කුරුණෑගල, වැහැර ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් 4 ක් මරුට; 4 කට තුවාල
කුරුණෑගල, වැහැර ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් 4 ක් මරුට; 4 කට තුවාල
(08.04.2025 – 05:55 +0530 – sinhala.adaderana.lk)
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු (4) මියගොස් තිබේ.
අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට (4) දිවි අහිමි වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ඊයේ (07) රාත්‍රි 11 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු (4) තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
මේ වන විට කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පැවසීය.
ඊයේ (07) රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000 ක් අඩංගු ගබඩා දෙකකින් (2) එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබේ.
පුපුරා නොගිය ලීටර් 6,000 ක් අඩංගු ගෑස් ටැංකිය නගර සභා සේවකයින් විසින් මහත් වෙහෙසක් දරා වසා දමා ඇති එයින් සිදුවීමට ගිය හානිය තරමක් අවම වූ බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
+
+
+
+
දෙවිනුවර වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(08.04.2025 – 08:11 +0530 – hirunews.lk/sinhala)
දෙවිනුවර වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුවක්කුකරු ශ්‍රී ලංකා හමුදාවෙන් පලාගිය සෙබළෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල් කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ පසුගිය (21) රාත්‍රී 11:45 ට සිදුකල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට (2) වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිණි අවි දෙකකින් (2) මෙම වෙඩි තැබීම සිදු කොට පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනාගේ (2) යහලුවෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිනෙමින් සිටියදී පසු පසින් පැමිණි වැන් රථය යතුරු පැදියේ හප්පා යතුරු පැදියේ ගමන් කල තරුණයින් දෙදෙනාට (2) ඉන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39 ක් ජීව උණ්ඩ 02 ක්ද මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02 ක් හා ජීව උණ්ඩ 02 ක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා ෴
සත්සර වේදනා විඳ මියගිය හැටි හෙළිවෙයි | කලිසමත් ගලවලා | බන්ධනාගාර රෝහලේ නැවත අවුලක් (07.04.2025)
+
පාම් ඔයිල් කන්ටේනර් පිට කළ රේගු ලොක්කාට රැකියාව අහිමිවෙයි
(08.04.2025 – 09:59 +0530 – hirunews.lk/sinhala)
මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තීරණය කර විනාශ කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කළ, පාම් ඔයිල් කන්ටේනර් 5 ක් රුපියල් කෝටි 2 කට අධික මුදලකට විකිණීමට මුදාහල බව කියන රේගු අධිකාරීවරයෙකුට සහ ඊට සහය දුන් සිවිල් පුද්ගලයෙකුට (1) රේගුව විසින් රුපියල් ලක්ෂයක් (100,000) බැගින් දඩ නියම කර තිබෙනවා.
ඊයේ (07) මෙලෙස දඩුවම් නියම කර ඇත්තේ, රේගු මධ්‍යම අපහරණ අංශයේ, රේගු අධිකාරීවරයෙකුට වන අතර චෝදනා එල්ල වූ රේගු නිළධාරීන් 7 දෙනෙකු සහ සිවිල් පුරවැසියෙක් (1) අදාළ චෝදනා වලින් නිදහස් කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත රේගු මධ්‍යම විමර්ශන ඒකකය විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී මෙම විමර්ශනය ආරම්භ කළ අතර දඩ නියම වූ රේගු අධිකාරීවරයාට විමර්ශන හේතුවෙන් අනිවාර්ය නිවාඩු ලබා දී තිබුණා.
රේගු අඥාපනතට අනුව පනවා ඇත්තේ, උපරිම දඩය වන අතර මෙලෙස වරදකරුවන් වන පුද්ගලයින්ට යළි රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව නොලැබන බවයි රේගු දෙපාර්තමේන්තුව් උසස් නිලධාරියෙකු සඳහන් කළේ ෴
අනුරාධපුර වෛද්‍යවරියගේ දූෂකයා මහණ වෙලා හිටියේ මා ළඟ. දූෂකයා ගැන ඒ අම්මා කියපු ඇත්තම කතාව මෙන්න. (07.04.2025)
+
අනුර කුමාරට කොන්ද පණ තියෙනවද ? විමල් ජනපතිට අද සැරටම අමතපු හැටි (08.04.2025)
+
කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියයයි
(08.04.2025 – 12:24 +0530 – hirunews.lk/sinhala)
කටුනායක 18 කිලෝමීටර් කණුව අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලය ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කටුනායක 18 වන කිලෝමීටර් කණුව අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.
+++
+
+
පෙට්ටිය ඇරලා ළමයා වඩාගත්තම ඔළුව දෙබෑවුණා | අතුරුදන් වූ රූපවාහිනියේ 4 දෙනාගෙ අබිරහස වසර 20කට පසු විසඳෙයි (08.04.2025)
+
ඉන්දියාව සමග අත්සන් කරපු ගිවිසුම් ගැන සම්පූර්ණ විස්තරය ඇමති කියයි
(08.04.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala)
ඉන්දියාවෙන් ද්විපාර්ශවික වශයෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට ඉන්දීය රජය එකඟ වූ බවත්, ඒ සඳහා අදාළ ගිවිසුම් අත්සන් කළ බවත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කරනවා.
මේ මාස 06 ට පමණක් ඩොලර් මිලියන 100 ක පමණ ණය ප්‍රමාණයක් ආධාර ලෙස පරිවර්තනය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම මෙහිදී ඔහු පැවසුවේ, එය මෙරට ජනතාවට ලැබුණු විශාල වාසියක් බවයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අදහසක්,
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴