ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසු​මෙන් ලංකාව ‘අඛණ්ඩ භාරතයේ’ කොටසක් වේවි – උදය ගම්මන්පිල

ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසු​මෙන් ලංකාව ‘අඛණ්ඩ භාරතයේ’ කොටසක් වේවි – උදය ගම්මන්පිල


ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසු​මෙන් ලංකාව ‘අඛණ්ඩ භාරතයේ’ කොටසක් වේවි – උදය ගම්මන්පිල

(07.04.2025 – 15:00 +0530 – lankacnews.com)

‘ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමෙන් ලංකාව අඛණ්ඩ භාරතයේ කොටසක් වේවි’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

නිදහස් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ අයුරින් ලංකාව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹිලා තිබෙනවා. බණ්ඩාරනායක අගමැතිතුමා, සිරිමාවෝ මැතිණිය, ජේ.ආර්. ජයවර්ධන ජනපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාට ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳ හොඳ ඉවක් තිබුණා. සිරිමාවෝ අගමැතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාට ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. මේ කිසිම රාජ්‍ය නායකයෙකු ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹුනේ නැත්තේ එය ලංකාව ලෝක බල අරගලයේ එක් පැත්තක් ගැනීමෙන් ලංකාවේ විනාශය සිදුවන බව දකින්න තරම් ඒ නායකයින් බුද්ධිමත් වුණු නිසා. විචක්ෂණ වුණු නිසා. අත්දැකීම් තිබුණු නිසා. ලංකාව නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍යයට ලංකාවේ ගුවන් සහ නාවික කඳවුරු පවත්වා ගෙන යෑමට එළැඹුණු ආරක්ෂක ගිවිසුමත් බණ්ඩාරනායක අගමැතිතුමා අහෝසි කර ගත්තා.

වසර 2050 වන විට ලෝකයේ ප්‍රධානතම බලවතුන් වෙන්නේ චීනය සහ ඉන්දියාව. ඒ නිසා චීනයෙන් එන තර්ජනයට මුහුණ දෙන්න බටහිර බලවතුන් ඉන්දියාව වටා එකතු වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව එකතු වී පිහිටුවා ගත් ‘ද කොඩ්’ නමැති සංවිධානයත් එවැනි සංවිධානයක්. එදා සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර බල කඳවුරු දෙකක් තිබුණා වගේ හෙට දවසේ බල කඳවුරු වෙන්නේ ඉන්දියාව සහ චීනය. අපි එදා ඇමෙරිකාව සහ සෝවියට් දේශය කියන බල කඳවුරු දෙකෙන් එකකටවත් එකතු නොවී නොබැඳිව හිටියා වගේම මේ අවස්ථාවේ දීත් ස්වාධීන විය යුතුයි. එවැනි පසුබිමක ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹීමෙන් පේන්නේ ජාතික ආරක්ෂාව වගේම ලෝක ප්‍රවණතා පිළිබඳ වත්මන් ආණ්ඩුවට මෙලෝ හසරක අවබෝධයක් නැති බවයි.

ලංකාව වඩාත් සුරක්ෂිත වෙන්නෙත් ආර්ථික ප්‍රතිලාභ හිමි වෙන්නෙත් කිසිම බල කඳවුරකට එකතු නොවී ස්වාධීන වීමෙන්. පසුගිය වසර 2,600 පුරා ලංකාවට පැමිණි ආක්‍රමණ 21 න් 17 ක්ම ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයෙක් වෙන ‘කෞටිල්‍ය’ අර්ථ ශාස්ත්‍ර පොතේ කියනවා ‘ඔබේ අසල්වැසියා ඔබේ තර්ජනයයි. අසල්වැසියාගේ සතුරා ඔබේ ආරක්ෂකයායි’ කියලා. ඒ ඉන්දියානු දර්ශනය මත ගියත් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක එළැඹීම බරපතල වරදක්.

ඉන්දියානු අගමැතිතුමා ලංකාවේ දී කිව්වේ ඉන්දියානු අවශ්‍යතා පිළිබඳ අනුර ජනාධිපතිතුමා සංවේදි වීම සතුටට කරුණක් කියලා. අද ඉන්දියාවේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ ‘හින්දු විශ්ව පරිෂාද්’ මතු කළ සිහිනය වන ‘නොබෙදුනු ඉන්දියාව’ නැතිනම් ‘අඛණ්ඩ් භාරත්’ බිහි කිරීමයි. ඒ සංකල්පයට අනුව ලංකාවත් ඉන්දියාවේ කොටසක් විය යුතුයි. මේ ‘අඛණ්ඩ් භාරත්’ සංකල්පය අද ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරමින් එය ජාතික දැක්මක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. එවැනි පසුබිමක මේ ආරක්ෂක ගිවිසුම ‘කොටි වලිගයක් අල්ලා ගැනීමක්’ ලෙසටයි අපි දකින්නේ.

පාස්කු ප්‍රහාරය ගැන නලින්ද මෝදිගෙන් ඇහුව්වාද?

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂයේ දී නිරතුරුවම කතා කළ නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඒ දවස්වල නිතර කියූ කතාවක් තමයි පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ඉන්දියානු ආණ්ඩුව බව. ඒ විතරක් නොවේ. කටුවාපිටිය පල්ලිය ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳ ‘සාරා’ කාටත් හොරා ඉන්දියාවට පැන ගත් බවත් මේ සියල්ල පිටුපස ඉන්දියාව සිටින බවත් ගෝඨාභය ජනාධිපතිතුමාටවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටවත් මෝදි අගමැතිතුමාගෙන් ‘සාරා’ව අපට ඉල්ලන්න කොන්දක් නෑ කියලා එතුමා චෝදනා කලා.

දෛවයේ සරදමක් වගේ මෝදි අගමැතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ පරිවාර ඇමති ලෙස කටයුතු කරමින් මුළු සංචාරය පුරාම මෝදි අගමැතිතුමා ලඟින් සිටියේ නලින්ද ඇමතිතුමා. ඒ නිසා ජනාධිපතිතුමා විසින් එතුමාව පරිවාර ඇමති කලේ ‘ඔන්න දැන් ගිහින් උඹ පාස්කු ප්‍රහාරය ගැනයි සාරා ගැනයි මෝදිගෙන් අහපන්’ කිව්වා වගේ වැඩක්. ගෝඨාභය සහ රනිල් ජනාධිපතිවරුන්ට කොන්දක් නෑ කිව්වාට මාලිමා දේශප්‍රේමින්ට එහෙම වෙන්න බෑනෙ. ඒ නිසා අනිවාර්රයෙන්ම නලින්ද ඇමතිතුමා මෝදි අගමැතිතුමාගෙන් ‘සාරාව අපට ඕනේ’ කියලා ඉල්ලන්න ඇති. පාස්කු ප්‍රහාරය එල්ල කලේ ඇයි කියලා අහන්න ඇති. ඒ නිසා මෝදි අගමැතිතුමාගෙන් සාරාව ඉල්ලුවාම අගමැතිතුමාගේ ප්‍රතිචාරය මොකක්ද කියන එක මීලඟ කැබිනට් මාධ්‍ය හමුවේ දී නලින්ද ඇමතිතුමා කියාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

හොර ගිවිසුම් ගහන මෝදි ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’ කියලා කලින්ම කිව්වා නම් ජීවිත 83,000 ක් බේරෙනවා

‘මව්බිම නැතිනම් මරණය’ කියලා ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ට එරෙහිව 1971 දී ජවිපෙ නායකයින්ගේ කීම අහලා අපේ තරුණ ජීවිත 17,000 ක් පූජා කලා. ඒ වගේම 1987 දී ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධව ජවිපෙ කීමට සටන් කරලා ජීවිත 67,000 බිලි කලා. එහෙම නම් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව මේ රටේ දේශප්‍රේමින් 83,000 ක් ජීවිත පූජා කර තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා, රනිල් ජනාධිපතිතුමා මෝදි අගමැතිවරයා සමග ගිවිසුම් ගහන විට අනුර ජනාධිපතිතුමා කිව්වේ ‘හොර ගිවිසුම්’ කියලා. හැබැයි එහෙම කිව්ව අනුර ජනාධිපතිතුමා මෝදි අගමැතිතුමා ආවාම අර ව්‍යාප්තවාදි ඉන්දියාව අපි වැළඳ ගන්නේ හදවතේ උණුසුම්ම තැනින් කියලා ‘ගිවිසුම් හොරා’ කිව්ව කෙනාට විදේශිකයෙකුට ලබා දිය හැකි උසස්ම සම්මානය වෙන ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’ කියන සම්මානය පිරිනැමුවා. ඉන්දියාව කියන්නේ හදවතේ උණුසුම්ම තැනින් පිලිගත යුතු අපේ හොඳම මිතුරා කියලා කලින්ම කිව්වා නම් අපට දේශප්‍රේමි ජීවිත 83,000 ක් බේරා ගන්න තිබුණා. එහෙම නම් මේ ජීවිත 83,000 ක් බිලි දීම ගැන සමස්ථ ජාතියෙන්ම සහ දේශප්‍රේමීන්ගෙන් සමාව ගැනීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතුයි.

‘හොර ගිවිසුම්’ ප්‍රසිද්ධ කරන්න ඉල්ලීමට ගම්මන්පිලට ඇති අයිතිය මෙන්න

2002 දී ගිවිසුමකින් ඉන්දියාවට භාර දුන්නු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 න් 85 ක් නැවත අපට අරන් සංවර්ධනය කිරීම ආරම්භ කලේ අපි. අපි ඒකට 2022 දී ගිවිසුමක් අත්සන් කලාම ‘රට ඉන්දියාවට පාවා දෙනවෝ’ කියලා මාලිමා නායකයින් උද්ඝෝෂණය කලා. අපි මොකද කලේ? ගිවිසුම අත්සන් කරන්න මාස තුනකට (3) කලින් ගිවිසුමේ අන්තර්ගතය ගැන බලශක්ති අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල සේවකයින් දැනුම්වත් කලා. වෘත්තිය සමිති දැනුම්වත් කලා. ප්‍රසිද්ධ විවාද දෙකක් (2) කළා. පළමු විවාදය කලේ ‘හිරු රූපවාහිනි නාලිකාවේ’ දී තෙල් වෘත්තිය සමිති එක්ක. මාලිමාව නියෝජනය කරලා සහභාගි වුණේ හිටපු කතානායක අසෝක රන්වල මැතිතුමා. ඒ වගේම ‘දෙරණ නාලිකාවේ’ දී දේශපාලන පක්ෂ සමග විවාදයක් කලා. ඒකට මාලිමාව නියෝජනය කරලා සහභාගි වුණේ මෝදි අගමැතිතුමාගේ පරිවාර ඇමති නලින්ද ජයතිස්ස මැතිතුමා.

අපි ගිවිසුමට විරුද්ධ සෑම සංවිධානයක්ම අමාත්‍යාංශයට ගෙන්නලා ගිවිසුම ගැන දැනුම්වත් කලා. ‘තෙල් ටැංකි යළි රටට’ කියලා පොතක් මුද්‍රණය කරලා අනුර දිසානායක විපක්ෂයේ මන්ත්‍රිතුමා ඇතුළු සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම දුන්නා. ඒ විතරක් නොවේ මාධ්‍ය හමුවක් පවත්වලා ගිවිසුමේ අන්තර්ගතය පැහැදිලි කලා. අවසානයේ දී ගිවිසුම අත්සන් කරලා පැය කිහිපයක් ඇතුලත ගිවිසුමේ පිටපතක් අමාත්‍යාංශ වෙබ් අඩවියට එක් කලා.

එහෙම අත්සන් කරපු ගිවිසුමට ‘හොර ගිවිසුම’ කිව්ව මාලිමා නායකයින් මේ වන විට රටට හොරෙන් ‘හොර ගිවිසුම්’ හතක් (7) ගහලා. ඉහළම විනිවිද භාවයකින් ගිවිසුම් අත්සන් කළ අය විධියට අත්සන් කළ ‘හොර ගිවිසුම්’ වහාම ප්‍රසිද්ධ කරන්න කියලා ආණ්ඩුවට බල කරන්න අපට අයිතියක් තිබෙනවා.

+++

+++

මෝදි – අනුර ගිවිසුම් ගැන රටම නොදන්න ඇත්ත ගම්මන්පිල හෙළිකරයි (07.04.2025)

+++

මෝදි ලංකාවට ගහන්න යන ගේම මෙන්න? – ඔබ මින් පෙර නොදැකපු ඡායාරූපයක් ‘නාගා’ ප්‍රසිද්ධ කරයි (07.04.2025)

+++

නිදහස් දිනේ නැති කාලතුවක්කු මෝදි ආවා විතරයි ඇට්ටි හැලෙන්න පත්තු කළා – විමල්ගෙන් චෝදනා රැසක් (07.04.2025)

+++

පෙරටුගාමියෝ හූ කිව් හේතුව මෙන්න – පුබුදු ජාගොඩගෙන් අනුර-මෝදි ගිවිසුම් ගැන ආණ්ඩුවට දෙහි කැපිල්ලක් (07.04.2025)

+


CID යට ගිය ‘සුදා’ රටම කලඹයි ඉර නාලිකාවේ නිරුවත වීඩියෝ එක්ක ලෝකෙටම පෙන්වයි (07.04.2025)

+


BMW, ටෙස්ලා, බෙන්ස්.. වාහන ටිකම බලන්නකෝ – විගණකාධිපති රටවිරු Eකාර් බලපත්‍රෙන් රිංගපු ගුල් එකක් නෑර හොයයි (06.04.2025)

+


ආනන්තරීය පාප කර්මයක් : පුතුගේ කොසු පහරින් මව අවසන් ගමන් යයි

(07.04.2025 – 06:53 +0530 – sinhala.adaderana.lk)

වාලච්චේන කේණි නගර්, නාවල් අඩි ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (06) උදෑසන ලද පැමිණිල්ලක් මත වාලච්චේන පොලීසිය සිදුකළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ සිය පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් මෙම කාන්තාව මියගොස් ඇති බවය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 72 හැවිරිදි නාවල් අඩි ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුතා විසින් කොස්සකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ.

පහරදීම සිදුකළ බවට සැකකෙරෙන කැඩී ගිය කොස්සක් හා පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


දුරගමන් සේවා බස් රථවලට පහසුකම් සපයන ආපනශාලා නියාමනය කරන්නැයි ඉල්ලීමක්

(07.04.2025 – 08:01 +0530 – sinhala.adaderana.lk)

දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ආපන ශාලාවන් හි ආහාර අපිරිසිදු වීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ගුණාත්මක භාවයෙන් තොරව පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බවය.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, ආහාර පාන ප්‍රශ්නය සහ සෞඛ්‍ය ප්‍රශ්නය වසර ගණනාවක් පුරා මෙය පවතින බවය.

මේ අතර, දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩිමිලට ආහාර සපයන බවට ලද පැමිණිලි හේතුවෙන් එවැනි ස්ථාන වැටලිමට කටයුතු කරන බව ‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය’ පවසයි.

එහි ‘පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ’ අසේල බණ්ඩාර මහතා ‘අද දෙරණ’ට සඳහන් කළේ අදාළ ආපනශාලාවන් හි ආහාර පාන සහ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩිමිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වන බවය.

උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම්වලට සමගාමීව එවැනි ආපන ශාලාවන් පරික්ෂා කර ඔවුනට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ’ අසේල බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *