සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර්වලට 15% ක බද්දක්
(26.02.2025 – 09:57 +0530 – hirunews.lk/sinhala)
මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එමෙන්ම මීට පෙර ඔවුන්ට සියයට 15 කට වඩා වැඩි බදු මුදලක් යෝජනා වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළා :
“මගේ දැනුමේ හැටියට මීට වඩා ඉහල ටැක්ස් එකක් තමයි යෝජනා වෙලා තිබුනේ. නමුත් අපිට මේ වෙලාවේදී ඒක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා බරපතල බදු වලට යන්න වෙනවා. මොකද ඔබ දන්නවා මේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපිට ඉතාම සීමිත බදු ප්‍රමාණයක් තමයි අය කරගන්න සිද්ධවෙන්නේ, ජනතාවට විශාල බරක් පටවන්නේ නැතුව. දැනටමත් පැටවිලා තියෙන බරෙන් අඩු කරන්න උත්සාහ කරමින් යන්නේ. ඉතින් දැනට මට දෙන්න පුළුවන් උත්තරේ ඒකයි. මම බලන්නම් ඒකට යම් සහනයක් ඊට වඩා දෙන්න පුළුවන්ද කියන එක මුදල් අමාත්‍යංශය පැත්තෙන්.”
+
15% ක සේවා අපනයන බද්ද ගැන රජයෙන් පැහදිලි කිරීමක්
(26.02.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala)
දේශීය ආදායම් පනත් කෙටුම්පත සංශෝධනය හරහා 15% ක උපරිම සීමාවකට යටත්ව සේවා අපනයන බදු පැනවීම තුළින් එම සේවා සපයන්නන් අපහසුතාවට පත් නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, සෙසු පුද්ගලයින් 36% ක් දක්වා ආදායම් බදු ගෙවන පසුබිමක සේවා අපනයන ක්ෂේත්‍රයේ නිරත පිරිස් සඳහා 15% ක උපරිම සීමාවකට යටත්ව බදු පනවා තිබීම අසාධාරණ නොවන බවයි.
පසුගිය 21 වැනිදා නිකුත් කෙරුණු දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව 2025 අප්‍රේල් පළමු වැනිදා (01) යින් පසුව මෙරට සිට විදෙස් විනිමය උපයන පුද්ගලයින්ගෙන් 15% ක සේවා බද්දක් අය කිරීමට නියමිතයි.
මේ අතර, 15% ක සේවා අපනයන බද්දෙන් මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ වී එම ක්ෂේත්‍රයේ නියුතු නිපුණයින් රට හැර යාමටද හේතුවක් වනු ඇති බව x පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, තොරතුරු තාක්ෂණ අංශයේ නිදහස් සේවකයින් සහ සේවා අපනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන එනු ලබන අතර ඔවුන්ට බදු පැනවීම හරහා ආර්ථික වර්ධනය, ආයෝජන සහ නවෝත්පාදනය අධෛර්යමත් කෙරෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාව අපනයන වර්ධනය කළ යුතු අවස්ථාවක, දිගුකාලීනව රටේ ආර්ථිකයට හානි සිදුකරමින් ගෙන ඇති මෙම පියවර හරහා නිපුණ පිරිස් විදෙස්ගත කරවනු ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, ඩොලර් උපයන්නන්ට බදු පැනවීම වෙනුවට, රජය දිගු කාලීන දිරිගැන්වීම් ලබා දී ඔවුන්ට සහය විය යුතු බවයි.
+
15% බද්දෙන් Online ඩොලර් උපයන්නෝ කිපෙති.. උන්ඩියෙල් කරන්න එලිපිට සාකච්චා.. ඩොලර් පිටරට රඳවන්නත් යයි..
(26.02.2025 – 10:00 +0530 – lankacnews.com)
අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන්නන් සඳහා විදේශ ආදායම් ලබන්නන් සඳහා සියයට පහළොවක් (15%) බදු පැනවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය එල්ල වෙමින් ඇත.
ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දැනටමත් සාකච්ඡ වෙමින් ඇත්තේ විදේශ ඉපයීම් උණ්ඩියෙල්, හවලා ක්‍රම හරහා එවීම හෝ අන්තර්ජාල ගිණුම්වලම එම මුදල් රඳවා තබා ගැනීමටයි.
රජය විසින් කිසිදු පහසුකමක් අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් සඳහා ලබන්නදී සියයට 15 කම් බද්දක් පැනවීම දැඩි අසාධාරණයක් බව ඔවුන් කියා සිටිති.
සමාජ ජාලා රැසකම මීට එරෙහිව විවිධ අදහස් පළවෙමින් ඇති අතර ඔවුන් බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ තමන් ඉදිරියේදී අන්තර්ජාල ගිණුම්වලම මුදල් රඳවා තබා ගන්නා බවකි.
මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජ්‍ය බදු ආදායම බරපතළ ලෙස බිඳ වැටී ඇති නිසා මෙම බද්ධ පැනවීම කළ යුතුම බවකි.
නමුත් මෙය පැනවීම සඳහා යෝජනා වී තිබුණේ මීට වඩා ඉහළ ප්‍රතිශතයකින් බවත් එය පහළ දමා ගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කල බවත්ය ෴
ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපිරිසක් අතර පිහිඇනුමක් : එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
(26.02.2025 – 17:52 +0530 – hirunews.lk/sinhala)
ග්‍රෑන්ඩ්පාස් කම්බි කොටුව ප්‍රදේශයේදී මුදල් ආරවුලක් මත දෙපිරිසක් අතර හටගත් ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් කළ පහරදීමකින් එක් (1) අයෙකු මියගොස් කාන්තාවක් (1) ඇතලු දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකුගේ නිවසක කුලී පදනම මත රැඳී සීටීම සදහා පුද්ගලයින් පිරිසක් සොයා දී ඇති අතර ඊට මුදල් නොගෙවීම හේතුවෙන් පිහි ඇනුමක් සිදු කිරීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාව්දී අනෙක් පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ විසින් පිහිය උදුරාගෙන පිහි ඇනුම සිදු කළ පුද්ගලයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑ තිදෙනාම (3) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී මුලින් පිහි ඇනුම සිදුකිරීමට තැත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴
අම්පිටිය හාමුදුරුවන්ගේ බැංකුවේ තිබුණු සල්ලි වලට දුන්න ගේම මෙන්න (24.02.2025)
+
මහජන තොරතුරු මත සොයා ගැනුණ පළමු ගිනිඅවිය හා උණ්ඩ තොගය අත්අඩංගුවට
(26.02.2025 – 23:12 +0530 – hirunews.lk/sinhala)
මහජන තොරතුරු මත සොයා ගැනුණ පළමු ටී 56 ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පහ, මාහේන ප්‍රදේශයේ සොහොන්බිමක සඟවා තිබියදීයි.
එම ගිනි අවිය සමග උණ්ඩ 22 ක් හා මැගසිනයක් ද සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර පොලිස් අපරාධ කොට්ඨාශය විසිනුයි අදාල අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ෴
පිළිගත් සම්මතයන් කුඩුපට්ටම් කරන N.G.O. පිල්ලි…. විමල්ගේ නොවෙනස්වන මතවාදය තහවුරු වෙයි ! (24.02.2025)
+
‘සෙලෙන්ස්කි මැතිඳු අද තනියම යුක්‍රේනය මැද්දේ'(26.02.2025)
+
ඔබටත් මාලිමාවෙන් රැකියාවක් – සතියේ විත්ති උදය සමග (26.02.2025)
+
ඇප ලැබුනු ඥානසාර හිමි බන්ධනාගාරයතුල සිදු වූ දුක්ඛිත තත්ත්වය ගැන මාධ්‍ය හමුවේ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව (27.02.2025)
+
USAID කුඩු කෑ හරිම කට්ටිය මෙන්න | මේ අය ඔබ අඳුරනවා ද බලන්න (27.02.2025)
+
ගනේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේදී හෙළිකළ කරුණු | විශේෂ වාර්තාවක් එළියට (24.02.2025)
+
විශ්‍රාමික රාජ්‍ය බුද්ධි ප්‍රධානියෙකු මුල්වරට බරපතළ අනාවරණයක (26.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴