කොටහේනේ වෙඩිතැබීමක් – එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට
(21.02.2025 – 21:48 +0530 – sinhala.adaderana.lk)
කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.
ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ය.
තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා (2) ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
+
කොටහේන ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා (2) පොලිස් වෙඩි පහරින් මරුට
(22.02.2025 – 06:38 +0530 – hirunews.lk/sinhala)
කොටහේන, ගල්පොත්ත ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා (2) විමර්ශන අතරතුර පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනාම (2) මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී ජීවිතාරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇති අතර, එහිදී තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා (2) රෝහල්ගත කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.
තුවාල ලැබූ නිලධාරියෙකු ද රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
+
+
ව්‍යාපාරිකයෙකුගේ රුපියල් ලක්ෂ 3 ක සහල් රාජසන්තක කරයි
(21.02.2025 – 21:41 +0530 – sinhala.adaderana.lk)
වෙළඳසැලේ සහල් විකිණීමට තිබියදී, සහල් නොමැති බව ප්‍රකාශ කළ ව්‍යාපාරිකයකුට එරෙහිව ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ නීතිමය පියවර ගෙන ඇත.
එම අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් ඉකුත් 18 වනදා ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම ව්‍යපාරිකයාට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
ඒ අනුව එම ව්‍යාපාරිකයාට එරෙහිව අද (21) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරනු ලැබීය.
මෙහිදී එම ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ 3 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත ‘කිරී සම්බා’ සහල් අසුරන 237 ක ප්‍රමාණයක් රාජසන්ත කිරීමට අධිකරණය නියෝග කළේය.
ඊට අමතරව රුපියල් 10,000 ක දඩ මුදලක්ද නියම කිරීමට අධිකරණය කටයුතු කළේය ෴
සැලසුම් සහගත මිනිමැරුම් හා හේතුඵල දහම – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (21.02.2025)
+
හඳුන්වාදෙන ‘බත්තරමුල්ලේ ගුල්ලො පීසා’ – “මේ බලන්නකෝ.. තනිකර ගුල්ලෝනේ ඉන්නේ..” (22.02.2025)
+
‘සීයලා බෑනලා’ ‘යුත් එකේ’ සල්ලි නාස්ති කරපු හැටි හෙලි වුණ ආන්දෝලනාත්මක කෝප් කමිටුවේ සම්පුර්ණ වීඩියෝව (21.02.2025)
+++
‘ජාතික තරුණ සේවා සභාවේ’ අක්‍රමිකතා සොයන්න ‘විශේෂ කෝප් අනුකමිටුවක්’
(22.02.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala)
‘ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල’ පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ‘විශේෂ කෝප් අනුකමිටුවක්’ පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පෙරේදා (20) රැස් වූ අතර, එහිදී ‘ජාතික තරුණ සේවා සභාවේ’ සහ ඊට අනුබද්ධ ආයතනවල අක්‍රමිකතා පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබෙනවා.
එහිදී ‘ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංග’ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින නිකුත් කිරීම පිළිබදව විමසීමට ‘තරුණ සේවා සභාවේ හිටපු සභාපති පසිඳු ගුණරත්න’ ද කෝප් කමිටුව හමුවට කැදවා තිබුණා.
එමෙන්ම, ‘තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා’ නිලධාරීන්ට බලපෑම් කළ බව ‘කෝප් කමිටුවේදී’ අනාවරණය වී තිබුණා.
මීට අමතරව ‘තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට’ එම තනතුර සදහා අවශ්‍ය සුදුසුකම් නොමැති බවද තහවුරු වී තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් අවභාවිතා කොට ඇති බවද මෙහිදී අනාවරණ වුණා ෴
මෙහෙයුම සුපිරි හින්දා සංජීව ඝාතකයාට සී.අයි.ඩී. එකේ තනතුරක් ? (21.02.2025)
+
අද (22) අලුයම බස් රථයක් ගිනි ගනී – ගින්නට හසුවී අයෙක් මරුට
(22.02.2025 – 07:27 +0530 – sinhala.adaderana.lk)
අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය සඳහන් කළේ අද (22) අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වී ඇති බවය.
මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇත.
ඔවුන් පැමිණි බස් රථයේ මෙලෙස ගින්නක් හටගෙන ඇත.
එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මියගොස් ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසයි.
මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්වී ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත. උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
+
‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ වෙඩික්කරුගේ පෙම්වතිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
(22.02.2025 – 10:10 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩිකකරුගේ පෙම්වතිය යැයි පැවසෙන තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘තරුෂි දෙවිමිණි’ නැමති මෙම 20 හැවිරිදි තරුණිය මහරගම සම්බාහන මධ්‍යස්ථානයක් අසලදීයි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, වෙඩික්කරුගේ පාසල් මිතුරෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතියද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බවද අනාවරණය වී තිබෙනවා.
ඒ සඳහා අදාළ තරුණිය මීගමුව ප්‍රදේශයට රැගෙන යාමට ‘විසල් තාරක’ ලෙස හැඳින්වෙන වෙඩික්කරුගේ මිතුරෙක් මහරගම ප්‍රදේශයට පැමිණ ඇති අතර, ඔහුද මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.
එමෙන්ම, වෙඩික්කරු විසින් මිතුරාට පවසා ඇත්තේ ‘මේ මචං, කෙල්ලව පරිස්සම් කරපන්, මට මොකක්හරි වුණොත් කෙල්ලව රට යවපන්’ යනුවෙන්.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ල සංජීව’ සහ ඔහුට වෙඩි තැබූ පුද්ගලයා මීට පෙර කාලයක් තිස්සේ ළඟින් ඇසුරු කල පුද්ගලයින් බව ද නවතම විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.
එසේම එකළ ‘ගනේමුල්ල සංජීව’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු ලෙස මෙම වෙඩික්කරු කටයුතු කර ඇති අතර, පසුව දෙදෙනා අතර ඇති වූ විරසකයකින් ඔහු එම කටයුතු වලින් ඉවත්ව ඇති බවද වාර්තා වුණා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පසුව ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවය එහි වාසිය ගෙන ඔහුගේ සහාය ලබාගෙන තිබෙනවා.
එමෙන්ම, ‘ගනේමුල්ල සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ එම ඝාතන සැලසුමට සහාය දැක්වූ කාන්තාව කලක සිට ඉතා සමීප ඇසුරක් පවත්වා ඇති බව ද විමර්ශන වලදී අනාරවණය වී තිබෙනවා.
ඒ අනුව අවස්ථා රැසකදී විවිධ ප්‍රදේශවල ලැගුම්හල් වෙත ගොස් ඔවුන් රැඳී සිට ඇති බව සඳහන්.
ඝාතනය සිදු කිරීමට පෙර අවස්ථා කිහිපයකදී සැකකරු සහ එම කාන්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
පසුගිය 15 වැනිදා සිට 18 වැනිදා දක්වා අදාළ සැකකාර යුවළ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක රැඳීසිටි බවටද තොරතුරු අනාවරණය වුණා.
ගනේමුල්ල සංජීව ඝාතනය, දැනට ඩුබායිහි සැඟව සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැති පාතාල කල්ලි නායකයාගේ මෙහෙය වීමෙන් සිදුව ඇති බව මීට පෙර හෙළි ව තිබුණා.
ඔහුගේ පියා ඝාතනය කිරීමට පලි ගැනීමක් ලෙස ‘සංජීව’ ඝාතනය කර ඇති බවයි එහිදී අනාවරණය වුණේ.
කෙසේ වෙතත්, ‘ගනේමුල්ල සංජීව’ගේ හිතවතෙකු බව කියන පුද්ගලයෙකු මියගිය ‘ගනේමුල්ල සංජීව’ගේ දේහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සදහන් කර ඇත්තේ ‘අයියේ මේකේ පලිය ගන්නා බවත්, ඔයාට සාධාරණයක් ඉෂ්ඨ කරන බවත්’ ය.
කෙසේ වෙතත් ඝාතනය වූ ‘ගනේමුල්ල සංජීව’ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (21) බොරැල්ල කනත්තේදී සිදුවුණා.
ඝාතනයට අදාළව තවමත් අතුරුන්ව සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති සැකකාර කාන්තාවට සහාය දැක්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මේ අතර, ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර කියා සිටියේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි වාර්තා පිළිබදව ද තොරතුරු ලැබී ඇති බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴