2025 වසරේ අයවැය ප්‍රකාශය මෙන්න

2025 වසරේ අයවැය ප්‍රකාශය මෙන්න


2025 වසරේ අයවැය ප්‍රකාශය මෙන්න

(17.02.2025 – 10:34 +0530 – hirunews.lk/sinhala)

2025 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා.

ඒ ජනපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන්.

එහිදී අයවැය කතාව ආරම්භ කරමින් ජනපතිවරයා සඳහන්කර සිටියේ දූෂිත පාලනය අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ වගකීම් විරහිත පාලනය රට මුහුණ දුන් අර්බුදයේ හේතුව බවයි.

ජනතාවට පෝලිම්වල මිය යාමට සිදුවූයේ එම හේතු නිසා බවත් 2022 ආර්ථික අර්බුදය නිසා දුප්පත් ජන කණ්ඩායම් අන්ත අසරණ වූ බවයි ජනපතිවරයා සඳහන්කර සිටියේ.

2025 වසර සඳහා 5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි ජනපතිවරයා එහිදී පවසා සිටියේ.

ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම අයවැයේ දර්ශනය බවත් ජනපතිවරයා පවසා සිටියා.

ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින් :

  • සීමිත බදු අරමුදල් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම
  • මහජන මුදල් වැය කරන්නේ ආර්ථික හා සමාජ ප්‍රතිලාභ අරමුණු කරගෙන පමණයි
  • කර්මාන්ත, සේවා සහ කෘෂිකර්මාන්ත අංශවල වර්ධනය ප්‍රධාන ඉලක්කයක්
  • නියාමන ආයතන හරහා වෙළදපොළ නියාමනයට වැඩි අවධානයක් යොමු කිරීම
  • දූෂණය පිටුදැකීම කිලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි
  • අමෙරිකානු ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් අපේක්ෂා කරයි
  • ජාතික අපනයන සැලැස්මක් සකස් කිරීම
  • නව රේගු පනතක් සකස් කිරීම
  • ආර්ථික පරිවර්ථන පනත සංශෝධනය කිරීම
  • එක් ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට යාන්ත්‍රණයක් ඇති කිරීම
  • ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම
  • මාසයක් ඇතුළත කොළඹ වරාය බටහිර සහ උතුරු ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීම
  • වේයන්ගොඩ අභ්‍යන්තර බාහාලුම් අංගයනක් ස්ථාපිත කිරීම
  • වරාය බහාලුම් කලමනාකරණයට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීම
  • ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීම
  • සියලුම පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීම
  • මුදල් නෝට්ටු පදනම් වූ ආර්ථික ක්‍රමයෙන් ඉවත්වීම
  • තොරතුරු තාක්ෂණ ආදායම ඇ.ඩො.මි. 5 ක් දක්වා ඉහළ නැවීම
  • සංචාරක ක්ෂේත්ත්‍රයේ නව ගමනාන්ත හඳුන්වා දීම
  • සංචාරකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දීම
  • බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම
  • ජපන් රජයේ සහයෙන් ගුවන්තොටුපොළේ දෙවැනි පර්‍යන්තයේ ඉදිරිකිරීම ඇරඹීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් සඳහා රජයෙන් සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීම
  • නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීම
  • අධික ධාවනය සහ නඩත්තු වියදම් දැරීමට සිදුවන සුභෝපභෝගී වාහන වෙන්දේසී කිරීම
  • ජනපති මන්දිර හා නිල නිවාස ආර්ථික සහ මහජන සේවා සඳහා යොදා ගැනීමට පියවර ගැනීම
  • මන්ත්‍රීවරුන්ට 2025 වසරේ වාහන බලපත්‍ර සහ වාහන ලබා නොදීම
  • රාජ්‍ය ආයතනවල අවශ්‍යතාව සමාලෝචනයට අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවීම
  • ගැබිණි මාතාවන් සඳහා ආධාර ලබාදීමට රුපියල් මිලියන 7500 ක් වෙන්කිරීම
  • ත්‍රිපෝෂ වැඩසටහන සදහා රුපියල් මිලියන 5000 ක් වෙන්කිරීම
  • සොඛ්‍යට රුපියල් බිලියන 604 ක් වෙන්කිරීම
  • ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා වසර 5 ක ජාතික වැඩසටනක් දියත් කිරීම
  • ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර මධස්තාන පිහිටිවීමට රුපියල් මිලියන 200 ක් වෙන් කිරීම
  • පාසල් යටිතල සඳහා පහසුකම් රුපියල් මිලියන 1000 කට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීම
  • පෙර පාසල් ලමුන් උදෑසන ආහාර වේලකට ගෙවන මුදල 60 සිට 100 දක්වා ඉහළ දැමීම
  • පෙර පාසල් ගුරුවරියන්ට ලබා දෙන දීමනාව රුපියල් 1000 කින් ඉහළ දැමීම
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කිරීම
  • අඩු ආදායම් පවුල්වල දරුවන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1500 දක්වා ඉහළ දැමීම
  • මහපොල ශිෂ්‍යාධාර රුපියල් 5000 සිට 7500 දක්වා ඉහළ දැමීම
  • යාපනයේ පුස්තකාල නවීකරණයට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීම
  • පළාත් 5 ක ක්‍රීඩා සංවර්ධන සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
  • සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කිරීමට පියවර ගැනීම
  • අවම ගාස්තුව මත පදනම් වූ බලශක්ති ක්ෂේත්‍රෙයේ ආයෝජනයට අවස්ථාවන් ඇති කිරීම
  • ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ක් ජාත්‍යන්තර හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය පියවර ගැනීම
  • පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන් කිරීම
  • 2024 -2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීම
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම
  • වී සහ සහල් නියාමනය කිරීමට වී අලෙවි මණ්ඩල පනත සංශෝදනයට පියවර ගැනීම
  • ඌන උපයෝගිතාව සහිත ඉඩම් පුද්ගලික අංශයයේ ද සහභාගීත්වයෙන් සංවර්ධනයට පියවර ගැනීම
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තරුණයින් දායකකර ගැනීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීම
  • කිරි ගොවිපොළවල්වල ඵලදායිතාවය වැඩි කිරීමට රුපියල් මිලියන 2,500 ක් වෙන් කිරීම
  • වාරි ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 7,800 ක් වෙන් කිරීම
  • උතුරු පොල් ත්‍රිකෝණයේ අක්කර 16,000 ක් වගා කිරීමට රුපියල් මිලි‍යන 500 ක් වෙන් කිරීම
  • 2025 වසරේ අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණයට රුපියල් බිලියන 232.5 ක් වෙන් කිරීම
  • අස්වැසුමට ඇතුළත් නොවූ නව පවුල් ඇතුළත් කර ගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
  • වකුගඩු රෝගීන් සඳහා දීමනාව රු. 7500 සිට රු. 10000 දක්වා ඉහළ දැමීම
  • වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ දැමීම
  • ළමා නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීම
  • අනාථ දරුවන් සඳහා සමාජ ආරක්ෂණය ඉහළ නැවීමට පියවර ගැනීම
  • අනාථ දරුවන්ට සහ රැදවුම් නිවාසවල සිටින දරුවන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට පියවර ගැනීම
  • රැඳවුම් නිවාසවල සහ අනාථ දරුවන්ට දීමනා ලබාදීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීම
  • අවතැන් දරුවන්ට සහ තරුණයින්ට නිවසක් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියනයක ආධාරයක්
  • වයස අවුරුදු 18 න් පසුවත් අවශ්‍යතා මත අවතැන් දරුවන්ට රුඳී සිටි නිවසේම සිටීමට අවස්ථාව සැලසීම
  • ආපදාවකදී ගෙවන ජීවිත වන්දි මුදල රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීම
  • අලුත් අවුරුදු සමයේ දැරිය හැකි මිලකට ‘ලංකා සතොස’ හරහා වියළි ආහාර සලාකයක් ලබා දීම
  • ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
  • මතින් තොර සමාජයක් වෙනුවෙන් වැඩසටහන් දියත් කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීම
  • බන්ධනාගාර රැදවූවන්ට වෘත්තීය නිපුණතාවය ලබා දීමේ වැඩසටහනට තවත් රුපියල් මිලියන 100 ක් වෙන් කිරීම
  • පොදු ප්‍රවාහන සේවා පුළුල් සහ නවීකණය කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම
  • මගී ප්‍රවාහනය වැඩි දියුණු කිරීමට ලංගම හරහා නව බස්රථ 200 ක් යෙදවීම
  • පැරණි දුම්රිය මැදිරි ප්‍රතිසංස්කණයට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීම
  • මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත තවදුරටත් දියුණු කිරීමට පියවර ගැනීම
  • තඹුත්තේගම සිට කෘෂිකාර්මික නිෂ්පාද ප්‍රවාහන සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වැඩසටහනක් දියත් කිරීම
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ ණය සහ පොලිය ගෙවීමට රුපියල් මිලියන 20,000 ක් යෙදවීම
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දෛනික මෙහෙයුම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදීම
  • ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කණයට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීම
  • ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10 ක් වෙන් කිරීම
  • අම්ල සහ ක්ෂාර ඇතුළු රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කාර්මික කලාපයක් පරන්තන්වලදී ඉදිකිරීම
  • වතු නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4,268 ක් වෙන් කිරීම
  • මෝටර් රථ උපාංග සහ රබර් සඳහා කැපවුණු කාර්මික ජනපදයක් පිහිටුවීම
  • ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සඳහා රුපියල් මිලියන 5000 ක් යෙදවීම
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට රුපියල් මිලියන 750 ක් යෙදවීම
  • අලි මිනිස් ගැටුම අවම කිරීමට විදුලි වැට සංවර්ධනය සඳහා රුපියල් මිලියන 300 ක් යෙදවීම
  • මූල්‍ය වෙළෙදපොලේ සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම
  • දූෂණය පිටු දැකීමට නීති රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම
  • තඹුත්තේගම ජල සැපයුම් ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනීම
  • ගිරිබාව එප්පාවල ජල සම්පාදන යෝජනා ක්‍රමය නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම
  • ප්‍රජා ජල සම්පාදන ක්‍රම කඩිනමින් අවසන් කිරීමට රුපියල් මිලියන 2000 ක් වෙන් කිරීම
  • රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගැනීම
  • රැකියා විරහිත උපාධිධාරීන් 30,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පියවර ගැනීම
  • රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළ දැමීම
  • රාජ්‍ය සේවයේ වාර්ෂික වැටුප් වර්ධකය 80% කින් ඉහළ දැමීම
  • 2025 ජනවාරි 01 සිට විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ප්‍රතිලාභය නව වැඩිවීමට අනුව ක්‍රියාත්මක කිරිම
  • පෞද්ගලික අංශයේ අවම වැටුප රු 27,000 දක්වා ඉහළ දැමීම
  • වතු කම්කරු අංශයට පොරොන්දු වූ රුපියල් 1700 දෛනික වැටුප ගෙවීමට පියවර ගැනීම
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ ‘කුලී ආදායම් බද්ද’ මේ වසරේ ක්‍රියාත්මක නොකිරීමට තීරණය කිරීම
  • ‘පුද්ගලික ආදායම් බද්ද’ සඳහා ‘බදු රහිත සීමාව’ වැඩි කිරීමට පියවර ගැනීම
  • ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක් කරා ගමන් කරවීමට පියවර ගැනීම
  • වැට් බදු ලියාපදිංචි ව්‍යවසායන් තුළ ‘පොයින්ට් ඔෆ් සේල්’ යන්ත්‍ර භාවිත කිරීමට පියවර ගැනීම

Budget Speech – 2025
(Sinhala, English & Tamil) (pdf file) from treasury.gov.lk


යාපනේ තිස්ස විහාරයට පහර දෙන බවට පොන්නම්බලම් නමින් ෆේස්බුක් ගිණුමකින්..

(17.02.2025 – 08:02 +0530 – lankacnews.com)

යාපනය තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වීම හේතුවෙන් අධිකරණ නියෝගයන් කඩකිරීමේ චෝදනාවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතා යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙනී සිටීමෙන් පසුව ඇප මතා මුදා හැර ඇත.

මල්ලාකම් මහෙස්ත්‍රාත්වරිය වන ගයත්‍රි සෙල්වම් මහත්මිය විසින් මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමේ මෙම නියෝගය ලබා දී ඇති අතර නඩුව යලි ජුනි මස 26 වනද විභාග කැඳවීමටද නියෝග කළාය.

අධිකරණය හමුවේ පෙනී සිටි පොන්නම්බලම් මහතාගෙන් අධිකරණ නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත වීමට හේතුව මහෙස්ත්‍රාත්වරිය විමින් විමසන අවස්ථාවේදී පොන්නම්බලම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතික්ඥ එස්. මහින්දන් මහතා අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදල අධිකරණ නියෝගය නිසියාකාරව විධිමත්ව වෙලාවට නොලැබීම මත විරෝධතාවයට පෙනී සිටීමට සිදුවූ බවටත් එසේ නොමැතිව අධිකරණයට අපහස කිරීමට කිසිදු චේතනාවක් පොන්නම්බලම් මහතාට නොතිබූ බවටත්ය.

ඒසේම තිස්ස විහාරයට එල්ලවන යම් ප්‍රහාරයක් පිළිබඳව පොන්නම්බලම් මහතාගේ නමින් මුහුණු පොතේ සටහනක් සඳහන් කිරීම පිළිබඳව විමසීමේදී පොන්න්ම්බල්ම් මහතාගේ නීතිඥවරයා අධිකරණයට පෙන්ව දී ඇත්තේ පොන්නම්බලම් මහතාගේ නමින් වෙනත් අයෙකු මුහුණු පොතේ ගිනුමක් සාදා මෙම ප්‍රකාශය කොට ඇති බවටත් එයට පොන්නම්බලම් මහතා කිසිදු සම්බන්ධතාවක් නොමැති බවටත්ය.

ඉන් පසුව මහෙස්ත්‍රාත්වරිය විසින් පොන්නම්බලම් මහතාට ඇප ලබා දීමට පියවර ගත් අතරම අදාල මුහුණු පොතේ ප්‍රකශය පිළිබඳව සොයා පරික්ෂණ වාර්ථාවක් ලබන නඩු නිදයට ඉදිරිපත් කරන ලෙසටද කන්කසන්තුරෙයි පොලීසියට නියෝග කොට සිටියාය.

වන්නි රොමේෂ් මධූෂංක


සජිත් දේශපාලනේ අම්මගෙන් නැතුව තාත්තාගෙන් ඉගෙන ගත්තනම් අද මේ රටේ ජනාධිපති (16.02.2025)

+


විශ්ව බුද්ධ, බෝධිසත්ව මුන් සේරම පිටිපස්සේ ඉඳන් රකින දේශපාලන අතකොළු ටික මෙන්න (12.01.2024)

+


වාහන කොල්ලකෑමකට අවශ්‍යකරන සැකකරුවන් දෙදෙනෙකු (2) හා සැකකාරියක් (1) අත්අඩංගුවට

(17.02.2025 – 10:40 +0530 – hirunews.lk/sinhala)

පල්ලම පොලිස් වසමේදී පසුගිය 10 වැනිදා කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර මෙම කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු (1) හා සැකකාරියක් (1) කොල්ලකන ලද කාර් රථය ද සමග 15 වැනිදා දඹදෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව කාර් රථ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු (1) ද උස්වැටකෙයියාව ප්‍රදේශයේදී එදිනම (15) අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31 ක් වන ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ රියදුරුට තියුණු ආයුධ වලින් පහරදී මෙම කාර් රථය කොල්ලකා තිබූ අතර, මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මීගොඩ පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයක් කොල්ලකෑම හා පන්නල පොලිස් වසමේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1,686,000 ක් වටිනා මුදල් හා දේපල කොල්ලකෑම යන අපරාධවලට අවශ්‍යකරන සැකකරුවෙකු බවට අනවාරණය වී තිබෙනවා.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පන්නල පොලිස් ස්ථානය මගින් සොයාගෙන ඇති අතර, එම ත්‍රීරෝද රථයේ අංක තහඩු සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබුණා.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


පාන්පිටි මිල රුපියල් 10 කින් පහළට

(17.02.2025 – 16:00 +0530 – sinhala.adaderana.lk)

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කෙරෙනු ඇත ෴


සමරිසිය පාසල් පෙළ පොතටත් | “අගමැතිනියගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කරන්න හදන්නේ” – විමල් වීරවංශ (16.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *