මහනුවර ප්‍රදේශයේදී බස්රථ තුල දුරකතන සොරාගන්නා ගෑනු කල්ලියක්
(18.02.2025 – 18:20 +0530 – hirunews.lk/sinhala)
මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා.
එම සොර කල්ලියේ කාන්තාවන් පිරිසක් සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
මේ ආකාරයට මහනුවර, කටුගස්තොට, යටිවාවල ප්‍රදේශයෙන් සැක සහිත කාන්තාවන් කණ්ඩායමක් දින පතා බස්රථවලට ගොඩවෙන බව බස් රථ සේවකයින් පවසනවා.
ඊට අමතරව මහනුවර සිට කටුගස්තොට දෙසට යන මාර්ගයේ මහයියාව ප්‍රදේශයෙන්ද එවැනි සැකසහිත පිරිස් බස් රථවලට ගොඩවෙන බව බස් රථ සේවකයින් පෙන්වා දෙනවා.
ඒ අනුව කටුගස්තොට – මහනුවර අතර සහ බස් රථවල මහනුවර ගමනාන්තය වන, බෝගම්බර, පොදු වෙළඳපොළ, ටොරින්ටන් සහ ඔරලෝසු කණුව ආශ්‍රිත ප්‍රදේශයේදී බහුලව මෙම සොරා ගැනීම සිදුවන බවයි පැවසෙන්නේ.
මේ අතර බස් රථ රියදුරු සහ කොන්දොස්තරලා පවසන්නේ මහනුවර සිට කුරුණෑගල හා මාතලේ පාර හා එහි අතුරු මාරගවල ධාවනය කෙරෙන බස් රථ ආශ්‍රිතව මෙවැනි සොරා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
2025 වසරේ ගතවූ දින 49 තුළ ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධ පැමිණිලි 100 ඉක්මවා ලැබී ඇති බවයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ.
මීට අමතරව පැමිණිලි නොකළ සිදුවීම රැසක් තිබෙන්නට හැකි බවද පොලිසිය පවසනවා.
මේ අතර මහනුවර නගරයේ සිට තදාසන්න නගර හා ගම්ප්‍රදේශවලට යන මගී බස් රථවලදී වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බව පැවසෙනවා.
මෙසේ ජංගම දුරකතන සොරා ගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබෙන අතර කටුගස්තොට සහ අලදෙණිය පොලිසිවල අවධානය යොමුවිය යුතු බවයි බස් රථ සේවකයින් පෙන්වා දෙන්නේ ෴
ගුරුවරුන් පිරිසකට මැර ප්‍රහාරයක්
(18.02.2025 – 20:25 +0530 – hirunews.lk/sinhala)
ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් බලහත්කාරයෙන් මග නවත්වා මැර ප්‍රහාරයක් එල්ලෙකොට තිබෙනවා.
කිළිනොච්චියේ සිට යාපනයට යමින් සිටි බස් රථය පලෙයි ප්‍රදේශයේදී නවත්වා අද (18) පහර දීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.
පහර දීම නිසා බස් රථයේ සිටි ගුරුවරුන් 04 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මැරයින් ඉවක් බවක් නතිව බස් රථය තුළ සිටි ගුරුවරුන්ට පහර දෙන්නට පටන් ගැනීමත් සමගම ගුරුවරියන් මහා හඩින් කෑ ගසා තිබෙනවා.
ඒ ශබ්ධය ඇසී එම ස්ථානයට ගම්මුන් පිරිසක් පැමිණි නිසා පහර දීම නවතා දැමූ පිරිස යතුරුපැදිවල නැගී පලා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
පිරිස හිස්වැසුම් පැළද සිටීම නිසා ඔවුන්ව හදුනා ගැනීමට බස් රථයේ සිටි ගුරුවරුන්ට නොහැකි වී ඇති අතර මෙම ප්‍රහාරයට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියට පිළිබදව පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴
පසුගියදා රටටම සිදු වූ විදුලි කප්පාදුව ගැන ‘ලංකා විදුලි බල මණ්ඩලයෙන්’ විශේෂ නිවේදනයක්
(18.02.2025 – 08:57 +0530 – hirunews.lk/sinhala)
පසුගිය පෙබරවාරි 09 වැනිදා විදුලිය ඇනහිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාර්ග ගෙනහැර දක්වමින් ‘ලංකා විදුලි බල මණ්ඩලය’ අද (18) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම, ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම සහ ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවලදී සූර්ය බලය අඩු කිරීම එහි ඇතුළත්.
+++
විදුලිබල මණ්ඩලයට හිටපු ඇමති පාඨලීගෙන් චෝදනා
(18.02.2025 – 21:36 +0530 – hirunews.lk/sinhala)
ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය විදුලි බලය ඇතුළු පුනර්ජනනීය බලශක්තිය කප්පාදු කිරීමේ කුමන්ත්‍රණයක නිරත බව හිටපු විදුලි බල අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක චෝදනා කරනවා.
ඔහු මේ බව පැවසුවේ ජාතික විදුලි බල පද්ධතියේ සිදු වූ බිඳවැටීම පිළිබඳව විදුලිබල මණ්ඩලය කළ විමර්ශනයේ කරුණු පිළිබඳව අදහස් පළ කරමින්.
පසුගිය 09 වැනිදා ජාතික විදුලි බල පද්ධතියේ සිදු වූ බිඳවැටීමට හේතුව සහ යළි එවැන්නක් සිදුනොවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ වාර්තාව ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කර තිබෙනවා.
එදින බිඳවැටීම සිදුවන අවස්ථාව වනවිට ජාතික විදුලි ඉල්ලුමෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇත්තේ මෙගාවොට් 800 ක සූර්ය බලයෙන් බවත්, නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 470 ක් සහ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 130 ක අමතර සැපයුමක් ලබාගෙන තිබූ බවත් එහි සඳහන්.
කෙසේවෙතත් පානදුර විදුලි ග්‍රිඩ් උප පොළේ ඇතිවූ දෝෂය හේතුවෙන් වෝල්ටීයතාව පහත වැටීම නිසා පද්ධතිය පුරා හදිසි අක්‍රීයවීමක් සිදු වූ බව එහි දැක්වෙනවා.
සූර්ය බල විදුලිය අධික ලෙස උත්පාදනය වීම සහ අඩු අවස්ථිතිභාවයක් (synchronous generation) ඇති වීම, ප්‍රමාණවත් තරම් ස්ථායී බල ප්‍රභව නොමැති වීමෙන් විදුලි බල පද්ධතියේ වෝල්ටීයතාව සහ සංඛ්‍යාත ගැටලු මතුවීම, සූර්ය බලශක්ති උත්පාදනයන් පද්ධතියෙන් විසන්ධි වීම සහ තියුණු වෝල්ටීයතා පහත වැටීමක් නිසා බහු සූර්ය විදුලි උත්පාදන පද්ධති විසන්ධි වීමෙන් ජාලය තවදුරටත් අස්ථාවර වීම ද එම හේතු අතරට අයත්.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍යවරයා හේතුව ලෙස පැවසූ ට්‍රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීමේ සිද්ධිය පිළිබඳව එහි දක්වා නැහැ.
පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂ කිරීම වෙනුවෙන් ගතයුතු ක්ෂණික, මධ්‍ය හා දිගුකාලීන ක්‍රියාමාර්ගද එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව එහිදී ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග ලෙස වැඩි ස්ථායී බලාගාර අඩු නිමැවුමකින් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන ස්ථානවල ජාලක ස්ථායීතාව සහ ආධාරක වෝල්ටීයතාව පවත්වා ගැනීමට උපකාර වන විශේෂ මාදිලියක ගෑස් ටර්බයින භාවිත කිරීම දක්වා තිබෙනවා.
එමෙන්ම අස්ථාවරත්වයේ අවදානම අවම කිරීම සඳහා අඩු ඉල්ලුමක් පවතින කාලවලදී බිම සවිකර ඇති සූර්ය බලශක්ති උත්පාදනය අඩු කිරීම දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ සූර්ය බලය අධෛර්යමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
එම වීඩියෝව පහතින් :
+
ලංගම වාර ප්‍රවේශපත්‍ර ලාභීන් එම බස් රථවල රැගෙන යාම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්
(18.02.2025 – 22:45 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළු ප්‍රවේශ පත්‍ර ලාභීන් ලංගම බස් රථවල ප්‍රවාහනය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ අනූව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශපත් මිලදී ගත් පාසැල් දූ දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කිරීම මණ්ඩලීය පිළිවෙත් කඩකිරීමක් බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.
ඒ අනුව සියළු ප්‍රවේශ පත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කළ යුතු බවට ඔවුන් දැනුවත් කර තිබෙනවා.
යම් කිසි බස් සේවක කණ්ඩාමක් ප්‍රවේශ පත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශ පත්‍ර ලාභීන්ට 1958 කෙටි දුරකථන අංකයට දැනුම්දිය හැකියි ෴
මාදැලක් ඇදපු ට්‍රැක්ටරය පෙරළී අයෙක් මරුට
(18.02.2025 – 23:21 +0530 – hirunews.lk/sinhala)
උඩප්පුව, පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් තිබූ ට්‍රැක්ටරයක් අද (18) උදේ පෙරළිමෙන් එහි රියදුරා මියගොස් සහයකයා තුවාල ලබා තිබෙනවා.
මෙහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බයි උඩප්පුව පොලිසිය පවසන්නේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව, කොත්තන්තිව් පදිංචි අයෙක්.
‘පල්ලිවාසල්පාඩුව සමාගම් දැල’ නමින් ප්‍රසිද්ධ මාදැල මුහුදේ එලා එය ට්‍රැක්ටරයකට සවිකර ඇති ‘වින්ච්’ නැමති ආධාරක උපයෝගි කර ගනිමින් ගොඩට අදිමින් සිටියදී නොසිතු ලෙස එකවර ට්‍රැක්ටරය පෙරළි රියදුරු හා සහයකයා ඊට යටවී ඇති බවයි පැවසෙන්නේ.
සෙසු ධීවරයින් ට්‍රැක්ටරය උස්සා මෙම දෙදෙනා (2) ඉවත් කර කඩිනමින් කොත්තන්තිව් රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ වන විටත් ට්‍රැක්ටරයේ රියදුරා මරණයට පත්ව සිටි බවයි රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ.
මාදැල් ඇදිම සදහා ධීවරයින්ට අමතරව ට්‍රැක්ටරයට සවි කරනු ලැබ ඇති ‘වින්ච්’ නැමති ආධාරකය ධිවර පනත අනුව තහනම් එකක් බවද පැවසෙනවා.
නමුත් මේ වන විට මාදැල් ඇදිමට යොදා ගන්නා ධීවරයින් සංඛාවා අඩු කිරීමට මෙලෙස ‘වින්ච් සවිකල ට්‍රැක්ටර් රථ’ භාවිතා කිරිම බහුල වී තිබෙනවා ෴
‘හරක් කටා’ට පැනයාමට සැලසුම් සැකසූ පොලිස් කොස්තාපල් ඉන්දියාවේදී අත්අඩංගුවට
(18.02.2025 – 23:22 +0530 – hirunews.lk/sinhala)
‘නදුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක් කටා’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ අත්අඩංගුවෙන් පැන යාමට සැළසුම් කළ බවට චෝදනා ලැබූ පොලිස් කොස්තාපල් ඉන්දියාවේදී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
එහිදී ඔහු සමග තවත් සැකකරුවන් හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන් කළා ෴
2025 වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 2,000 ක් ඊශ්‍රායලයට
(18.02.2025 – 22:21 +0530 – sinhala.adaderana.lk)
2025 වසරේ දී ශ්‍රී ලාංකිකයින් 2,000 ට ‘ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ’ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ‘ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පවසයි.
මේ වසරේ ජනවාරි මුල සිට අද (18) දින දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකුට ‘ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ’ රැකියා අවස්ථා හිමිවී ඇති බව සඳහන් වේ.
මේ අතර ‘ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා’ සඳහා පෙබරවාරි 24 වනදා ‘සාත්තු සේවා වෘත්තිකයින්’ 17 දෙනෙකු පිටත්ව යාමට නියමිතය.
ඊට කාන්තාවන් 15 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 02 දෙනෙකු අයත් බව ‘ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ සඳහන් කළේය.
‘ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ හා ‘ඊශ්‍රායලයේ පීබා ආයතනය’ අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ‘ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ’ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2038 දෙනෙකු හට හිමිවී තිබේ.
‘ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ’ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින් ‘ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ’ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ‘ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ මහජනතාවගෙන් ඉල්ලා සිටියි ෴
ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කෙරේ
(18.02.2025 – 21:55 +0530 – sinhala.adaderana.lk)
ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත් කිරීම සිදුකර තිබේ.
ඒ අනුව, සමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ පත්වීම් ලබාදී තිබුණි.

පත්කරන ලද ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ නාමලේඛණ පහතින් :
- ගාමිණී වේරගම මහතා (චිත්‍රපට විචාරක, ප්‍රවීණ මාධ්‍යවේදී)
- තිස්ස ප්‍රේමසිරි මහතා (චිත්‍රපට විචාරක, ප්‍රවීණ මාධ්‍යවේදී)
- මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතා (මහාචාර්ය, වාග්විද්‍යාව)
. - බුද්ධදාස ගලප්පත්ති මහතා (චිත්‍රපට විචාරක, ප්‍රවීණ මාධ්‍යවේදී)
- රවීන්ද්‍ර ගුරුගේ මහතා (චිත්‍රපට අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී)
- කුමාරදාස සපුතන්ත්‍රී මහතා (ප්‍රවීණ ගීත රචක)
. - චතුරිකා නිමලචන්ද්‍ර මහත්මිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය)
- ආචාර්ය එස්.ඒ. නයනා සුරවීර මහත්මිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය)
- ෆාතිමා ශනාෂ් මහත්මිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය)
. - රංග මනුප්‍රිය මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය)
- ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා (ප්‍රධාන කතෘ, සරසවිය පුවත්පත)
- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා (සාහිත්‍යවේදී)
. - සෝමසිරි ඒකනායක මහතා (සාහිත්‍යවේදී)
- ලලිත් පී. දයාරත්න මහතා (මාධ්‍යවේදී)
- සිසිර මහගමගේ මහතා (සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි)
. - ගයාන් වීරසිංහ මහතා (විකාශන ඉංජිනේරු)
- චමරු පතිරණ මහතා (මාධ්‍යවේදී, උපගුරු)
- වජිර පෙරේරා මහතා (මාධ්‍යවේදී, සන්නිවේදක)
. - මනෝහරී හේවාවසම් මෙනවිය (ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ)
- සුරංග ලක්මාල් මහතා (ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ)
- ෂර්ලි සමරසිංහ මහතා (චිත්‍රපට අධ්‍යක්ෂ)
. - ප්‍රසන්න පෙරේරා මහතා (මාධ්‍යවේදී,පරිවර්තක)
- ප්‍රියාන් විජේබණ්ඩාර මහතා (මාධ්‍යවේදී)
- දසුන් විජේසේකර මහතා (මාධ්‍ය හා ප්‍රචාරණ සැලසුම්කරණ ශිල්පී)
. - ලාල් විජේතුංග මහතා (සිනමා සංස්කාරක හා වර්ණ සංයෝජක)
- රෝහිත සිල්වා මහතා (සභාපති, සැලසිනේ ආයතනය)
- ප්‍රියන්ත කොඩිප්පිලි මහතා (මාධ්‍යවේදී)
. - තිස්ස නිහාල් වික්‍රමසිංහ මහතා (ප්‍රවීණ ලේඛක, පිරිවෙන් ආචාර්ය)
- කපිල එම්. ගමගේ මහතා (ප්‍රවීණ මාධ්‍යවේදී)
- සිසිර සිරිපාල යාපා මහතා (කතෘ මණ්ඩල අධ්‍යක්ෂ, ලේක්හවුස් ආයතනය)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴