කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යැවූ මානසික රෝගියෙකු අත්අඩංගුවට
(18.02.2025 – 19:34 +0530 – sinhala.adaderana.lk)
Whatsapp ඔස්සේ අසභ්‍ය ඡායාරූප, ලිංගික දර්ශන හා හඬපට යොමුකරමින් කාන්තාවන් කිහිපදෙනෙකුට අයුතු ලිංගික යෝජනා හා හිරිහැර සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත ලද පැමිණිවලට අනුව සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවන් තම යතුරුපැදි අළුත්වැඩියා කරගැනීම සඳහා සේවා ස්ථානයකට ගිය අවස්ථාවේ එහි හිමිකරු ‘මෙම කාන්තාවන්ගේ දුරකථන අංක ලබාගෙන’ මෙලෙස ක්‍රියා කර ඇති බවය.
ඒ අනුව, සැකකරුව ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 49 ක් වූ පණ්ඩුලගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද (18) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
‘හබරකඩ කසුන්’ගේ ගෝලයෙකු බස්නාහිර බුද්ධි ඒකකයට කොටු
(18.02.2025 – 16:36 +0530 – sinhala.adaderana.lk)
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ‘හබරකඩ කසුන්’ නැමැත්තාගේ ගෝලයෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට ගැනීමට ‘නවගමුව පොලීසියේ දූෂණ මර්ධන ඒකකය’ සමත්ව තිබේ.
සැකකරු අම්බලන්තොට පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු මීට මාස කිහිපයකට පෙර නවගමුව ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.
එහිදී ඔහු කාන්තාවක් සමග වාසය කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරුගේ ගිණුමට මුදල් ලැබුණු පසු විවිධ ස්ථාන වෙත ගොස් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ලබා දී ඇති බවය.
ඒ අනුව ‘බස්නාහිර බුද්ධි ඒකකයේ නවගමුව උප ඒකකයට’ ලද තොරතුරක් මත ‘නවගමුව පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ’ ස්ථානාධිපති තාරක රාජපක්ෂ මහාතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ඔහු සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 202 ක් සොයා ගැනීමට ස අදාළ ඒකකය සමත්ව තිබේ.
සැකකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 1 ක් රුපියල් 15,000 ක් වැනි මුදලකට අලෙවි කර ඇතැයිද පොලීසිය මෙහිදී අනාවරණය කරගෙන තිබේ.
අදාළ සැකකරු හෙට (19) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී රැඳවුම් නියෝග ලබා ගැනීමට ද නියමිතය ෴
වාහන ගෙන්වීමේ අවදානම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වයි
(18.02.2025 – 11:26 +0530 – sinhala.adaderana.lk)
පවතින ක්‍රියාවලිය තුළ වාහන ආනයනය අවදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
අද (18) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා :
“තවත් ලොකු බලාපොරාත්තුවක් තිබ්බා ජපන් බයික් එකක් ගන්න.. ලක්ෂ 14 ට ‘විට්ස්’ එකක් ගන්න පුළුවන් කියලා කවුද කිව්වා.. මම බැලුවා Toyota Raize එක ලක්ෂ 122 යි, ‘යාරිස්’ එක ලක්ෂ 185 යි, ‘ප්‍රියස්’ එක ලක්ෂ 289 යි… මෙතන ලොකු අවුලක් නිර්මාණය වෙලා තියෙනවා. ඊයේ (17) ජනාධිපතිතුමා කිව්වා මේ බදු වැඩිවීමේ වැඩි දායකත්වයක් තියෙන්නේ මෝටර් වාහන ආනයනය හරහා කියලා. මම හොයලා බැලුවා කොහොමද කියලා. දළ දේශීය නිෂ්පාදනයෙන් 1.6% ක් විතර වැඩි වෙන්න ඕනේ බදු. ඒකෙන් භාගයක් විතර වාහන ආනයනයෙන් තමයි එන්නේ. ඉතිං වාහන ආනයනය අතිශයින්ම අවදානම්. මොකද මේ වගේ ගණන්වලට කවුද වාහන ගේන්නේ. ඔහොම වාහන ගේන්න සල්ලිකාරයෝ මම නම් හිතන්නේ නෑ ලංකාවේ ඉන්නවා කියලා.”
+
රටින් පැන්න කොස්තාපල්ට උදවු දීපු තවත් පොලිසියේ කට්ටියක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි
(18.02.2025 – 16:51 +0530 – hirunews.lk/sinhala)
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 රැගෙන ගොස් පාතාල කල්ලියකට ලබාදුන් කොස්තාපල්වරයාට ආධාර අනුබල දුන් බව කියන තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ගැන තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එම සැකකාර නිලධාරීන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් ආරංචි මාරග පවසන්නේ.
දැනට විදේශ ගතවී සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ඉහළගමගේ දර්ශන’ නොහොත් ‘අයි.ඩී’ නැමැත්තාගේ උපදෙස් මත මෙම ගිනි අවිය සොරාගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
ඩුබායි රාජ්‍ය්‍යට පලාගිය බව කියන කොස්තාපල් එම ගිනි අවිය සහ උණ්ඩ බඩෝවිට, බටපදුර ප්‍රදේශයේ සඟවා තිබෙනවා.
අනතුරුව ගල්කිස්ස, හුළුදාගොඩ ප්‍රදේශයේදී ඊයේ (17) අත්අඩංගුවට ගත් සූපවේදියා විසින් එම ගිනි අවිය සහ උණ්ඩ තොගය පාළු ඉඩමක සඟවා ඇති බවයි පැවසෙන්නේ.
විමර්ශන අතරතුර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම සූපවේදියා සහ ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.
එම සැකකරු සිදුකළ පාපොච්ඡාරණයේදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අයි.ඩී’ නැමැත්තාගේ සමීපතම ගෝලයකු බවයි.
මේ අතර සැකකාර පොලිස් කොස්තාපල් ඩුබායි රාජ්‍යට පළාගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මෙම ගිනි අවිය පාතාලයට ලබාදෙන්නට ඇති බවට සැකයක් පැවතුණා.
ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමගයි සැකකරු අතුරුදන් වී තිබුණේ.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල් පොලිස් ස්ථානයෙන් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ රැගෙන පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී මාර්ග බාධක රාජකාරි සඳහායි.
කෙසේ වෙතත්, ඔහු රාජකාරිය පැවරී තිබූ ස්ථානයට වාර්තා කර නොතිබූ හෙයින් ඒ පිලිබදව සොයා බලා තිබෙනවා.
පසුව ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දී ඇති අතර, ඔහු ඊට ද ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.
අනතුරුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකාර කොස්තාපල් එදිනම රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි බලා පිටව ගොස් ඇති බවටයි.
මෙලෙස පළාගොස් ඇත්තේ අනුරාධපුර – හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි කවිදු ප්‍රකාශ් ජයකොඩි නැමැති පොලිස් කොස්තාපලයෙක්.
සැකකාර පොලිස් කොස්තාපල් ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයට ගොස් ත්‍රිරෝද රථයකින් පළා ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මේ වන විට ඔහුගේ ඥාතීන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
එමෙන්ම, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූවෙකු බවටද අනාවරණය වී තිබෙනවා.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
මිද්දෙණියේ වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට
(18.02.2025 – 23:37 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් (1) මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ තවත් අයෙකු (1) ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් ප්‍රහාරය එල්ල කොට ඇති බව අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ ෴
+++
මිද්දෙනිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දියණිය ද මියයයි
(19.02.2025 – 06:27 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙනිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ 06 හැවිරිදි දියණිය ද මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
යතුරුපැදියේ ගමන් කළ මරණකරු, මරණකරු ගේ පුතා සහ දියණිය තුවාල ලැබීමෙන් අනතුරුව දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි දියණිය මෙසේ මියගොස් ඇත්තේ.
ඊයේ (18) රාත්‍රී 10:15 ට පමණ මිද්දෙනිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මොවුන්ට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් පියා එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
+
+
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්න අද (19) සිට පැය 24 පුරාම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි
(19.02.2025 – 06:48 +0530 – hirunews.lk/sinhala)
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (19) සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව, අද (19) සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴
අද (19) උදෑසන දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට
(19.02.2025 – 07:13 +0530 – hirunews.lk/sinhala)
අද (19) අළුයම් කාලයේ තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු (1) මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා.
කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටුණු මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙසේ මියගොස් ඇත්තේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, ඔහු වයස අවුරුදු 65 ක් පමණ වන පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴
වාලච්චේන සහ කොටහේන පොලිස් වසමවල සිදුකළ ඝාතන දෙකක් (2)
(19.02.2025 – 07:30 +0530 – sinhala.adaderana.lk)
වාලච්චේන සහ කොටහේන පොලිස් වසමවල සිදුකළ ඝාතන දෙකකින් (2) පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තිබේ.
ඊයේ (18) එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.
වාලච්චේන, කිරාන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, කිරාන් ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරුගේ දියණිය විවාහයෙන් වෙන් වී සිය දියණිය ද සමඟ මරණකරුගේ නිවසේ පදිංචිව සිට ඇත.
දියණියගේ සැමියා මාසිකව නඩත්තු ගෙවීම් සිදුකරන අතර ඔහු තම දියණිය බැලීම සඳහා ඊයේ (18) උදෑසන මරණකරුගේ නිවසට පැමිණ තිබුණි.
දියණියගේ සැමියා දරුවා ඉල්ලා සිටිමින් ඔහු හා ඔහුගේ බිරිඳ අතර ආරවුලක් හටගෙන ඇත.
එහිදී දියණියගේ පියා වන මරණකරුද ආරවුලට මැදිහත් වී ඇති අතර එහිදී දියණියගේ සැමියා, දියණියගේ පියාට පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 26 ක් වන කිරාන් ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
+
මේ අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.
රාත්‍රී කාලයේ ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව මරණකරු තම බිරිඳ සමඟ බ්ලූමැන්ඩල් රේල් පාර අසලට පැමිණි තිබේ.
එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් මරණකරුව වෙනත් ස්ථානයකට කැඳවා ගෙන ගොස් ඇති අතර ඒ අවස්ථාවේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී එම ඝාතනය සිදුකර පළාගොස් ඇත.
ඝාතනයට හේතුව හා මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
අරගලයට මුදල් ඇමරිකාවෙන් – මෙන්න සාක්ෂි – සතියේ විත්ති with UDAYA – Episode 3 | Part 4/4 (17.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴