මියන්මාරයේ විපතට පත් ජනතාවට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්
මියන්මාරයේ විපතට පත් ජනතාවට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්
(02.04.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)
මියන්මාරයේ සිදු වූ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණයකර තිබෙනවා.
අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව සඳහන්කර සිටියා.
එමෙන්ම මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙයවීම මත රැස් කරනු ලබන ද්‍රව්‍යමය ආධාර කඩිනමින් මියන්මාරයේ ජනතාව වෙත ලබා දීම සඳහා රජයේ මැදිහත්වීම මත අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මියන්මාරය වෙත යැවීම පිණිස සුදානම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴
+++
මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් දළදා මාලිගාවෙන් දැවැන්ත මුදලක් මියන්මාරයට ලබාදුන් අවස්ථාව (02.04.2025)
+
යාපනයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක්
(02.04.2025 – 16:00 +0530 – hirunews.lk/sinhala)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව සඳහන්කර සිටියා.
ඒ අනුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී මෙම ප්‍රාදේශීය කාර්‍යාලය ස්ථාපිත වෙනු ඇති.
ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබුණද යාපනය, කිලි නොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබාගැනීම උදෙසා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැයවෙන නිසා මෙම ප්‍රාදේශීය කාර්යාලය ඉදිකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇත.
ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී ස්ථාපිත කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා ෴
“මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ ලබාදී තිබෙනවා”
(02.04.2025 – 16:20 +0530 – hirunews.lk/sinhala)
ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත මන්ත්‍රීවරු නොවන අයටත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආයුධ ලබා දී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
මෙම සාකච්ඡාවට එක්වී සිටි ‘හිරු මාධ්‍යවේදියා’ මෙහිදී විමසා සිටියේ ශ්‍රී ලංකාවේ මුදුන්මංකඩ බදු දළඳා මාළිගාව සම්බන්ධ කරගනිමින් සිදුකළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක නොවුණේ මන්ද යන්නයි.
මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ වූවායැයි පවසන ‘සුදත්ත තිලක්සිරි’ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවුණේ ඇයිදැයි මෙහිදී ‘හිරු මාධ්‍යවේදියා’ ප්‍රශ්නකර සිටියා. තවද එම පුද්ගලයාට ආයුධ ලබා දී තිබෙන්නේ ඇයිදැයි යන්න පිළිබඳවත් මාධ්‍යවේදීන් විමසා සිටියා.
එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පවසා සිටියේ, නීතිය සියලු දෙනාටම සාධාරණව ක්‍රියාත්මක වෙන බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි. තවද දළඳා මාළිගාව සම්බන්ධව මුදල් එකතුකිරීම පිළිබඳ තොරතුරු ඇත්නම් ඒ සියලු දෙනාට ඒ සම්බන්ධයෙන් නීතිය හමුවට පැමිණ සාක්ෂි ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා පවසා සිටියේ ෴
+
+
ඒක නම් නිවාඩු කාලෙට වටිනා ආරංචියක් | අවුරුද්දට ඇල්ලට කෝච්චියේ යන්න ඉන්න අයට මෙන්න සුබ ආරංචියක් (02.04.2025)
+
කස්සප හිමිගෙන් රට කළඹන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! ඊලාම් ශ්‍රීලංකාව දෙකඩ වීමේ අවදානමක් (02.04.2025)
+
බැසිල් ගේ බිලියන 22 ක කිරි හරක් වංචාව. P හැරිසන්, විජයමුණි සොයිසාත් ගේම පිටිපස්සේ. (02.04.2025)
+
මෝදිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්
(02.04.2025 – 16:50 +0530 – hirunews.lk/sinhala)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් අප්‍රේල් 04 වන දින සවස 6 සිට රාත්‍රී 10 දක්වා කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය වරින් වර වසා දමන බව පොලිසිය නිවේදනය කරනවා.
ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේ ගම යන ප්‍රදේශවල සහ ඒ අවට මාර්ග අප්‍රේල් 05 වන දින වරින් වර වසා දමන බවයි එහි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමට ගිනිඅවි භාර නොදුන් 42 ක් ගැන විමර්ශන
(02.04.2025 – 18:20 +0530 – hirunews.lk/sinhala)
ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දුන්නද තවමත් පුද්ගලයන් 42 ක් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (02) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසුවා.
ගිනිඅවි භාර නොදුන් පුද්ගලයන් මේ වනවිට ජීවත්ව සිටිනවාද? නැතහොත් ඔවුන් මෙරට තුළ ජීවත්වෙනවද? යන්න පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර ආයුධ භාර නොදීමට එරෙහිව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස :
“දැනට ගිනිඅවි භාර නොදී ඉන්නේ පුද්ගලයන් 42 ක් පමණයි. මේ අය ජීවත්වෙනවද, මේ රටේ ජීවත්වෙනවද යන්න පිළිබඳ සොයාබලමින් ඉන්නවා. මේ අයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා ආයුධ භාර නොදීමට විරුද්ධව. වැඩිකල් යන්න කලින් මේ කටයුත්ත සිද්ධ වෙමින් පවතිනවා” ෴
ආයුර්වේද සංස්ථාවේ මුදල් වංචාවකට සහකාර කළමනාකරුවෙක් බිරිය, නැගණිය සමග කොටුවෙයි
(02.04.2025 – 19:47 +0530 – hirunews.lk/sinhala)
‘ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව’ට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක (2,70,00,000) මුදලක් වංචා කිරීමේ සිද්ධියකට එම සංස්ථාවේ ‘ගිණුම් සහකාර කළමනාකරුවෙක්’ (1) සහ කාන්තාවන් දෙදෙනෙක් (2) ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු, ඔහුගේ බිරිය (32) සහ බාල සහෝදරිය (25) බවයි පොලිසිය පවසන්නේ.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය 1’ මගින් කළ විමර්ශනවලට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාර ගිණුම් සහකාර කළමනාකරු විසින් ව්‍යාජ ලෙස වව්චර් භාවිත කරමින් ලබාගන්නා මුදල් බිරියගේ සහ බාල සහෝදරියගේ ගිණුමට බැර කර ඇති බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මේ පිළිබදව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
රුපියල් කෝටියකට අධික වටිනා කුඩු සමග තරුණියක් අත්අඩංගුවට
(02.04.2025 – 20:16 +0530 – hirunews.lk/sinhala)
ගම්පහ, පහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක අල්මාරියක් තුළ සඟවා තිබු රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමග 24 හැවිරිදි තරුණියක් ‘සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වසර එක හමාරක (1½) පමණ කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.
ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවකට අයත් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දුරකතන මධ්‍යස්ථානයක සේවය කර ඇති ඇය බොරැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලක ඉගෙනුම ලබා තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ සේවය කරන ඇගේ මව මෙන්ම පියා ද සම්බන්ධ බවයි හෙළිවී ඇත්තේ.
තරුණිය අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් දෙදෙනා (2) ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
මේ වන විට ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේ පදිංචි ‘තිලාන්’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්කුඩු නිවසේ ඇසුරුම් කර වසර 07 ක කාලයක් තිස්සේ මොවුන් විසින් බෙදාහැර ඇති බවටද අනාවරණය වී තිබෙනවා.
අදාල තරුණියගේ මව යාගොඩ දුම්රිය ස්ථානයේ සිට මරදානේ පිහිටි දුම්රිය මූලස්ථානයේ සේවයට පැමිණීමේදී අදාළ මත්කුඩු රැගෙන එන අතර ‘තිලාන්’ නැමැත්තා පවසන පුද්ගලයින්ට ඒවා ලබා දෙන බවයි අනාවරණය වී ඇත්තේ.
එලෙස ලබා දෙන පුද්ගලයින්ගේ නම් මෙම තරුණිය විසින් සටහන් කරගෙන ඇති අතර එලෙස සටහන් කළ ඇගේ අත්අකුරු සහිත පොතක්ද මත්කුඩු සඟවා තිබූ අල්මාරියේ තිබී සොයගෙන තිබෙනවා ෴
නවක වද විඩියෝව ගැන විමර්ශන ඇරඹේ පොලිසිය දෙහිවල උසස් තාක්ෂණ ආයතනයට
(02.04.2025 – 20:18 +0530 – hirunews.lk/sinhala)
නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම සිද්ධිය දෙහිවල උසස් තාක්ෂණික ආයතනයේ සිදුවූ බවටයි වාර්තා පළ වන්නේ.
ඒ අනුව දෙහිවල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ආයතනය වෙත ගොස් පරීක්ෂා කිරීමක් සිදුකරන බවයි පොලිසිය ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සදහන් කළේ.
සිසුන් පිරිසකට නවක වදය ලබාදීමේදී ඔවුන් කෑ ගසා හඬන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.
නේවාසිකාගාරවල සිටින තවත් සිසුන් පිරිසක් ජංගම දුරකථනවලින් මෙය පටිගත කර ඇති බවට සදහන් වන අතර, දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි උසස් තාක්ෂණික ආයතනයේ අතහැර දමා තිබෙන ගොඩනැගිල්ලක නවක සිසුන්ට මෙලෙස නවක වදය ලබාදීම සිදුකරන බවටයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පරිපාලනය දැනුවත් කළද ඒ සදහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට නවක සිසුන් චෝදනා කරනවා ෴
විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට
(02.04.2025 – 21:42 +0530 – hirunews.lk/sinhala)
කාත්තන්කුඩි – කිරාන්කුලම් ප්‍රදේශයේ බිදවැටුණු විදුලි සැපයුම් සකස් කරන අවස්ථාවක මාර්ගය හරහා වැටී තිබූ විදුලි රැහැනක පැටලීමෙන් එම ස්ථානයෙන් යතුරුපැදියකින් ගමන් කළ පියෙකු සහ පුතෙකු අද අනතුරට ලක් වුණා.
සිද්ධියෙන් 42 හැවිරිදි පියා මියගිය අතර, පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴