වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කිරීමට නියෝග
(25.03.2025 – 19:56 +0530 – sinhala.adaderana.lk)
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින ‘වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා’ගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට ‘අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය’ කළ දැනුම්දීමට අනුව අධිකරණය මෙම පියවර ගනු ලැබීය.
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු ඉකුත් වසරේ (2024) සැප්තැම්බර් මස 23 වනදා පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ එවකට ‘වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා’ව සිටි පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක විසිනි.
අනතුරුව අදාළ කිරි ගවයින් 20 දෙනා ‘රජයට අයත් සත්ත්ව ගොවිපලකට’ භාරදෙන ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා එදිනම නියෝග කර තිබුණි.
පසුව අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී ඇත්තේ අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක ‘වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා’ කටයුතු කර ඇති බවටය.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පෙළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබු අතර පොලිස්පතිවරයා එම විමර්ශන ‘අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය’ට භාර දී තිබුණි.
එවැනි පසුබිමක, සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ‘අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය’ පසුගියදා කටයුතු කර තිබුණත් සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින්ට හැකිව තිබුණේ නැත.
ඒ අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝග කළද, මේ වනවිට ‘පුජාපිටිය පොලිසියට’ අනුයුක්තව සේවය කරන ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැර ගොස් තිබුණි.
අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදීද සැකකාර පොලිස් පරීක්ෂකවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.
ඒ අනුව ‘වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාරගැනීම’ට නියෝග කෙරුණු අතර ඔහු ‘ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන’ ලෙස ‘ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට’ නියෝග කර තිබේ.
එමෙන්ම ‘වරෙන්තුකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට’ ද නියෝග කෙරුණු අතර, අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කෙරුණි ෴
පොලිස්පතිවරයෙක් ධුරයෙන් ඉවත් කළ හැකි ආකාරය පහදයි
(25.03.2025 – 20:55 +0530 – sinhala.adaderana.lk)
පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ යෝජනාව සලකාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කළයුතු ආකාරය පැහැදිලි කරමින් ඔහු ඒ බව පැවසීය.
“පොලිස්පතිවරයාව ඉවත් කරන්න යෝජනාව ගෙනාවම.. විමර්ශන කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විසින් නම් කරනවා දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. පොලිස් කොමිසමේ සභාපතිවරයා, ඊළඟට පරිපාලනයේ ඉහළ නිලධාරියෙක්. මේ තුන්දෙනා (3) අර ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙන සියලුම කරුණු සලකාබලා ඒ අය නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් සමග අඩකට (½) වඩා වැඩි සංඛ්‍යාවකින් සම්මත වුණොත් තමයි පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන් වෙන්නේ.”
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අද (25) කථානායකවරයාට භාරදෙනු ලැබීය.
ඒ මන්ත්‍රීවරුන් 115 කගේ අත්සනින් යුක්තවය.
මේ අතර මෙම යෝජනාවට ‘සමගි ජන බලවේගයේ’ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද අද (25) ප්‍රකාශ කළේය.
+
කල් ඉකුත්වූ ලුණු කෑමට විකිණු තිදෙනෙකුට (3) අධිකරණය මගින් දඩ නියමවේ
(25.03.2025 – 17:49 +0530 – sinhala.adaderana.lk)
කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කරනු ලබන ආහාර මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනයට අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට (3) රුපියල් 65,000 ක දඩ නියමකර තිබේ.
සැකකරුන් අද (25) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම කිරීමෙන් අනතුරුව අදාළ නඩු භාණ්ඩ වන ලුණු කිලෝග්‍රෑම් 2,700 ක ප්‍රමාණය ද විනාශ කිරීමට අධිකරණය නියම කර ඇත.
වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සත්ත්ව ආහාර නිෂ්පාදකයා විසින් මෙම ලුණු මිලදී ගෙන ඇති අතර පසුව අතරමැදියකු යොදා ගනිමින් අදාල ලුණු පිටකොටුව ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසැලකට විකුණා තිබේ.
එම වෙළෙඳසැල් හිමියා විසින් වැටලීම සිදුකරනු ලබන අවස්ථාව වන විටත් මනුෂ්‍ය පරිභෝජනය සඳහා එම ලුණු පැකට් 06 ක් විකුණා තිබූ බවත් විකිණීම සඳහා කිලෝග්‍රෑම් 2,700 ක තොගයක් සූදානම් කර තිබූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය මාර්තු 14 වනදා අධිකාරියේ නිලධාරීන් විසින් එම සත්ත්ව අහාර සැපයුම්කරුගේ ගබඩාව සහ සිද්ධියට අදාළ වෙනත් සිල්ලර වෙළෙඳසැලක් ඉලක්ක කර ගනිමින් වැටලීමක් සිදු කරන ලදී.
ඒ අනුව සේදවත්ත ප්‍රදේශයේ පිහිටි ‘නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයට, සේදවත්ත පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ‘කදිරවේල් ජයකුමාර්’ නැමැති අතරමැදියාට සහ කොළඹ 12, ‘අසෝක ඉපෙක්ස්’ ආයතනයේ ‘ගනේෂන් ශ්‍රී රාමක්‍රිෂ්ණන්’ යන සිල්ලර ව්‍යාපාරිකයාට එරෙහිව මෙලෙස නඩු පවසා ඇත.
එහිදී අදාළ චුදිතයන් වරද පිළිගැනීමෙන් පසුව සත්ත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000 ක් සහ අනෙත් චුදිතයන් දෙදෙනාට රුපියල් 7,500 බැගින් අධිකරණය මගින් දඩ නියමකර තිබේ.
උත්සව කාලසීමාවක් ද ඉදිරියේදී එළබෙන බැවින් අතරමැදියන් විසින් සිල්ලර වෙළෙඳසැල් වෙත සපයනු ලබන භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් සුපිරි වෙළෙදසැල් මගින් සත්ත්ව ආහාර සඳහා නිකුත් කරනු ලබන ආහාර අතරමැදියන් විසින් නැවත පාරිභෝගිකයන්ට අලෙවිකිරීමට නොහැකිවන අයුරින් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ සිල්ලර වෙළෙඳුන්ට මෙන්ම සුපිරි වෙළෙඳසැල් වෙත ද දැනුම් දෙනු දී ඇත ෴
වැස්ස වෙලාවටවත් හෙමින් යන්න බෑනේ – රන්වල හන්දිය, කෑගල්ල (25.03.2025)
+
නින්දෙන් ඇහැරෙන්න ඇති ඒපාරනම් .. – කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මත්‍තමගොඩ (24.03.2025)
+
64 හැවිරිදි අයෙකුට මරු කැඳවූ අනතුර – පානදුර, ගොරකපළ (24.03.2025)
https://www.facebook.com/share/v/1XTRdjxvFj
රිය අනතුරු බහුල පොල්ගස්ඕවිට රිලාවල මංසන්ධිය (24.03.2025)
+++
+
ඇමති බිමල්ට ගුවන් හමුදාවෙන් සමාව ගන්නැයි හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියයි
(26.03.2025 – 17:30 +0530 – lankacnews.com)
හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :
වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමුව පවතී. ගුවන් යානයේ එන්ජිමේ හෝ බඳෙහි හෝ කිසිඳු වරදක් නැති බවත් පුහුණුවන නියමුවන්ගේ අත්වැරදීමක් අනතුරට හේතු වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබීය. අමාත්‍යවරයාගේ ඒ ප්‍රකාශය නිවැරදි නොවන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නැත.
ගුවන් හමුදාවේ යානයක් අනතුරට පත් වූ විට අනුගමනය කරන ක්‍රමවේදයක් පවතී. අනතුර සිදුවූ විගසම ඒ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ අධිකරණ මණ්ඩලයක් (Court of inquiry) පත් කිරීම සිදුවේ. අනතුරුව ගුවන් නියමුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත හැකි නම් ඒ තොරතුරු පරීක්ෂණ මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙයි. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරෙන්නේ ඉහත මූලික පියවර ගැනීමෙන් පසුවය.
ගුවන් යානයක් අනතුරට පත් වූ විට ඒ පිළිබඳව පැති රාශියකින් කරුණු විමසීම සිදුකරනු ලැබේ. ඒ සඳහා යම් කාලයක් ගතවීම මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රමවේද දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යයි.
පරීක්ෂණ අධිකරණ මණ්ඩල වාර්තාව ප්‍රථමයෙන්ම ගුවන් හමුදාපතිවරයාට යොමු කරනු ලබන අතර පසුව එය ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදීම පැවතුන සම්ප්‍රදාය වේ. ඒ පිළිබඳව කිසියම් ප්‍රකාශයක් කිරීම සිදුවන්නේ මේ සියලු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවය.
එවැනි පසුබිමක් යටතේ වාරියපොළ මිනුවන්ගැටේ සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා අවසන් නිගමන ඉදිරිපත් කිරීම වගකීම් විරහිත ක්‍රියාවකි.
ගුවන් හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් විය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය හරහාය. ඒ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කරන ප්‍රකාශවල කිසිඳු වැදගැම්මක් නැත.
ඒ පිළිබඳව වග විය යුතු ප්‍රකාශය ආරක්ෂක අමාත්‍යංශය විසින් කළ යුතු වන්නේය. එසේම තමන්ට අදාළ නොවන වැඩකටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම සමාව ද ගත යුතුය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
දෙවුන්දර සිද්ධියෙන් මියගිය පසිඳුගේ අවසන් කටයුතු තවත් දින කිහිපයකින්
(26.03.2025 – 08:20 +0530 – hirunews.lk/sinhala)
මාතර – දෙවුන්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පසිඳු තාරක නමැති තරුණයාගේ අවසන් කටයුතු සිදු කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි වාර්තා වනවා.
ඒ, ඔහුගේ පියා ධීවර රැකියාව සදහා මුහුදු ගොස් සිටීම හේතුවෙන්.
සිය පුත්‍රයා වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බවට මේ දක්වා පියා දැනුවත් කිරීමටද හැකි වී නොමැති බවයි වාර්තා වුණේ.
පසුගිය 21 වැනිදා සිදු වූ මෙම ඝාතනයෙන් මියගිය යොමේෂ් නදීෂාන්ගේ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා සිදු කෙරුණා.
එමෙන්ම මෙම ඝාතනය, විදේශයක සැඟව සිටින ‘දෙහිබාලේ මල්ලී’ නැමැත්තාගේ සහෝදරයා හා යොමේෂ් නදීෂාන් අතර ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
යොමේෂ් සහ පසිඳු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ මිතුරෙකුගේ නිවසක තිබූ උපන්දින සාදයකට සහභාගී වී ආපසු යමින් සිටයදීයි.
මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 30 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 05 ක්.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් පොලිසිය පසුගිය 05 වැනිදා සොයාගත් අතර අදාළ මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවට පොලිසිය සැක පළ කරනවා.
අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැයද වෙනස් කර තිබෙනවා ෴
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (27) ජල කප්පාදුවක්
(26.03.2025 – 09:04 +0530 – hirunews.lk/sinhala)
බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (27) ජල සැපයුම අත්හිටු වීමට සිදුවන බව ‘ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය’ සඳහන් කරනවා.
ඒ අනුව, හෙට (27) පෙ.ව. 08:30 සිට ප.ව. 05:00 දක්වා පැය 8½ ක් කාලයක් මෙසේ ජලසපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
එසේම පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සිදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක මෙසේ ජල සැපයුම අත්හිටු වීමට කටයුතු කර තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴