විකිණීමට තුබූ ස්කූටරය ගැණුකරුවෙකුට පරික්ෂා කිරීමට දුන් අවස්ථාවේදී ගැණුම්කරු යතුරුපැදිය සමග පළායයි
විකිණීමට තුබූ ස්කූටරය ගැණුකරුවෙකුට පරික්ෂා කිරීමට දුන් අවස්ථාවේදී ගැණුම්කරු යතුරුපැදිය සමග පළායයි
(09.04.2025 – 12:45 +0530 – hirunews.lk/sinhala)
විකිණීමට තුබූ ස්කූටරය ගැණුකරුවෙකුට පරික්ෂා කිරීමට දුන් අවස්ථාවේදී එම ගැණුම්කරුවා ස්කූටරය රැගෙන පළා ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ වත්තල ප්‍රදේශයෙන්.
එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සිය ස්කූටර් වර්ගයේ යතුරුපැදිය අලෙවි කිරීම සඳහා පසුගිය දිනෙක දේපළ සහ සේවා අලෙවිකිරීමට යොදාගන්නා ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබෙනවා.
ඒම දැන්වීම අනුව පැමිණි ගැනුම්කරුවෙකු විකුණුම්කරුව යතුරුපැදිය සමඟ මට්ටක්කුලිය ප්‍රදේශයේ යම් ස්ථානයකදී මුණගැසී ඇති අතර යතුරුපැදිය පිළිබඳ ගනුදෙනුව සාකච්ඡාකිරීමෙන් අනතුරුව ගැණුම්කරු ‘පැදිකරු’ ලෙසත් විකුණුම්කරු ‘පසු පැදිකරු’ ලෙසත් යතුරුපැදියට නැගී පරීක්ෂන ධාවනයක් ගොස් ඇති බව සඳහන්.
අතරමඟ යම් ස්ථානයකදී ගැනුම්කරු එහි දුම් පරීක්ෂාව පරීක්ෂා කිරීම සඳහා වේගයෙන් ධාවනය කිරීමට අවැසි බව පවසා විකුණුම්කරු බස්සවා යතුරුපැදිය රැගෙන ගොස් නැවත නොපමිණීම හේතුවෙන් පැය කිහිපයක්ම බලා සිටි විකුණුම්කරු මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට සැකකාර ගැණුම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙවැනි සිදුවීම් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විටින් විට වාර්තා වන බැවින් නාදුනන පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමේදී වඩාත් ප්‍රවේසම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ‘ශ්‍රී ලංකා පොලිසිය’ පවසන්නේ ෴
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය ගොඩගන්න අධිකරණයෙන් අවසර
(09.04.2025 – 14:06 +0530 – hirunews.lk/sinhala)
පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකු (3) ගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළා.
අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා ෴
+++
මගේ දරුවව වැලිකඩ පොලිසියේ උන් ගහල මරල දැම්මා. සමලිංගිකයෙක් උනත් මුන්ට ඕන විදියට මරලා දාන්න පුළුවන්ද (08.04.2025)
+++
+
වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ඝාතනය කළ සිද්ධියේ විමර්ශන නොමඟ යැවූ පොලිස් කොස්තාපලයෙකු අත්අඩංගුවට
(09.04.2025 – 14:48 +0530 – hirunews.lk/sinhala)
2018 වසරේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නොමඟ යැවූ බවට චෝදනා එල්ල වී ඇති කරදියනාරු ප්‍රදේශයේ පොලිස් කොස්තාපලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාස්කු ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් විසින් එම ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොලේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් (2) ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන නොමග යවා අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකපිට රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (08) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගත්තා.
රාජ්‍ය බුද්ධි සේවයේ කරදියනාරු දිසා බුද්ධි කාර්යාංශයට අනුයුක්තව මෙම සැකකාර කොස්තාපල් සේවයේ නිරතව සිට තිබෙන බව සඳහන්.
වව්නතිව් ඝාතනයේ සැබෑ අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදු කිරීමට අවකාශ සැළසීම යන චෝදනා මෙම සැකකාර කොස්තාපලයාට එල්ල වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි ෴
මහනුවර බිහිසුණු අනතුරක්
(09.04.2025 – 14:59 +0530 – hirunews.lk/sinhala)
මහනුවර පේරාදෙණිය මාර්ගයේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්.
පේරාදෙණිය දෙසට ගමන් කළ ලොරියක් හා මහනුවර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති අතර තුවාල ලද සය (6) දෙනෙකු මහනුවර ජාතික රෝහලට හා සය (6) දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.
මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය අනතුර පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
+
උමතු පොලිස් පහරදීමක් – වැලිකඩ වගේම වෙන්න ගිහින් නිලංගගේ පණ නූලෙන් බේරුණු හැටි (09.04.2025)
+++
+
මෙන්න දැන් ලැබුණු පුවතක් ‘ලංකා බැංකුව’ වැඩ නවත්වයි – හදිසියේම ගත් තීරණේ මෙන්න (09.04.2025)
ඉල්ලුවා ඉල්ලුවා අපිට ලැබුණේ නෑ – හදිසියේම ගත් තීරණේ මෙන්න – ලංකා බැංකුව වැඩ නවත්වයි
+
ශානිලා, රවීලා ඉන්න CID එක හොරකම් එලිකරන නිලධාරින් මර්දනය කරන තත්ත්වයට පත්වෙලා. චමල්ගෙන් බර චෝදනාවක්. (09.04.2025)
+
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් පොරොන්දු වූ පරිදි නොගෙවීම ගැන වෘත්තිය සමිතිවලින් චෝදනා
(09.04.2025 – 20:03 +0530 – hirunews.lk/sinhala)
2025 අයවැය මගින් සංශෝධිත රාජ්‍ය සේවක වැටුප පොරොන්දු වූ පරිදි නොගෙවීමේ තත්ත්වයක් මත රාජ්‍ය සේවකයින් අලුත් අවුරුදු සමයේදී අසීරුතාවයට පත්වන බවට ‘රාජ්‍ය සේවක වෘත්තිය සමිති’ චෝදනා කරනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක දැක්වෙන්නේ කිසියම් පිළිගත හැකි හේතුවක් මත රාජ්‍ය නිලධාරීන්ට ගෙවිය යුතු සංශෝධිත අප්‍රේල් මස වැටුප හෙට (10) ගෙවීමට අපොහොසත් වුවහොත් මෙතෙක් හිමි වැටුප එදිනට ගෙවා හිඟ මුදල මේ මස 25 වැනිදාට ගෙවීමට ක්‍රියාකළ යුතු බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ගුරු, සෞඛ්‍ය ඇතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයන් විරෝධය පළ කළා ෴
හිටපු රාජ්‍ය ඇමති පිල්ලෙයාන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ
(09.04.2025 – 20:25 +0530 – hirunews.lk/sinhala)
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි සන්ත්‍රිකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ පැය 72 ක් රඳවා තබාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඔහු මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (08) රාත්‍රීයේදී.
ඒ ‘නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා’ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.
කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වී සිටියදී 2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැර ගැණුනු අතර ඒ වන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවුණා.
එම අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18 කට පසුව වීම විශේෂත්වයක්.
මඩකලපුවේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අද (09) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආවා ෴
දුනුමඩලාව රක්ෂිතයේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට
(09.04.2025 – 21:52 +0530 – hirunews.lk/sinhala)
අනියම් සම්බන්ධතාවක් මුල්කර ගනිමින් වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු ඝාතනය කර සිරුර ටයර් දමා පුළුස්සා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් කළ පාපොච්චාරණය අනුව පොලිසිය වනගත ප්‍රදේශයක දමා තිබු සිරුරු කොටස්ද සොයා ගත්තා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලික්කඩ, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන් බුද්ධික නමැති වයස අවුරුදු 35 ක් වන විවාහක දෙදරු පියෙක්.
මාර්තු 21 වැනිදා හදිසියේම අතුරුදන් වූ කරුණයෙකුගේ අස්ථි කොටස් මෙසේ හමුව ඇති බවට පොලිසිය සැක කරනවා.
ඔහු ස්පා ආයතනයක සේවය කරන කාන්තාවකගේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සුක්ෂමව ලබාගෙන ඇයව විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් පසුගිය දිනක මෙම නිශාන් නැමැති පුද්ගලයාව ඝාතකයන් විසින් සූක්ෂමව කැඳවාගත් ආකාරය සැකකරුවෙකු විසින් මත්පැන් සාදයක් පවත්වන අතරතුර හෙළි කර තිබුණා.
මරණයට පත් තරුණයා යම් පිරිසක් විසින් ගෙන්වා ගෙන තිබෙන බවට ද තොරතුරක් වාර්තා වනවා.
අනතුරුව කුලි පදනම මත ලබාගත් මෝටර් රථයකින් ලෝළුගස්වැව ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් ඝාතනය කර තිබෙන බව පැවසෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් රැඳී සිටි අනුරාධපුර ලෝළුගස්වැව ප්‍රදේශයේ නිවසක් පොලිසිය වටලා තිබෙනවා.
ඉන් අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර අපරාධපුර අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබෙනවා.
සැකකරුවන් සිදු කළ ප්‍රකාශ අනුව අද (09) ඔයාමඩුව නොච්චියාගම මාර්ගයේ දුනුමඩලෑව ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළදී ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුරු කොටස් සොයා ගැනුණා.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ ඝාතනය කළ පුද්ගලයාට පාංශකූළය ලබාදීම ද සැකකරුවන් විසින් සිදුකර ඇති බවයි.
අදාල ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴