හිටපු ජනපති මහින්ද ‘හොරෙන් කරන භාවනාව’ බලන්න ගිය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහට ගේට්ටුව වැසෙයි
හිටපු ජනපති මහින්ද ‘හොරෙන් කරන භාවනාව’ බලන්න ගිය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහට ගේට්ටුව වැසෙයි
(16.02.2025 – 21:07 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘හොර රහසේ පැමිණෙන බව කියන’ භාවනා මධ්‍යස්ථානයක් පිළිබඳ වාර්තා වනවා.
ගම්පහ ප්‍රදේශයේ ඇතැයි කියන එම භාවනා මධ්‍යස්ථානය පිළිබඳ සොයා බැලීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ එහි ගොස් තිබෙනවා.
නමුත් එහි ගිය කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ට ඊට ඇතුළුවීමට එහි ආරක්ෂක නිලධාරීන් අවසර දුන්නේ නැහැ.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහි ගොස් තිබුණේ, ප්‍රදේශවාසීන් පිරිසක් කළ දැනුම්දීමකට අනුවයි.
ගම්පහ යාගොඩ ප්‍රදේශයේ මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබෙනවා.
ප්‍රදේශවාසීන් පිරිසකගේ ඉල්ලීමක් පරිදි එය පිහිටි ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැමිණියත් ඊට ඇතුළුවීමට ඔහුට අවසර හිමිවූයේ නැහැ.
+
රුපියල් කෝටියක විදේශීය මත්පැන් තොගයක් නුගේගොඩ දී අත්අඩංගුවට
(16.02.2025 – 10:52 +0530 – hirunews.lk/sinhala)
නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික ස්ථානයක තිබී ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය’ විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්පැන් තොගය සොයාගෙන ඇත්තේ.
ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම්මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂම ලෙස රහසිගත අයුරින් මෙම මත්පැන් තොගය සඟවා තිබූ බවයි පොලිසිය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ 59 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදේශීය මත්පැන් තොගය කොල්ලුපිටිය සහ කොට්ටාව යන ප්‍රදේශවල රාත්‍රී සමාජ ශාලා වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී තිබෙනවා ෴
2021 වසරේ සිට අස්ථානගතව තිබූ T-56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට
(16.02.2025 – 13:26 +0530 – hirunews.lk/sinhala)
T-56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කුලියාපිටිය ප්‍රදේශයේදීයි.
2021 වසරේ සිට අස්ථානගතව තිබූ T-56 ගිනිඅවියක් සමග ඔහු අත්අඩංගුවට පත්වූ බවයි පොලිසිය පවසන්නේ ෴
පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් මිලියන 8 ක් කොල්ලකෑමේ සිදුවීමකට අදාල සැකකරුවෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
(16.02.2025 – 14:40 +0530 – hirunews.lk/sinhala)
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 8,478,000 ක මුදලක් කොල්ලකෑමේ සිදුවීමකට අදාල සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධව යාපනය පොලිස් ස්ථානය විසින් විමර්ශන සිදු කර කොල්ලකෑමට අදාල සැකකරුවන් දෙදෙනෙකු (2) හා සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළා.
ඒ අනුව මෙම කොල්ලකෑම මෙහෙයවන ලද බවට සැක කරන ප්‍රධාන සැකකරු මෙසේ අද (16) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් ඩුබායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපලට පැමිණි සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත අද (16) දින භාර දීමට නියමිතයි ෴
මේජර් තනතුරින් පහළ සියලු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට
(16.02.2025 – 14:54 +0530 – hirunews.lk/sinhala)
වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝගයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතු වනවා.
ඒවා සුරක්ෂිතව තබා ගැනීම හා සුදුසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය රෙජිමේන්තු මධ්‍යස්ථානවල අණදෙන නිලධාරීන් සතුවනු ඇති.
අනතුරුව ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකියාව පවතිනවා.
ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි යුද හමුදාව පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ‘හිරු නිවුස්’ කළ විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පැවසුවේ, යුද හමුදා සෙබළුන්ගේ සාමසාධක රාජකාරි සහ විදේශ පුහුණු සඳහා වන කටයුතු කඩිනම් කිරීමේ වැඩපිළිවෙල මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවයි ෴
සහල් තොග සැඟවූ තවත් වෙලදසැල් හිමිකරුවෙකුට එරෙහිව නීතිය
(16.02.2025 – 16:06 +0530 – hirunews.lk/sinhala)
වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් සගවා සිටින වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද (16) දිනයේදිත් වැටලීම් සිදු කළා.
ඒ අනුව, පිටකොටුව පරණ යොන් වීදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සහල් තොග සඟවා සිටි වෙලදසැලක හිමිකරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී ඔහුගේ වෙලදසැලේ තිබී ‘කීරි සම්බා’ සහල් කිලෝග්‍රෑම් 05 ඇසුරුම් 550 ක් සොයාගත් බවයි එම වැටලීමට එක්ව සිටි නිලධාරියෙකු ‘හිරු ප්‍රවෘත්ති අංහය’ට සදහන් කළේ.
එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් වෙළඳපොලේ කීරී සම්බා සහල් සදහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් ඇතැම් වෙලදුන් සහල් තොග සඟවා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ ෴
‘නියම සැමියා’ගේ පහරින් ‘අනියම් සැමියා’ මරුට
(16.02.2025 – 17:11 +0530 – hirunews.lk/sinhala)
අනියම් ප්‍රේම සම්බන්ධයක් මත වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොතුපිටිය, ගගලගමුව ප්‍රදේශයේ දී ඊයේ (15) අලුයම මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්ගොඩ ජනපදය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
ඔහු පෞද්ගලික තේ කර්මාන්තශාලාවක රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර, එම කර්මාන්තශාලාවේ සේවය කරන කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පත්වත්වාගෙන ගොස් තිබෙනවා.
එම කාන්තාව විවාහක එක් දරු මවක්වන අතර, ඇය සැමියාගෙන් වෙන්ව නිවසක් කුලියට ගෙන දරුවා සමඟ ජීවත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (15) අලුයම් කාලයේ අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයා එම කාන්තාවගේ නිවසට පැමිණ තිබෙනවා.
ඒ අවස්ථාවේ දී ඔහු පසුපස කාන්තාවගේ විවාහක සැමියා ද පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
අනතුරුව අනියම් සැමියා නිවසට ඇතුළු වී කාන්තාව සමඟ සිටියදී ඇගේ සැමියා නිවසේ පිටුපස දොර කඩාගෙන නිවසට ඇතුල්වී තිබෙනවා.
එහිදී එම තරුණයාට මොට ආයුධයකින් පහර දී තිබෙන බවයි පැවසෙන්නේ.
පහරකෑ පුද්ගලයාගේ කෑ ගැසීමත් සමඟ අසල්වැසියන් පැමිණ පහරකෑමට ලක්වූ තරුණයා කලවාන මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඔහු රෝහල් ගතකර විටත් මියගොස් ඇති බවයි රෝහලේ ආරංචි මාර්ග වාර්තා කළේ.
සැකකාර සැමියා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
නාවික හමුදාවේ හිටපු සෙබලෙකුට අධිකරණයෙන් නියෝගයක්
(16.02.2025 – 17:28 +0530 – hirunews.lk/sinhala)
නාවික හමුදාවේ සේවයෙහි නියුතු කාන්තාවන් දෙදෙනෙකුගේ (2) ජංගම දුරකථන වලට අසභ්‍ය වීඩියෝ පට යොමු කර ලිංගික හිංසන කිරීම වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවන ලෙස නාවික හමුදාවේ හිටපු සෙබළෙකුට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් නාවික හමුදාවේ හිටපු සෙබළෙකු වන බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව අදාළ කාන්තාවන් දෙදෙනාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
අසභ්‍ය වීඩියෝ පට සිය ජංගම දුරකථනයේ ගබඩාකර තබා ගැනීම, එම වීඩියෝ පට ප්‍රචාරය කිරීම, එමගින් ලිංගික හිංසනයන් සිදු කිරීම විත්තිකාර පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා ෴
සැණකෙළියක් අතරතුර කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටෙයි
(16.02.2025 – 17:27 +0530 – hirunews.lk/sinhala)
දෙහිඕවිට ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සැණකෙළියක් අතරතුර ඊයේ (15) රාත්‍රියේදී කතුරු ඔංචිල්ලාවක බක්කියක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අදාළ අනතුර හේතුවෙන් 11 හැවිරිදි ළමයෙකු සහ 51 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා (2) මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙහිඕවිට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴
රජයට එරෙහිව සමාජ මාධ්‍යයේ සටහන් දැමූ පුද්ගලයෙකුට ජවිපෙ හිටපු මන්ත්‍රිවරයෙකු නිවසටම ගොස් තර්ජනය කරයි
(16.02.2025 – 19:26 +0530 – hirunews.lk/sinhala)
වත්මන් රජයට එරෙහිව සමාජ මාධ්‍යවල පළ කර ඇති සටහන් ඉවත් කරගන්නා ලෙස යටවත්ත ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු තමන්ට බලපෑම් කළ බවට මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු යටවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, ලැබී ඇති පැමිණිලි අනුව හෙට (17) දිනයේදී දෙපාර්ශ්වයටම පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එම පුද්ගලයාගේ නිවසට පැමිණි අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් එම සිදුවීම වීඩියෝගත කර තිබුණා.
+
නීර්වේලී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය අබිරහසක්
(16.02.2025 – 19:35 +0530 – hirunews.lk/sinhala)
චාවකච්චේරී, නීර්වේලී සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය වන ‘තමිලිනී සදීසන්’ගේ සිරුරට ගිනි ඇවිලීමෙන් අද (16) මියගොස් තිබෙනවා.
පවුලේ ආරවුලක් මත සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය මෙසේ ගිනි තබාගෙන සියදිවි හානි කරගත් බවට තොරතුරු හෙළි වන බවයි අප වාර්තාකරු පවසන්නේ.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය 36 හැවිරිදි වියේ පසුවන අතර ඇය අවුරුදු 06 ක දියණියකගේ මවක්.
ඇගේ ස්වාමියා යාපනය, කෝපායී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු බවය වාර්තා වනවා.
කෙසේ වෙතත් බිරිඳ රෝහල්ගත කළ මොහොතේ ස්වාමියා ප්‍රකාශ කොට ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි ෴
9 හැවිරිදි දරුවෙකු විදුලිසැර වැදී මරුට
(16.02.2025 – 21:59 +0530 – sinhala.adaderana.lk)
වේලනෙයි, සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි ‘9 හැවිරිදි’ පිරිමි ළමයෙකු විදුලි සැර වැදීමකින් අද (16) පස්වරුවේ මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙකු සිට නොමැති බව වාර්තා වේ.
මියගිය දරුවා ‘නිවසේ රූපවාහිනිය නැරඹීම සඳහා විදුලි සැපයුම සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේදී’ මෙම අනතුර සිදුවන්ට ඇති බවට පොලීසිය අනුමාන කරයි.
දරුවාගේ වැඩිහිටියන් යළි නිවසට පැමිණීමත් සමග දරුවා ප්‍රතිකාර සඳහා වේලනෙයි රෝහලට ගෙනගොස් ඇති අතර, රෝහලට ගෙන යන අතරතුර මියගොස් තිබේ.
මේ වනවිට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴
කප්පම් ඉල්ලන දුරකථන අංක 4 ක් ගැන දැනුම්දීමක්
(16.02.2025 – 23:41 +0530 – sinhala.adaderana.lk)
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණ කරගෙන ඇත්තේ, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර හතරකට (4) පමණ පෙර විදෙස්ගත වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි.
ඩුබායි හි රැඳී සිටින මෙම ජාවාරම්කරුවන්, කප්පම් ලබාගැනීම් සිදුකිරීම සඳහා මෙරට වෙනත් පුද්ගලයන් භාවිත කරමින් දුරකථන අංක කූට ක්‍රමවේදයක් ඔස්සේ යොදාගන්නා බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එහිදී ඔවුන් තාක්ෂණික ක්‍රමවේදයක් මගින් විවිධ පුද්ගලයන්ට ඒ ඒ පුද්ගලයන් භාවිත කරන දුරකථන අංකයෙන්ම ඇමතුම් ලබාදී ඇතැයි අනාවරණ වී ඇත.
ඒ අදාළ දුරකථන සමාගම මගින් ලැබෙන ඇමතුමක් බවට ඒත්තු ගැන්වීම සඳහා.
එලෙස ඇමතුම ලබාදී, දිනුම් ඇදීමකින් ත්‍යාගයක් දිනා ඇති බවත් එය පිරිනැමීම සඳහා දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් ලැබෙන OTP අංකය ලබාදෙන ලෙසත් පවසන බව අනාවරණ වී ඇත.
අනතුරුව OTP අංකය මගින් දුරකථනයේ සියලුම විස්තර ලබාගෙන එම දුරකථන අංකයට අදාළව ඊ-සිම්පතක් ලබාගන්නා ජාවාරම්කරුවන් එය භාවිත කරමින් කප්පම් ලබාගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.
එලෙස ජාවාරම සඳහා බහුලව යොදාගෙන ඇති දුරකථන අංක 4 ක් පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන ඇත.
ඒ අනුව,
076 944 9126
071 564 9753
076 413 2685
074 149 7554
යන දුරකථන අංකවලින් දුරකථන ඇමතුමක් ලැබුණහොත් වහාම ඒ සම්බන්ධයෙන් ආසන්න පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙස විමර්ශන නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
+
පාමංකඩ බිහිසුණු අනතුර
(17.02.2025 – 07:40 +0530 – sinhala.adaderana.lk)
අද (17) අලුයම 3 ට පමණ කොළඹ සිට කොහුවල දෙසට කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබුණි.
අනතුරින් පසුව මෝටර් රථය ගිනි ගැනීමකට ලක්ව ඇත.
අනතුරින් ජීවිත හානි කිසිවක් නොමැති බව වාර්තා වේ.
මෝටර් රථය පදවා ඇත්තේ 28 හැවිරිදි කාන්තාවකි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴