හික්කඩුවේදී වෙඩි තැබීමක් – රෝහල් ගතකළ පුද්ගලයෙක් (1) මරුට
(03.04.2025 – 20:51 +0530 – hirunews.lk/sinhala)
හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ දී අද (03) පස්වරු 07:00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු (1) විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී පිරිමියෙකු (1) සහ කාන්තාවක් (1) තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ ෴
හික්කඩුව – කුමාරකන්ද ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පිරිමි පුද්ගලයා (1) මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 51 ක පුද්ගලයෙක්.
කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ඉලක්ක කර ගමිනින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ අතර එහිදී ඔවුන් දෙදෙනාම (2) තුවාල ලබා රෝහල් ගත කළා.
+++
හික්කඩුවේ පත්තු වූ වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට
(03.04.2025 – 23:27 +0530 – hirunews.lk/sinhala)
අද (03) පස්වරුවේ හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳ සංකිර්ණයේ රෙදිපිළි අලෙවිසැලක හිමිකරුවන් යුවලකට නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු (2) විසින් එම වෙළදසැල අසලදී T-56 වර්ගයේ ගිනි අවි වලින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
වෙඩිතැබීම හේතුවෙන් තුවාල ලැබූ යුවළ අසල සිටි පිරිස් විසින් කරාපිටිය ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කර තිබූ අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා (1) රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් දෙදෙනා (2) කළු පැහැති ‘පල්සර්’ වර්ගයේ යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබිම සිදු කර පලාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වෙඩි වැදිමෙන් තුවාල ලැබූ කාන්තාවගේ හා පුරුෂයාගේ පුතකු වන ‘පෙත්තා යක්දෙහිගේ සජිත් හිමාල්’ යන අයද 2017 වසරේ මැයි මස 23 වනදා වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගොස් ඇති බවටද පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සිදුවීම සම්බන්ධව හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබනවා ෴
+
+
‘ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැවැන්ත ආර්ථික සුනාමියක්’ – අපනයනකරුවන්ගේ මණ්ඩල සාමාජිකයින්
(03.04.2025 – 11:22 +0530 – hirunews.lk/sinhala)
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව ‘අන්‍යෝන්‍ය බදු’ (reciprocal taxes) හරහා සිදුවිය හැකි ප්‍රශ්න පිළිබඳව අපනයනකරුවන්ගේ මණ්ඩල සාමාජිකයින් සාකච්ඡා කරන බව ඔවුන් පවසනවා.
බදු අනුපාතය සියයට 44 ක් තරම් ඉහළ යනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවයි ඔවුන් පවසන්නේ.
තවද, ඊශ්‍රායලය කළාක් මෙන් අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට රජයෙන් ඉල්ලා සිටිය හැකි බවත් එම සාමාජිකයින් පවසනවා.
අමෙරිකානු භාණ්ඩ සඳහා එවැනි තීරුබදු ඉවත් කිරීමේදී මතු විය හැකි ගැටලුව නම්, ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් ලැබෙන භාණ්ඩ සඳහා ද එයම කිරීමට සිදුවීම බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ ආනයන පාලනයකින් තොරව ඉහළ යා හැකි අතර, ශ්‍රී ලංකා රජයේ ආදායම ද විශාල ලෙස පහත වැටෙන බවත්, ආනයන අසීමිත ලෙස ඉහළ ගියහොත්, ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය විය හැකි බවත්, අපනයනකරුවන්ගේ මණ්ඩල සාමාජිකයින් සඳහන් කරනවා.
රේගු බදු හරහා රජයේ ආදායම පහත වැටුණහොත්, රජයේ ණය ගැනීම් ඉහළ යනු ඇති අතර, එමගින් රාජ්‍ය ණය ගැනීම් තවදුරටත් ඉහළ යනු ඇති බවත්, පොලී අනුපාත ද සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවත්, සඳහන්.
ශ්‍රී ලංකාව සැබවින්ම දැවැන්ත ‘වෙළෙඳ භූමිකම්පාවකට’ ගොදුරු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ‘විනාශකාරී ආර්ථික සුනාමියක්’ අත ළඟ බව පෙනී යන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ෴
+++
අමෙරිකාව පැනවූ තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්
(03.04.2025 – 11:37 +0530 – hirunews.lk/sinhala)
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී මෙම කමිටුව සඳහා පත් කර ඇති බව සඳහන්.
සියලුම භාණ්ඩ සඳහා සියයට 44 තීරු බද්දක් පැනවීමට ගත් මෙම තීරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්න අතුකෝරාළ පවසනන්නේ.
‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තීරණයත් සමග ඇතැම් කර්මාන්තශාලා වැසී යාමක් ද පවතින බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් 25 ක් සදහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර එය අනිද්දා (05) සිට ක්‍රියාත්මකයි.
අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10% ක අවම තීරු බදු ක්‍රියාත්මක බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ.
2024 වසරේ දී අමෙරිකාව මෙරටින් ඇමරිකානු ඩොලර් බිලියන 3 කට වඩා ආනයනය කර තිබුණා.
මෙම නව තීරු බදු පැනවීමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවටයි මත පළ වන්නේ ෴
ඇමරිකානු පරිපාලනය විසින් ඉහළ නැංවූ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කර ලබන 09 වනදාට පෙර යම් සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
+
පුංචි ඡන්දයේ ප්‍රතික්ෂේප කළ නාම යෝජනා යළි භාර ගැනීමට නොහැකි බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි
(03.04.2025 – 12:45 +0530 – hirunews.lk/sinhala)
උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම සහ වෙනත් තාක්ෂණික හේතුන් මත ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනා පත්‍ර යළි භාර ගැනීමට නොහැකි බව තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අද (03) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මෙම කරුණු මත ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා යළි භාර ගැනීමට ඇති හැකියාව පිළිබඳව තේරීම් භාර නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන අද (03) දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (02) නීතිපතිවරයාට නියම කර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ අදාළ නාම යෝජනා යළි භාර ගැනීම ගැටලු සහගත බවයි.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට සිදුවන බව පෙන්වා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේ නම් එම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය තාවකාලිකව අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය අද (03) දහවල් දැනුම් දෙන ලෙසත් නීතිපතිවරයාට දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ පෙත්සම් යළි දහවල් 01:15 ට කැඳවීමට නියමිතයි ෴
+++
පුංචි ඡන්දයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමේ නියෝගය හෙට (04)
(03.04.2025 – 15:59 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ නියෝගය හෙට (04) දින ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළා.
ඒ අනුව උප්පැන්න සහතික වල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතික වල ඡායා පිටපත් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව හෙට (04) දින ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය නියම කළේ.
ඊට අමතරව නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම් වලට අදාල පලාත් පාලන ආයතන සම්බන්ධයෙන් හෙට (04) දින තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (03) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම කළා.
අදාළ පෙත්සම් පිළිබඳ අද (03) අධිකරණය හමුවේ කරුණු සලකා බැලූ අතර වැඩිදුර විමසීම හෙට (04) දින තෙක් කල් තැබුණා ෴
වත්මන් ආණ්ඩුවේ ලොකු පුටු 03 කටත් අල්ලස් නඩු
(03.04.2025 – 20:39 +0530 – hirunews.lk/sinhala)
වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහළ නිලධාරීන්ට එරෙහිවද ඉතා ඉක්මණින් නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
අද (03) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මේ අදහස් පළ කළා.
මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ එහි අණපනත් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් වන ලෙසට එහි අධ්‍යක්ෂක ජනරාල්, හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක දේශපාලඥයින්ට දැනුම් දෙනවා.
ලබන 09 වනදා එළිදැක්වීමට නියමිත ‘දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරි සැලැස්ම’ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ‘කොමිසම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කළහොත්’ ඊට අදාළව නඩු පැවරිය හැකි බවයි ෴
නිවසක බැම්මක් ඉදි කරමින් සිටි පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
(03.04.2025 – 22:12 +0530 – hirunews.lk/sinhala)
මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ නිවසක බැම්මක් ඉදි කරමින් සිටි පිරිසක් මතට පස් කන්දක් කඩාවැටී පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊට යට වී තිබෙනවා.
ඉන් එක් (1) පුද්ගලයෙකු දැඩි පරිශ්‍රමයකින් පසු මුදාගත්තා.
තුවාලකරුවන් දෙදෙනාම (2) මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම මෙහෙයුම සඳහා මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මෙන්ම මහනුවර නගර සභාවේ තවත් සේවක පිරිසක් සහ ප්‍රදේශවාසීන්ද එක්ව සිටියා ෴
“මෝදි එනවාට කොළඹ සුනඛයින් සහ යාචකයින් ඉවත් කළේ නෑ” පොලිසියෙන් දැනුම්දීමක්
(03.04.2025 – 22:13 +0530 – hirunews.lk/sinhala)
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විදී සුනඛයින් සහ යාචකයින් ඉවත් කරන බවට පල වන පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් එතුමා සංචාරය කරන ප්‍රදේශ තුල සිටින විදි සුනඛයින් සහ යාචකයින් ඉවත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් මේ වන විට සංසරණය වෙමින් පවතින තොරතුරු අසත්‍ය බවයි එහි සඳහන් වන්නේ.
වැඩබලන පොලිස්පතිතුමා හෝ පොලිස් මුලස්ථානය විසින් එලෙස විදී සුනඛයින් සහ යාචකයින් ඉවත් කිරීම සඳහා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී නොමැති බවද එහි සඳහන්.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ පැමිණිම හේතුවෙන් මෙලෙස වීදී සුනඛයින් හා යාචකයින් ඉවත් කිරීමට ක්‍රියා නොකරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවත් මෙම ප්‍රචාරයන්ට පාදක වූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට වැඩබලන පොලිස්පතිතුමා විසින් තීරණය කර තිබෙනවා ෴
මෝදි ලංකාට එන්න ඔන්න මෙන්න කියා තියෙද්දී වසන්තගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් | වසන්ත කළ සම්පුර්ණ කතාව (03.04.2025)
+
පොලීසියත් පුදුම කළ ජාවාරම්කරු රුපියල් කෝටි ගණනක හෙරොයින් සමග ‘මතුගම ශාන්’ගේ ගෝලයෙකු කොටුවෙයි (03.04.2025)
+
මහින්ද මැරුණට පස්සේ හොල්මනක් වෙලා හරි මගේ පස්සෙන් එනවා (03.04.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴