පොලිස් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකුට (2) මිනුවන්ගොඩදී වෙඩි
පොලිස් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකුට (2) මිනුවන්ගොඩදී වෙඩි
(01.04.2025 – 16:29 +0530 – hirunews.lk/sinhala)
මිනුවන්ගොඩ කෙහෙල්බද්දර – උග්ගල්බොඩ ප්‍රදේශයේදී මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැරගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකුට (2) පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් එක් (1) අයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, සැකකරුවන් දෙදෙනා (2) යතුරුපැදියකින් පැමිණ මෙම රිවෝල්වරය පැහැර ගැනීමට තැත් කර ඇති බවයි.
එහිදී එක් (1) පුද්ගලයෙකුගේ වම් පාදයට වෙඩි වැදී තිබූ අතර ඔහු ගම්පහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අනෙක් පුද්ගලයා පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මොවුන් මිනුවන්ගොඩ සහ උග්ගල්බොඩ ප්‍රදේශවල පදිංචි 27 හැවිරිදි සහ 21 හැවිරිදි වියේ පසුවන්නන් ෴
+
+
නිලාවේලි, පොලිස් රාජකාරියට බාධාකළ පිරිසෙන් අයෙක් රිමාන්ඩ්
(01.04.2025 – 16:46 +0530 – hirunews.lk/sinhala)
රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (2) රාජකාරියට බාධා කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස පිරිසක් හැසිරෙන වීඩීයෝවක් සමාජමාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසන්නේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (2) රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියක් එහි දැක්වෙන බවයි.
එම සිදුවීම මාර්තු (31) වැනිදා නිලාවේලි ප්‍රදේශයේදී රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී වූ සිදුවීමක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
මෙහිදී පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහරදීමක් සිදුකර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මෙසේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල සිරදඩුවම් ලැබෙන වරදක් බවයි ඔහු පවසන්නේ.
ඒ අනූව සිද්ධියට අදාල ප්‍රධාන සකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ප්‍රදේශයෙන් පලාගොස් සිටින සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවැනි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන සිදුවීම්වලදී පොලිසිය නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ ෴
+
+
ඉන්ධන බවුසරයක් කුඹුරකට පෙරළෙයි
(01.04.2025 – 17:55 +0530 – hirunews.lk/sinhala)
ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී අද (01) සවස අනතුර සිදුව අති බවයි පොලිසිය පවසන්නේ.
පොළොන්නරුව දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබූ මෙම බවුසර් රථයේ පෙට්ට්‍රල් ලීටර් 6,600 ක් සහ ඩීසල් ලීටර් 6,600 ක් තිබී ඇති බව පැවසෙනවා.
අනතුරත් සමග ඉන්ධන බවුසරයේ ඇති ඉන්ධන පිටතට කාන්දුවෙමින් පවතිනවා.
ඒ හේතුවෙන් යම් අනතුරක් සිදුවේ වේයැයි සිතා පොලීසිය විසින් එම ස්ථානයට ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට කටයුතු යොදා තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ මනම්පිටිය පොලීසිය විසින් සිදුකරනවා.
+
+
මෙරට වසරකට පිළිකා රෝගයෙන් මිය යන පිරිස 19,000 ක් බවට අනාවරණයක්
(01.04.2025 – 17:55 +0530 – sinhala.adaderana.lk)
මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ‘ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම’ පිළිබඳ සමාලෝචනය සදහා ‘ලෝක සෞඛ්‍ය සංවිධානය’ විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා ‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ’ දී හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ලෝකයේ පිළිකා රෝගය පාලන සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10 ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනෙකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම ‘සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ’ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි දෙවන (2) අවස්ථාව මෙය වේ.
එම විශේෂඥ කණ්ඩායම පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි සැලසුම් සහ යෝජනා පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහි දී පියවර ගනු ලැබීය.
මෙරට පිළිකා රෝගය පාලනය සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහි දී පූර්ණ අවධානය යොමු කරමින් සාකච්ඡාව පැවැති අතර, පිළිකා ඖෂධ සහ භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානය යොමු කරන ලදි.
පිළිකා රෝගයේ බලපෑම සමාලෝචනය කරමින් ‘ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය’, ‘පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිතායතනය’ සහ ‘ලෝක සෞඛ්‍ය සංවිධානය’ යන සමීප සහයෝගිතා ආයතන මගින් සපයා ගත හැකි වැඩසටහන්ගත සහාය සහ උපදේශන සේවා සඳහා අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබී ය.
මෙරට 2020 සිට 2024 දක්වා කාල පරිච්ඡේදයේ ක්‍රියාත්මක වූ පිළිකා මර්දන වැඩසටහන අධ්‍යයනය කළ මෙම විශේෂඥ කණ්ඩායම පිළිකා ආශ්‍රිත ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ යාන්ත්‍රණයක් පිහිටුවීම, ඉලක්කගත කණ්ඩායම් ලෙස වතු කම්කරුවන්, ධීවරයින් සහ ගොවියන් ඉලක්ක කරගත් වැඩසටහන් කඩිනමින් ආරම්භ කර දියත් කිරීම, ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සදහා මාත්‍රා දෙකකින් (2) කාන්තාවන්ට පමණක් ලබාදෙනු ලබන එන්නත, තනි මාත්‍රාවක් (1) බැගින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයට ම ලබාදීම, ජාතික පිළිකා මර්දන වැඩසටහන විධිමත් කිරීම සහ ශක්තිමත් කිරීම, ඖෂධ සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ‘2025-2035 ජාතික සෞඛ්‍ය උපායමාර්ගික ප්‍රධාන සැලැස්ම’ට පිළිකා මර්දන වැඩසටහන ද අනුගත කර බලාත්මක කිරීම වැනි නිර්දේශ රැසක් මෙම කමිටුව විසින් මෙහි දී ඉදිරිපත් කර තිබේ.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝග අතර පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ද මූලික වන බව පැවසීය.
ජාතික හා අන්තර්ජාතික සහයෝගයන් ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසූ අතර ඉලක්කගත කණ්ඩායම් සදහා දියත් කරනු ලබන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් තවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද අවධාරණය කළේ ය.
මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත් මෙහි දී අනාවරණය විය.
තව ද කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබන බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජිවිත අහිමි වන බව ද මෙහි දී අනාවරණය විය ෴
ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ රජයේ නව වැඩසටහන ඇරඹේ
(01.04.2025 – 19:24 +0530 – hirunews.lk/sinhala)
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ‘පැලැස්ස’ ආපනශාලාවේදී ක්‍රියාත්මක කෙරුණා.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.
මේ අනුව රුපියල් දෙසීයක් (200) වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව උදාවෙනවා.
මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතයි.
ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත එක් වූ අතර ඒ මහතා සඳහන් කළේ ජනතාවට ගුණාත්මක, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රමාණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය බවයි.
ඒ වෙනුවෙන් මඟපෙන්වීම සහ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පවසා සිටියේ ෴
උදය ගම්මන්පිල (01.04.2025) :
+
+
+
+
යාලේ අලි බලන්න ගිය සුද්දන්ට වෙච්චි අනපේක්ෂිත අලකලංචිය (01.04.2025)
+
මිහින්තලේ හිමි හදිස්සියේම මාධ්‍ය හමුවක් කැඳවා අනුරගෙන් කළ ඉල්ලීම (01.04.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴