රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්
රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්
(22.02.2025 – 10:41 +0530 – hirunews.lk/sinhala)
රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ’ දී පැවැත්වෙනවා.
එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහභාගී වී තිබෙනවා.
රට තුළ අපරාධ මර්දනය සහ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන අවස්ථාවක ඒවා අඩපණ කිරීමේ උත්සහයක නිරත පිරිසක් සිටින අතර, ඔවුන් හඳුනගෙන ඇති බවත්, එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පැවසුවා.
තවද, එහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, මේ වනවිට මෙරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58 ක් හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ගේ අනුගාමිකයින් 1400 ක් පමණ හඳුනාගෙන ඇති බවත්.
ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි අංශ හරහා ලබාගෙන ඇති බවත්, ඔවුන්ගේ නායකයින් විදෙස්ගත වී මෙම අපරාධ ක්‍රියාත්මක කරන බවත්, පොලිස්පතිවරයා සඳහන් කළා.
ඒ අනුව, 2024 වසරේදී වෙඩි තැබීම් 75 ක්, නිශ්චිතවම අනාවරණය නොවූ තියුණු ආයුධවලින් පහරදීම් 18 ක් වශයෙන් 93 ක් වාර්තා වී තිබෙන බවයි ඔහු පැවසුවේ.
2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 17 ක්, තියුණු ආයුධවලින් පහරදීම් 05 ක් ලෙස සියලුම සිද්ධීන් 22 ක් වාර්තා වූ බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම මේ වසරේ වූ සිදුවීම්වලින් 17 ක් මේ වනවිට විසඳා ඇති බවයි ඔහු සඳහන් කළේ.
මෙම අපරාධවලට ඍජුව හෝ වක්‍රව පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ හෝ ආරක්ෂක සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ සහාය ලැබී තිබෙන බවත්, ඔවුන්ව හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගන්න කටයුතු කරන බවත්, ඔහු සඳහන් කළා.
+
පෞද්ගලික දන්ත ශල්‍යාගාරයෙන් දතක් ගැලවූ අයෙක් ජීවිතක්ෂයට
(22.02.2025 – 22:59 +0530 – hirunews.lk/sinhala)
බලංගොඩ නගරයේ පෞද්ගලික දන්ත ශල්‍යාගාරයකින් දතක් ගැලවීමෙන් පසුව ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ බලංගොඩ බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 31 ක පුද්ගලයෙක්.
දත ගැලවීමෙන් පසුව ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහුට දත ගැලවීමට පෙර කිසිඳු රෝගයක් නොතිබුණු බවයි අදාළ පුද්ගලයාගේ බිරිඳ පවසන්නේ ෴
අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙක් (2) බන්ධනාගාරයෙන් නිදහස් වෙති
(22.02.2025 – 17:45 +0530 – hirunews.lk/sinhala)
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ තවත් දෙදෙනෙකු (2) බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

රුපියල් බිලියන 3.5 ක වැට් බද්ද ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් සිර දඬුවම් විඳීමෙන් පසු මෙසේ ඔවුන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ ෴
+
+
ත්‍රස්තවාදී සංවිධාන 15 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් (ගැසට් නිවේදනය)
(22.02.2025 – 17:09 +0530 – hirunews.lk/sinhala)
LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15 ක් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම සංවිධානයන්හි මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනමට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම සංවිධාන 15 ට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222 කගේ නම් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන්.
තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15 :
1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය
2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය
3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව
.
4 ලෝක දෙමළ ව්‍යාපාරය
5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය
6 ලෝක දෙමළ සහනසාධක අරමුදල
.
7 මූලස්ථාන කණ්ඩායම
8 ජාතික තව්හිද් ජමාත්
9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්
.
10 විලයාත් අස් සෙයිලානි
11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය
12 ද්‍රවිඩ තරුණ සංවිධානය
.
13 දාරුල් අදර් අත්තබවියා
14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය
15 සේව් ද පර්ල්ස්
බූන්දල ජාතික වනෝද්‍යානයේ කැළෑවකින් මහ රෑ හමුවූ පුංචි පුතා : “බයිසිකලය පැදගෙන ආවේ තාත්තා”
(22.02.2025 – 17:09 +0530 – hirunews.lk/sinhala)
හම්බන්තොට, බූන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ කැළෑබඳ ප්‍රදේශයක සිටියදී පිරිමි දරුවෙකු සොයාගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ වෙරළට ආසන්න කැළෑබද ප්‍රදේශයක තනිවම සිටියදී වයස අවුරුදු 12 ක් පමණ වන මෙම දරුවාව ඊයේ (21) රාත්‍රී 10:30 ට පමණ බූන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් සොයාගත් බවයි වාර්තා වන්නේ.
අනතුරුව වනජීවී නිලධාරීන් විසින් මෙම දරුවාව හම්බන්තොට පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඉන් පසුව දරුවාව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.
මේ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් පොලීසියට ලැබී නොමැති බවයි පවසන්නේ.
එසේම දරුවා එම ස්ථානයට පැමිණි ආකාරයක් ද අනාවරණය වී නැති බවයි පොලිසිය පවසන්නේ.
දරුවා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි බවයි ඔහු කියා ඇත්තේ.
හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
+
මධු සමයට ආ රුසියානු යුවලේ මනාලයා මුහුදේ ගිලී ජීවිතක්ෂයට
(22.02.2025 – 16:40 +0530 – hirunews.lk/sinhala)
මධු සමය ගත කිරීමට මෙරටට පැමිණි රුසියානු ජාතික යුවලකගෙන් පුරුෂයා මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) සවස හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී එම පුද්ගලයා දියේ ගසාගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
ජීවිතාරක්ෂකයින් විසින් ඔහුගේ සිරුර සොයා ගැනීමට සමත් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දින කිහිපයකට පෙර විවාහ දිවියට පත්ව සිය මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි 38 හැවිරිදි රුසියන් ජාතිකයෙක්.
මියගිය පුද්ගලයා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු බවයි පැවසෙන්නේ.
ඔහු දිය නාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහිදී ජීවිත ආරක්ෂකයින් එහුව බේරා ගැනීමට උත්සාහ දරා ඇති නමුත් එය ව්‍යර්ථව තිබෙනවා.
පසුව ගල්පරයක සිරව සිටියදී සොයාගෙන ගොඩබිමට රැගෙනවිත් ඇති නමුත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
+
හමුදාවෙන් අවි පුහුණුව ලබා නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර යන සෙබලුන් ගැන අනාවරණයක්
(22.02.2025 – 15:25 +0530 – hirunews.lk/sinhala)
අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයින් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමග සම්බන්ධවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.
‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ’ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, එලෙස කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පලාගිය තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදාවට සහ පොලීසියට හැකියාව පවතින බවයි.
ආර්ථික අපහසුතා හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි හේතූන් මත අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන සෙබළුන් සිටින බවට ද තොරතුරු වාර්තා වී ඇති බවත්, ඔවුන් හඳුනාගෙන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
‘නාරාහෙන්පිට අමිල’ ලබන 24 දක්වා රිමාන්ඩ්
(22.02.2025 – 14:39 +0530 – hirunews.lk/sinhala)
‘ඉන්දියානු බුද්ධි අංශ’ විසින් අත්අඩංගුවට ගැනුනු මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගත් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන ‘අමිල චන්ද්‍රානන්ද’ හෙවත් ‘නාරාහෙන්පිට අමිල’ නමැති සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගැනුනු මෙම සැකකරු අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට පමුණුවනු ලැබුවා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්’ අධිකරණය හමුවේ කරුණු දක්වමින්ෂ ‘ඉන්දියානු බුද්ධි අංශය’ විසින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ශ්‍රී ලංකාවට පිටුහාල් කිරීමෙන් අනතුරුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්’ විසින් අත්අඩංගුවට ගැනුනු බව සඳහන් කළා.
ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබා විමර්ශන සිදුකළ බවයි පොලිසිය කියා සිටියේ.
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට පවතින සම්බන්ධය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන් කළ පොලිසිය මෙම සැකකරුට දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින අතර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර පවතින බව පැවසුවා.
මෙම සැකකරුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු දෙකක් (2) නිකුත් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ෴
මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ ඉතිරි අලි පැටවා ද මියයයි
(22.02.2025 – 14:03 +0530 – hirunews.lk/sinhala)
මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය සහ ගල්ඔය අතරදී ‘මඩකලපුව – කොළඹ මීනගයා දුම්රියේ’ ගැටී බරපතල තුවාල ලබා සිටි වන අලි පැටවාද මියගොස් තිබෙනවා.
ඒ අනුව එම දුම්රිය අනතුරින් මියගිය වන අලි ගණන 7 ක්.
පසුගිය 19 වැනිදා රාත්‍රියේ 11:20 ට පමණ මීනගයා දුම්රියේ 07 දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් ගැටී තිබුණා.
අනතුරින් මිය ගිය වන අලි අතර පැටවුන් තුන්දෙනෙකු (3) ද සිටිනවා.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම ‘මීනගයා දුම්රියේ’ වන අලි ගැටීමේ සිද්ධි වාර්තා වුණා ෴
‘කජ්ජා’ සහ දරු දෙදෙනා (2) අවසන් ගමන් යයි
(22.02.2025 – 20:38 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙණිය ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් මියගිය ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනාගේ (2) අවසන් කටයුතු අද (22) පස්වරුවේ වීරකැටිය – මැදමුලන ප්‍රදේශයේ පිහිටි සුසාන භුමියේදී සිදුකෙරුණා. එම අවස්ථාව සදහා විදෙස් ගතව සිට පැමිණි මියගිය දරුවන්ගේ මව ඇතුලු පිරිසක් එක්ව සිටියා.
අදාළ ඝාතනය කළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට ගෙන තිබු අතර සැකකරුවන් අතර පොලිස් කොස්තාපලයෙකුද සිටි බවයි පොලිසිය සදහන් කළේ.
අනතුරුව සැකකරුවන් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා.
මියගිය පියා සහ දරුවන්ගේ දේහවලට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ දරුවන්ගේ මව ඇතුලු බොහෝ දෙනෙකු සංවේදී වී තිබුණා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴