඇත.

‘බියත්’ ලෙස පවසන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට දිවුරුම් දුන් තොරතුරු එම කාන්තාවගෙන් ලබාගත් වැදගත්ම තොරතුර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසු බව එම කෘතියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

‘වහබ්වාදයේ’ ව්‍යාප්තිය ගැන දීර්ඝ විශ්ලේශනයක යෙදෙන කතුවරයා, 1990 පමණ සිට නැගෙනහිර පළාතේ ‘වහබ්වාදයෙන්’ ආභාෂය ලැබූ කණ්ඩයාම් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ බව සඳහන් කර ඇත.

‘පාස්කු ප්‍රහාරය යනු මා සිරගතව සිටි කාලය තුල මාගේ කිසිඳු සම්බන්ධයකින් තොරව සිදුවූ සිද්ධියකි. මෙවැනි බිහිසුණු සිදුවීමකට මා සම්බන්ධකර සිදුකර ඇති ප්‍රෝඩාව පදනම් විරහිත බවත් දේශපාලන යටි අරමුණක් ඇතිව එය සිදුකර ඇති බවත් මම තරයේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි’ සිය කෘතියේ පිල්ලයාන් සඳහන් කර ඇත.


බණ්ඩාරගම රෝහලට පැනලා මෘත දේහයක් බලෙන් රැගෙන ගිහින්

(17.04.2025 – 13:02 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම දිසා රෝහලට පැමිණ එහි වෛද්‍යවරුන්ට පරුෂ වචනයෙන් බැන වැදී, සේවකයින්ට පහර දී මෘත දේහයක් බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙහිදී පහර දීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ රෝහල් සේවකයෙකු එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ යතුරුපැදි දෙකක් (2) එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු (2) බරපතල තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ එක් (1) අයෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, බණ්ඩාරගම – අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුලු 15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම අවස්ථාවේදී බණ්ඩාරගම දිසා රෝහලට පැමිණ මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කර තිබෙනවා.

එහිදී රෝහල් බලධාරීන්, වෛද්‍යවරුන් සහ සේවකයින් විරෝධය පළ කිරීමත් සමග පැමිණි සිටි පිරිස මොවුන්ට පහර දී දේපළවලට හානි සිදු කර තිබුණා.

පසුව මෙම පිරිස මිය ගිය පුද්ගලයා පානදුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර රෝහල් සේවකයින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ රෝහල තුළ කලහකාරි ලෙස හැසිරුණු ඇතැම් පිරිස් බීමත්ව සිට ඇති බවයි.

+

+


ග්‍රීස් ගසෙන් ඇදවැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

(17.04.2025 – 12:14 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු උත්සවයක ග්‍රීස් ගසකින් ඇදවැටී පාසල් වයසේ තරුණ දරුවෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

අනතුර ඊයේ (16) ඇල්පිටිය, කනත්තගොඩ ප්‍රදේශයේදී සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී මෙසේ පාසල් සිදුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකු වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක්.

පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ දී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිට තිබෙන අතර එහිදී මෙම අවාසානාවන්ත අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අඩි 40 ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

+


දික්ඔයදී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් ගැටී 6 ක් රෝහලේ

(17.04.2025 – 11:16 +0530 – hirunews.lk/sinhala)

හැටන්, මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් 6 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී බරපතල තත්වයේ පසුවූ පාසල් සිසුවෙකු ඇතුලු‍ තුන්දෙනෙකු (3) මහනුවර ජාතික රෝහලට මාරුකර යැවූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (16) සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


පානදුර වෙරළේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන්

(17.04.2025 – 09:19 +0530 – hirunews.lk/sinhala)

පානදුර වෙරළ තීරයට පැමිණි පිරිසක සිටි පාසල් සිසුන් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙම පිරිස ඊයේ (16) සවස පානදුර වෙරළේ දිය නාමින් කාලය ගත කර ඇති අතර, නිවැසියන් එක් ස්ථානයකද දියේ ගිලි අතුරුදහන්ව ඇති සිසුන් දෙදෙනා (2) වෙනත් ස්ථානයක දිය නාමින් සිට ඇති බවට සඳහන්.

එම පිරිස වෙරළ තීරයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ මෙම දරුවන් දෙදෙනා (2) නොමැති බව දක්නට ලැබී ඇති අතර, දරුවන් දෙදෙනා (2) පිළිබඳව විමසීමේදී දැනගන්නට ලැබී ඇත්තේ එම දරුවන් දෙදෙනා (2) දියේ ගිලී ඇති බවයි.

මෙසේ දියේ ගිලී ගොස් අතුරුදහන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉර්ෆාන් මොහම්මත් නැමැති බණ්ඩාරගම අටලුගම ගස්සාලි මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියෙ ඉගෙනුම ලබන සිසුවෙක් සහ යාසිර අරෆාත් මොහොමඩ් අහමඩ් නැමැති මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වත්තල කාන්ති මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක්.

එම ස්ථානයේ සිටි බැකෝ යන්ත්‍රයක් ක්‍රියා කළ පුද්ගලයකු ප්‍රකාශ කර ඇත්තේ, එම දරුවන් දෙදෙනා (2) වෙරළේ දිය නාමින් සිට ඇති අතර එක් සිසුවෙක් රළ පහරට හසු වී දියඹට ගසාගෙන යන සිද්ධිය දුටු අනෙක් සිසුවා දියඹේ ගසාගෙන යන සිසුවා බේරා ගැනීමට යෑමෙන් ඔවුන් දෙදෙනාම (2) ගසාගෙන ගොස් ඇති බවයි.

ඔවුන් දෙදෙනාගේ (2) සිරුරු මේ වන විට සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා ෴


Clarence Wijewardena – Live Interview on Sri Lanka Rupavahini in 1991

+++

Siyapath Pokura | Clarence Wijewardena – (2021-08-03) | ITN

+


රුපියල් ලක්ෂ 890 ක මූල්‍ය වංචාව ඩිලාන් යටවර නමැත්තාගේ වැඩක් – ආචාර්ය තියංගි ජයතිලකගෙන් හෙළිදරව්වක්

(17.04.2025 – dasathalankanews.com)

මෙරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක් යැයි පවසන තැනැත්තියක් ඇතුළු තවත් තිදෙනෙකු (3) විසින් නවසීලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා, විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා කරමින්, අසාධාරණයට ලක් වූ පිරිසක් ඊයේ (16) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම චෝදනාවට ලක් වූ ආචාර්යවරිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඇය ‘දසත ප්‍රවෘත්ති අංශය’ වෙත සඳහන් කර සිටියේ; මෙම මූල්‍ය වංචාව ඩුබායි රාජ්‍යයේ මේ වනවිට (අප්‍රේල් 17) ජීවත් වන ‘ඩිලාන් යටවර’ නමැත්තෙකු විසින් වංචනික ලෙස මෙහෙයවන බවයි.

සමාජයේ යම්කිසි විෂයය ක්ෂේත්‍රයක ගෞරවාදරයට සහ ප්‍රසිද්ධත්වයට පත් වූ චරිතයක් තෝරා ගනිමින් ‘ඩිලාන් යටවර’ නමැත්තා විසින් මෙම වංචාව සිදු කර ඇති බවයි ආචාර්ය තියංගි ජයතිලක පවසන්නේ.

‘ඩිලාන් යටවර’ නමින් පෙනී සිටින මෙම තැනැත්තාව ඔහුගේ පර්‍යේෂණයක් තමන් විසින් සිදු කරනු ලැබීම හේතුවෙන් දැන හැඳුනුම්කමක් තිබූ බවත්, එහෙත් අදාළ ව්‍යාපෘතිය ගැන තමන් දැනුම්වත් ව සිටිය ද මෙය වංචාවක් බවට නොදැන සිටි බව ද ‘තියංගි ජයතිලක’ පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් මුදල් එකතු කර ලබාදීමේ දී තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ ද ඊට ඉහත ස්ථරය සම්බන්ධයෙන් දැනුම්වත් ව නොසිටි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

‘ඩිලාන් යටවර’ නමැත්තා විසින් සිය අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මෙම මූල්‍ය වංචාවට යොදාගෙන ඇති බවට ආචාර්‍යයවරිය චෝදනා කරනවා.

මෙතුළින් මිනිසුන් සමග තමන් ගොඩනගාගෙන සිටි ප්‍රතිරූපයට මෙන් ම ගෞරවයට දැඩි හානි එල්ල වීම හේතුවෙන් අදාළ සැකකරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද පැමිණිලි දෙකක් (2) ගොනු කර ඇති බවයි ‘තියංගි ජයතිලක’ සඳහන් කළේ.

මෙම මූල්‍ය වංචාව චේතනාන්විත ව ‘ඩිලාන් යටවර’ නමැත්තා විසින් සිදු කර ඇත්තේ අලෙවිකරණය කිරීමට තම තනතුරු – නාම භාවිත කරමින් බවත් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියක අදාළ පුද්ගලයා යෙදී ඇති බවත් ඉන් තමන්ගේ පෞද්ගලික හා වෘත්තීයභාවයට අගතියක් හා අපහාසයක් සිදු වී ඇති බවත් මූල්‍ය වංචාවට හසු වූ ජනතාවගේ මුදල් යළි ලබා ගැනීමට තමන් නීතිය පාර්ශ්වයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බව ද ‘ආචාර්‍ය තියංගි ජයතිලක’ කියා සිටියා.

‘ආචාර්ය තියංගි ජයතිලක, ගයා සංජීව කරුණාතිලක සහ ශිරානි ප්‍රියදර්ශනී ජයසිංහ’ යන අය මෙලෙස නවසීලන්තයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා 80 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන විදේශගත නොකර ඔවුන් මග හරිමින් සිටින බව‍ටයි ඊයේ (16) දින ජාවාරමට හසු වූ පිරිස් ‘විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය’ට කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මේ වන විට රුපියල් ලක්ෂ 890 ක පමණ මුදලක් මොවුන් වංචා කර ඇති බව විදෙස්ගත වීමට නොහැකි වූ පිරිස් චෝදනා කර සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම පිරිස් නීතියට හසුකරගෙන තම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න (16.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *