‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ මරණ පරීක්ෂණ වාර්තාව එළියට
(24.02.2025 – 14:57 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ සිදු කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
මෙහිදී ‘කොළඹ අපරාධ කොට්ඨාශයේ’ පොලිස් සැරයන් බණ්ඩාර ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් ‘හේවාපතිරණගේ තරංග’ සාක්ෂි දෙමින් සිද්ධිය වූ දින පෙරවරු 09:30 හෝ 09:35 ට පමණ අධිකරණයේ නඩු විමසීම් ආරම්භ වූ බව පැවසුවා. තවදුරටත් ඔහු :
“එදින යෙදිලා තිබුණේ ‘ස්කයිප් තාක්ෂණය’ ඔස්සේ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. පෙරවරු 09:40 ට පමණ අධිකරණ ශාලාවේ වසා දමා තිබූ දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු (2) සැකකරුවකු විවෘත අධිකරණය තුළට රැගෙන ආවා. එක් බන්ධනාගාර නිලධාරියකු මා අසළට පැමිණ කිව්වා ‘ගනේමුල්ල සංජීව’ අරන් ආවා කියලා. මම සැකකරුව සිරමැදිරියට දාන්න කිව්වා. ඒ වෙලාවේ බන්ධනාගාර නිලධාරියා කිව්වා මේ සැකකරුට හතුරෝ ඉන්න නිසා කූඩුවේ දාන්න බෑ කියලා. පස්සේ බංකුවේ වාඩි කරන්න කිව්වා. මහේස්ත්‍රාත්වරිය විමසුවොත් ඔබතුමාලම හේතු පැහැදිලි කරන්න කියලත් මම බන්ධනාගාර නිලධාරියාට පැවසුවා. පසුව මේ සැකකරුව බංකුවේ වාඩි කෙරෙව්වා. නඩු තිහක් (30) පමණ Skype තාක්ෂණය ඔස්සේ ගත්තාට පසුව Skype සම්බන්ධතාවය බිඳ වැටුණා. පසුව ‘ගන්මුල්ල සංජීව’ ගේ නඩුව කැඳෙව්වා. විත්තිකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා.
ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමිය සැකකාර ‘ගනේමුල්ල සංජීව’ ගෙන් විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ‘ගනේමුල්ල සංජීව’ සඳහන් කළා ‘ඇප තියන්නේ නැහැ’ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට ‘නවය’ කියන වචනය පමණයි කියන්නට ලැබුණේ. එකපාරටම වෙඩි ශබ්ද තුන – හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමග තමයි වෙඩි ශබ්ද ආවේ. මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයිපටියක් ඇඳ සිටියා. පසුව ඒ පුද්ගලයා දොර ඇරගෙන පිටට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. පසුව මම විනිසුරු ආසනය දෙස බැලුවා. එහි විනිසුරුතුමිය හිටියේ නෑ. පසුව අපි පරීක්ෂා කළා. පසුව විනිසුරුතුමිය ‘බෙන්ච් එක’ යට තමයි සිටියේ. පසුව අපි ඇයව ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා. මහේස්ත්‍රාත්තුමිය කම්පනයකට පත්වී සිටියා. පසුව වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ‘ගනේමුල්ල සංජීව’ විත්ති කූඩුව තුළ උඩුබැලි අතට අතට වැටී සිටියා.” යනුවෙන් පැවසුවා.
ඉන් අනතුරුව සාක්ෂි දුන් සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරයෙකු වන ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක සාක්ෂි දෙමින් තමන් සිද්ධිය වූ දින පෙරවරු 8.30 ට පමණ අධිකරණ ශාලාව තුළට පැමිණි බව සඳහන් කළා.
”පෙරවරු 9.30 ට පමණ නඩු කටයුතු ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ. මම හිතුවා මේ පුද්ගලයා සී.අයි.ඩී එකේ හෝ නාකොටික් එකේ ඔෆීසර් කෙනෙක් කියලා. පසුව ගනේමුල්ල සංජීවගේ නඩුවක් කැඳෙව්වා. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්තුමිය ඇහුවා සැකකරු ගෙන් ඇප තියල ද කියල. ඔහු කිව්වා ඇප තියන්නේ නැහැ කියලා. පසුව මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසුවා අධිකරණ නියෝග නැතුව ඇයි අරන් ආවේ කියලා. ඊට බන්ධනාගාර නිලධාරීන් යමක් ප්‍රකාශ කළා. ඒ සමගම අර උස පුද්ගලයා පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කලා. ඒ සමඟම වෙඩි සද්ද ආවා. වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය බිම දමා දොර ඇරගෙන පිටව ගියා. පසුව රුක්ෂාන් කියන නිලධාරියා” ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා” කියලා කෑ ගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා” යනුවෙන් පැවසුවා.
ඉන් අනතුරුව ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාශය’ට අනුයුක්ත පොලිස් කොස්තාපල් ‘අනුර විජේසිරි’ සාක්ෂි ලබා දුන්නා.
ඔහු සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ඉකුත් 19 වනදා පෙරවරු 09:15 ට පමණ තමා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණි බවයි.
“එදා පෙරවරු 09:30 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ වුණා. එදින ‘ස්කයිප් තාක්ෂණය’ ඔස්සේ නඩු විමසීම යෙදී තිබූ නිසා අධිකරණ ශාලාව තුළ සිටි සිවිල් පුද්ගලයින් ඉන් ඉවත් කළා. අධිකරණ කාර්යය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරීන් හා නීතිඥවරු අධිකරණය තුළ රැඳී සිටියා. පෙරවරු 09:45 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවකු අධිකරණය තුළට අරන් ආවා. පසුව ඔහුව බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කළා. පසුව ඔහුගේ නඩුව කැඳව්වා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ හිටපු කෙනෙක් විත්ති කූඩුවේ සිටි සැකකරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කළා. වෙඩි තැබීම් පහක් (5) පමණ සිදු කළා. ‘ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා’ කියලා උසාවිය ඇතුලේ හිටපු කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා. පසුව වෙඩි තැබූ පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒ වෙලාවේ එස්.ටී.එෆ්. නිලධාරීන් ආවා. සිවිල් පුද්ගලයෝ පඩිපෙළේ වැටී සිටියා. එස්.ටී.එෆ්. නිලධාරීන් පඩිපෙළේ ඉන්නවා දැක්කා. පසුව විත්තිකූඩුව අසල රිවෝල්වරයක් වැනි ගිනි අවියක් තිබෙනවා මම දැක්කා.” යනුවෙන් සාක්ෂිකරු සාක්ෂි දෙමින් කියා සිටියා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 27 වන දා දක්වා කල් තැබුවා.
+
‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ මහ මොළකරු ‘සෙව්වන්දි’ රුව වෙනස් කරගෙන රටින් පනින උත්සාහයක්
(24.02.2025 – 21:53 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ’ මහ මොළකරු ලෙස සැළකෙන, නීතිඥවරියක් ලෙස වෙස්වළාගෙන පැමිණි ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති කාන්තාව සිය ස්වරූපය වෙනස් කර ගෙන රටින් පළා යෑමට උත්සාහයක් පවතින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් ඇය මෙම ප්‍රහාරය සැලසුම් කරමින් සිටින බවට කල් තියා බුද්ධි වාර්තා නිකුත්ව තිබියදීත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතන සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස පොලිසිය හඳුනාගෙන ඇත්තේ, මීගමුව, කටුවැල්ලේගම, ජය මාවත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ‘පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි’ නමැති කාන්තාවයි.
පසුගිය බදාදා අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ‘ගනේමුල්ලේ සංජීව ඝාතනය’ සඳහා පැමිණි වෙඩික්කරුට අධිකරණය තුළට තුවක්කුව ගෙනැවිත් දී ඇත්තේ ද මෙම කාන්තාව වන අතර, එදින ඇය පැමිණ සිටියේ නීතිඥවරියක ලෙස වෙස් වළාගෙනයි.
ඝාතනය සිදු වූ දිනයේම වෙඩික්කරු අත්අඩංගුවට ගත් අතර, ඝාතනය සිදු වී මේ වනවිට දින 05 ක් ගතව ඇතත් එහි මහ මොළකාරිය අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.
කෙසේ වෙතත් ඇය සම්බන්ධ තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් මේ වනවිට අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව සැකකාර කාන්තාව සැඟව සිටි බවට සැක කෙරෙන දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක් ඊයේ (23) දිනයේ දී විශේෂ කාර්ය බළකාය සෝදිසියට ලක් කළේ, ඇය අත්අඩංගුවට ගැනීම සඳහායි.
එසේම මතුගම ප්‍රදේශයේ ද ඇය සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (23) රාත්‍රියේ සිටම එහි විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණා ෴
+
‘ගණේමුල්ල සංජීව ඝාතනයේ’ සැකකාරියගේ තවත් ඡායාරූප පෙළක් එළියට
(24.02.2025 – 14:39 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම සදහා සොයන කාන්තාව පිළිබදව තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම, අදාළ කාන්තාවගේ තවත් ඡායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර ඇති අතර ඒ අනුව, ඇය ගැන තොරතුරු ලබා දීම සදහා විශේෂ දුරකතන අංක දෙකක් (2) ද හදුන්වා දී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඒ අනුව, 071 859 1727 හෝ 071 859 1735 යන අංක වෙත එම තොරතුරු ලබා දිය හැකියි.
තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.
‘පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි’ නැමැති 25 හැවිරිදි මෙම කාන්තාව මීගමුව – කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.
ඇය පසුගිය බදාදා (19) වෙඩි තැබිම සිදු වූ දිනයේ සිට අතුරුදන්ව සිටිනවා.
+
සෙව්වන්දි ඇත්තටම රටින් පැන්නාද?
(24.02.2025 – 13:51 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ’ මහ මොළකරු ලෙස සැලකෙන නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති සැකකාරිය රටින් පළාගොස් නැති බවට පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව සැකකාරිය සිටි බවට සැක කෙරෙන මතුගම ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේ, ඇය අත්අඩංගුවට ගැනීම සඳහායි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ සිටියදී නීතිඥවරයෙකු ලෙස වෙස් වළාගත් පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 19 වැනිදායි.
වෙඩි තැබීම කළ ‘කමාන්ඩෝ සමිඳු’ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් කරන ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති අතර මෙම ඝාතනය මෙහෙයවූ මහ මොළකරු ලෙස සැළකෙන 25 හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති සැකකාර කාන්තාව පිළිබඳව ද තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
කෙසේ වෙතත් ඇය තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකකාර කාන්තාව සැඟව සිටි බවට සැක කෙරෙන දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක් ඊයේ (23) දිනයේ දී ‘විශේෂ කාර්ය බළකායේ’ සෝදිසියට ලක්වුණා.
එමෙන්ම ඇය මතුගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (23) රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.
පොලිසිය පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනවලට අනුව ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති සැකකාරිය රටින් පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
‘ගනේමුල්ලේ සංජීව’ට බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තෙක් ආරක්ෂාව ලබාදුන් බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
වෙඩික්කරුට පළා යාමට ලබාදුන් KDH වෑන් රථය සන්තකයේ තබාගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්ගේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමේ දී අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 68 කට අධික මුදලක් සංසරණය වී ඇති බව අනාවරණ කරගෙන තිබෙනවා.
එමෙන්ම වෙඩික්කරු සහ විදෙස් රටක සැඟව සිටින ‘කමාන්ඩෝ සලින්ද’ අතර අධිකරණය තුළදී සිදු වූ වට්ස්ඇප් පණිවුඩ හුවමාරුව සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.
වෙඩික්කරු අධිකරණය තුළදී වට්ස්ඇප් පණිවුඩ හුවමාරු කිරීමේ දී ‘කමාන්ඩෝ සලින්ද’ගේ නම වෙනුවට භාවිත කර ඇත්තේ ප්‍රසිද්ධ නීතිඥවරයෙකුගේ නමක් බව ද අනාවරණ වී තිබෙනවා.
මේ අතර, ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල නවතම ප්‍රගතිය ‘කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඝාතනය සඳහා ගිනි අවිය වෙඩික්කරුට ලබාදුන් ගම්පහ අස්ගිරිය මල්වත්ත පාරේ පදිංචි 22 හැවිරිදි සැකකරු සහ අපරාධකරුවන්ට පළා යෑමට ප්‍රවාහන පහසුකම් ලබාදුන් 25 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයින් දෙදෙනා (2) ද අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළා ෴
+
+
‘ගණේමුල්ල සංජීව ඝාතනය’ට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) රිමාන්ඩ්
(24.02.2025 – 12:52 +0530 – hirunews.lk/sinhala)
‘ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු (3) මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ බාරයේ සිටි මෙම සැකකරුවන් අද (24) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව අදාළ සැකකරුවන් තුන්දෙනා (3) ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළා ෴
+
+
+
කොටහේනේ වෙඩි තැබීමට ගිනි අවිය දුන් සැකකරු අත්අඩංගුවට
(24.02.2025 – 08:03 +0530 – hirunews.lk/sinhala)
කොටහේන ප්‍රදේශයේදී පසුගිය 21 වැනිදා පුද්ගලයකු ඝාතනය කිරිමේ සිද්ධියට ගිනි අවිය ලබා දුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවටත්, සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.
තවද මෙම සැකකරු විසින් පසුගිය 10 වැනිදා කොටහේන පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබා දුන් පුද්ගලයා බවට අනාවරණය වී ඇති බව සඳහන්.
ඉදිරි විමර්ශන සඳහා සැකකරු කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ ෴
+
+
කොටහේන වෙඩි තැබිමේ සැකකරුවෙකුට රැඳවුම් නියෝග
(24.02.2025 – 17:07 +0530 – hirunews.lk/sinhala)
කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසැලක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය අද (24) අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කොළඹ-15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි ‘පසිඳු විරාජ්’ නමැති පුද්ගලයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙම වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළා ෴
ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින හමුදා සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝගයක්
(24.02.2025 – 09:18 +0530 – hirunews.lk/sinhala)
නීත්‍යානුකූල නොවන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින සියලු සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කළ බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.
දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව සදහන්.
+
මාවුස්සාකැලේ ජලාශයෙන් නාඳුනන මළසිරුරක් හමුවෙයි
(24.02.2025 – 10:58 +0530 – hirunews.lk/sinhala)
මවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ගාඩ්මෝර් දිය ඇල්ල පාමුල මවුස්සාකැලේ ජලාශයේ තිබී හඳුනා නොගත් පිරිමි මළ සිරුරක් අද (24) පෙරවරුවේ සොයා ගත් බව මස්කෙළිය පොලිසිය පවසනවා.
මවුස්සාකැලේ ජලාශයේ මිරිදිය කර්මාන්තයේ යෙදෙන පිරිසක් විසින් මෙම මළ සිරුර මුලින්ම දැක පොලිසියට දන්වා තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයෙක්.
මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය පවසන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴